ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, December 17, 2016

බොදුබල සේනාවට මඩකලපුව පන්සල තහනම්!

මඩකලපුව උණුසුම් කළ කලබළය
බෝධි පූජාවකටවත් පන්සලට යන්න බෑ
ජාතික උරුම රකින්නට වෙරදරන මඩකලපු සිංහලයන්ට අසාධාරණයක්‌...!!!


අපිට ලංකාවේ හිතෙන තැනකට යන්නට පුළුවන්ය. එය මානව අයිතිවාසිකමක්‌ද වන්නේය. නමුත් ඒ නීතිය මඩකලපුවට වලංගු නොවන්නේය. මංගලාරාමයට යන්නේ නම් පොලිසිය කල් තියා දැනගතහොත් සිදුවන්නේ මග නතරවීමටය. ඒ නිසා ඔබ මඩකලපුව මංගලාරාමයට යන්නේ නම් යා යුත්තේ හොර රහසෙනි.   ෆේස්බුකියේ දමා ප්‍රචාරයක්‌දී පිරිවරක්‌ සෙනඟින් යන්නේ නම් මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ සිටිනා පොලිස්‌ අප්පුවෝ නොයෙක්‌ ආකාරයෙන් කරුණු අධිකරණයට වාර්තාකර අධිකරණ නියෝග ලබා ගන්නේය.
නමුත් ඒ අතරවාරයේ මඩකලපුවේ හොඳ හොඳ සෙල්ලම් වන්නේය. දාගැබ් මැදින් කටුකම්බි වැටවල් ගැසෙන්නේය. මහා ඩෝසර් තලයේ බලයට යටව වසර දහස්‌ ගණනක ඉපැරණි රජමහා විහාරස්‌ථානවල ගල්කණු ඉදිරී බිම වැටෙන්නේය. සැඟවුණ අතීතය විනාශ වෙද්දී සඳකඩ පහන් ඇතුඵ ජාතික උරුමයන් බිම වැතිරී අවසන් ගමන් යද්දී නඟන විලාපය කාටවත් ඇසෙන්නේ නැත. දැනෙන්නේද නැත.

එවන් උරුමයන්ද මායිම් දමා වෙන්කර ඔප්පු තිරප්පු ලබා දීමට ග්‍රාම සේවකයගේ සිට ඉහළ නිලධාරීහු මහත් දස්‌කම් දක්‌වන්නෝය. කොහොමෙන් කොහොම හරි රුපියල් ලක්‌ෂ ගණනින් හෝ අල්ලසක්‌ දී ව්‍යාජ ඔප්පුවක්‌ හදා ගත්තොත් වැඩේ ගොඩේ ගොඩය. ඒ ගැන පරීක්‌ෂා කිරීමට මෙලෝ යකෙක්‌ මඩකලපුවේ කටයුතු නොකරන බව සක්‌සුදක්‌සේ පැහැදිලි නිසාය.

දාගබ් දෙපලු කළාටද කම් නැත. පුරා වස්‌තු කුඩු කළාටද කම් නැත. ඔවුන් අල්ලා කුදලා දමන්නට කොන්ද පණ ඇති එකෙක්‌ මඩකලපුවේ නැත්තේය. එනිසා නීතිය රකින උන්ගේ නපුංසක වැඩ නිසා ජාතික උරුමයන් දිනෙන් දින වැනසෙන්නේය. මඩකලපුවේ දැනට ඉතිරිව සිටිනා අතළොස්‌සක්‌වූ සිංහල ජනයාද නන්නත්තාර වන්නේය. ටී. එන්.ඒ. එක ඉදිරියේ නිති පොත් දෙපෙරන්දේ ගසා සිටින ඇත්තෝ සිංහයන් වන්නේ අසාධාරණයට ලක්‌ව සිංහලයන් කෑමොර දෙන විටය. උද්ඝෝෂණයක්‌ කරනා විටය. බලධාරීන් නීතියට වැඩ නොකරන කල්හි අසාධාරණයට විරුද්ධව මඩකලපුවේ හඩ නඟන මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් ඇතුඵ පිරිවර උසාවියට නිතර දෙවේලේ කැඳවාගෙන යන්නේ එවිටය. පොලිසිය ටී.එන්.ඒ. නඩ ඉදිරියේ නිවට වූවාට අහිංසක කෙවිලියාමඩුව සිංහලයෙකුට දෙතුන් දහසක්‌ ඉදිරියේ මඩකලපුව නගරයේදී නිරුවත් කර පහර දුන් අයුරු අපට මතකය.

