ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, February 20, 2016

මම 14 වතාවක් භික්ෂු චරිතය රඟපෑ සතිස්..!!!

ප්‍රවීණ කලාකරු සතිස්චන්ද්‍ර එදිරිසිංහ
සතිස්චන්ද්‍ර එදිරිසිංහ අපගේ කලා කෙත පෝෂණය කරන ප්‍රවීණ කලාකරුවෙකි. ඔහු රංගන ශිල්පියකු පමණක් නොව, වේදිකා නාට්‍ය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකි. එසේම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. එමෙන් ඔහු ලේඛකයෙකි; දේශකයෙකි. මෙම කලාකරුවා හමුවී කලා ක්ෂේත්‍රය තුළ ඔහුගේ සුවඳ මතකයන් පිළිබඳව විමසීමට කැලණියේ පිහිටි ඔහුගේ නිවසට ගියේ පෙබරවාරි 11 වැනිදාය. එදින ඔහුගේ 75 වැනි උපන් දිනය යෙදී තිබුණු දිනයයි. 
 අප ඔහුට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරමින්ම කලා ක්ෂේත්‍රය තුළ ඔහුගේ සුවඳවත් මතකයන් පිළිබඳව විමසුවෙමු.

දොඩම් විකුණා ලද මුදලින් ගමට පාසලක් හැදූ මිනිසෙක් ...!!! වීඩියෝ

ඉන්දියාව සැබැවින්ම පුදුමාකාර මිනිසුන්ගෙන් පිරි රටක් යැයි කිවහොත් එය මුසාවක් නොවේ. සෑම දිනකම පාහේ එරටින් වෙනත් මිනිසුන් නොකරනා ආකාරයේ ක්‍රියාවක නිරත පුද්ගලයකු හෝ දෙදෙනකු මුණ
නොගැසෙන්නේ නම් එය පුදුමයකි. මෙහි විශේෂත්වය වන්නේ ඒ වැඩි දෙනෙකුම පාහේ දුප්පතුන් වීමය. එයට හේතුව දුප්පතාගේ දුක දැනෙන්නේ දුප්පතාටම වීම නිසා විය හැකිය. මේ පවසන්නට යන අපූරු පුද්ගලයා එරට කර්නාටක ප්‍රාන්ත වැසියෙකි. නිව්පප්දු යනු කර්නාටක ප්‍රාන්තයේ මන්ගලාරු නම් ප්‍රදේශයෙන් කිලෝ මීටර් 25ක් තරම් දුර බැහැර දුෂ්කර ගම්මානයක් වන හරෙකලා ගමට ආසන්න දුහුවිල්ලෙන් පිරි ගම්මානයකි. අද ඒ ගම මුළු ඉන්දියා‍ව පුරාම ප්‍රසිද්ධව ඇත්තේ මේ පුද්ගලයා නිසාය. ඉන්දියානුවන් ඔහු හඳුන්වන්නේ හරෙකලා හජබ්බා 'අක්ෂර සාන්ටා' හෙවත් අක්ෂරයන්හි ශාන්තුවරයා ලෙසය.වීඩියෝ

සිංහලයාගේ ජාතකය සොයන්නට එන අවජාතකයන්ට පිළිතුරක්... !!!

“සිංහල සීයා සිංහයෙක්ද?” — ‘සිංහ ලේ’ සහ මරියතුමියගේ කන්‍යා භාවය

සිංහල ජාතියේ සම්භවය පිළිබඳ දීපවංශයේ සහ මහාවංශයේ දැක්වෙන සිංහබාහු කතා පුවත මුල් කරගෙන සංවාදයක් පැන නැගී ඇත. වංශකතා අනුව සිංහල ජාතියේ ජෛවීය මුලාරම්භය පිය පාර්ශවයෙන් සිංහයෙකු වෙතත් මව් පාර්ශවයෙන් වගුරට වගු රජුගේ දියණිය වෙතත් දිව යයි. සිංහයා සහ සුරූපි වගු රජුගේ දියණිය අතර සංවාසයෙන් බිහිවන්නේ සිංහබාහු සහ සිංහසීවලී නම් නිවුන් දරැ දෙපළකි. ඒ දෙපළගේ එකතුවෙන් බිහිවන වැඩිමහල් දරැවා විජය කුමරැ ය. බුදුරාජාණන් වහන්සේ පිරිණිවන් පෑ දිනයේ ලංකාවට ගොඩ බසින්නේ මේ විජය කුමරැය. එනම් වංශකතා අනුව විජය කුමරැගේ සීයා තිරිසන් සතකු වන සිංහයෙකි.

සිංහල සංස්කෘතියේ් සොප්‍රානෝ තලයේ සංඛට නැති කිෂානිට ඇති වැදගත්කම ...!!!

