හත්වැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සැසිවාරය අය – වැය කාරක සභා අවස්ථාවේ
ඡන්ද විමසීම යෙදෙන ලබන සෙනසුරාදා (10දා)ට පසුව අවසන් කර 2017 ජනවාරි මාසයේ
උත්සවාකාරයෙන් නව සැසිවාරය ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව රජයට සම්බන්ධ ආරංචි
මාර්ග සඳහන් කරයි.
මේ දිනවල පැවැත්වෙන අය – වැය විවාදය සෙනසුරාදා පස්වරුවේ අවසන් වීමෙන්
පසුව එදින මධ්‍යම රාත්‍රියේ හෝ ඊට ආසන්න දිනයක හෝ අවසන් කෙරෙනු ඇති බවට එම
ආරංචි මාර්ග පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ බලය හිමි වී ඇත්තේ ජනාධිපතිවරයාටය.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පදවි ප්රාප්තියේ දෙවැනි සංවත්සරය
2017 ජනවාරි 9 වැනිදාට යෙදී ඇත. එම පදවි ප්‍රාප්තියට සමගාමීව සිදු කිරීමට
නියමිත උත්සව අතර අති විශේෂ උත්සවය ලෙස පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීම
යොදාගත හැකි බව ආණ්ඩුවේ අවධානයට යොමු වී තිබේ. ඒ අනුව මෛත්‍රිපාල සිරිසේන
ජනාධිපතිවරයා පාර්ලිමේන්තු නව සැසිවාරය ආරම්භ කොට රජයේ ඉදිරි සැලසුම්
පිළිබඳ ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කිරීමට යෝජිතය.
පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වෙමින් පවතින රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව,
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්), වරප්‍රසාද පිළිබඳ කාරක සභාව, මහජන
පෙත්සම් පිළිබඳ කාරක සභාව, උසස් නිලතල පිළිබඳ කාරක සභාව තේරීම් කාරක සභාව,
ගෘහස්ථ කාරක සභාව, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව සහ පාර්ලිමේන්තු කටයුතු
පිළිබඳ කාරක සභාව ආදී කාරක සභා සියල්ල පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන්
කරනවාත් සමඟ අහෝසි වනු ඇත.
දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා
– Mawbima
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, December 5, 2016
COPE ඇතුළු කාරක සභා සියල්ල අහෝසියි…
Posted by
lankanews
at
December 05, 2016
Labels: cope, cope comety, meithreepala sirisena, unp corruptions, yahapalanaya
COPE ඇතුළු කාරක සභා සියල්ල අහෝසියි…
2016-12-05T17:46:00+01:00
lankanews
cope|cope comety|meithreepala sirisena|unp corruptions|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
