එල්ටීටීඊ සංවිධානයේ මූල්‍ය අංශ ප්‍රධානියකු ලෙස කටයුතු කළ
එමිල් කාන්තන් නමැත්තාට
එරෙහිව නිකුත් කොට තිබූ වරෙන්තු
නියෝග යළි වහාම ක්‍රියාත්මක කිරීමට කොළඹ විශේෂ මහාධිකරණ
කොමසෘරිස් අයිරාංගනී පෙරේරා ඊයේ (03 දා) නියෝග
කළාය.
විත්තිකරු අත්අඩංගුවට ගැනීම අත්හිටුවමින් විශේෂ මහාධිකරණය
විසින් නිකුත් කොට තිබූ වරෙන්තු ආපසු කැඳවීමේ නියෝගය
එමගින් අහෝසි කළ මහාධිකරණ කොමසාරිස්වරිය විත්තිකරු දුටු
තැන අත්අඩංගුවට ගැනීමට නීතිමය ඉඩකඩ සලසමින් එම නියෝගය
නිකුත් කළාය.
ලක්ෂ 27ක් වන්දි ගෙවීමටත් නියෝග
තමා ජා-ඇල පොලිසියේ ස්ථානාධිපති බව අඟවා වෙසක් පුන්
පොහෝදින අලුයම තම නිවසට
යැම සඳහා බස් නැවතුම්පොළේ රැඳී
සිටි සරසවි ශිෂ්‍යාවක බියට පත්කොට බලෙන් රැගෙන ගොස් තම
පියාට අයත් ලැගුම්හලක් තුළදී ඇයට අතවර කිරීම සම්බන්ධයෙන්
වරදකරුවකු වූ කෝටිපතියකුගේ තරුණ පුතෙකුට බස්නාහිර පළාත්
බද මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න විසින්
බරපතළ වැඩ ඇතිව තිස්හත් වසරක (37) සිර දඬුවම් ඊයේ (3 දා)
නියම කරන ලදී.
ඊට අමතරව අතවරයට ලක්වූ සරසවි සිසුවියට රුපියල් ලක්ෂ විසි
හතක (ලක්ෂ 27) වන්දියක් ගෙවීමට සහ රුපියල් 45,000 ක
දඩයක් ගෙවීමටත් විත්තිකරුට නියම විය.