සංඛ අමර්ජිත්ගේ වැඩ තහනම් කිරීමට දෙරණ ආයතනය තීරණය කර ඇත්තේ කිෂානි ජයසිංහගේ දන්නෝ බුදුන් ගීතය ගැයීම ගැන කරන ලද අදහස් දැක්වීමක් සම්බන්ධයෙනි. එය බලපෑමක් යටතේ සිදුවිණි ද නැද්ද යන්න ගැන මම නො දනිමි. එහෙත් එය රනිල් වික්‍රමසිංහ බදුල්ලේ දී කරන ලද තවත් විශේෂ ප්‍රකාශයකට පසුව සිදු වී ඇත. දෙරණ මාධ්‍යවේදීන්ගෙන් මා තරමක් දන්නේ චතුර අල්විස් පමණ ය. සංඛ ඇතුලු අනෙක් ඇතැමුන් සමග මා වචන කිහිපයක් හුවමාරු කරගෙන ඇති මුත් දැන ඇඳුනුම් කමක් නැත. මේ වචන හුවමාරු ඇතැම් විට බහින් බස් වීම් බවට ද පත් වී ඇත. දෙරණ ආයතනය මට වඩා වැදගත්කමක් ජාතික ව්‍යාපාරයේ අනෙක් අයට ලබා දෙයි. මා සහ දෙරණ අතර විශේෂ සම්බන්ධයක් නැත. දෙරණ ද මා ප්‍රතික්‍ෂෙප කරයි...!

නරියන්ගේ මගුල හෙවත් ඉට්කා.....!!!


ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත ඉන්දු-ලංකා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම හෙවත් ඉට්කා ගිවිසුම ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ හෙට දවස අඳුරු කරන වැඩපිළිවෙලකි. එය සමාජ, ආර්ථික සහ සංස්කෘතික පරාධීනත්වය යළි මෙරටට උරුම කරවන අවමඟුලකි. එහෙත් මව්බිම විකුණා කෑමට සූදානම්වන ඉන්දීය ආර්ථික ආක්‍රමණිකයින් ඇතුළු ඔවුන්ගෙන් යැපෙන ‘ආර්ථික ඔස්තාර්ලා’ට නම් මඟුලකි. ඇත්ත ඇති සැටියෙන් කිවහොත් ඉට්කා යනු රටේ ආර්ථිකය ඉන්දියාවට බිලිදීමකි.ශ්‍රී ලංකාවේ ජනගහනය ලක්ෂ 218කි. ඉන්දියාවේ ජනගහනය ලක්ෂ 12,670කි. ශ්‍රී ලංකාවේ විරැකියාව තුන් ලක්ෂ පනස් දහසකි. ඉන්දියාවේ විරැකියාව ලක්ෂ 372කි. ඉට්කා ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවේ රැකියා විරහිත අයට පමණක් නොව රැකියාලාභීන්ටද දෙයියෝ සාක්කිය. එයට හේතුව වන්නේ ඉන්දීය ශ්‍රමය කුණු කොල්ලයට වෙළෙඳපොලේ ඇති බැවිනි. ඒ අනුව ඉට්කා ගිවිසුම සරළව කිවහොත් මහා ශ්‍රම කොල්ලයකි. කුණු එකතු කිරීමේ කම්කරුවාගේ සිට ඉංජිනේරුවා දක්වා ලංකාවේ රැකියා කේෂ්ත්‍රය මුළුමනින්ම ඉන්දීයාව විසින් ආක්‍රමණය කිරීමකි.

යුද අපරාධ චෝදනාවේ ඇත්ත ....!!!

එසේම අතුරුදන් වූ බව කියන ද්‍රවිඩයන් 146,679 කවුද සහ ඔවුන්ගේ අනන්‍යතාවය හෙලි කිරීමට හිටපු බීබීසී

වාර්තාකාරි ප්‍රාන්සස්‌ හැරිසන් අසමත් වී ඇත. අතුරුදන් වූ හෝ මරා දැමූ බවට පවසා ඇති ද්‍රවිඩයන් 70000 ක පිරිස කවුරුන්දැයි හෙළි කිරීමට චැනල් ෆෝ අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ පවා ක්‍රියා කර නැත. එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්‌මින් සුකා පැවසුවේ ලක්‍ෂ 2 ක ද්‍රවිඩයන් මියගිය බවයි. එහෙත් ඔවුන් කවුරුන්දැයි හෙළි කිරීමට ඇයට ද නොහැකි වී ඇත.
එසේ නම් මියගිය බවට හඬනගන මේ ද්‍රවිඩයන් අවතාර ද? මේ අතර ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලයේ වාර්තාව ක්‍රියාත්මක කළ යුතු යෑයි සඳහන් කරන මානව හිමිකම් කවුන්සිලය යේමනය සම්බන්ධ පිටු 51 ක වාර්තාව ගැන කිසිදු පියවරක්‌ ගෙන නැත. මේ වත්මන් වාර්තාවෙන් බෝම්බ දැමීම් 119 ක්‌ මගින් සිවිල් වැසියන් ඝාතනයවී ඇති බවට දක්‌වා ඇතත් ජෝරදාන් රජය එම වාර්තාව ප්‍රතික්‍ෂේප කරනු ලැබීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.