ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, December 20, 2016

ජනතාව ජීවත්කරවීම වෙනුවට නව අණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා ලබ්බ සම්මත කර ගැනීමට දත කන හිරිකිත සුණඛයෝ....!!!

බත් පැකට්‌ටුවේ ද මිල ඉහළ යැම නිසා ඉහමොළ රත්වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හෝ මුදල් ඇමැතිවරයාගේ හෝ නොවේ. බස්‌ රථයෙන් සේවයට යන වැඩ කරන ජනතාවගේ ය. 2016 වර්ෂය පුරාම සිදු වූයේ කුමක්‌ද? ජනයාගේ ජීවන බර වැඩි වීම නොවන්නේද...? සීනි කිලෝව රුපියල් දෙකකින් අඩුකර ජනතාවට සහන ලබාදීම සෑම විටම සිනහවට කාරණයක්‌ ය.
අය-වැයෙන් ලැබුණු සහනයක්‌ ගැන සිතා ගැනීමටත් අපහසු ය. හැකිතාක්‌ පටි තදකර ගැනීමට අණ ලැබිණි. අය-වැය තුන් වැනි වර විවාදයේදී තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත වූ වග නම් දකින්නට ලැබිණි. අය-වැය ජයග්‍රහණය කිරීමෙන් පසුව මුදල් ඇමැතිවරයා මල්මාලා දමා පිළිගන්නා පාක්‌ෂිකයන්ගේ ඡායාරූප ද පුවත්පත්වල පළ වී තිබිණි. නමුත් මේ ඡායාරූප දැකීමෙන් ජනතාව ප්‍රමෝදයට පත්වී තිබේද...?

 සහල් මිල අහස උසට ඉහළ නඟිද්දී බත් පැකට්‌ටුවක මිලත් රුපියල් දහයකින් ඉහළ දැමීමට ආපනශාලා හිමියන් තීරණය කර ඇත.

වව්නියාවේ කුඹුරු අක්‌කර දහස්‌ ගණනක්‌ ජලය නොමැති වීම නිසා විනාශ මුඛයට තල්ලු වී යන මොහොතක බත් පතට යළි වැලි වැටීමේ පුවත අසන්නට ලැබිණි.

ලාංකිකයන් තුන් වේලටම බත් කන ජාතියකි. වැඩකරන ජනතාවගෙන් බහුතරය ආපනශාලාවලින් බත් පැකට්‌ටුව රැගෙන තමාගේ දවල් වේල සරිකර ගැනීම පුරුද්දක්‌ කර ගනිති. දහවලට ආමර් වීදියේ මාතර බත් කඩේ පිරී ඉතිරී යන්නේ මේ නිසා ය. රුපියල් දෙසීයේ, තුන්සීයේ බත් පැකට්‌ටු නොව රුපියල් සියයට, අසූවට බත් පැකට්‌ටුවක්‌ මිලදී ගැනීමට හැකි වන්නේ මාතර බත් කඩයෙනි. නමුත් යළිත් මිල ඉහළ යැම බඩට පහරක්‌ නොවේද? සෑම පාරිභෝගික භාණ්‌ඩයකම මිල ඉහළ යද්දී බත් පැකට්‌ටුව ද ඉහළ යැම වැළැක්‌විය නො හැක. නමුත් හැම තැනින් ම මිරිකෙන්නේ කවුරුන්ද? මාසික වේතනයෙන් මුළු පවුලම සරි කරන ගෘහ මූලිකයා නොවන්නේද? හාල් මිල අහස උසට ඉහළ නැඟ ඇත. හාල් මිල ඉහළ යද්දී අනිවාර්යයෙන්ම බත් පැකට්‌ටුවක මිල ඉහළ යැම වැළැක්‌විය නොහැක. හාල් මිල ඉහළ යැමෙන් පීඩාවට පත් අම්පාරේ වැසියන් ප්‍රකාශ කර සිටියේ නිවසට හාල් ගෙනැවිත් ආහාර පිසිනවාට වඩා කඩෙන් බත් පැකට්‌ටුවක්‌ ගැනීම වඩා ලාභදායක බවයි. එහෙත් දැන් බත් පැකට්‌ටුව ද නෙළාගන්න බැරි මලක්‌ බවට පත්වී ඇත්ද?

ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා "දිවයින"ට ප්‍රකාශ කර තිබුණේ හාල් මිල පාලනයක්‌ සඳහා රජය මැදිහත් විය යුතු බවකි. බත් පැකට්‌ටුවක මිල වැඩි කිරීම මගින් තමන්ට අප්‍රසාදයක්‌ එල්ල වුවද රජයේ අවධානය යොමුකර ගැනීම සඳහා මෙලෙස මිල වැඩි කිරීම සිදුකළ බව ආපන ශාලා හිමියෝ පවසති. කඩ හිමියාට හාල් මිලේ වැඩි වීම පාරිභෝගිකයාට බැර කළ හැකි ය. අවසානයේ පීඩා විඳින්නේ සාමාන්‍ය මහජනතාව නොවන්නේද?

අය-වැයෙන් ලැබුණු සහනයක්‌ ගැන සිතා ගැනීමටත් අපහසු ය. හැකිතාක්‌ පටි තදකර ගැනීමට අණ ලැබිණි. අය-වැය තුන් වැනි වර විවාදයේදී තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත වූ වග නම් දකින්නට ලැබිණි. අය-වැය ජයග්‍රහණය කිරීමෙන් පසුව මුදල් ඇමැතිවරයා මල්මාලා දමා පිළිගන්නා පාක්‌ෂිකයන්ගේ ඡායාරූප ද පුවත්පත්වල පළ වී තිබිණි. නමුත් මේ ඡායාරූප දැකීමෙන් ජනතාව ප්‍රමෝදයට පත්වී තිබේද?

බත් පැකට්‌ටුවේ ද මිල ඉහළ යැම නිසා ඉහමොළ රත්වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හෝ මුදල් ඇමැතිවරයාගේ හෝ නොවේ. බස්‌ රථයෙන් සේවයට යන වැඩ කරන ජනතාවගේ ය. 2016 වර්ෂය පුරාම සිදු වූයේ කුමක්‌ද? ජනයාගේ ජීවන බර වැඩි වීම නොවන්නේද? සීනි කිලෝව රුපියල් දෙකකින් අඩුකර ජනතාවට සහන ලබාදීම සෑම විටම සිනහවට කාරණයක්‌ ය.

මේ නියඟයත් සමඟ උතුරු මැද පළාතේත් කුඹුරු අක්‌කර දහස්‌ ගණනක්‌ විනාශ වී ඇත. එයින් හැඟි යන්නේ කවරක්‌ද? ඉදිරියේදී රටේ යළිත් සහල් හිඟයක්‌ ඇති වන බව නොවේද? මේ සහල් හිඟයට පිළිතුරු සැපයීමට රජය වහා මැදිහත් විය යුතුව ඇත. නව අණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ගැන කතා කිරීමෙන් ජනතාවට අත්වන සෙතක්‌ නැත. 


 දිවයින කතුවැකියෙනි

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.