* කැම්පස් කෙල්ලොත් ඇවිත් කේ.ජී. අරගෙන යනවා...
* දැන් කොළඹ කුඩු හෝල්සේල් බිස්නස්
* පාවෙන වෙළෙඳපොළ දැන් අවලම්පොළක්...
* පිටකොටුව විජාතික කොලනියක්...
කොළඹ
මෙරට ප්‍රධාන නගරයයි. අපේ රටේ විනය, පෞරුෂය, සංස්කෘතිය රූපවත්
වන ස්ථානයයි. පසුගිය කාලය පුරා අතිශය වෙහෙස මහන්සියෙන් සහ
කැපවීමෙන් රටක් වශයෙන් අපි කොළඹ නගරය එකී ගුණාංගවලින්
ස්වයංපෝෂිත කර ගත්තෙමු. ඒ ක්‍රියාවලිය තුළ කිසිදු දේශපාලනයක්
නොතිබිණි. එය ජාතික මට්ටමෙන් ඇගයිය යුතු ප්රශස්ත
ක්‍රියාවලියක් පමණි. එහෙයින් එම සුන්දර වැඩපිළිවෙළට මල්
මිටක් ලෙස ජාත්‍යන්තර 'මාස්ටර් කාඩ්' ආයතනය විසින් ලෝකයේ
වේගයෙන් සංවර්ධනය වන සංචාරක නගර අතරින් ප්‍රධාන නගරය කොළඹ ලෙස
නම් කර සම්මානයට පාත්‍ර කෙරිණි.
එකී
ජයග්‍රහණයට විශේෂ හේතුව වී තිබුණේ කොළඹ නගරය පුරා ඉදිවී තිබෙන
තට්ටු ගොඩනැඟිලි හෝ කොන්ක්‍රීට් පුරවරය නොවේ. උද්‍යාන
අලංකරණය, සුපිරිසිදු බව, නිදහස් වටපිටාව, පුළුල් දර්ශනතල
ගොඩනැඟීම, කොළඹ නගරය තුළ සහ ඒ ආශ්රිත ඇළවේලි සංවර්ධනය කිරීමය.
එහි ගෞරවය හිමි විය යුත්තේ මෛත්‍රී පාලනයටවත්, රාජපක්ෂ
ආණ්ඩුවටවත් නොව, සමස්ත රටටමය. එවැනි ඇගයීම් අපේ මේ පුංචි රටට
මහත් අභිමානයකි. එහෙත් මේ වන විට රට අරාජිකත්වයට ඇද දමන
අසික්කිත දේශපාලන බලාධිකාරිය විසින් එසේ කැපවීමෙන් ගොඩනඟාගත්
එකී අභිමානය කෙළෙසා දමා හමාරය. හැඩ වෙමින් තිබූ කොළඹ නැවතත්
නරකාදියක් බවට පත් වී අවසානය. පදිකයෙන් විසිවෙච්ච වෙළෙඳ ලෑල්ල
නැවතත් පිටකොටුව විදී දිගට වැටී ඇත. වීදි දිගේ යන මිනිසුන්ට
නැවතත් තට්ටු බට්ටු වැටෙන්න පටන්ගෙනය. විසිතුරු ගඩොලින් හැඩ
වැඩ වූ පේව්මන්ට්ටුව දිගටත් කුණු රොඩුය. කෑම කඩවල ඉඳුල් දිය
පේව්මන්ටුව දිගේ දොරේ ගලන්නේය. තැන, තැන කුණු ගොඩවල්ය. කුණු
වතුරවලින් කාණු පිරී ගොස්ය. ඒ මතින් වහනය වන දුගඳට බඩේ තියෙන
කෑම එළියට එන තරම්ය. අමුතුම පිළී ගඳකි. නාසය අත්ලෙන් මිරිකාගෙන
හෝ දුගඳ දරාගත්ත ද, පිටකොටුවට සිදුව ඇති විපත්තිය දකින විට මහා
කලකිරීමකින් සිත රිදුම් දෙන්නේය. පුරවැසියන් ලෙස මේ රටේ ජීවත්
වීමට සිදුවීම මහ කරුමයක් යෑයි සිතෙන්නේය. කොළඹ නරාවළ දැක එසේ
තෝන්තු වී සිටි අපට පිටකොටුව දේශපාලන බත්බැලයන්ගේ තෝතැන්නක්
බවට පත්ව ඇති හැටි පිටකොටුවේ වෙළෙඳුන් කියන විට සිත කීරි
ගැසිණි. ඇඟේ මවිල් කෙළින් විය.
''පිටකොටුව දැන් විජාතික කොලනියක් වෙලා ඉවරයි මහත්තයො... හතු
පිපෙනවා වගේ පුංචි, පුංචි වෙළෙඳ කුටි ගහනවා. කාගෙන් අවසර
අරගෙනද, කවුරු අවසර දීලා ද කියලා දන්නේ 'දෙයියො' විතරයි.
