මේක අරුම පුදුම රටක්, මාර්ග නීතී කඩන්න රජයෙන් අවසර ඉල්ලනව...!!!
මූගේ පැවැත්මට මෙසේ පඬිවදන් කීවද මූද පසුගිය දිනක බීමතින් රිය පදවා මාට්ටුවී ඇත.මෙවැනි කුඩා පීචං අමනයන් උන්ගේ පැවැත්ම සඳහා ඉඳහිට තප්පුළති.
බස්
ඇතුළු අනෙක් ප්‍රවාහන සේවාවන් වර්ජනය කරන්නේ බරපතල මාර්ග නීති උල්ලංඝණය
සදහා දඩය රුපියල් 25000ක් කළ නිසයි. මේක පුදුම රටක් වැරද්දක්
කරන්න රජයෙන්
අවසර ඉල්ලනවා. විනයානුකූල හා ශිෂ්ඨ සම්පන්න ලෙස රිය පදවනවා නම් මේ ගැන බය
වෙන්න ඕනේ නෑ. වමෙන් ඉස්සර කරන්න, වේගයෙන් යන්න, ඉන්ෂුරන්ස් නැතුව යන්න
අවසර ඉල්ලනවා. මේ වැඩේ මේ ආකාරයට කරන්න බෑ. ඉස්සෙල්ලාම අපේ රට දියුණු රටක්
බවට පත් කරන්න නම් අනිවාර්යයෙන්ම විනය තියෙන්න ඕනේ.
මූගේ පැවැත්මට මෙසේ පඬිවදන් කීවද මූද පසුගිය දිනක බීමතින් රිය පදවා මාට්ටුවී ඇත.ඉහත වෙබ් අඩවියේ ප්‍රවෘත්තිය වෙත පිවිසෙන්න...
අතීතයේදී
ලෝකයේ මේ වගේම වැඩිම රිය අනතුරු පැවති රටවල් දෙක තමයි නොර්වේ හා ස්වීඩනය.
නමුත් දැන් මේ වෙනකොට තද නීති ගෙනල්ලා අද රිය අනතුරු අඩුම රටවල් බවට
පත්වෙලා තියෙනවා. ගත්තු තීරණය හරි කියලා ඔප්පු කරන්න සාධක දෙකක් තියෙනවා.
තාම මේ යෝජනාව ගෙනාවා පමණයි.
රජයේ වෛද්‍ය
ප්‍රවාහන ආයතනයට වෛද්‍ය සහතික ගන්න එන ප්‍රමාණය 100% කින් වැඩිවෙලා
තියෙනවා. ඒ කියන්නේ මොකක්ද ලයිෂන් නැතුව රිය පදවපු අය ගොඩක් ඉදලා තියෙනවා
මේ රටේ. ඒ විතරක් නෙමෙයි ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට එන ප්‍රමාණය
සැලකිව යුතු මට්ටමෙන් අඩුවෙලා තියෙනවා. මේ දේවල් වලින් හැගෙන්නේ යෝජනවා
එනවා කියන බයට රියදුරන් විනය ගරුක වෙන්න පටන් අරගෙන තියෙනවා කියන එකයි.
නීතිය ගේනවා කිව්ව පමණින් මෙහෙම විනය ගරුක වෙනවා නම් එය සම්මත වුනාට පස්සේ
රියදුරන් විනය ගරුක වේවි. අනතුරු අඩුවේවි, මරණ සංඛ්‍යාව අඩුවේවි. ඒ නිසා
අනිවාර්යයෙන්ම මේ නීතිය ගේන්න අවශ්‍යයයි. යහපාලනය කියන්නේ කොන්ද පණ නැතිකම්
නෙමෙයි. යහපාලනය කියන්නේ නිසි තීන්දු අරගෙන මේ දේවල් ක්‍රියාත්මක කරන
එකයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර්
මෙම අදහස් පළ කළේ කොළොන්නාව සේදවත්ත ප්‍රදේශයේ සුභ සාධක සමීතී සදහා උත්සව
භාණ්ඩ ලබා දීමේ උත්සවයකදීය.