පසුගියදා මඩකලපුවේ නගරය පමණක්‌ නොව වැලිඔයද උණුසුම් වන්නේය. පැත්තක සිටි ද්‍රවිඩ සංධානයේ නඩද කුලප්පු වන්නෝය. ඒ අනුව මඩකලපුව පුංචි යුද්ධයක සිරිගත්තෝය.

බොදු බලසේනාවේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුඵ දේශප්‍රේමී භික්‌ෂූන් වහන්සේලා පිරිසක්‌ සමඟින් විශාල ගිහි පිරිසක්‌ මඩකලපුව මංගලාරාමයට එන්නේ ආශීර්වාද බෝධි පූජාවක්‌ පවත්වන්නටය. සුමනරතන හිමියන් හුදෙකලාව කරන සටන අගයමින් එම පැමිණීම මහත් ගෞරවයෙන් පිළිගත් සුමනරතන හිමියෝද ඒ එන විශාල පිරිවරට අවශ්‍ය සත්කාර කිරීමට ලහි ලහියේ සූදානම් විය.ෆේස්බුකියෙන්ද මේ සඳහා ඉමහත් ප්‍රචාරයක්‌ ලැබෙන්නේය. ඒ අනුව මේ පැමිණිම සම්බන්ධයෙන් මඩකලපුවේ ආරක්‌ෂක අංශද මහත් කලබලයට පත් වන්නෝය. එනිසා මඩකලපුව, එරාවුර් සහ කරදියන්ආරු පොලිසි එම පිරිස හට උද්ඝෝෂණ සිදුකරනු ඇතැයි බියෙන් චෝදනා කිහිපයක්‌ දක්‌වමින් අධිකරණයෙන් වාරණ නියෝග කිsහිපයක්‌ ගන්නට වූහ.

භික්‌ෂූන් වහන්සේලා පනහකට අධික පිරිසක්‌ මෙම පැමිණි පිරිස අතර වූහ. බොදු බල සේනාවේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, සිංහල ජාතික බල මුඵවේ මහා ලේකම් අරඹේපොල රතනසාර හිමි, හීලෑ අලි ඇතුන් සුරකීමේ සංවිධානයේ සභාපති මහාගල්කන්දේ සුදන්ත හිමි, සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති පිමුරේවල චන්දරතන හිමි, බොදු බල සේනා කෑගල්ල සංවිධායක මැදිගිරියේ ප්‍රඥාසාර හිමි, සිංහල බල මුළුවේ යක්‌කලමුල්ලේ පවර හිමි, සිංහල රාවයේ ලේකම් මාගල්කන්දේ සුදන්ත හිමි, සිංහල රාවයේ සභාපති, සිංහල ජාතික සංගමයේ සභාපති සාලිය ඩී. රණවක, මහසෙන් බළකායේ කැඳවුම්කරු අමිත වීරසිංහ ඇතුඵ විශාල පිරිසක්‌ ඒ කණ්‌ඩායමේ සිටින්නට වූහ.

මේ පිරිසට ඒමට හැකිවන්නේ වැලිඔය රිදීතැන්න ගම්මානයට පමණි. ඒ වෙනකොට බස්‌ හා වාහන පෙළ ගමන නවතා දමන්නට සිදුවුණේ පොලිසිය අධිකරණ නියෝග ගෙන ගමන අවුරා සිටීම නිසාවෙනි. හැබැයි එම අධිකරණ නියෝගවල තිබුනේ පෙළපාළි යාම තහනම් කිරීම, මාර්ග අවහිරකර උද්ඝෝෂණ කිරීම, නීති විරෝධී ලෙස රැස්‌වීම් පැවැත්වීම, මහජනයා අතර කලහකාරී සිදුවීම් ගැටුම් ඇති කිරීමට හෝ සාමය කඩකිරීමට ඉඩ ඇති කුමන ක්‍රියාවක්‌ හෝ වැළැක්‌වීමටය. එහි මඩකලපුව මංගලාරාමයට පැමිණීම වැළැක්‌වීමට වාරණ නියෝගයක්‌ නොවුනි. නමුත් පොලිසිය මේ පිරිස වැලිකන්දෙන් නවතා දමන්නේ එවිට ගැටලුව ගොඩින්ම විසඳන්නටය. කලබල කිසිත් ඇති නොවන්නටය.

