ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, February 21, 2016

ඇන්ටන් ජෝන්ස් ද සමුගනී....!!!

ප‍්‍රවීණ ගායන ශිල්පී ඇන්ටන් ජෝන්ස් මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා.මිය යන විට ඒ මහතා 79 වැනි වියේ පසුවුණා.ඔහු වඩාත් ප‍්‍රසිද්ධියට පත්ව සිටියේ බයිලා ගායක ශිල්පියෙක් ලෙසයි.
ඔහුගේ දේහය කවුඩාන දෙහිවල පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේ (  05 වැනි පටුමග, කවුඩාන, දෙහිවල. ) තැන්පත් කිරීමට නියමිත අතර ලබන බදාදා ජාතික කලා භවනේ ද තැන්පත් කිරීමට නියමිතව තිබේ.
1950 දශකයේදී සිංගීත දිවියට පිවිසි ඇන්ටන් ජෝන්ස් මහතා මෙරට සිදුවූ විශේෂ සිද්ධීන් රැසක් අලලා නිර්මාණය කළ ගීත ගායනය කළ අතර ඔහු ගැයූ මිනිගවුම, ආසයි බයයි බෝට්ටුවෙ නමයි, ප්‍රේමවතී මනම්පේරි, පොඩි විජේ, සේපාල ඒකනායක, කන්දෙ හැපුනා මහවනන්තරේ වැනි ගීත අතිශයින් ජනප්‍රිය විය. 
වීඩියෝ

අළුත් පොතක් ...නව යුගයක්....!!! මහින්දගේ පුත් චිචී ට නැව ගිලුනත් බෑං චූන් ලු ...චන්දනගෙන් අලූත් සිංදුවක්....!!!

හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ බාල පුත‍්‍රයා වන රෝහිත චන්දන රාජපක්ෂ විසින් ගීතයක් ගායනා කොට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.  මෙම ගීතය ගායනය, තනු නිර්මානය හා පද රචනය යන සියල්ල රෝහිත රාජපක්ෂගේ වීම විශේෂත්වයක්. මං මුලාවී ලෙස නම් කර ඇති මෙම ගීතයට අදාලව මියුසික් වීඩියෝවක්ද නිර්මානය කර තිබෙනවා. එම ගීතය පහතින් ..

දෙනෙත් අඳ බබා වන්ගාගේ අනාවැකි...!!!

ඇය දැන් මිය ගිහින් නමුත් ඇයගේ පෙර අනාවැකි විශ්මිත ලෙසින් සැබෑ වෙමින් පවතී.ඉදිරි අනාගතයේදී මෙය කියවන ඔබ ගේ ජීවිත පරාසය තුළ

මේවා අත් දැකිය හැකියි .ඵසේම ඔබගේ ජිවිතය හමාරවු පසුව මේ ලෝකයේ අනාගතය කෙබඳු වේවිද....???

බල්ගේරියාවේ උපත ලද බාබා වන්ගා (1911*1996 ) විසින් සිදුකරනු ලැබූ අනාගත අනාවැකි විශාල සංඛ්‍යාවක් ඒ ආකාරයෙන්ම සත්‍ය වී ඇතැයි පැවසෙනවා. ඒ නිසා ඇයට ලොවපුරා ඉමහත් කීරිතියක් සහ ජනප‍‍්‍රියත්වයක්ද හිමිවුණා. ඇතැමෙක් ඇය අධිමානසික හැකියාවක් ඇති සාන්තූවරියක් ලෙසද හැඳින්වුවා.

2020 වර්ෂයෙන් පසු ඉදිරි අවුරුදු කිහිපය තුලදීද සිදුවිය හැකි සිදුවීම් ගණනාවක් පිළිබඳවද ඇය අනාවැකි රැුසක් මෙසේ පවසා තිබෙනවා. 
වීඩියෝ සහිතයි.

වර්ග කිලෝමීටරයකට ඩොලර් 1 ගෙවන ප්‍රංශ ඛණිජ තෙල් ගිවිසුම...!!!

ශ‍්‍රී ලංකා රජය හා ප‍්‍රංශ රජය අතර ඛනිජතෙල් ‍ගවේෂණය පිළිබද ඒකාබද්ධ අධ්‍යයන ගිවිසුමකට පසුගිය 18 දා  එළැඹිණි.ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර ගැඹුරු මුහු‍දේ බිම් කොටස් 2ක ගවේෂණ කටයුතු සඳහා වන ඒකාබද්ධ අධ්‍යයන ගිවිසුමට ප‍්‍රංශයේ විශාලත ම තෙල් සමාගමක් වන ටොටාල් සමාගම සමග මෙලෙස අත්සන් තැබීය.මේ අවස්ථාවට ශ‍්‍රී ලංකාව වෙනුවෙන් විෂයභාර අමාත්‍ය නීතීඥ චන්දිම වීරක්කොඩි, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ හා අමාත්‍යාංශ ලේකම් සුධර්මා කරුණාරත්න  ද ප‍්‍රංශය වෙනුවෙන් ශ‍්‍රී ලංකා ප‍්‍රංශ තානාපතිවරයා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

