ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, March 18, 2016

ෆොන්සේකා පාවිච්චිය - රනිල් හා මහින්දගේ වෙනස. !!!

මහින්ද රාජපක්ෂ  2005 දී ජනාධිපතිවරයා වන විට සරත් ෆොන්සේකා වල් විදානේ (ෆොනී ) සිටියේ

යුධ හමුදාපතිධූරය පෙනි පෙනී විශ්‍රාම යන අවස්ථාවකය. පත්වූ අලුත් රජයන් හමුදාපතිධූරය බාර දෙන්නට තරම් ඔහු ආණ්ඩු බලය ලබාගත්ත පාර්ශවයේ විශ්වාසය දිනාගත්තෙක් නොවීය.(අද දවස ඔහු කුමක් කීවත් ) 2009 යුද්ධය අවසන් වූ සමයේ සරත් ෆොන්සේකාවල් විදානේ (ෆොනී )ම හෙළි කරන ලද ආකාරයට ඔහුට අවසන් යුද්ධය සඳහා සම්බන්ධ වන්නට අවස්ථාව හිමි වන්නේ මහින්ද -ගෝඨා සුසංයෝගය නිසාය.සරත් ෆොන්සේකා වල් විදානේ (ෆොනී ) යුධ හමුදාපතිධූරයට පත් කරද්දී ආණ්ඩු පක්ෂයේ බොහෝ දෙනා ඒ පිළිබඳ අකමැත්ත සහ සැක පළ කර තිබිණ.

අප වෙනුවෙන් දුක්‌ විඳින මැති ඇමැතිවරුන් ...!!!

අපතයන් ලබාගත් දීමනා...!!!
 (මැතිඇමැතිවරුන්ට තීරුබදු රහිත වාහන ගෙන්වීම ගැන නැවත කියෑවීමකි.)

මැති ඇමැතිවරුන්ට සුපිරි දීමනා ලබා දෙන බව වාර්තා වූයේ පසුගිය සතියේ ය. දැනට වාර්තා වන ආකාරයට එවැනි සුපිරි දීමනා ලබාදීමක්‌ පිළිබඳව තවමත් එකඟතාවකට පැමිණ නැතැයි කියෑවේ. එහෙත් මේ සුපිරි දීමනාවලට අයත් නොවන තවත් සුපිරි වරප්‍රසාදයක්‌ එම මැති ඇමැතිවරුන්ට අනිවාර්යයෙන් ම හිමිවීමට නියමිතය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාටම ඇමරිකන් ඩොලර් 62,500 ක්‌ බැගින් වූ තීරුබදු රහිත වාහන බලපත්‍ර (වාහන පර්මිට්‌)ය. දේශපාලනඥයන් මේ වන විට මහජන සේවයට කැප වී සිටින්නේ දුෂ්කරතා රැසක්‌ මැද ය. ඒවා රටේ ජනතාවට තබා වනේ වන හතුරෙකුටවත් විඳින්නට නොලැබේවා යන්න අපේ ප්‍රාර්ථනාවය. මේ හදිසියේ වාහන ගෙන්වන්නට තදියම මොකක්‌දැයි මේ ගැන හාංකවිසියක්‌වත් නො දන්නා මෝඩ තකතීරුවන්ට ප්‍රශ්නයක්‌ විය හැකිය. අපි ඒ ගැන පැහැදිලි කර දෙන්නෙමු. දිලිසෙන්නට ඔප දමා, ෆුල් කන්ඩිෂන් පිට අපට පෙනෙන්නට තිබෙන බොහෝ වාහන ඇත්තටම අබලන් ය.

කෝටි 7ක කොමිස්‌ චෝදනාවක්‌ ගැන එෆ්සීඅයිඩිය නාමල්ගෙන් ප්‍රශ්න කරයි....!!!

කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක්‌ ක්‍රිෂ් නමැති ඉන්දියන් සමාගමට පවරාදීමේදී රුපියල් කෝටි 7 ක මුදලක්‌ කොමිස්‌ වශයෙන් ලබාගත් බවට එල්ලවී තිබෙන චෝදනාවක්‌


සම්බන්ධයෙන් පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය  නාමල් රාජපක්‌ෂ ගෙන් (17 වැනිදා) ප්‍රශ්න කර ඇත.
රජය සතු මෙම ඉඩම ලබාදීමේදී පසුගිය රජයේ ප්‍රබල දේශපාලනඥයන් කීපදෙනකුට රුපියල් කෝටි ගණනින් කොමිස්‌ මුදල් ලබාදී තිබෙන බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර තිබේ.