නමුත් බෝධි පූජාවකට පන්සලට යාමට නොදීම සම්බන්ධයෙන් එම පිරිස කොතෙක්‌ කරුණු දැක්‌වුවද පොලිසිය ඉඩ නොදෙන ලද අතර මෙම පිරිස විවිධ බාධා කිරීම් මැද පාගමනින් ඉදිරියටම එන්නට වූහ. ඒ කෙසේ හෝ මඩකලපුව මංගලාරාමයට යාමටය. මේ අකාරයෙන් යහපාලනයේ ආරක්‌ෂක අංශ විහාරස්‌ථානයට යැම වළක්‌වා තිබීම පිළිබඳව පැමිණි පිරිස තුළ මහා නොසතුටක්‌ ඇතිව තිබුණි. දහවල් 11 වන විට මඩකලපුව සිට කොළඹ බලා යැමට පෙට්‌ටි කිහිපයකින් යුත් දුම්රිය පැමිණෙමින් තිබුණේය. මේ පිරිස සැණෙකින් දුම්රිය මග අවුරන්නට වූහ. ඒ නිසා නැවතත් දුම්රිය පසු පසට ධාවනය කර එම ස්‌ථානයෙන් නික්‌ම යන්නට විය.

දහවල් 2 පමණ වන විට කොළඹ සිට මඩකලපුවට යාමට තවත් දුම්රියක්‌ පැමිණෙමින් තිබුණි. ඒ වන විටත් මෙම පිරිස දුම්රිය මාර්ගය හරස්‌ කරගෙන සිටීම නිසා ඒ දුම්රියේද ගමන නැවතුණි. එනිසා නැවතත් එයද පසු පසට ධාවනය වී එම ස්‌ථානයෙන් පිටත්ව යන ලදී. මේ ආකාරයෙන් දුම්රිය ගමනද අඩාළ වන්නට විය. දැන් කෙසේ හෝa මඩකලපුව පන්සලට යාමට මෙම පිරිස කටයුතු කළ අතර වාලච්ෙච්නට ළංවෙන විට අමුතු තත්ත්වයක්‌ ඇති වෙමින් තිබුණි. තැන් තැන්වල ජනයා කල්ලි ගැසී සිටින්නට වූහ. මේ දෙමළ හා මුස්‌ලිම් ජනයාට එරෙහිව එන ගමනක්‌ ලෙස ඇතැමුන් අර්ථකථනය කර තිබීමත් පොලිsසිය දිගින් දිගටම මෙම පිsරිසට මඩකලපුවට ඇතු`ඵ වීමට ඉඩ නොදීම නිසා එය සැබෑවක්‌ බවටද නගරවාසීන්ට අවබෝධ කර දීමට ද්‍රවිඩ සන්ධානය වැනි ඇතැම් සංවිධාන කටයුතු කර තිබුණි.

පොලිසියද ජල බවුසර් ගෙන්වමින් පොලිස්‌ රථ ගෙන්වමින් අරඅදින තත්ත්වය එතරම් හිතකර නොවන බව අවබෝධ කරගත් මෙම පිරිස දින ගණනක්‌ මු`ඵල්ලේ උත්සාහ දරමින් කටයුතු කළ මඩකලපුව මංගලාරාමයට පැමිණෙන ගමන අතර මග නවතා සුන්වූ බලාපොරොත්තු සහිතව නැවතත් ආපසු හැරෙන්නට වූහ.

