නැවැතත් රටේ ජාතික ආරක්ෂාව තර්ජනයට ලක්ව ඇති බවත් රටේ ආරක්ෂාව මීට වඩා
තහවුරු විය යුතු බවත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය හා හිටපු එල්.ටී.ටී.ඊ.
සංවිධානයේ නැඟෙනහිර සන්නද්ධ අංශ හිටපු නායක
විනයාගමූර්ති මුරලිදරන් හෙවත්
කරුණා අම්මාන් පැවසීය. කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව නැවැතත් හිස ඔසවමින්
සිටින බව පැහැදිලි යැයි පවසන මුරලිදරන් රට ආපස්සට කිසිදු ආකාරයකට
හැරවීමට ඉඩ නොදිය යුතු යැයි සඳහන් කළේය.
වසර තිහකට අධික කාලයක් රට තුළ ඇතිව තිබූ දරුණු යුද්ධය ආරම්භ වූයේ මෙවන්
සිද්ධි එකින් එක ආරම්භයෙන් යැයි නැවැත මතක් කළ යුතු බවත් තමාද රටේ යුද්ධය
නිමා කර දැමීමට සහයෝගය දුන් පුරවැසියකු නිසා රටේ ආරක්ෂාව පිළිබඳ මතයක්
දැරීමට අයිතියක් තමාටද ඇති බවත් හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
අග්නි සුබ්‍රමනියම් ඇමරිකාවේ සිට
ක්‍රියාත්මක වන රටින් පිටත ඊළාම් ආණ්ඩුවේ තමල්නාඩු
නියෝජිතයායි. රටින් පිටත ඊළාම් ආණ්ඩුව නමැති සංවිධානය
මෙහෙයවන්නේ ප්රභාකරන්ගේ
සමීපතම සගයා වූ රුද්රකුමාරන්ය. මෙම
සංවිධානය රජය තහනම් කළ ඊළාම් සංවිධානයකි. එහෙත් අග්නි
සුබ්‍රමනියම් කටුනායකදී අත්අඩංගුවට ගැනීමක් සිදුවූයේ නැත.
කටුනායක සිට යාපනයට ගිය අග්නි සුබ්‍රමනියම් උතුරු මහ ඇමැති සී.
විග්නේශ්වරන් හමුවී සාකච්ඡා පවත්වා ඇත.
මේ ඊළාම්වාදියා කිසිදු බාධාවකින් තොරව යාපනයට පැමිණීමෙන් සනාථ
වූයේ මෙරට නීතිය දෙවිදියකට ක්‍රියාත්මක වන බවයි. යාපනයේදී ඔහු
කොටි සංවිධානයේ ජාත්‍යන්තර අවි ජාලයේ හිටපු ප්‍රධානී කේ. පී.
හමුවී සාකච්ඡා පවත්වා ඇත.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පුත් දහම් සිරිසේන එවලුෂන්
10(evolution 10) මෝටර් රථයක් ලක්ෂ 100ක් දි වංචනීක ආකරායට මිළදි ගැනිමේ
සිද්ධියක් අප විශේෂ වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.මැණික් හා ස්වර්ණාබරණ
සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයෙකු වන රාජා පිරීස්ගේ පුත් පසිදු පිරිස්ට
අයත් මෙම මොටර් රථය වංචනික ආකාරයට අමතර කොටස් ගෙන්වන ක්‍රමයට ගෙන්වා
ලංකාවේදී නැවත සවිකොට දහම් සිරිසේනට ලක්ෂ 100කට ලබාදි තිබේ.