පාදඩ ධම්මිකට එරෙහි පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්න- SLRC සභාපතිගෙන් මාධ්‍යවේදියාට බලපෑම්....!!!

තවදුරටත් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්‌ථාවේ මාධ්‍යවේදීයෙකු ලෙස සේවය කිරිමට කැමැත්තක් ඇත්නම් ශ්‍රී ලංකා

වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංගට එරෙහිව කරන ලද පැමිණිල්ල ඉවත් කර ගැනිමට වහාම කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති රවී ජයවර්ධන රූපවාහිනී සංස්‌ථාවේ මාධ්‍යවේදී එස්‌. ගුණරත්නම් මහතාට බලපෑම් කරමින් සිටින බව අනාවරණය වි තිබේ.
අදාළ පැමිණිල්ල ඉල්ලා අස්කර ගනිමින් ධම්මික රණතුංග  සමග සමාදාන වන ලෙසට රුපවාහිණි සභාපතිවරයා ජාතික පච නාලිකාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා හරහා ගුණරත්නම් ට බලපෑම් කරමින් සිටින බවයි අප විශේෂ වාර්තාකරු අනාවරණය කළේ.

ධම්මිකට නොතීසි

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්‌ථාවේ මාධ්‍යවේදී එස්‌. ගුණරත්නම්  ඇතුළු මාධ්‍යවේදීන් පිරිසකට

කොළඹ මහාධිකරණ භූමියේදී මරණීය තර්ජන එල්ල කරමින් බැණ වැදීමේ සිද්ධියට අදාළව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංගට ලබන 24 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා  (17 දා) නියෝග කළේය.
මාධ්‍යවේදී ගුණරත්නම්  විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව කෙසෙල්වත්ත පොලිසිය කළ ඉල්ලීමක්‌ කෙරෙහි සැලකිලිමත් වෙමින් ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා එලෙස නොතීසි නිකුත් කරන ලෙසට නියෝග කළේය.

අසත්‍යය තම වංචාව සඟවා ගැනීමට කෑ මොරදේ...

ලාංකීය ඉතිහාසයේ ප්‍රථමවරට කිසිදු රාජ්‍ය අනුග්‍රහයකින් තොරව කොළඹදී පැවැත්වූ දැවැන්තම ජනතා රැළිය

මාර්තු 17  පැවැත්විණි. යුනියන් පෙදෙසේ‍ සිට දසතින් බැලූ විට ඔසුසල දක්වාද, ටී. බී ජයා මාවත දක්වාද, වොක්ෂෝල් වීදියද එකම හිස් ගොඩක් විය. එමෙන්ම මෑත ඉතිහාසයේ විපක්ෂය මගින් සංවිධානය කරන ලද රටේ ඕනෑම තැනක පැවති උද්යෝගිමත් සහ ජවසම්පන්න රැළියද එය විය. මෙයට පෙර විපක්ෂය
සංවිධානයකල උද්යෝගිමත් රැස්වීමක් ලෙස විපක්ෂයේ පක්ෂ 5ක්වූ ජනතා විමුක්ති පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය, සමසමාජය, නව සමසමාජය සහ බාල තම්පෝගේ මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය 1979 අගෝස්තු මස හයිඩ් පිටියේදී එජාප ආණ්ඩු‍වේ ත්‍රස්තවාදී මර්ධන පනතට එරෙහිව පැවැත්වූ ජන රැළියද හැදින්විය හැකිය. එම රැස්වීමේ එදා මුලසුන දැරුවේ ජවිපෙ උපතිස්ස ගමනායක වන අතර එම ඒකාබද්ධ විපක්ෂයේ කථිකයන් වූයේ රෝහණ විජේවීර, පීටර් කේනමන්, වාසුදේව නානායක්කාර , අතාවුද සහ බාල තම්පෝය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.