ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, February 26, 2016

“අපේ යහපාලනය ලෝකෙටම ආදර්ශයක්.. ලංකාව දැන් ඉතිහාසගත තැනක” – අගමැති

රටේ ප‍්‍රධාන පක්ෂ දෙකේ එකතුවෙන් යහපාලන ආණ්ඩුවක් සෑදීමෙන් ශ්‍රී ලංකාව සමස්ත ලෝකයටම ආදර්ශයක් දුන්නේ යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  ඊයේ (25) කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී

පැවසීය.
එසේම එලෙස ප‍්‍රධාන පක්ෂ දෙකක එකුවෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවූ ආසියා ශාන්තිකර කලාපයේ ප‍්‍රථම රට ශ්‍රී ලංකාව යැයිද අග‍්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

අස්ගිරි මහා නාහිමියන්ට මරණ තර්ජණ !

වර්තමානයේ දැඩි කතාබහට ලක්ව පවතින ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කිරීමට එරෙහි වීම හේතුවෙන් තමන් වහන්සේට මරණීය තර්ජනය කර නිර්නාමික ලිපි ලැබෙන බව අස්ගිරි මහනාහිමියෝ පවසති.
මේ මාර්ගය විවෘත කිරීමට තමන් වහන්සේ කිසිසේත් ඉඩ නොදෙන බවද උන්වහන්සේ කීහ.
මේ මාර්ගය විවෘත කිරීමෙන් දළදා වහන්සේට අගෞරවයක් සිදු වන බවත් මේ නිසා තමන් වහන්සේ මුල සිට ඊට විරුද්ධ වූ බවත් මහනාහිමියෝ පැවැසූහ.

යාපනේ කීරමලේ ප්‍රදේශයෙන් හමුදාව මුළුමනින්ම ඉවතට...!!!

යුධ උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් ප්‍රදේශයක් සේ සැළකෙන යාපනය කීරමලේ ප්‍රදේශයෙන් යුද හමුදාව ඉවත් වෙමින් සිටින බව වාර්තා වේ.
අද දිනය අවසන් වනවිට එම ප්‍රදේශයෙන් හමුදාව මුළුමනින්ම ඉවත් වනු ඇති බවත්, පසුගිය රජය සමයේ ඉදිකරමින් පැවති, අතරමග වැඩ නවතා ඇති යාපනය ජනාධිපති මන්දිරයේ හමුදාව ස්ථානගත වනු ඇති බවත් ආරංචි මාර්ග සදහන් කරයි.

මහා රාවණා රජුගේ සිරුර හා දඩුමොණරය සොයන්න ඉන්දියානුවන් ලංකාවට රිංගලා ( Video )

රාවණා මහ රජු සම්බන්ධයෙන් අදටත් ඉන්දියානුවන් තුල බයක් පවතින බව ඔවුන්ගේ ඇතැම් සිද්ධීයන් වලින් පැහැදිලි වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම ඉන්දියානුවන් රාවණා රජු හා සම්බන්ධ පුරාවෘත්තයන් හා සාක්ෂි

සොයා ගවේෂණ සිදුකරන්නේද එම තත්ත්වය මතයි. එබැවින් වසර ගණනාවක සිට මෙරටට පැමිණෙන ඉන්දියානුවන් රහසින් රාවණා ඉතිහාසය සොයා යමින් සිටින බවද මේ වන විට හෙළිව තිබෙනවා. ඉන්දියානු මාධ්‍ය ආයතන කිහිපයක් එසේ මෙරටට පැමිණ රාවණා රජුට සම්බන්ධ ප‍්‍රදේශ ගල් ගුහා / උූමං ද්වාරයන් ආදියටද ගමන් කර ඇති බව මේ වන විට සාක්ෂි සහිතව හෙලිව තිබෙනවා. මෙරට ඇතැම් පුද්ගලයින්ද මුලදට වහල්ව ලාංකිකයින්ටත් ගමන් කිරීමට ඉඩ නොදෙන ස්ථානවලට පවා මෙම ඉන්දියානුවන් රැුගෙන ගොස් ඇති බවයි එම වාර්තා වැඩසටහන් වල දැක්වෙන්නේ. එහිදී රාවණා රජුගේ සිරුර තැන්පත් කර ඇති ස්ථානය බවට සැලකෙන ස්ථානයකට ද මෙම කණ්ඩායම් ගමන් කර තිබෙනවා. මේ ඒ අයුරින් ඉන්දියානුවන් ප‍්‍රකාශයට පත් කර ඇති වීඩියෝවක්.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.