ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, February 25, 2016

තවත් හොරෙක් මාට්ටු....!!! දොස්තර ජයලත්ගේ පුතා කාවින්ද ජයවර්ධන ( U N P ) අපතයත් රේල්ලුවට වංචා කරලා...!!!

එක්සත් ජාතික පක්‍ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන ඉකුත් පෙබරවාරි 01 හා 02 දිනයන්හිදී මගීන් 1000 ක් වෙනුවෙන් මැදිරි 11 කින් සමන්විත දුම්රියක් ජා-ඇල සිට මඩු දක්වා යාමට

සහ ඒමට මුදල් ගෙවීමකින් තොරව ලබාගෙන ඇති බවට සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය චෝදනා කර සිටී.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදුකරන ලෙසද එම සංගමය ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය, නිමල් සිරිපාල ද සිල්වාට ලිපියක් ලියමින් ඉල්ලා සිටී.
මන්ත්‍රීවරයා සිය දේශපාලන බලය යොදා ගනිමින් මේ මුදල් ගෙවීම පැහැර හැර ඇති බවද අදාළ ලිපියේ දැක්වේ.

කැබිනට්‌ ඇමැති ධුරයේ කලවැද්දා '( වල් විදානේ ) දිවුරුම් දෙයි....

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා  ප්‍රාදේශීය සංවර්ධන කැබිනට්‌ අමාත්‍යවරයා ලෙස ඊයේ (25 දා) පස්‌වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති  සිරිසේන  ඉදිරියේ දිවුරුම් දුන්නේය. ජනාධිපති

ලේකම් පී. බී. අබේකෝන්  සහ සරත් ෆොන්සේකා ගේ පවුලේ සාමාජිකයෝ මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.

මැලේසියාවේදී අල්ලා එවූ කොටි සැකකරුවෙක් නීතිපති උපදෙසින් නිදොස්කොට නිදහස්...!

එල්.ටී.ටී.ඊ සංවිධානයට ආධාර අනුබල ලබාදුන් බවට චෝදනා ලැබ මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවකු නීතිපතිවරයාගේ උපදෙස් මත අදාළ චෝදනා වලින් නිදහස්

කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අරුණි ආටිගල   24 නියෝග කළාය.
මෙලෙස මුදාහැරුණේ යාපනයේ පදිංචි සෙල්වදොරේ ගිරිබාදරන් නමැත්තාය. මොහු 2014 ජනවාරි 13 දා මැලේසියාවේදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මෙරට ත්‍රස්ත විමර්ශන කොට්ඨශය වෙත භාරදී තිබිණි.

තාජුඩීන් මරණය ඝාතනයක්‌...!!!

දහසය දෙනකුගෙන් ප්‍රකාශ ලබා ගනී
සැකකරුවන් අත්අඩංගුවට ගන්න අධිකරණය නියෝග කරයි
අමානුෂික ලෙස පහරදීමට ලක්‌ව සිය මෝටර් රථය තුළ පිළිස්‌සී මියගිය රගර් ක්‍රීඩක මොහොමඩ් තාජුඩීන්ගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්‌ බවට තීරණය කළ කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් නිශාන්ත පීරිස්‌ මහතා ඝාතනයට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ඊයේ (25 දා) නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී මොහොමඩ් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් සිය නිගමනය ප්‍රකාශයට පත් කරමින් මහෙස්‌ත්‍රාත්වරයා එසේ නියෝග කළේය.

කෝටි 12 දැවැන්ත අල්ලස සමග කරුප්පයියා ( යහපාලන තක්කඩි මුදල් ඇමති ) මාට්ටු!

ශ්‍රී ලංකා අල්ලස් වැටලීම් ඉතිහාසයේ සිදුකරන ලද දැවැන්තම වැටලීම වූ රුපියල් කෝටි 12 හමාරක අල්ලසක්... අල්ලා ගැනීමට රේගු අධිකාරියේ ඉහලම මෝරු තිදෙනෙක් අල්ලස් දැලට හසුකර ගැනීමට ශ්‍රී ලංකා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සමත් වී ඇත .මෙසේ අල්ලස් දැලට හසුවූයේ සහකාර රේගු අධිකාරී එම්.ඩී.යූ.ජී. පෙරේරා, නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක සහ රේගු නිලධාරී සුධීර පරාක්‍රම නමැති ජාතිභ්‍රෂ්ඨ වසලයන් තිදෙනා ය.

