වසර 12 ඇවිදින්න, අත් උස්සන්න බැරිව
ආබාධිතව සිටි නිසංසලා සහ දිලිණි පැය 8න් සුව කළ
තරුණ වෛද්‍යවරයෙකුගේ විශ්මිත වෙදකම...!!!
හඳුනානොගත් රෝගයක් නිසා අතපය හරිහැටි උස්සාගන්න බැරිව වගේම ඇවිදගන්න බැරිවත් අවුරුදු 12ක් විතර මේ රෝගයෙන් පීඩා විඳපු තරුණියන් දෙදෙනෙකුගේ ලෙඬේ පැය 8ක විශ්මිත වෙදකමකින් සුව කරන්න සමත්වුණු වෛද්‍යවරයෙක් ගැන අපිට ආරංචි වුණා.මේ රෝගයෙන් පීඩා විඳපු තරුණියන් දෙදෙනා පදිංචි වෙලා ඉන්නේ ගලේවෙල තෙන්නකොන්පුර. නිසංසලා සහ දිලිණි නම් වූ මෙම තරුණියන් දෙදෙනා ජිවිතයේ සොදුරුම කාලයේ කිසිවක් කරකියා ගන්න බැරුව ඉන්න හැටි දැකපු කාගේ වුනත් ඇස් දෙකට කඳුලක් එනවා නොඅනුමානයි.
පසුගිය දිනවල රාජිත සේනාරත්න ඇමැතිවරයා වාර එකොළහකටත්
වඩා එෆ්. සී. අයි. ඩී. (මූල්‍ය
අපරාධ කොට්ඨාසයෙන් ලද කැඳවීම්
මඟහැර සිටි බවට ද තොරතුරු වාර්තා වී තිබිණි. "හදිසි අසනීපය"
පිටුපස ඇත්තේ ද එය මඟහැරීම බවට ද ඇතැමුන් ප්‍රකාශ කරති. ඒ
සියල්ලටම නිසි පිළිතුරු ලැබෙන්නේ "ප්‍රතිකාර" වලින් පසුව මෙරටට
පැමිණෙන රාජිත සේනාරත්න අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී "කට" අරින
මොහොතේය.
රාජිතට ඇත්තටම මොකද වුණේ...
ලක්ෂ ගණන් වටින සිව් රු පොරවා ගත්. ව්‍යාපාරික උඩුවේ බය වෙලා...!!!
තමා අත්අඩංගුවට ගෙන සිරගත කිරීම වළකාලීමේ අතුරු තහනමක් නිකුත් කරන්න - උඩුවේ ධම්මාලෝකයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලති.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ආශිර්වාද පතා පිංකම් මාලාවක් පැවැත්වීම හා ඔහුට ඉකුත් ජනාධිපතිවරණයේදී සහය දීම නිසා ඊට පළිගැනීමක් වශයෙන් තමා අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට වත්මන් රජයේ බලවතුන් ක්‍රියාකරන බැවින් එය වළකාලීමේ අතුරු තහනමක් නිකුත් කරන ලෙස ඉල්ලා උඩුවේ ධම්මාලෝකයා (21වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ බි.ආර්.එස්.ආර්. නාගහමුල්ල. එම දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න. පොලිස්පති එන්.කේ.ඉලංගකොන් හා රජයේ නීතිපතිවරයාද නම්කොට ඇත.
