යහපාලන දේශපාලූ අඳබාලයන්ට නොතේරෙන ජනතාවට වැටහෙන යථාර්ථය කුමක්ද...? හෙලිකොප්ටර් ගමන් සැපදී යහපාලන නපුංසකයෝ විජයකලාගෙන් අසාගන්නා වරුණ...!!! විලි ලජ්ජයි...!!!
ශ්‍රී ලංකාවේත් ලෝකයේත් නායකයින් අතරින් වීරත්වයත් පෞර්ෂත්වයත් තිබූ එකම
නායකයා එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්රභාකරන් බව වනිතා හා ළමා කටයුතු රාජ්‍ය
ඇමති විජයකලා මහේෂ්වරන් පැවසුවාය.
ගින්නෙන් විනාශයට ලක්වූ කිලිනොච්චිය පොදු වෙළද සංකීර්ණයේ වෙළද මහතුන් හට
නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය විසින් වන්දි පිරිනැමීමේ උත්සවය අද (28)
කිලිනොච්චිය දිසා ලේකම් කාර්යාලයේදී පැවති අතර මෙම උත්සවයට එක්වෙමින්
විජයකලා මහේෂ්වරන් මේ අදහස් පලකර සිටියාය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ විජයකලා මහේෂ්වරන් මෙසේද කීවාය.
‘ජනාධිපතිවරයා හා අගමැතිවරයා දෙමළ ජාතික සන්ධානය සමගින් එකතු වී යහපාලන
ගමනක් ආරම්භ කර තිබෙනවා. උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම
රජයේ අරමුණයි. අප ඡන්ද ගැනීමේ අරමුණින් මේ දේ සිදුකරන්නේ නැහැ. මෙලෙස වන්දි
ලබා දීම සදහා මුදල් වෙන් කරගන්න අප හුගක් මහන්සි වුණා.
ඇතැම් ද්‍රෝහීන් අප ද්‍රෝහීන් කරනවා. පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මෙහි
සිදුවුණේ මොනාද කියල හැමෝම දන්නවා. උතුරේ අවංකව වැඩ කරන ග්‍රාම නිලදාරීන්
දෙමළ ජාතික සන්ධානයේ ආධාරකරුවන් කියල සේවයෙන් පහ කර දැමුවා. දෙමළ ජාතික
සන්ධානයේ ආධාරකරුවන් කියා සමහර අයට විදුලිය ලබා දීම නතරකර දැමුවා. නමුත්
අද මොවුන් විසින්ම ඔවුන් නායකයින් යැයි පෙන්වන්නට උත්සහා කරනවා.
ශ්‍රී ලංකාවේත් ලෝකයේත් පෞර්ෂත්වයකින් හා වීරත්වයෙන් පරිපූර්ණ හොදම
නායකයා වේළුපිල්ලේ ප්රභාකරන්. වඩමාරච්චි කියන්නෙ නම් දැරූ වැදගත්
ප්‍රදේශයක්. ඔහු හිටියෙ කොහොමද. අද සිටින අපගේ ජනාධිපතිවරුන් සමගින් සසදා
බැලුවොත් ප්රභාකරන් මෙන් නායකයෙක් සොයාගන්නට වත් බැහැ. ඔහු අද ජීවතුන් අතර
සිටියා නම් අගමැති වී සිටින්නට ද ඉඩ තිබුණා. නැතිනම් මන්ත්‍රීවරයෙකු
වශයෙන් හෝ ඉන්නට තිබුණා. නමුත් අපගේ අවාසනාවට එසේ වූයේ නැහැ.
මෙම උත්සවය සදහා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන්, උතුරු
ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, යාපනය දිසා ලේකම් සුන්දරම් අරුමෙයිනායගම් ඇතුළු
පිරිසක් එක්ව සිටියහ. වන්දි පිරිනැමීම සදහා නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය
විසින් රුපියල් මිලියන 74ක් වෙන්කර තිබුණි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Wednesday, December 28, 2016
‘‘ප්රභාකරන් හිටියා නම් අද පාර්ලිමේන්තුවේ‘‘ ‘‘කොන්දක් ඇති එකම නායකයා‘‘ - විජයකලා මහේෂ්වරන්
2016-12-28T17:52:00+01:00
lankanews
Former LTTE arms procurer|lankanews|ltte|LTTE agenda|racist tamil politician|racist tamil women|racist vijayakala|unp politicians|vijayakala maheshwaran|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
