මම කුරුමිට්ටන්
වැඩට ගන්නෙ නෑ;
මට ඕනෙ යෝධයො...
සිතිවිලි අතින්
යෝධයො
ගාමිණි සපරමාදු
සභාපති - කෙන්ට් හෝල්ඩින්ග්ස්
ගිනිදැල් මත සියල්ල දැවෙන විට ඇතිවන වේදනාවත් අළු මතින් යළි නැඟිටින විට
දැනෙන පන්නරයත්
ඔහුගේ ජීවිතයට ප්රහර්ෂය ගෙනාවේය. වටිනාකමක් එක් කළේය.
ගාමිණි සපරමාදු නම් ඔහුගේ වෘත්තීය ජීවිතයට පදනම වැටුණේත් ව්යාපාරික ලොව
ස්ථාවර වූයේත් දිනෙක තරුවක් බවට පත් වූයේත් ඒ සියල්ල හේතුවෙනි.
හැකියාවන් ශරීර ගතව, එහෙත් එළියට එන්නට මඟක් නොමැතිව දුක් විඳින මිනිසුන්ට
ඔහු පූර්වාදර්ශයක් ම වන්නේ ය.