ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, February 10, 2016

වැද්දන්ටත් ජාතික ගීයක්...!!!

ශ්‍රී ලංකා අම්මිලැත්තෝ

මෙයැත්තන්ගේ ශ්‍රී……. ලංකා නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ
සුන්‍දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
අඩුම කුඩුම කාසි නෙක මල් පලුපල පිරි ජය බිම්පොජ්ජ රම්‍යා

මෙයැත්තන් හට සැප සිරි සෙත්සාන්ති මන්දො කරනා ජීවනයේ අම්මිලැත්තෝ
පිළිගනු මැන මෙයැත්තන්ගේ භක්‍තී පූජා
නමෝ නමෝ අම්මිලැත්තෝ
මෙයැත්තන්ගේ ශ්‍රී …… ලංකා නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ

තොපන් වේ මෙයැත්තන්ගේ විජ්ජා....

කොටින් සමග බුදියපු හිරුනිකා ප්‍රේමචන්ද්‍රගේ නැන්දනියගේ තානාපති පත්වීම ස්ථිර වේ.....!!!

‘හිරුනිකා පවුලේ තවත් බැල්ලියක් ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයකට-කොටිත් එක්කත් බුදියලා’) සත්‍ය කරමින් භාරත ප්‍රේමචන්ද්‍රගේ අක්කා වන  ස්වර්ණා ගුණරත්න වෙත ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් තනතුර ස්ථිර කිරීමේ ලිපිය නිකුත් කර තිබේ.
ඇයට පාලනය කර ගත නොහැකි දැනට ලොස් ඇන්ජලිස් නගරයේ පුතා දියණිය සහ හිරුනිකා සහෝදරයා බලාගැනීමේ එකම අරමුණින් මෙම තනතුර ලබා ගැනීමට ජනාධිපති පස්සේ ගිය ප්‍රේමචන්ද්‍ර පවුලහි අරමුණ දැන් ඉටුවී තිබේ.

සුහද ගම්ලත් කැපේ.. නව නීතිපති ජයන්ත ජයසුරිය..!!!

නව නීතිපතිවරයා අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතීඥ ජයන්ත ජයසූරිය  නම් කිරීමට ලෙස ව්‍යවස්ථා දායක සභාව විසින් නිර්දේශ කර තිබේ.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන  විසින් යෝජනා කල නම් තුනක් සලකා බලමින් මෙසේ නිර්දේශ කර ඇත.

ඥාණසාර හිමිට අදත් ඇප නෑ.. තව සතියක් රිමාන්ඞ්..

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ මෙම මස 16 වන දින දක්වා යළිත් රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සන්ධ්‍යා ඵක්නැලිගොඩ අපමහාර කලැයි චෝදනා මත උන් වහන්සේ මෙසේ රිමානඞ් කලේ හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය විසිනි.

සෝලා පැනල් ප්‍රෝඩාවේ ගණිතමය තිත්ත ඇත්ත ....!!!

කඩදාසි කොලයක් අතට ගන්න. එය මැදින් දෙකට නමන්න. ලැබෙන කඩදාසිය නැවතත් දෙකට නමන්න.

එය නැවතත් දෙකට නමන්න. මේ ආකාරයට කඩදාසි කොලය පිට පිට පනස්හය වතාවක් දෙකට නැමීමට ඔබට හැකිද? විශාල කඩදාසියක් තෝරාගතහොත් මෙය එතරම් අසීරු නැතැයි ඔබට සිතෙනු ඇත. එහෙත් එය අතිශයින්ම සාවද්‍ය සිතිවිල්ලකි. ඒසා  විශාල කඩදාසියක් ඔබට කිසිදා සොයාගත නොහැකිවා පමණක් නොවේ. එවැනි කඩදාසියක් ගෙන එය පනස් හය වතාවක් දෙකට නැමුවහොත් එයින් ලැබෙන කඩදාසි අට්ටියේ ඝනකම පොළවේ සිට හදට ඇති දුරට සමාන වනු ඇත. ඔබට කිසිසේත්ම විශ්වාස කිරීමට අසීරු මේ අගය ඝනනය කරන ලද්දේ සෝවියට් ගණිතඥ වයි.පෙරල්මාන් විසිනි. අධි වේගයෙන් ඔබ ලක්ෂපතියකු කරන බව කියන කූට ජාවාරමක ප්‍රෝඩාව ගණිතමය වශයෙන් වටහාගැනීම සදහා ඔබ මේ උදාහරණය සිත්හි තබාගෙන මේ ලිපිය කියවනු මනාය.

ජනතාව ගොනාට අන්දා මුදල් ගසාකන Blue Mountain Properties....!!!