තමන්ගේ පන්සලට එන පිරිසට එන්නට ඉඩ නොදී වැලිකන්දේදී මෙම පිරිසේ ගමන නවතා දමා ඇති බව මංගලාරාම විහාරස්‌ථායේa සුමනරතන හිමිට දැනගන්නට ලැබුණි. ඒ සමඟම මඩකලපුවට පැමිණෙන ප්‍රධාන මාර්ගවලින් මංගලාරාමයට පැමිණෙන පිරිස නවතා දමන්නට කටයුතු කර තිබෙන බවද උන්වහන්සේට දැනගන්නට ලැබුණි. එනිසා උන්වහන්සේ වැලිකන්දට යාමට මංගලාරාමයෙන් පිටත්ව යන්නට ඵළියට බසින්නට වුවත් යාමට හැකිවූයේ විහාරස්‌ථානයේ ගේට්‌ටුවෙන් මීටර් කිහිපයක්‌ පමණි. මඩකලපුව පොලිසියේa නිලධාරීන් මග අවුරමින් එම ගමන වළකා දමන්නට විහ. ඒ මොහොතේ සුමනරතන හිමියෝ මේ කරනා දේ පිsළිබඳව දැඩි අප්‍රසාදය පළ කරන්නට වූහ. තමන්ගේ විහාරස්‌ථානයට මේ පැමිණෙන්නේ විරෝධතාවයකට නොව බෝධි පූජාවක්‌ සිදු කිරීමට බව දිගින් දිගටම කීවද ඒවාට කිසිදු ප්‍රතිචාරයක්‌ නොලැබිණි. ඒ අතරවාරයේ නගරයේ දෙමළ සහ මුස්‌ලිම් පිරිස්‌ද කල්ලි ගැසී මාර්ගයේ අනෙක්‌ පසට වී සිටින්නට වූහ.

ඒ අවස්‌ථාවේ කලබලකාරී තත්ත්වයක්‌ ඇතිවුවද පොලිසිය තත්ත්වය පාලනය කරන්නට වූ අතර සුමනරතන හිමියෝ නැවතත් විහාරස්‌ථානය වෙත යන්නට විය. ඒ වන විටත් වැඩම කළහ. අංශ යොදවා මඩකලපුව ආරක්‌ෂාව තර කර තිබූ අතර සවස්‌ වන විට දෙමළ සහ මුස්‌ලිම් පිරිස්‌ එක්‌ව මංගලාරාම විහාරස්‌ථානය වටකොට විරෝධතාවයේ යෙදෙන්නට වූහ. ඒ අතර ද්‍රවිඩ සන්ධානයේ මඩකලපුව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්‌. විලේයාන්දම් හෙවත් අමලන්ද සිටියේය.

මේ පිරිස්‌ Ê කලහකාරී ලෙස හැසිරෙමින් පොලිසිය වෙත බිත්තර සහ තක්‌කාලි සහ සෙරෙප්පුවලින් පවා දමා ගසන්නට වූහ. මේ ආකාරයෙන් සවස්‌ කාලයේ සිට රාත්‍රී 8 වන තෙක්‌ මෙම පිරිස විහාරස්‌ථානය වටකරගෙන සිටින්නට වූහ. අවසානයේදී පොලිසිය අධිකරණ නියෝගයක්‌ ගෙන එම පිරිස පලවා හරින්නට කටයුතු කළේය.

මේ ආකාරයෙන් මෙම ඇතැම් අන්තවාදී පිරිස්‌ මඩකලපුවෙන් මංගලාරාමය සහ අම්පිටියේ සුමනරතන හිමියෝ ඉවත් කිරීම සඳහා ප්‍රබල වෙහෙසක්‌ ගනිමින් සිටී. පසුව නැවතත් ද්‍රවිඩ සන්ධානයේ පිරිස්‌ මඩකලපුව නගරය පුරා පත්‍රිකා බෙදමින් මඩකලපුව මංගලාරාමය සහ අම්පිටියේ සුමනරතන හිමියන් ඉවත් කළ යුතුයෑයි පවසමින් විරෝධතාවයක්‌ සූදානම් කර තිබුණද ඊට පසු දින එම විරෝධතාවය සිදු කිරීමට ඔවුනට හැකියාවක්‌ ලැබෙන්නේද නැත. ඒ සඳහා දෙමළ ජනයාගේ සහායද නොලැබුණි.

