ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, February 14, 2016

අපි නොදන්න ‘මොණරතැන්න’ කියන්නේ මේවාටය.


ගම්පහ  රතුපස්වල තිදෙනෙක් මිය ගියේ උද්ඝෝෂණයකදී ඇතිවූ වෙඩි තැබීමකදීය. කම්හල වසන්නැයි එදා ‍ලොකු උද්ඝෝෂණයක් ගෙන ගියේය. දැන් රතුපස්වල වතුර හොදය. කිසිදු වස විසක් නැති බවට මධ්‍යම පරිසර අධිකාරිය උසාවියට වග උත්තර බැන්දේය. මේවා හරියට කළුවා මාරපන ගියා වගේ කථාය. කොටුවේ ගාලුමුවදොර මුහුදේ හදන පෝට් සිටියද ගජරාමෙට වැඩය. පරිසර වාර්තාවත් නරක නැත. අපි නොදන්න ‘මොණරතැන්න’ කියන්නේ මේවාටය. කොළඹ මැනින් මාර්කට්ටුව පෑලියගොඩමය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ සිදුවූ කිසිවක් දැන් බලන විට වරදක් නැත. රටට දුක හොම්බ බිම ඇනගෙන ඉව අල්ලමින් සොරුන් සොයන්නට ‍වෙහෙසුන ‘යහපාලනය’ට පේවී සිටින උන්නැහෙලා ගැනය.

දුප්පතුන් රවටා බලයට ආ අපත හැත්තේ සුපිරි සැපය...!!! මැති ඇමතිවරුන්ට ලැබෙන ලක්ෂ අනූවේ වාහනේ..!!!


බර කරත්ත වෙනුවට සැප වාහන
දේශපාලනඥයන්ටම පමණයි
...


මැති ඇමතිවරුන්ට ලැබෙන ලක්ෂ අනූවේ වාහනේ..
පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ට රුපියල් අනූ ලක්ෂයක් පමණ වටිනා වාහනයක් තීරු බදු සහන යටතේ

ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.ඒ අනුව මැති ඇමතිවරුන්ට පෝරමයක් ලබා දෙන අතර එහි වාහනය ලබා ගන්නවා ද නැතිද යන්න සටහන් කළ යුතුයි.අමෙරිකානු ඩොලර් 62500ක වටිනාකමකට ගැලපෙන තමන් කැමති  ඕනෑම වාහනයක් ගෙන්වීමට මේ අනුව ඔවුන්ට හැකි වනවා.මේ සඳහාවූ කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කර තිබුණේ ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයායි.
රජයේ සේවකයන්ගේ මූලික වැටුපට ලබාදෙන දීමනාවලින් රුපියල් 2500 ක්‌ එකතු කිරීමට (වැඩි කිරීමට නොවේ) ක්‍රමවේදයක්‌ සකසා ගැනීමට බැරි, ලෝක තෙල් මිල බින්දුවට බැස තිබියදී අපේ රටේ තෙල් මිලට සූත්‍රයක්‌ හදාගන්නට බැරි, බඩු මිල අහස උසට යද්දිත් එය පාලනය කරන්නට හැකියාවක්‌ නැති තත්ත්වයක්‌ තුළ ආණ්‌ඩුව මේ කරන්නේ කවර නොපනත්කමක්‌දැයි අපි විමසා සිටිමු. ආණ්‌ඩුව කියන්නේ ද බොහෝ අනවශ්‍ය වියදම් "කපා හැර" ඒවා රටේ සංවර්ධන වැඩ කටයුතුවලට යොදවන බවය. සියලු දේ පසෙකින් තිබියේවා. පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන්ට මේ වාසනාව අත්පත් කර දෙන්නට ආණ්‌ඩුව සැරසෙන්නේ රටේ ජනතාවට කුඩා වාහනයක්‌ තබා යතුරුපැදියක්‌ හෝ මිලට ගැනීමට ඇති ඉඩකඩ අහුරා දමමින් නොවේද...? එය කොතරම් සදාචාරාත්මකදැයි අපි විමසා සිටිමු.

සේවක විරෝධය මැද සතොස, කාර්ගීල්ස්ට විකිණීම ඇරඹේ....!!!