කොටි පරාජය කළ මහින්ද රාජපක්ෂට මේ ආණ්ඩුව
පරාජය කිරීම එතරම් දෙයක් නොවන බව හිටපු ආර්ථික සංවර්ධන ඇමැති සාටක සුණඛ බැසිල්
රාජපක්ෂ දෙහිඕවිට පැවැති උත්සවයකදී පැවසීය.රටම උලාකා
ඇමෙරිකාවේ කෝටි ගණනින් දේපල මිළදී ගත් සාටක සුණඛ බැසිලාට හොරා කෑමේ රස තේරී නැවතත් දේශපාලනයට ඒමට උත්සාහ දරයි.එහි කූඪ ප්‍රාප්තිය ලෙසින් උත්සව සභා ඇමතීමට පටන් ගෙන ඇත.රාජිතයාගේ අනුකම්පාව මැද සිර දඬුවමෙන් නිදහස් වුවද මූ මහ දවාලේ කළ කොමිස් ගැහිලි වල සියළුම දත්ත වාර්තා අප සතුව ඇත.මෙවන් නරුම අපතයනට කිසිදු අවස්ථාවක් නොදිය යුතුය.
බැසිල් රාජපක්ෂ ගැන මටත් විවේචන තියෙනවා...තක්කඩි මිනීමරු නාමල් සිය බාප්පා වන සාටක සුණඛයා ගැන කියයි....!!!
ලංකාදීප විශේෂාංගයකට කෝටිපති මිනීමරු නාමල් බේබි දැක්වූ සුරතල් අදහස්..බැසිල් රාජපක්ෂ ගැන මටත් විවේචන තියෙනවා...තක්කඩි මිනීමරු නාමල් සිය බාප්පා වන සාටක සුණඛයා ගැන කියයි....!!!
ප්‍රවීණ ගීත රචක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අජන්තා රණසිංහ (27) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.
අභාවප්‍රාප්ත ප්‍රවීණ මාධ්‍යවේදී හා ගීත රචක අජන්තා රණසිංහ මහතාගේ අවසන්
කටයුතු සඳුදා සවස 3.30ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.
දැනට පන්නිපිටිය හිරිපිටියේ, රණසිංහ මාවතේ නිවසේ තැන්පත් කර ඇති දේහය
සඳුදා (29) පෙරවරු 11ට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට රැගෙන ඒමට කටයුතු
යොදා ඇත.
ලංකාවට උතුරින් ඇත්තේ ඉන්දියාවය. මීට වසර මිලියන ගණනකට පෙර ගොඩ්වානාලන්තය ලෙස පැවැති මහද්වීපයේ ලංකාව හා ඉන්දියාව තිබුණේ එකට යා වී එකම බිම්කඩක් ලෙසය. ඉන්දියාවේ වෙස්ටන්ගාඩ් හා ලංකාවේ බොහෝ පරිසර පද්ධති සමාන ජීවී විවිධත්වයක් පෙන්වන්නේ එකී අතීත භූගෝලීය සාධකය
නිසාවෙනි. ගොඩ්වානාලන්තය කැබලිවීමත් සමග ලංකාව හා ඉන්දියාව ගොඩබිම් දෙකක් ලෙසත් පසුකාලීනව රටවල් දෙකක් බවටත් පත්විය. එහෙත් එදා සිට ලංකාව හා ඉන්දියාව අතර සහසම්බන්ධයක් පැවැති බව රහසක් නොවේ. විටෙක යහපත් ලෙසත්, විටෙක අයහපත් ලෙසත් පැවැති මේ සහසම්බන්ධයේදී බොහෝවිට ජයග්‍රහණය හිමිකර ගැනීමට කුප්‍රකට ඉන්දියාව සමර්ථ වූ බව ද දන්නෝ දනිති.
පසුගිය රජය පැවැති සමයේ බොහෝ සංවර්ධන යෝජනාක්‍රම පිටුපස චීන සෙවණැලි වැටී තිබිණි. එය ඉන්දියාවේ හා ඇමෙරිකාවේ නොරිස්සුම වර්ධනය වීමට හේතු විය. ඒ නිසාම ඉන්දියාව මූලික වී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය පෙරළා දැමූ බව ඇතැම්හු පවසති. ඊට ඉහත සන්දර්භය පදනමක් සකසන බවද සැබෑවකි. එහෙත් එම පාලන සමයේ පවා ඉන්දියානු සෙවණැලි ලංකාවේ බොහෝ ක්ෂේත්‍ර කෙරෙහි වැටී තිබූ බව දන්නේ කිහිපදෙනෙකි. වසර ලක්ෂ ගණනකට පෙර සිට භූගෝලීය වශයෙනුත් වසර දහස් ගණනකට පෙර සිට මානව ක්‍රියාකාරකම් මගිනුත් ඉන්දියාව හා ලංකාව අතර පැවැති සම්බන්ධතාව මේ ක්‍රියාවලි මගිනුත් තේරුම් ගැනීම අපහසු නැත.