මල්වත්ත පාරේ 'සෝනි බිල්ඩින්' එකේ වෙළෙඳාම් කරන භාගෙට, භාගයක්
නගරාධිපතිතුමාට සහ එතුමාගේ බිරිඳගේ දේශපාලන වැඩවලට කඩේ ගිය අය.
තව පිරිසක් ඇමැතිවරුන්ගේ ලිපි සාක්කුවේ තියාගෙන පේව්මන්ට්
ලෑලි දාගෙන බිස්නස් කරනවා. නිලධාරියෙක් ඇවිත් ප්‍රශ්න කළොත්
ඇමැති සීල් එක සහිත ලිපිය ඇදලා බොහෝම උජාරුවට පෙන්නනවා.
නිලධාරියත් අසරණයි...
පහුගිය රජය කාලෙත් පදික වෙළෙඳුන්ට කෙණහිලිකම් වුණා. පදික
වෙළෙඳුන් දෙදහස් පන්සීයකට ආසන්න පිරිසකට වෙළෙඳාම නැති වුණා. ඒ
කාලේ පිටකොටුවේ ස්ථාන තුනක කඩ සාප්පු සංකීර්ණ තුනක් ඉදිකරලා
පදික වෙළෙඳුන්ට බෙදලා දුන්නා. ඒ කඩ සාප්පු ගත්තෙත් නාගරික
මන්ත්‍රීවරු, ඒ අයගේ ගෝලයො. අසරණ පදික වෙළෙඳුන් එක්දහස්
පන්සීයකට විතර වෙළෙඳාම් කරන්න තැනක් නැති වුණා. එදයි, අදයි
කියලා වෙනසක් නෑ. එකම දේ තමයි කෙරෙන්නේ. බැස්ටියන් මාවතේ
බස් නැවතුම්පොළ පසුපස පාවෙන වෙළෙඳපොළට ඉදිරිපිට වෙළෙඳ කුටි
ගහලා ඒවා බෙදලා දෙන්න යන්නෙත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ
ගෝලබාලයන්ට. දේශපාලන උදව් ඇතිව පිටකොටුව සී.ටී.බී. බස්ටෑන්ඩ්
එක ඉදිරිපිට දෙමළ තරුණයො කිහිප දෙනෙක් පළතුරු තට්ටුවක් දාලා
තියෙනවා. රාජ්‍ය ආයතනයක් ඉදිරිපිට. කවුද මේවට අවසර දීලා
තියෙන්නෙ. ඒ දිගටම පේව්මන්ට් තට්ටු ගහගෙන ටොයිස් බඩු...
කඩෙඅප්පන්... පළතුරු... වෙළෙඳාම් කරනවා. මේවාට බලපත්‍ර නෑ.
පිටකොටුවේ හරස් වීදිවල වාහනයක් තියා මිනිහෙකුට පයින් යන්න
බැරි විදිහට වෙළෙඳාම් ලෑලිවලින් මාර්ගය අවහිරි වෙලා. හරස්
වීදිවල වගේම ප්‍රධාන මාර්ගයේ පේව්මන්ට් තට්ටු ගහගෙන ඉන්න
වෙළෙන්දන්ගෙනුත් පාරිභෝගිකයන්ට හිරිහැර වෙනවා. විශේෂයෙන්ම
කාන්තාවන්ට තට්ටු, බට්ටු දානවා. පව් අසරණ ගම්වල මිනිස්සු.
බයට කතා කරන්නේ නෑ. ඒවා ගැන සොයා බලන්න කවුරුවත් ඇත්තෙත් නෑ. ඒ
කාලේ පිටකොටුවට එන පාරිභෝගිකයන්ට හොඳ ආරක්ෂාවක් තිබුණා.
වෙළෙන්දෝ පාරිභෝගිකයන්ට වංචා කරන්න බයක් තිබුණා. අද
වෙළෙන්දන්ගේ එහෙම බයක් නෑ...
'අපි මහන්සි වෙලා ආණ්ඩුව හදාගත්තේ අපිට ඕන විදිහට බිස්නස්
කරන්න. දැන් අපි කාගේවත් පදයකට නටන්නේ නෑ. මේ තියෙන්නේ අපේ
ආණ්ඩුව...' අහසින් පාත් වෙච්ච සමහර වෙළෙන්දන් හරියට 'ඇඳලා'
ඉන්නේ. අපිට දුකයි. ඒත් අපි උන්a කියන දේ අහලා හිනා වෙලා
ඉන්නවා ඇරෙන්න උපදෙස් දෙන්න යන්නෙ නෑ. පුංචි කොල්ලො නහයට
අහන්නෙ නෑ. පොඩ්ඩ එහා, මෙහා වුණ ගමන් මිනිස්සුන්ට ගහන්න
පනිනවා. පාරිභෝගිකයො භාණ්ඩවල අඩුපාඩුවක් පෙන්නුවොත් මහා
හයියෙන් සත්තම දානවා. ඒ අයගේ හිතවත් වෙළෙන්දන් එතැනට පිරෙනවා.