Blue Mountain ණය මිලියන් 8500 පනී – ආණ්ඩුවට බනිමින් හොරු රට පනී

මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් පැවසූ දේ

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ පවතින ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර විනිසුරුවරුන්‘ සහිත අධකරණයක් (හයිබ්‍රිඩ්) නිර්දේශ කළ බවත්,ඒපිළිබඳ තීරණයක් ගැනීම සෛවරී රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකා
රජය සතු කාර්යයක් බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් අල් හුසේන්  පැවසීය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ගැටලුවලට විසඳුම් අවශ්‍ය බවද සෙයිද් සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකරන්නේ මානව හිමිකම් පිළිබඳ පරීක්ෂණයක් මිස අපරාධ පිළිබඳ පරීක්ෂණයක් නොවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් අල් හුසේන්  පැවසීය. එසේම එම කරුණ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය කාර්යාලය විසින් නිකුත් කරන ලද වාර්තාවේ පැහැදිලිව තිබෙන බවද ඔහු කීය.
සිවුදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මහකොමසාරිස්වරයා සිය සංචාරය පිළිබඳව මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කිරීම වෙනුවෙන්  (09දා) කොළඹ පිහිටි එක්සත් ජාතින්ගේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී මෙම අදහස් දැක්වීය.

නියෝජ්‍ය ඇමතිනි විජයකලා සිංහ කොඩිය එසවීම ප‍්‍රතික්‍ෂෙප කරයි…!!!

තෙන්මරාච්චි වීරසිංහම් මහා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත වශයෙන් සහභාගි වූ එක්සත් ජාතික පක්‍ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනිය වන ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, ශ්‍රී ලංකාවේ ජාතික ධජය වන සිංහ කොඩිය එසවීම ප්‍රතික්‍ෂේප කර ඇත.
ශ්‍රී ලංකාවේ කුමන් වැඩසටහනකදී වුවද, ප්‍රධාන ආරාධිත විසින් ජාතික ධජය වන සිංහ කොඩිය එසවීම සම්ප්‍රදායයි. 02-07 දින පැවැති මෙම ත්‍යාග ප්‍රධානෝත්සවයේදී ජාතික ධජය ඔසවන ලෙස විදුහල්පතිවරයා විසින් විජකලාට ආරාධනා කර ඇත.
එය ප්‍රතික්‍ෂේප කළ විජයකලා, මෙතෙක් කිසිඳු වැඩසටහනකදී තමා සිංහ කොඩිය ඔසවා නැති බවත්, මෙම වැඩසටහනේදීද ඔසවන්නේ නොමැති බවත් ප්‍රකාශ කර ඇත. පසුව වෙනත් අයෙකු ජාතික ධජය ඔසවා ඇත.

ජර්මනියේ දමිළ වාර්ෂික රැස්වීම !

 ජර්මනියේ දෙමළ තරුණ සංවිධානයේ වාර්ෂික රැස්වීම ඩොර්ට්මුන්ඩ් නගරයේදී 2016.02.07 දින පවත්වා ඇත. මෙම රැස්වීමට ජර්මනියේ විවිධ ප්‍රදේශ වල සිට සාමාජිකයින් සහභාගි වී ඇත. එදින මලවුන් සිහිකර රැස්විමේ කටයුතු ආරම්භ කර ඇත. සාමාජිකයින් හඳුන්වාදීමෙන් අනතුරුව පසුගිය වසරේ ක්‍රියාත්මක කළ කටයුතු වල අඩුපාඩු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

හම්බන්තොට සුපිරි වරායක්.. – විශාලම නැවේ නප්පිතා කියයි.. පින්තූර මෙන්න..

මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා හම්බන්තොට වරාය මහඟු තෝතැන්නක් බව, හම්බන්තොට වරායට මෙතෙක් පැමිණි විශාලතම නෞකාව වූ රොටඩෑම් නෞකාවේ කපිතාන් මාර්කෝ

කාර්ස්ජෙන්ස්  පවසයි. හම්බන්තොට වරාය හරිත වරායක් ලෙස සංචාරකයින්ගේ සිත් දිනාගෙන ඇති බවද ඔහු අවධාරණය කළේය.
“රොටඩෑම් වගේ විශාලත්වයෙන් යුත් අධි සුඛෝපභෝගී නෞකා සඳහා හම්බන්තොට වරායෙහි දැන් පහසුකම් තියෙනවා. මෙය අපිට ඉතා හොඳ අත්දැකීමක්. ඒවගේම මේ වරාය මගී ප්‍රවාහන සංචාරක නෞකා සඳහා හොඳ තෝතැන්නක්. ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශය පිළිබඳ මනා අත්දැකීමක් ලබාගැනීමට කැමති ඕනෑම පුද්ගලයෙකුට හම්බන්තොට වරායට පැමිණෙන්න පුළුවන්. මේ වරායේ සිට යාල ජාතික වනෝද්‍යානයට ළඟා වෙන්න යන්නේ මිනිත්තු 40යි. බූන්දල කතරගම සමීපයෙන් තියෙන්නේ. ඒ නිසා කොළඹ සහ ඒ අවට ප්‍රදේශය නැරඹීමෙන් ඔබ්බට ගොස් නව අත්දැකීම් සොයන ඕනෑම පුද්ගලයෙකුට හම්බන්තොටට පිවිසීම විශාල අත්දැකීමක් වෙනවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.