ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, April 26, 2016

සම්බන්ධන් ඇතුළු පිරිසක්‌ හමුදා කඳවුරකට පැනීම: කඳවුරෙන් සහාය නොලැබී පොලිස්‌ පරීක්‍ෂණ අතරමග

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්  ඇතුළු එම පක්‍ෂයේ දේශපාලනඥයන් පිරිසක්‌ කිලිනොච්චියේ පිහිටි යුද හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන්

පොලිසිය ආරම්භ කර ඇති පරීක්‍ෂණයට එම කඳවුරේ හමුදා නිලධාරීන් සහාය දැක්‌වීමට පසුබෑම නිසා පරීක්‍ෂණය කරගෙන යැමට නොහැකි තත්ත්වයක්‌ උදාවී ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා කිලිනොච්චිය පොලිසිය වෙත ඉදිරිපත් නොවන ලෙස ඉහළ හමුදා නිලධාරීන් තමන්ට නියෝග ලබාදී තිබෙන බව කිලිනොච්චිය පරවිපච්චාන් කඳවුරේ නිලධාරීන් පොලිසියට දැනුම්දී තිබේ. මෙම සිද්ධියට මුහුණ දුන් නිලධාරීන්ගෙන් ප්‍රකාශ  ලබා නොගෙන මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට නොහැකි බව පොලිසිය පවසයි.

ප‍්‍රකට කොංගෝ ගීත ගායක පපා වෙම්බා වේදිකාව මත මියගියා...!!!

ප‍්‍රසංගයක් ඉදිරිපත් කරමින් සිටියදී ඇද වැටීමෙන් 24 මියගියා. මෙම ප‍්‍රසංගය පවත්වා තිබුනේ අයිවරිකෝස්ට්හි

අබිජාන්හිදීය. 66 හැවිරිදි  වයසක සිටි පපා පසුගිය කාලයේ රෝගකිහිපයකින් පීඩා විඳි බවත් කලකට පසු අධික වෙහෙසකට පත්වූ නිසා හෘදයාබාධයකට ලක්වන්නට ඇති බවත් විශ්වාස කෙරේ.
අප‍්‍රිකානු කියුබානු හා බටහිර සංගීත මුසුකර ගායනයෙහි යෙදීම නිසා පපා අතිශය ජනප‍්‍රිය නමක්දිනාසිටි කොංගෝ ශෛලියේ ගායකයෙකි.
ඔහු ඇද වැටෙන ආකාරය නිශ්චිතවම කැමරාවට හසුවී නැත. ප‍්‍රසංගයේ නර්තන අංගයක් පැවැත්වෙමින් සිටියදී ඔහු පසුපසට වන්නට සිටින විට ඇදවැටීම සිදුව ඇති අතර එම අවස්ථාවේ එම නර්තන පිරිස ඔහු වෙත දිවගොස් ආධාර කරන අයුරු පහත වීඩියෝවේ දැක්වේ.

අනේ ඔයාල අපේ කඳවුරු වලට ඵන්න ඵපා කියා ඉල්ලුවා...!!! මෙහෙමත් නිවට කවටයෝ ....!!!

අනවසරයෙන් හමුදා කඳවුරු තුලට ඇතුළු නොවන්නැයි දෙමල සන්ධාන නායක ආර්. සම්බන්ධන්ට කලින්ද

දැනුම් දී තිබූ බව ආරක්‍ෂක ලේකම්    පවසයි.
යුධ හමුදාපතිවරයා පවා පුද්ගලිකවම මේ සම්බන්ධයෙන් දැනුවත් කරන ලද බවද ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

ඉතාලියේ ඊලාම් කොඩිය එසවීමක් ...!!!

ඊයේ දිනයේ ඉතාලියේ බොලොන්ඤ්ඤෝහි පැවති ක්‍රීඩා තරගයකදී ඊලාම් කොඩිය එසවීමක් සම්බන්ධයෙන් ඉතාලියේ වාසය කරන ලාංකිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.
එහිදි ලාංකිකයන් පිරිස ඊළාම් කොඩිය ඉවත් කර සිංහ කොඩිය ඔසවන්න යාමේදී ඇති වූ නොසන්සුන්තාවය පාලනය කිරීමට ඉතාලි පොලිසිය පැමිණියහ.

ජෙප්පෝ නින්දෙන් ඇහැරෙයි,...!!!

වත්මන් ආණ්ඩුවේ ඉහළ තනතුරු සඳහා දේශපාලන පත්වීම ලද අයට විශාල වශයෙන් වැටුප් සහ දීමනා

වරප්‍රසාද වැඩිකරගනිමින් ජනතාව මත බදු බර පටවමින් කටයුතු කරන වත්ම්න මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ වතවත් වංචා දූෂණ සහ නීතිවිරෝධී මූළ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් කරුණු රැසක් ජවිපෙ  (24) අනාවරණය කර සිටියේය.
වර්තමාන හවුල් ආණ්ඩුව නාස්තිකාර වියදම් ඉහළ මට්ටමකින් පවත්වාගෙන යමින් ජනතාව මත අලුත් වටයකින් බදුබර පැටවීමට උත්සාහ කරමින් සිටීම, මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේ අලුත්ම වංචා-දූෂණ හෙළි කිරීම සහ ජවිපෙ මෙවර අති උත්කර්ෂවත් අන්දමින් සමරන්නට සූධානම්වන මැයි දින පෙලපාලිය හා රැලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්, දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත, දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහගේ සහභාගීත්වයෙන් පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව අනාවරණය කර සිටියේ ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.