ඉත්තෑවාගේ ගෙට කැබැලෑවා රිංගන ETCA අව-'මඟුල'

බුදු දහමට අවලාද කරන අලුත්ම උපක්‍රම ගණනාවක් ඇමරිකානු සහ ඉන්දියානු අධිරාජ්‍යවාදීන්ගේ අනුග්‍රහයෙන් දැන් ක්‍රියාත්මක වේ. වායු දූෂණයේ බලපෑමෙන් අපේ දූ දරුවන් රැකගනිමුයි කියා

පෙබරවාරි 19වැනිදා නුවරදී එන්.ජී.ඕ. උද්ඝෝෂණයකි. මහනුවර මහියංගණය ඒ 26 මාර්ගය විවෘත කිරීමට බලකරන බවද එසේ වසා තැබීමෙන් මහනුවර පාසැල් දරුවන් 23,000කට ස්වසන ආබාධ වැළදෙන බවට ඩොලර් මත යැපෙන මහාචාරවරයෙකුගේ පාඨයක් හුවා දක්වමින් මෙය සංවිධානය කරති. මේ උද්ඝෝෂකයෝ සිදුකිරීමට යන්නේ බෞද්ධයින්ගේ මුදුන් මල්කඩවූ දළදා මාලිගයේ ඉදිරිපිට පාර විවෘත කරගෙන සටන් විරාම කාලයේ ඇරියස් එක ගන්නටය. ‍ලෝක උරුමයක්වූ දළදා මාළිගයට දෙමළ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන් පහරදුන් අතර ඉකුත් වසරේ දියවඩන නිළමේට එරෙහිව අවලාද ව්‍යාපාරයක්ද ගෙන යමින් බෞද්ධාගමට පහර ගැසුවේය.ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත ඉන්දු-ලංකා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම හෙවත් ඉට්කා ගිවිසුම ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ හෙට දවස අඳුරු කරන වැඩපිළිවෙලකි. එය සමාජ, ආර්ථික සහ සංස්කෘතික පරාධීනත්වය යළි මෙරටට උරුම කරවන අවමඟුලකි. එහෙත් මව්බිම විකුණා කෑමට සූදානම්වන ඉන්දීය ආර්ථික ආක්‍රමණිකයින් ඇතුළු ඔවුන්ගෙන් යැපෙන 'ආර්ථික ඔස්තාර්ලා'ට නම් මඟුලකි. ඇත්ත ඇති සැටියෙන් කිවහොත් ඉට්කා යනු රටේ ආර්ථිකය ඉන්දියාවට බිලිදීමකි.ශ්‍රී ලංකාවේ ජනගහනය ලක්ෂ 218කි. ඉන්දියාවේ ජනගහනය ලක්ෂ 12,670කි. ශ්‍රී ලංකාවේ විරැකියාව තුන් ලක්ෂ පනස් දහසකි. ඉන්දියාවේ විරැකියාව ලක්ෂ 372කි. ඉට්කා ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවේ රැකියා විරහිත අයට පමණක් නොව රැකියාලාභීන්ටද දෙයියෝ සාක්කිය. එයට හේතුව වන්නේ ඉන්දීය ශ්‍රමය කුණු කොල්ලයට වෙළෙඳපොලේ ඇති බැවිනි. ඒ අනුව ඉට්කා ගිවිසුම සරළව කිවහොත් මහා ශ්‍රම කොල්ලයකි. කුණු එකතු කිරීමේ කම්කරුවාගේ සිට ඉංජිනේරුවා දක්වා ලංකාවේ රැකියා කේෂ්ත්‍රය මුළුමනින්ම ඉන්දීයාව විසින් ආක්‍රමණය කිරීමකි.
දැනුම නිෂ්පාදනය කල හැකි අති බහුතර ඉන්දියානුවන් එක්කෝ නවතින්නේ ඇමරිකාවේ හෝ යුරෝපයේය. ශ්‍රී ලංකාවට එනු ඇත්තේද ඉතිරිව ඇති අඩු සම්භාවිතාවයකින් යුත් ඉන්දීය 'හාල් කෑලිය'. ඉන්දියානු රැකියාද ඒ අනුව ශ්‍රී ලංකිකයින්ට විවෘත වනු ඇත. සිදුවන්නේ ඉත්තෑවාගේ ගෙට කබල්ලෑවා රිංගුවා වගේ වැඩක් පමණි.

ප‍්‍රහසන නළු පේ‍්‍රමදාස විතානගේද සමුගනී....!!!


ජනප්‍රිය  විකට රංගන ශිල්පියෙකු වන පේ‍්‍රමදාස විතානගේ මහතා 18 අභාවප‍්‍රාප්ත වුණා. මියයන විට ඔහුගේ
වයස අවුරුදු 63 කි.
කලක් තිස්සේ පිලිකා රෝගයෙන් පීඩා විඳි ඔහු මියගියේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.