ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, January 23, 2016

දෙදිනකදී සමුගත් සිවුදෙනෙක් ...!!!

සෙනසුරාදා හැන්දෑව ගෙවෙමින් පැවතිණ. ඊට පෙරදා තෛපොංගල් දිනය බැවින් එය දිගු සති අන්තයක් විය.

සිකුරාදාව ආරම්භවීමත් සමඟ අපට ලැබුණේ කණගාටුදාක ආරංචි දෙකකි. ඒ චන්ද්‍රසිරි කොඩිතුවක්කු හෙවත් අබිලිං සහ ගීත රචක ශාන්ත දේශබන්ධු හදිසියේම අභාවප්‍රාප්ත වූ බවය. ඒ වන විටත් සටන් අධ්‍යක්ෂ සරත් සිල්වා සහ චිත්‍රපට නිෂ්පාදක වෛද්‍ය එන්. එස්. නිරංජන් අප අතරින් සදහටම සමුගෙන ඇති බව දැන අප කම්පා වෙමින් සිටියෙමු. සිකුරාදා ලද පුවත හේතුවෙන් අපි තවත් ශෝකයට පත් වුණෙමු. ඒ අනුව බලන කළ ඉකුත් සති අන්තය අප කලා කෂේත්‍රයට අභාග්‍ය සම්පන්න එකක් විය. සරත් සිල්වා යනු අපට සිටි පැරැණිතම සටන් අධ්‍යක්ෂවරයෙකි. ඔහුගේ කලා ජීවිතයට දශක හතරක් ඉක්මවා ගොසිනි. වයස කිව්වහොත් ඔහු මිය යද්දී හැට පැනලාය. එනමුදු සිනමාවේ යම් උත්සයක් වේද ඔහු ඊට පැමිණියේ දහ අටක තරුණයකු පරිද්දෙන් ජවසම්පන්නවය.

කන්න තිබෙන හාල් බොන්න තියෙන බියර් වලට විකිණූ යහපාලනයේ පොන්න ඇමති ....!!!

 හාල් ගිනි ගණන්... කමක්‌ නැහැ බියර් බීපල්ලා

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල පසුගිය කාලයේ රටේ උණුසුම් පුවත් රැසක්‌ මැවූ ස්‌ථානයක්‌ විය. දේශපාලන හේතු මත හෝ රටේ අවාසනාවට හෝ ලොව වී ගබඩා කළ මුල්ම ජාත්‍යන්තර ගුවන් තොටුපල ලෙස ඉතිහාස ගත වූ මත්තල දිගින් දිගටම උණුසුම් පුවත් මවමින් සිටී. දැන් අලුත්ම සිදුවීම එදා ප්‍රදේශයේ ජනතා විරෝධය මත මත්තල ගුවන් තොටුපලේ තැන්පත් කළ වී තොග රජය විසින් මිලදී ගත්තාටත් වඩා අඩුමිලට මද්‍යසාර සමාගමකට විකුණා දැමීම නිසාය.

පරාජිත හැත්ත නැවතත් ලැයිස්තුවෙන් ගන්න වෑයමක්...!!!

පරාජිත ෆොන්සේකාටත්
ජාතික ලයිස්තු පින පෑදෙයි..
MKDS වෙනුවට යෝජනා වෙයි..
රෝසි පත් කරන ලෙසද ඉල්ලීම්..ඉඩම් අමාත්‍ය එම්. කේ. ඒ. ඞී. එස්‌. ගුණවර්ධනගේ අභාවයෙන් පුරප්පාඩු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ නායක, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පත් කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

සිල් බිඳ ගත්තේ නදීශා විතර ද....? ඉරාජ් නම්වූ වඳුරු පෝතකයා සහ අපේ සංගීතය


සුනිල් එදිරිසිංහ  ‘‘නරක වැඩ කරන්න එපා මල්ලියේ‘‘ කියද්දීත් ‘‘ගිය අවුරුද්දේ ගේමක් දීලා වැලිකඩ ඉදලා එළියට ආව‘‘ සුනඛ පුත‍්‍ර ඉරාජ් නමැති ගායකයෙක් නැවත සමාජ ජාලා තුළ හතර විලිලජ්ජාවක් නැතුව බුරන්නට පටන්ගෙන තිබේ.ඔහුගේ සිංදු යැයි කියන වචන පෙළ ඇසූ විට ඔහුට සුනඛ පුත‍්‍ර යැයි කීම ප‍්‍රමාණවත් නැතැයි මට සිතේ. කොළඔත් සීමිත ප‍්‍රදේශවලට සීමා වූ බොලිවුඞ් හෝ හොලිවුඞ් සංස්කෘතිය ලංකාවේ සමස්ත සංස්කෘතිය ලෙස සිතන මොහු ඇතැම් විටෙක ලිං ගෙම්බෙකි.
ඒ කෙසේ වෙතත් ස්ත‍්‍රී පුරුෂ යුගලයකයේ ආනන්දයේ ප‍්‍රතිඵලයක් නිසා මෙලොවට බිහි වූ මොහු අපට එකී ආනන්දය සමාජ සංස්කෘතීන් බිද දමා වින්දනය කරන ආකාරය අපට උගන්වන්නට පටන්ගෙන තිබේ.

තවමත් රට කොටවන ඵකැස් මෘග අවතාරය නිසා රට අනතුරේ...!!!