වීඩියෝව
ෆිනෑන්ස් ඇන්ඞ් ගැරන්ටි (එෆ් ඇන්ඞ් ජී) සමාගමේ තැන්පත්කරුවන්ගේ රුපියල් බිලියන 4.3ක් (කෝටි
430ක්) සාවද්‍ය පරිහරණය කරන ලදැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත භාරයේ පසුවන සිසිලියා කොතලාවල ගේ සේප්පුවේ ඇති රත්රන් භාණ්ඩ වෙන්දේසි කිරීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් එම භාණ්ඩ සම්බන්ධයෙන් තක්සේරු වටිනාකම් සහතිකයක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය (25) රහස් පොලිසියට දැනුම් දුන්නේය.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන්ගේ ඉල්ලීම සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ එම රත්රන් භාණ්ඩ වෙන්දේසියේ විකුණා එයින් ලැබෙන මුදල් තැන්පත්කරුවන් වෙත මුදාහැරීම සඳහාය.
රවිරාජ් ඝාතකයා සිංගප්පූරුවට -ගොඨා අල්ලන්න
කුමන්ත්‍රණයක්...!!! පසුගිය 2015 වසරේ අප්‍රියෙල් 6 වැනිදා අප අනාවරණය කල පරිදිම ෆිල්ඩ්
මාෂල් සරත් ෆොන්සේකා විසින් සිදුකල පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනයට
ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මත පැටවිමට
සුදානම් වන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යෙදෙන විශේෂ වාර්තාකරු
අනාවරණය කර සිටි.
මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ ඔහු වටා සිටි මන්ත්‍රීවරුන් අයතා ලෙස මුදල් ගනු දෙනු කළ ආකාරය සහ ජනතා දේපළ, රාජ්‍ය සම්පත් අයතා ලෙස පරිහරණය කළ ආකාරය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් පසුගියදා ස්වර්ණවාහිණී නාලිකාවේ පැවති මහජන සේවය පිණිසයි දේශපාලන වැඩසටහනට එක්වෙමින් හෙළිදරව් කර සිටියේ ය.
එහිදී විජිත හේරත් මෙහිදී හෙළිදරවු කර සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයට යැයි පවසමින් විවිධ පුද්ගලයන්ගෙන් කුලියට ගන්නා ලද රථ වාහන ජාතික නිදහස්පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරීන්ගේ අවශ්‍යතා සඳහා යොදවා ඇති බව ය. VIDEO
ආහාර සඳහා ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරනු ලබන වියළි මිරිස්වල මිනිස් ශරීරයට අහිතකර විෂ රසායනික අඩංගු බවට ඕස්ටේ්රලියානු රජය විසින් අපනයන සංවර්ධන මණ්ඩලයට දැනුම් දී තිබේ.
මෙසේ දැනුම් දීමට හේතු වී ඇත්තේ මෙරට චිලී පේස්ට් නිෂ්පාදන ව්‍යාපාරිකයන් ඕස්ටේ්රලියාවට අපනයනය සඳහා චිලී පේස්ට් යොමුකර තිබිය දී එරට රජය විසින් කරන ලද සාම්පල් පරීක්ෂාවය. සාම්පල් පරීක්ෂාවෙන් පසුව අපනයනයට යොමු කළ චිලී පේස්ට් තොග ඕස්ටේ්රලියාව විසින් නැවත මෙරටට හරවා එවීමට කටයුතු කර ඇත.