ත්‍රාඩ කපටි කරුප්පයියා ( යහපාලන තක්කඩි මුදල් ඇමති ) හොරා කෑම...!!!

අලිමංකඩ යනවා කියා පාමංකඩ යනවා” කියමින් ,අපේ උදාර ත්‍රිවිඩ හමුදාවම විහිළුවට ලක් කල නිවට නියාලු මහා බැංකු මුල්‍ය වංචාවේ ප්‍රභලයෙකු වන ත්‍රාඩ කපටි කරුප්පයියා ( යහපාලන තක්කඩි මුදල් ඇමති ) අවස්ථාවාදී, අත්තනෝමතික තීරණ නිසා ශ‍්‍රි ලංකා රේගුවෙන් රටට බිලියන ගණනක ආදායමක් අහිමි වන බවත් සිය යහපාලන ඥාතීන් සමග බල්ටි ගසමින් රේගුව විනාශ කරන බවට අප අවස්ථා ගණනාවකදි කල අනාවරණයන් අද රේගු නිලධාරීන්ගේ සංගමය විසින් තහවුරු කර තිබේ.
මෙහි දැක්වෙන්නේ එම නිවේදනයයි….

සිංහල ත්‍රස්‌තවාදීන්ගෙන් දළදා වහන්සේ රැකගන්නටත් බෞද්ධයන් නැගී සිටිය යුතු ය..!!!


දළදා මාලිගාවේ පාර ඇරීමට එරෙහි අස්‌ගිරියේ පිළිවෙත

මෙම 19 වැනි දා උද්ඝෝෂණ සිදු කළේ දේශපාලනය හා වෘත්තීය සමිති ජීවන මාර්ගය කරගත් පළපුරුදු ගැටුම් නිර්මාපකයක්‌ පිරිසකි. එම පිරිසට අයිති නැත්තේ මහනුවර උසාවියේ ගිනිකන සිව්රළුවකු හා සෝභිත හිමියන්ගේ චරිතාරෝපනය සඳහා මෙසේ වූවොත් හොඳයි සිතා වීදි සටන්කරුවකු බවට පත්වන මහාචාර්ය කෙනකු පමණි. සිවුරක්‌ දරා සිටියා නම්, එම ගෞරවය හා වෙස්‌ගැන්ම යම්තරමකට හෝ එතුමාට ලැබෙනු නියත ය. සිංහල මහැදුරකු ලෙස අපගේ සිතෙහි මෙතෙක්‌ ඇඳුන සම්භාවිත රූපය එතුමාගේ බොදු විරෝධී හැසිරීම් නිසා කෙමෙන් මැකී යයි. 
 බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දීමේ නීතිමය තත්ත්වය රැක ගන්නටත්, සිංහල ත්‍රස්‌තවාදීන්ගෙන් දළදා වහන්සේ රැකගන්නටත් බෞද්ධයන් නැගී සිටිය යුතු ය.

“ඉරාජ් ඉස්ලාමයට අපහාස කරා.. ගීතය තහනම් කරනු” තව්හිද් ජමාත්, ISIS පන්නයේ වීඩියෝවක් නිකුත් කරමින් කියයි....!!!

