ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, December 9, 2016

මෙතරම් මත්ද්‍රව්‍ය කොහෙන්ද ඊට සම්බන්ධ දේශපාළුවා කුඩු ලන්සාද නැතිනම් කරුපයියාද ....?

ලොකුම කොකේන් තොගය
කොළඹ වරායෙන් අල්ලයි
වටිනාකම කෝටි 1600 යි
ඔත්තුව ආවේ මාසයකට කලින්...!!!

 
ඉක්‌වදෝරයේ සිට ඉන්දියාව බලා යාත්‍රා කරමින් තිබූ නෞකාවක තිබී රුපියල් කෝටි 1,600 ක්‌ වටිනා කොකේන් කිලෝග්‍රෑම් 800 ක්‌ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ඊයේ (09 දා) කොළඹ වරායේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කොකේන් තොගය ශ්‍රී ලංකාවේදී මෙතෙක්‌ හමුවී ඇති විශාලතම මත්ද්‍රව්‍ය තොගය බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.
පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්‌පති කමල් සිල්වාට ලැබුණු තොරතුරක්‌ මත එම නිලධාරීන් විසින් ඊයේ (09 දා) දහවල් කළ වැටලීමකදී මෙම කොකේන් තොගය අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

තේක්‌ක ලී කොට ගබඩා කර තිබූ කන්ටේනරයක මෙම කොකේන් තොගය සඟවා තිබූ බව පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි. කොකේන් තොගය කිලෝ ග්‍රෑම් 50 - 55 බර සීමාවන්ගෙන් යුත් පාර්සල් 15 ක බහා ඉතාම සුරක්‌ෂිත ලෙස කන්ටේනරයේ ගබඩා කර තිබූ බව ද මත්ද්‍රව්‍ය නාශක අංශය කියා සිටියේය.
පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්‌පති කමල් සිල්වා වෙත මෙම කොකේන් තොගය පිළිබඳ තොරතුරු ලැබී තිබුණේ මීට මාසයකට උඩදීය. කොකේන් තොගය ප්‍රවාහනය කරන නෞකාව සහ ඒවා සඟවා ඇති කන්ටේනරය පිළිබඳව ද සියලු විස්‌තර කමල් සිල්වා වෙත ලැබී තිබිණි.

අදාළ නෞකාව එක්‌වදොaරය, බ්‍රසීලය,

සෞදි අරාබිය යන රටවල්වල වරාය හරහා ශ්‍රී ලංකා වරාය වෙත පැමිණ ඇත්තේ මීට දින දෙකකට උඩදීය.

මෙම නෞකාව කොළඹ වරායට සේන්දුවන තුරු පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු විමසිල්ලෙන් සිටියහ. අදාළ නෞකාව කොළඹ වරාය වෙත පැමිණීමෙන් පසු එහි ගබඩා කර ඇති තේක්‌ක ලී ගබඩා කළ කන්ටේනරය ඉවත් කර ගැනීම සඳහා පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය අධිකරණ නියෝගයක්‌ ලබාගත්තේ පෙරේදා (08 දා) දහවල්ය.

ඒ අනුව ඊයේ (09 දා) දහවල් කොළඹ වරාය චයිනා හාබර් ජැටිය වෙත ගිය මත්ද්‍රව්‍ය නාශක අංශ නිලධාරීන් අධිකරණ නියෝගය නෞකාවේ කපිතාන්වරයා වෙත ඉදිරිපත් කර අදාළ කන්ටේනරය ඉවත් කරගෙන තිබිණි.

පසුව මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සහ රේගු නිලධාරීන් එක්‌ව තේක්‌ක ලී ගබඩා කර ඇති කන්ටේනරය විවෘත කර තිබේ.

එහිදී තේක්‌ක කඳන් අතර කොටස්‌ කීපයක්‌ කපා ඉවත් කර කොකේන් තොගය සහිත පාර්සල් එහි සුරක්‌ෂිතව ගබඩා කර තිබියදී සොයාගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් කොකේන් තොගය ඉන්දියාවේ වරායක්‌ වෙත රැගෙන යැමට නියමිතව තිබූ බව විමර්ශනවලින් හෙළිවී තිබේ. මෙම කොකේන් තොගය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවකු අත්අඩංගුවට ගෙන නොතිබිණි.

අත්අඩංගුවට ගත් කොකේන් තොගය පොලිස්‌පති පූජිත් ජයසුන්දර, නියෝජ්‍ය පොලිස්‌පති අජිත් රෝහණ, මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්‌පති කමල් සිල්වා විසින් ඊයේ (09 දා) දහවල් පරීක්‌ෂා කරන ලදී.

පසුගිය මාස කීපයේදී පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය සහ රේගුව විසින් කොකේන් විශාල ප්‍රමාණයක්‌ අත්අඩංගුවට ගෙන තිබිණි.

මීට ඉහතදී අත්අඩංගුවට ගත් කොකේන් තොග සියල්ල ගබඩාකර තිබුණේ සීනි කන්ටේනර් තුළය. තේක්‌ක ලී කොට බහාලූ කන්ටේනරයක කොකේන් තොග සඟවා තිබියදී සොයාගත් මුල්ම අවස්‌ථාව මෙය බව පොලිසිය පවසයි.

පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය භාර නියෝජ්‍ය පොලිස්‌පති කමල් සිල්වාගේ උපදෙස්‌ මත පොලිස්‌ පරීක්‌ෂක සුබෝධ, උප පොලිස්‌ පරීක්‌ෂකවරුන් වන කේ. කේ. මහින්ද, ඒ සමන්, උදාර ඇතුළු නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.