ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, February 3, 2016

නිදහස සහ ලබන වෙනස....!!! සැබෑ නිදහස සැමරීමේදී සිහිපත් කළ යුතු ගෞරවනීය මළවුන්

"සත්‍යය කිසිදිනක වසන් කළ නොහැකිය. සත්‍යය වසන් කළත් යම් දිනෙක එය එළි දැක්‌වෙනු

නියතය."- ප්‍රංශ ගත්කරු වික්‌ටර් හියුගෝ
ශ්‍රී ලංකාවට නිදහස ලැබී අදට වසර 68 කි. යටත්විජිතවාදයෙන් ශ්‍රී ලංකාව මිදී නිදහස සමරන මේ අවස්‌ථාවේ අමතක කළ නොහැකි පාර්ශවයක්‌ද වේ. ඒ රුදුරු ත්‍රස්‌තවාදයෙන් ශ්‍රී ලංකාව මුදාගත් ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවයි. 2009 වසර දක්‌වා මෙරට නිදහස්‌ උළෙල සමරනු ලැබුවේ දැඩි ආරක්‍ෂක විධිවිධාන මැද බව අමතක නොකළ යුතුයි. වසර 30 ක්‌ තිස්‌සේ මෙරට නිදහසට මෙන්ම ජනතාවගේ නිදහසටද බිහිසුණු ත්‍රස්‌තවාදයෙන් තර්ජන එල්ල විය. එහෙත් 68 වැනි නිදහස්‌ දිනය සමරන අවස්‌ථාවේ එදා තිබූ ඒ භීෂණ යුගය බොහෝ පාර්ශවවලට අමතක වී ඇත.

විලියම් සිංඤෝ එක්ක මමත් කෝච්චියේ ගියා...!!!

‘මුල්ම පත්වීම ලැබුණේ කොහාටද?’
‘1950 පෙබරවාරි 02 මම වැඩ භාර ගත් දවස. නානුඔය රනින්ෂෙඞ් එකේ අඟුරු එන්ජිම සුද්ද කරන්න. පඩිය මාසයට ශත 58යි. බටා එක ශත 50යි. නවතින්න රේල්ලූවේ තනිකඩ ලයින් කාමර තිබුණා.’
මොකද්ද අඟුරු එන්ජිම සුද්ද කරනවා කියන්නෙ.
‘මේකේ වැඩ කියන්න ගියොත් ඉවරයක් නැහැ. අද වගේ නෙමෙයි එදා ඒ තරම් වැඩ. ඉස්සරවෙලා කියන්නම්කෝ රනින් ෂෙඞ් ගැන. ඒ කියන්නේ ලංකාවේ ලොකුම ධාවනාගාර. ලොකුම එක රත්මලානේ. අනෙක නාවලපිටිය. ඊට අමතරව දෙමටගොඩ, නානුඔය, බණ්ඩාරවෙල තිබුණා. අනිකුත් පළාත් ගත්තාම අනුරාධපුර, ගාල්ල, මාතර, මඩකළපුව, කන්කසන්තුරේ වගේ ප‍්‍රධාන තැන්වලත් තිබුණා.මාරුවෙන් මාරුවට අඟුරු බොයිලේරුවට ගහන්න ඕනෑ. එන්ජිම නිමෙන්න දෙන්න බැහැ. උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් 150 තියාගන්න ඕනෑමයි. නානුඔය, ඉදල්ගස්හින්න, අඹේවෙල, පට්ටිපොළ හරියෙන් රාත‍්‍රියට දුම්රිය යනවිට අධික සීතලයි. දෙපැත්ත ආවරණය නැති නිසා දැඩි සීතල ඇඟට වදිනවා. මීදුමට පාර පෙනෙන්නේ නැතිව යනවා. එවිට උපනියාමක මහත්තයා දුම්රියෙන් බැහැලා එන්ජිමට ඉදිරියෙන් ලයිට් එක අල්ලාගෙන ඊළඟ දුම්රිය ස්ථානය දක්වා යන්න ඕනෑ.

කතුන් තිදෙනෙක් එක් ව තැනූ ගඟ අද්දර

සුමිත්‍රා පීරිස්ගේ සිනමා භාවිතය හා සාහිත්‍ය අතර ඇත්තේ අවියෝජනීය - ගැඹුරු සබඳතාවකි. ඇය නිර්මාණය කරන ලද සිනමාපට කිහිපයකට ම පාදක කොට ගෙන තිබුණේ නවකතා හෝ කෙටිකතා ය. මේවායේ ආ විශිෂ්ට ලක්ෂණ ද, කැපී පෙනෙන අංග ද ප්‍රකාශයට පත් වූයේ ඒකාකාර අන්දමින් නොවේ.
ස්වකීය දෙවන සිනමා නිර්මාණය සඳහා ලෙටීෂියා බොතේජු ලියූ ‘ගඟ අද්දර’ නවකතාව තෝරා ගැනීමට සුමිත්‍රා ගත් තීරණය ම සංවාදාත්මක ය. ‘ගඟ අද්දර’ විශිෂ්ට නවකතාවක් සේ නොසැලකෙන බව සත්‍යයකි. එසේම එය ලාංකික සාහිත්‍ය වංශය තුළ එන ප්‍රකට නවකතාවක් සේ හඳුනා ගැනීමට ද නුපුළුවන.
 ලෙටීෂියා බොතේජු නවකතාකාරියක සේ ලාංකික නිර්මාණ සාහිත්‍ය විෂයයෙහි සිදු කළ මැදිහත්වීම සම්බන්ධයෙන් සෑහීමකට පත් වීමේ ඉඩක් නැත. ඇත්තෙන් ම ඇගේ නවකතා අරභයා අලුතින් ම සාකච්ඡාවක් ඇති වන්නේ සුමිත්‍රා පීරිස් නිර්මාණය කළ ‘ගඟ අද්දර’ සිනමාපටය නිසාවෙන්ම යි.

සාටක සුණඛ බැසිල්ගෙන් හොර පෙරකදෝරු නාමල්ගෙන් ප්‍රශ්න කිරීමට ජනාධිපති කොමිසම සූදානමින්...!!!

පසුගිය රජයේ වඩාත්ම දූෂිත සාටක සුණඛ බැසිලා මෙන්ම නිල් බළකාය නමින් තරුණ තරුණියන් ඇන්දවූ


හොර පෙරකදෝරු නාමල් ( ඔළු බක්කා ),නාමල් සහ බැසිල් යටිමඩි ගසා ඇති මුදල් කන්දරාවෙන් පුරා සිය වසරක් ලංකාවේ සියළුම අඩු ආදායම් ලාභී අසරණයන් හට තුන්වේලම කෑමබීම දී ඇඳුම් ද සැපයීමට හැකිව තිබිණැයි ගණන් බලා ඇත.මේ නරුමයන් එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේම වඩාත් රට සූරා කෑ කපටියන් බවට වාර්තා තබා ඇත.
ඒ කෙසේ උවද යළි උන් නිදහස් වනවා ඇත.සිර කළ වහාම සාටක සුණඛ බැසිලා කළේද හොර ලෙඩ ගෙන රෝහල් ගත වීමය..

අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා රුපියල් ලක්‍ෂ 1500 ක රජයේ මුදල් වැය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආර්ථක සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගෙන් බරපතළ මූල්‍ය අපරාධ විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසම ඉදිරි සති දෙක ඇතුළතදී ප්‍රශ්න කිරීමට නියමිතය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.