මේ එම සිදුවීම සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අපට කියූ කතාවයි,

සුමනරතන හාමුදුරුවෝ විශාල මෙහෙයක්‌ කරනවා. උන් වහන්සේ අපිට සිංහලයා පදිංචි කරලා, පුරාවස්‌තු ආරක්‌ෂා කරන්න සිංහල ජනතාවට කරන ආසාධාරණයට එරෙහිව උද්ඝෝෂණය කරමින් සත්‍යග්‍රහ කරමින් රටේ ජනතාවගේ අවධානයට යොමු කරන්න වැඩපිළිවෙළක්‌ සිදුකරනවා. උන් වහන්සේ තනි වෙලා නැහැ කියන්නයි අපි මඩකලපුවට එන්න තීරණය කළේ. අපි නෑදෑ ගමනක්‌ වගේ ගමනක්‌ ආවේ. අශීර්වාද බෝධි පූජාවක්‌ කරන්නයි අපි මල්වතු මහා නායක හිමියන් වැඳ පුදාගෙන මේ ගමන ආවේ. අපි ආවේ කෝවිලක්‌ බලන්නවත් පන්සලක්‌ බලන්නවත් නොවෙයි. මංගලාරාමයේ බෝධි පූජා වැඩ සටහනකට. අපිට ඕන තැනකට යන්න පු`ඵවන්. නමුත් එදා අපිට වැලිකන්දට යද්දී උසාවි නියෝගයක්‌ පොලිසියෙන් ගෙනාව. අපි ජාතිවාදී කලබල කරන්න ගියේ නැහැ. අපේ මානව හිමිකම් උල්ලංඝනය වුණා. පොලිසිය නැති ප්‍රශ්නයක්‌ නිර්මාණය කළා. ගල් මුල් තියන් හිටි අය පොලිසිය පලවා හරින්නට කටයුතු කළේ නැහැ. නැගෙනහිර මෙහෙම වෙද්දී දකුණේ දෙමළ ජනතාවට විරෝධයක්‌ පළ කරලා තියෙනවාද?

මඩකලපුව මංගලාරාම විහාරස්‌ථානයේ අම්පිටියේ සුමනරතන හිමියෝ කීවේ මෙවැනි කථාවක්‌,

පසුගියදා මඩකලපුවේ සිදුවූ සිදුවීමට හේතුව ආරක්‌ෂක අංශ කටයුතු කළ ආකාරයයි. අද මේ වන විට මංගලාරාමයට බෝධි පූජාවකටවත් කාටවත් එන්න බැරි වෙලා තියෙනවා. මම ත්‍රස්‌තවාදීන්ගෙන් බැට කමින් තමයි මෙම මඩකලපුව මංගලාරාමය රැකගත්තේ. නමුත් මේ වන විට තිබෙන තත්ත්වය ඉතාමත් කනගාටුදායකයි. අද මඩකලපුවේ සිටින සිංහල ජනයාට සාධාරණයක්‌ වෙන්නේ නැහැ. අපේ වසර දහස්‌ ගණනක්‌ පැරණි වෙහෙර විහාර විනාශ කරනවා. ඒ ගැන නිලධාරීන් සොයන්නේ නැහැ. කිසිදු කටයුත්තක්‌ කරන්නේ නැහැ. කරදියන්ආරු පුදබිම විනාශ කළ එක කරදියන්ආරු පොලිසියේ පැමිණිල්ලක්‌ දැම්මත් පොලිසියෙන් කිසිම ක්‍රියා මාර්ගයක්‌ ගත්තේ නැහැ. නිලධාරීන් තමන්ගේ රාජකාරිය නොකරන විට භික්‌ෂූන් වහන්සේලා වශයෙන් අද අපිට මෙම අසාධාරණයන්ට එරෙහිව මැදිහත් වෙන්න වෙලා තියෙන්නේ. එම නිසයි මේ ආකාරයෙන් ගැටුම්කාරී තත්ත්වයක්‌ නිර්මාණය වන්නේ. අදාළ නිලධාරීන් සාධාරණව නිසි ආකාරයෙන් තමන්ගේ රාජකාරි කරනවානම් අද මේ ආකාරයෙන් කිසිදු ගැටුමක්‌ මඩකලපුවෙහි ඇති වෙන්නේ නැහැ. එම නිසා අපි දැන්වත් කියන්නේ මෙම යහපාලකයියන්ට මඩකලපුවේ ජාතික උරුමයන් රකික්‌නට කටයුතු කරන්නයි. අහිංසක සිංහල ජනයාට සාධාරණයක්‌ ඉටු කරන්න අඩුම තරමින් මඩකලපුව පන්සලකටවත් බෞද්ධයන්ට සහ ජනතාවට නිදහසේ එන්නට ඉඩ දෙන්න යයි යනුවෙන් සුමනරතන හිමියෝ  අදහස්‌ දක්‌වමින් පවසා සිටියහ.

