ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, March 9, 2016

බන්ධනාගාරයට ගොස්‌ කොටි සැකකරුවන්ගෙන් අත්සන් ගත් නීතිඥවරිය මුදාහරී...!!!

එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදය පැවැති සමයේ බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කරමින් හොරොව්පොතාන ප්‍රදේශයේ දී පොලිස්‌ නිලධාරීන් සිව් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින කොටි සැකකරුවන් සිව් දෙනෙකුගෙන් එම චෝදනාවලට වරද පිළිගන්නා බවට ලේඛන කිහිපයකට අත්සන් ගැනීම සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටීමට නොතීසි නිකුත් කර තිබූ නීතිඥවරිය මුදාහැරීමට  (9 දා) අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු ඛේමා ස්‌වර්ණාධිපති  නියෝග කළාය.

පාදඩ කැලෑ පාළු රිෂාඩ් වැනි අපතයනට නැති නීතියක්‌ හිමිවරුන්ට ක්‍රියාත්මකයි...!!!

විල්පත්තු කැලේ ශුද්ධ කරන රිෂාඩ් වැනි අපතයනට එරෙහිව ක්‍රියාත්මක නොවන නීතිය රටේ

භික්‍ෂූන් වහන්සේලාට ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි (එජනිස) කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී විමල් වීරවංශ  (09දා) පාර්ලිමේන්තුවේදී විමසා සිටියේය.
කථානායක කරු ජයසූරිය ගේ අවසරය මත නැගී සිටි විමල් වීරවංශ  'මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට අරගෙන තිබෙනවා පන්සලේ අලි පැටියෙක්‌ තබා ගත්තා කියලා.' විල්පත්තු කැලේ ශුද්ධ කරන ඇමැතිවරුන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ නෑ. රටේ භික්‍ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගන්නවා.

මුදල් ඇමති හොර කරුපයියාට එරෙහි දෙවැනි විශ්වාසභංගයට අත්සන් ගනී

මුදල් ඇමැති රවි කරුණානායක (  හොර  කරුපයියා ) ට එරෙහිව දෙවැනි වරටත් විශ්වාස භංග යෝජනාවක්‌ ගෙන ඒම සඳහා පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයක්‌ ඒකාබද්ධ විපක්‍ෂය  (09 දා) ආරම්භ කළේය.
ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා  ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු විසින් ආරම්භ කළ මෙම වැඩපිළිවෙලට සහයෝගය දක්‌වමින් ඊයේ වන විටත් කිහිප දෙනකුම අත්සන් තබා තිබුණි.

Email නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි..!!!

අන්තර්ජාලයේ පුරෝගාමියෙක් මෙන් ම විද්‍යුත් තැපෑලේ නිර්මාපකයා දවන රේ ටෝම්ලින්සන් මහතා අභාවප්‍රාප්ත වී ඇත.
අමෙරිකානු ජාතික පරිගණක ක්‍රමලේඛකයෙකු (programmer) වූ ඔහු 1971 වර්ෂයේ දී එක ජාලයකින් තවත් ජාලයකට යැවිය හැකි විද්‍යුත් පණිවිඩ පිළිබඳ අදහස ඉදිරිපත් කරනු ලැබී ය. Raymond Samuel Tomlinson died on March 5th, aged 74.

උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට...!!!

නීති විරෝධීව අලි පැටවකු ළඟ තබා ගත්තැයි සැකපිට උඩුවේ ධම්මාලෝක හිමි රහස් පොලිසියෙන් මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබීය.
පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයට ගොස් අත්අඩංගුවට ගත් ඒ හිමියන්  රහස් පොලිසියේ දී ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අස්ගිරි මහ නාහිමියෝ අපවත් වෙති

ගලගම අත්ථදස්සි අස්ගිරි මහ නාහිමියෝ මීට සුළු මොහොතකට පෙර අපවත්වූ බව රෝහල් ආරංචි කියයි. අද හදිසියේ ඇද වැටීමකට ලක්ව මහනුවර මහ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි උන්වහන්සේ අපවත් වන විට 95 වැනි වියේ පසුවූහ. සියම් මහ නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ගලගම ශ්‍රී අත්ථදස්සි මහා නා හිමියන් උපත ලැබුවේ 1922 ජනවාරි 11 වැනිදාය.

(අයි. ආර්. සී.) 45171

රට පුරා ලියාපදිංචි අපරාධකාරයන් (අයි. ආර්. සී.) 45171 දෙනකු සිටින බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.
මෙම ලියාපදිංචි අපරාධකාරයන් අතුරින් 975 දෙනකු කාන්තාවන් බව ද එම ආරංචි මාර්ග කියා සිටියි.පොලිස්‌ ආරංචි මාර්ග පවසන අන්දමට වැඩිම ලියාපදිංචි අපරාධකරුවන් පිරිසක්‌ සිටින්නේ බස්‌නාහිර පළාතේය. දකුණු සහ මධ්‍යම පළාත කේන්ද්‍ර කරගෙන ලියාපදිංචි අපරාධකරුවන් වැඩි පිරිසක්‌ සිටින බව ද පොලිසිය පවසයි.

ඊළාම් නිජබිම් වැනසු රණවිරුවන් යහපාලනය පාවාදුන් අකාරය

යුද්ධය අවසන් වූ පසුව යළිත් ඊළාම් නිජබිම් සංකල්පය මත පිහිටා රට ‍ලේ විලක් කරන්නට තැත් කළ කොටි

ජාත්‍යන්තර ජාලය නිහඬ කළ ඔපරේෂන් ඩබල් එජ් මෙහෙයුමේ ආරම්භක නියමුවන් වන ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන ඇතුළු බුද්ධි බළකායේ විශාල මෙහෙවරක් කළ විරුවන් අද සිටින්නේ වැලිකඩ සිරබත් කමිනි.එක්නැලිගොඩ අතුරුදන් වීම කේන්ද්‍ර කරගෙන රට වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ බුද්ධි අංශයේ විරුවන් සිරගත වෙද්දී කොටි සංවිධානය යළි නගා සිටුවන්නට උත්සාහ කළ තවේන්ද්‍රන් ඇතුළු කිහිප දෙනකු සාක්ෂිකරුවන් වී නිදහස ලබා සිටිති.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.