ඊට පස්සෙ අර පාරිභෝගිකයාට කර කියාගන්න දෙයක් නෑ. සමහර වෙලාවට
අම්බානට ගුටි කනවා. නැති නම් බැණුම් අහගෙන යනවා. පොලිසියට
ගියත් වැඩක් නෑ.
'හරි... පැමිණිල්ල සටහන් කරලා යන්න. අපි බලා ගන්නම්...' සල්ලි
දීලා බඩු ගන්න ගිහින් ගුටි කාගෙන නීතිය ඉදිරියට යන
මිනිස්සුන්ට පිටකොටුව පොලිසියෙන් ලැබෙන උත්තරේ එච්චරයි.
පැමිණිල්ල එතැනින් හමස් පෙට්ටියට. පිටකොටුවේ පොලිස්
නිලධාරීන් විතර හම්බ කරන නිලධාරීන් වෙන කොහෙවත් නැතුව ඇති. දවස
ගානෙ පොලිස් නිලධාරීන්ගේ සාක්කුවලට සල්ලි වැටෙනවා. පරිසරය
ආරක්ෂා කරන්න ඉන්න පොලිස් නිලධාරීන්ට මාසේකට රුපියල්
ලක්ෂයක්, එකහමාරක් එකතු වෙනවා. ඒ නිසා වෙළෙන්දො
පාරිභෝගියන්ව මරාගෙන කෑවත් පොලිස් නිලධාරීන් නොදැක්කා වගේ
ලිස්සනවා. විශේෂයෙන්ම බෝගහ ළඟ තියෙන මිදි, ඇපල් කරත්තකාරයො
පාරිභෝගිකයන්ට කතා කරන්නෙ තුට්ටුවට දාලා. මිදි කිරන තරාදි
හදලා තියෙන්නෙ උන්ට ඕන විදිහට. මිදි 500 ක් ගත්තොත් බෑග් එකට
වැටෙන්නෙ 350 යි.
පේව්මන්ට් එකේ වෙළෙඳාම් ලෑලි දාගෙන යට ඇඳුම් විකුණන
කිහිපදෙනෙක් ඉන්නවා. ඒ අය කරන්නෙ යට ඇඳුම් විකුණන මුවාවෙන්
කුඩු බිස්නස්. ඒ මිනිස්සු යට ඇඳුම් විකුණන්නෙ පේව්මන්ටුවේ
යන මිනිස්සුන්ගේ ඇඟට තියලා බලහත්කාරයෙන්. ස්ත්‍රී, පුරුෂ බේද
නෑ. දෙපාර්ශ්වයටම එකයි. පාරිභෝගිකයන්ව ගසාගෙන කන මේ තුප්පහි
වෙළෙඳාම නතර කරන්න ඕනා. එහෙම නොවුණොත් පිටකොටුවේ වෙළෙඳාම
නැත්තටම නැති වෙනවා. ඒ මදිවට දැන් කොළඹ 'කුඩු' වැහි වැහැලා.
හෝල්සේල් එකේ කුඩු බිස්නස් වෙනවා. එල්ලුම්ගහට නියම වෙලා ඉන්න
'වැඩ්ඩන්ගේ' කුඩු පිටකොටුවේ විකිණෙනවා. වැඩියෙන්ම කුඩුවලට
ඇබ්බැහි වෙලා ඉන්නේ කාන්තාවන්... ඉස්කෝලෙ යන වයසේ ළමයි ඇවිත්
'පොට්වලින්' කේ.ජී අරගෙන යනවා. අපි දන්න කැම්පස් කෙල්ලො
ඇවිත් 'කොටුවේ පොට්වලින්' කේ.ජී. අරගෙන යනවා. කොටුවේ කුඩු,
ගංජා විකුණන අයව අපි දන්නවා නම් පොලිසිය නොදැන ඉන්න බෑ. ඒත්
පොලිසියට කතා කරන්න බෑ. කුඩුකාරයගෙනුත් කොටුවේ පොලිස්
නිලධාරීන්ට ගාන යනවා...