සේවක විරෝධය මැද සතොස, කාර්ගීල්ස්ට විකිණීම ඇරඹේ..
රජය විසින් ලංකා සතොස පෞද්ගලීකරණය කිරීමට පියවර ගෙන ඇති අතර ඒ යටතේ පළමු පියවර ලෙස ආයතනය සතු තොග ගබඩා පුද්ගලික අංශයට ලබා දෙයි.මුල් මාස දෙක තුනක කාලයේදී තොග ගබඩා සතොස හා අදාළ පුද්ගලික ආයතනයේ සේවක දෙපාර්ශ්වය විසින්ම මෙහෙයුම් කරනු ඇති අතර පසුව සියලූ කටයුතු පුද්ගලික සමාගමට පැවරෙනු ඇත.

මාධ්‍ය විකාශන අයිතිය භාවිත කරමින් කිසිවකුට අපහාස කිරීමට ඉඩ දෙන්නේ නෑ !!!

- අගමැති විශේෂ ප්‍රකාශයක්‌ කරමින් කියයි

මාධ්‍යයේ විකාශන අයිතිය පාවිච්චි කොට කාන්තාවන්ට, ජාතියකට හෝ කිසිම ආගමකට අපහාස වන අයුරින් කටයුතු කිරීමට ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  විශේෂ ප්‍රකාශයක්‌ කරමින් බදුල්ලේදී  (13) පැවසීය.
මාධ්‍යයේ විකාශන අයිතිය අයුතු අයුරින් පාවිච්චි කරන මාධ්‍ය සම්බන්ධයෙන් විදුලි සංදේශ කොමිසමේ නිලධාරින් කැඳවා සාකච්ඡා කොට අදාළ පියවර ගන්නා බවද වික්‍රමසිංහ  සඳහන් කළේය.

මරු විකල්ලෙන් මාධ්‍යයට සහ මාධ්‍යයවේදීනට පාට් දමන රනිලා....!!!

ප‍්‍රගීත් එක්නැළිගොඩ වීරයකුවී
දෙරණේ සංඛ අරහං වීම..
චතුර අල්විස් ඉවත් නොකරන්නේ
නම් බලපත‍්‍රය නොදෙන බව කියයි..

රනිල් වික‍්‍රමසිංහගේ ඊනියා යහපාලන ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනුව ප‍්‍රති විරුද්ධ මත දරන මාධ්‍යවේදීන් දඩයම් කිරීමට පටන් ගෙන තිබේ. එහි අලූත්ම ගොදුර දෙරණේ සංඛ අමරජිත්ය. දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව දෙරණේ සංඛ අමරජිත් සහ චතුර අල්විස් ඉවත් නොකරන්නේ නම් දෙරණ මාධ්‍යට බලපත‍්‍ර අලූත් කිරීමේ දී යළිත් බලපත‍්‍ර නිකුත් නොකරන බවට දෙරණ ආයතන ප‍්‍රධානීන්ට බලපෑම් කොට තිබේ.

නාමල්ගේ සමාගම් 5කට ප‍්‍රාග්ධනය ලැබුණු හැටි ප‍්‍රශ්නයක්

නාමල් රාජපක්ෂට අයත්, තිඹිරිගස්යාය, ගවර් වීදීයේ පවත්වාගෙන යනු ලබන සමාගම් 5 ක් සඳහා ප්‍රාග්ධන

මුදල් ලැබුනු ආකාරය ගැන ප්‍රශ්ණ කිරීමේදි, ඒම මුදල් සජින් වාස් ගුණවර්ධන, නිමල් පෙරේරා සහ ඉෂාර නානායක්කාර යන ව්‍යාපාරිකයින්ගෙන් ලැබුනු බව සඳහන් කලද, එම ව්‍යාපාරකයින් තිදෙනාම නාමල්ට මුදල් ලබා දුන් බව ප්‍රතික්ෂේප කොට ඇත.එබැවින් නාමල් රාජපක්ෂද මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඉදිරි සතිය තුල අත් අඩංගුවට පත් විය හැකි අතර, තාජූඩින්ගේ ඝාතනය සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ලවී ඇත. හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂ්කයකු වන තිස්ස විමල්සේන සෘජුවම මේම ඝාතනයට සම්බන්ධ බව ඒ වෙනුවෙන් පරීක්ෂණ පැවැත්වූ නිළධාරින් සනාත කර ගෙන ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.