අද මඩකලපුවේ බොහෝ දෙනකුට ඇති එකම අභියෝගය වන්නේ සුමනරතන හිමිය. නිලධාරීන්ද සිංහලයාට සහ ඉපැරණි පුරාවස්‌තුවලට හෙණ ගැසුවත් කමක්‌ නැහැ යනුවෙන් සිතා සිටිද්දී ඒවා රැකගන්නට පෙරට එන්නේaa හිමිවරුන්ය. විග්නේෂ්වරන් උතුරු නැඟෙනහිරින් පන්සල් ඉවත් කරන්නට වලිකති. නමුත් අපි අමතක නොකළ යුතු කාරණය වන්නේ දකුණේ කොතරම් කෝවිල් ඇතිද යන්නය. බෞද්ධයන් කොපමණ පිරිසක්‌ කෝවිල්වලට ගොස්‌ පූජාවන් පවත්වනවාදැයි කියාය. හැබැයි එම කෝවිල් ඉවත් කරන්නට සිංහලයන් උද්ඝෝෂණය කරන්නේ දැයි කියාය. කුමන ජාතියකට අයත් වුවත් පන්සල් කෝවිල් පල්ලි වැනි පූQජනීය ස්‌ථාන රැකගත යුතුය. ඒවා අපේ ජාතික උරුමයන්ය. නමුත් කිසිවෙකුටවත් බෞද්ධ උරුමයන් සංහාරය කිරීමට ඉඩ දිය නොහැක. නමුත් දැන් මඩකලපුව ඇතුළු නැඟෙනහිර වෙන්නේද බෞද්ධ උරුමය සංහාරය කිරීමය. ඒවා විනාශ කරන්නන්ට කිසිදු දඩුවමක්‌ නොමැති විටක ඒවා රැකගන්නට වෙර දරන අයට සියලු තාඩන පීඩන එල්ලවීම ඉතා කනගාටුදායකය.

නිලධාරීන් නිසි ආකාරයෙන් කටයුතු නොකරනාතාක්‌ මේ ආකාරයෙන් ගැටුම් ඇතිවීම වැළැක්‌විය නොහැක. පුරාවස්‌තු විනාශය සහ ජාතික සමගියටද වන හානිය විශාලය. එම නිසා දැන්වත් නිසි ආකාරයෙන් සිය රාජකාරි කටයුතු කරන මෙන් අපි රට වෙනුවෙන් ඉල්ලා සිටින්නෙමු. නැඟෙනහිර නීතිය යට කරගෙන අවනීsතිය මතුවෙමින් ඇත. එයට බියව නීති පොත් දෙපරැන්දේ තව දුරටත් ගසා ගෙන සිටියොත් බේරුවල වැනි මහා ව්‍යසනයක්‌ ඇතිවීමට යළිත් ඉඩ හසර ලැබෙන්නේය. එනිසා මේ තත්ත්වය නීති ක්‍රියාත්මක කරන්නෝ මැනවින් තේරුම්ගත යුතුව ඇත. අවසානයේදී ජාතිවාදී ගැටුමක්‌ ඇතිවුවහොත් එයද කාට හෝ බෝලය පාස්‌කර ඇග බේරගන්නට මේ නිවට නිලධාරී රොත්ත කටයුතු කරනු ඇත.

සුසන්ත අමර බන්දු

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.