‘‘ජාතිය හා ආගම ජාතික
සංහිඳියාවට බාධාවක්.‘‘
බෞද්ධ පාසල්වලට දමිළ, මුස්ලිම්
සිසුනුත් ඇතුළත් කළයුතුයි
- චන්ද‍්‍රිකා ( ඵකැස් මෘග අවතාරය )
ජාතිය හා ආගම අනුව දරුවන්ගේ පාසල තීරණය කිරීම ජාතික සංහිදියාවට බාධාවක් බව හිටපු ජනාධිපතිනී චන්ද‍්‍රිකා  පවසයි.

මෛත්‍රී තනපටය අස්සේ හැංගුවේ මොනවාද...?

මෛත්‍රීපාල සිරිසේන  අමුතු නැටුමකට සැරසෙනු පෙනේ. දැන් වසරකට වඩා වැඩි කාලයක් තිස්සේ විජාතික තුරුලේ සනීපයට නිදියගත් සිරිසේනට හිටි අඩියේ අපේකම - සදාචාරය - සම්ප්‍රදාය මතක් වී තිබේ. විජාතිකත්වය දෝතින් ගත්තවුන්ට මඩු වලිගෙන් තැලිය යුතු බවටත් තව දුරටත් කිසිවෙකුටත් "තනපට අහසට විසි කිරීමට" ඉඩ නොදෙන බවටත් සිරිසේන  මවාගත් ස්වරයෙන් පවසද්දී අපට නම්

සිහියට ආවේ මීට වසකරකට පෙර 'බකිංහැම් මාලිගයෙන් අශ්වයන් , ලැම්බෝගිනි , 1000% කොමිස් ආදී පුස් කෑ විහිළු කළ සිරිසේන ය.

බැලූ බැල්මට මෛත්‍රීපාල සිරිසේන  ඔහුට ජනාධිපතිවරණයේදී සහය පළකළ මතවාදී පෙරමුණ සමග ගැටුමකට ගොස් තිබේ. කතිකාචාර්‍ය මහින්ද පතිරණ මහතාගේ 'තනපට විසිකිරීම මෛත්‍රී කඳවුරේ තාර්කික අවසානයයි'  ලිපියේ මේ කාමවාදය ඔසවා තබන පෙරමුණ ගැන පැහැදිලි කිරීමක් අඩංගුය. සිරිසේන ට ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා තීරණාත්මක සහාය ලබාදුන්නේ මේ සමාජ කණ්ඩායම බව සිරිසේන  නොදැන සිටින්නට හේතුවක් නැත. සිරිසේනට යෂ්ඨිය  ලැබුනේම සිංහල ජාතිකත්වය තීරණාත්මකව පරාජය කිරීමේ මෙහෙයුමේ ඊලඟ රවුම දුවන්නටයි.

අහිමිකල සිංහලේ සොයා….යන සටන ඇරඹේ….!!!

සිංහලේ උරුමය මංකොල්ල කෑමට හඹා එන බල මුලු රාශියකි. දෙමල බෙදුම්වාදී ත්‍රස්තවාදය ඉන් එකකි.

එල්.ටී.ටී.ඊ යේ අවසානය යනු බෙදුම්වාදයේ අවසානය නොවේ.සිදුව ඇත්තේ ඔවුන්ගේ තුවක්කු බට නිහඩ වීම පමනි. බෙදුම්වාදී සටන පෙරට වඩා වැඩි ජවයකින් ක්‍රියාත්මකය. ලංකාවට එරෙහිව ලෝකය අවුලුවන්නේ මොවුන්ය. එ.ජා මානව හිමිකම් සැසිවාරයේ සම්මත කල යෝජනා, යුධ අපරාධ පරීක්ෂණ,විධායකය අහෝසි කිරීම, නව ආන්ඩුක්‍රම ව්‍යවස්ථා, ෆෙඩරල් පාලන ක්‍රම පසුපස සිටින්නේ තුවක්කු බට නිහඩ කල දෙමල ත්‍රස්තවාදයයි.අහිමි වූ සිංහලේ උරුමය සොයා යාමට සියලු දේශප්‍රේමින්ට කරන ඇරයුමයි.
අධිෂ්ඨානයේ ප්‍රතිඥාව ,2016 ජනවාරි මස 23 සවස 3.00ට ඓතිහාසික සෙංකඩකල මහ මළුවේදී

අධිකරණ ඇමතිට ශාසනය භාර දීමේ විද්‍යාත්මක හේතුව

නව රජය විසින් කැබිනට් මණ්ඩලය පත් කළේ ඔවුන් පවසන පරිදි විද්‍යාත්මක ක්‍රමයකටය. විජයදාස

රාජපක්ෂ ට අධිකරණ අමාත්‍ය ධූරයට අමතරව බුද්ධ ශාසන අමාත්‍ය ධූරයත් ලබා දුන් විට මා තුළ පසුබෑමක් හට ගත්තේය. ඒ රජය විසින් බුද්ධ ශාසන අමාත්‍යංශය ඉතාම විද්‍යානුකූල ලෙස ලබා දුන් බැවිනි. එකල එම විද්‍යාත්මක හේතුව මා හට දැනුනේ, එය එසේමදැයි යන කුකුසක්ද සමඟ බව කිව යුතුය. විජයදාසට අධිකරණ ඇමති ධූරය සමඟ බුද්ධ ශාසන අමාත්‍ය ධූරය ලබා දීම අතිශය විද්‍යානුකූල බව දැන් මට වඩාත් පසක් වී ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.