සංගීත ශිල්පී ඉරාත් වීරරත්නගේ “මනුසතා” ගීත වීඩියෝවෙන් මුස්ලිම් ජාතිකයන් ගැන වැරදි පණිවිඩයක් සමාජයට ලබා දෙන බවත් එමගින් ඉස්ලාමයට අපහාසයක් සිදු කර ඇති බවත් වහාම එම ගීත වීඩියෝව තහනම් කළ යුතු බවත් පවසමින් “තව්හීද් ජමාත් ඉස්ලාමීය සංවිධානය” වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.
“සංගීතය යනු මිනිසාට කිසිදු ප්‍රතිලාභයක් නොමැති, මිනිසාගේ විචාර බුද්ධිය හා මිනිසාට සිතා බලා තීරණ ගැනීමේ හැකියාව මොට කරන දෙයක්” බවයි එම සංවිධානය පවසන්නේ. සංගීතය ව්‍යාකූල දෙයක් බවත් එමගින් මිනිසාගේ මනස අවුල් වියවුල් වී යන බව විද්‍යානුකූලව ඔප්පු කිරීමට තමන්ට හැකි බවත් පිරිසිදු ඉස්ලාමය ප්‍රචලිත කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වී සිටින බව පවසන එම සංවිධානය පවසයි.
 ISIS ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයද සිය මතයට විරුද්ධවාදීන්ට තර්ජනය කිරීම සදහා මෙවැනි වීඩියෝ පට නිකුත් කරනු ලබනවා. “ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානය” අරාබි රටවල් කිහිපයක මුල්‍ය දායකත්වයෙන් මුලධර්මවාදී රැඩිකල් ඉස්ලාමය මෙරට මුස්ලිම් ප්‍රජාව අතර ප්‍රචලිත කරමින් සිටින බව මධ්‍යස්ථ මතධාරී මුස්ලිම් ජාතිකයන්ගෙන්ද චෝදනා එල්ලවනවා.

වැසිකිළි දෙකක් හදා දුන් කාන්තාවකට ඉන්දීය අගමැති වැඳ නමස්කාර කරයි..

වැසිකිළි දෙකක් හදා දුන්
කාන්තාවකට ඉන්දීය අගමැති
වැඳ නමස්කාර කරයි..
එළිමහනේ නිදහසේ මළපහ කිරීම
සුව පහසු යැයි ඉන්දියානුවන්
බහුතරය කියයි..
ඉන්දියාවේ චතිස්ගාර් ප‍්‍රාන්තයේ කාන්තාවක විසින් වැසිකිළි දෙකක් සෑදුවේ යැයි ඉන්දීය රජය ඇයට උපහාර දක්වා තිබෙනවා. එම කාත්නාව වැසිකිළි දෙකක් සාදා ඇත්තේ සිය එළු පට්ටිය විකුණා ලබාගත් මුදලින්.ඇයගේ ක‍්‍රියාව අගය කරමින් ඉන්දීය ඇගමැති නරේන්ද‍්‍ර මෝදි ඇයට ප‍්‍රසිද්ධියේ දණ ගසා වැඳ ආචාර කර තිබෙනවා.

ඉහළින් ආ නියෝගයෙන් වැලිකඩ හිරගෙදර ධර්ම දේශනා අතරමග නවතයි..!!!

කතෝලික සහ ඉස්ලාම් පූජකයන්ට
තම ආගමික කටයුතු නිදහසේ
කරගෙන යාමට අවස්ථාව දෙයි..

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලේ  පොහෝ දිනයේ සිදු කෙරුණු ශීල භාවනා වැඩසටහන අතරමග නතර කර තිබෙනවා.

‘සිංහලේ’ ලේ ගැන ඓතිහාසික සාක්ෂිය – මහාචාර්ය රාජ් සෝමදේවයන්ගෙන්....Video –

පෘතුගීසීන් ලන්දේසීන් ඉංග්‍රීසින් මේ රටට ආ පළියට මෙරට ස්වදේශිකයන් පෘතුගීසි, ලන්දේසි හෝ ඉංග්‍රීසීන් නොවුණා පරිදිම විජය ඇතුළු 700ක් වූ ඉන්දියානුවන් පිරිස මෙහි පැමිණීමෙන් අපගේ ලේ හෝ ජාන වෙනස් නොවූ බවත් අප උතුරු ඉන්දියානුවෝ හෝ ආර්යයෝ නොවූ බව මහාචාර්ය රාජ් සෝමදේව පෙන්වා දෙයි. අවුරුදු එක්ලක්ෂ විසිපන්දහසකටත් එපිට ඉතිහාසයක් මෙරට ස්වදේශිකයන්ට ඇති බව ජීව විද්‍යාත්මක සාක්ෂිවලින්ද තහවුරු කරගෙන ඇති බවද මහාචාර්ය රාජ් සෝමදේවයන් හෙළි කරයි.
මෙරට ඉන්නා පුරාවිද්‍යව පිළිබදව ඉහළම ගනයේ විද්වතෙකු ලෙස සැළකෙන මහාචාර්ය රාජ් සෝමදේවයන් මෙරට ස්වදේශිකයන්ගේ සම්භවය පිළබදව දක්වන අදහස පහත පරිදිය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.