පහුගිය ආණ්ඩුව කාලේ බෝගහ ළඟ ඉඳලා පාවෙන වෙළෙඳපොළට යන්න පාරක්
හැදුවා. ආණ්ඩුව පෙරළුන ගමන් ඒ සියලු වැඩ නැවතුණා. දැන් රෑට ඒ
පාර තනිකරම කුඩු තිප්පොලක්. ගණිකාවන්ගේ රජදහනක්. මාර්ගයට
සමාන්තරව වැටුණු කුණු කාණුවේ මළජරාව මිදිලා නහයක් තියෙන
සතෙකුට ඒ පැත්ත පළාතකින් යන්න බෑ. පාර අතුගාන කුණු එකතු කරන
මිනිස්සු කරන වැඩ ගැන සෝදිසි කරන්න කවුරුවත් නෑ. ඉස්සර
හමුදාවේ කොල්ලො කුණු එකතු කරන, පාරවල් අතුගාන අයගෙන් හොඳට වැඩ
ගත්තා. පාරට කුණු කෑල්ලක් වැටෙන්න දුන්නෙ නෑ. මිනිස්සු
දම්මලා එකතු කළා. හමුදාවේ අය බේරේ වැවේ කොළ රොඩු නිතරම අරන්
දැම්මා. ඉස්සර දෙපාරකට තුන් පාරකට කුණු එකතු කළා. දැන් කුණු
එකතු කරන්නේ දවසටම එක සැරයයි. ඒ කාලේ රෑටත් පාවෙන වෙළෙඳපොළේ
වෙළෙඳසල් විවෘත කරලා හැම තැනම ලයිට් දාලා හරියට දිව්‍යලෝකයක්
වගෙයි. දැන් ඒ ලස්සන නෑ. සමහර විදුලි කණුවල ලයිට් පිච්චිලා.
වෙළෙඳසල්වල මැස්සො ඇහිරෙනවා. මිනිස්සු යන්නේ නෑ. එතැනට
මිනිස්සු ගෙන්න ගන්න කිසිම වැඩපිළිවෙළක් නෑ...
දැන් පාවෙන වෙළෙඳපොළ වැහෙන්න දීලා බැස්ටියන් මාවතේ බස්
නැවතුම්පොළ පිටුපස දිගට වෙළෙඳ කුටි පේළියක් ගහලා. ඉස්සර
ලස්සනට තිබුණු ඒ පරිසරය දැන් ඒ ටකරන් මඩුවෙන් 'පැක්' වෙලා.
බස් පාක් කරලා තිබුණු තැන ඇහිරිලා. පාරත් ඇහිරිලා. පාරේ
ට්‍රැපික් එකත් වැඩි වෙලා. අලුතින් වෙළෙඳ කුටි ගහන්න ඕන නෑ.
හදලා තියෙන වෙළෙඳපොළට මිනිස්සු අද්දගන්න වැඩ කළා නම් හොඳටම
ඇති. කොටුව ස්ටේෂන් එකේ ඉඳලා වෙළෙඳපොළ හරහා යන්න පාරක්
හැදුවා. ඒක ක්‍රියාත්මක වුණේ නෑ. ප්‍රධාන මාර්ගයේ බෝ ගහ ළඟ
ඉඳලා වෙළෙඳපොළට එන්න පාරක් හැදුවා. ඒකෙ වැඩ අතරමඟ නතර වුණා.
වැව මැදින් ගුවන් පාළමක් දාන්න සැලසුම් කරලා තිබුණා. දැන් ඒක
ගැන කතා නෑ. ඉතිං කොහොමද වෙළෙඳපොළට මිනිස්සු ගෙන්න ගන්නේ.
දැන් මෙතැනට එන්නේ ලව් කරන කපල් විතරයි. වෙළෙඳපොළේ පිටුපස
බංකුවකට වුණහම උපරිම නිදහස. ඕන දෙයක් කරගන්න පුළුවන්. ඒ
පැත්තෙ එක වෙළෙඳ කුටියකවත් දොරවල් ඇරෙන්නේ නෑ. දවල්ට කපල්. රෑට
ගණිකාවන්ගේ, කුඩුකාරයන්ගේ තිප්පලක්. කාගෙන්වත් ප්‍රශ්න නෑ.
වෙළෙඳපොළ ආරක්ෂාවට ඉන්න අයත් ඇහැක් ඇරලා බලන්නේ නෑ.
හදිසිකාරයො යනවා, එනවා. හරියට ලොඡ් එකක් වගෙයි. ඊට හපනA පාවෙන
වෙළෙඳ කුටි රෑට හරියට ගුබ්බෑයම් වගෙයි. පහුගිය කාලේ ආමි ඒකේ
කොල්ලො ඉන්නකොට මෙතැනට හොඳ ආරක්ෂාවක් තිබුණා. බොහෝම ලස්සනට
නඩත්තු කටයුතු කළා. ආමි එක ගියා විතරයි පාවෙන වෙළෙඳපොළ අපායක්
වුණා...''
පිටකොටුවේ බෝගහ යට පිච්චෙන ජීවිතවල වියළුණු හඬ එසේ ගලාගෙන යන
අතරේ ඔවුන් සමඟම අපි ඉදිරියට ඇවිද යමින් බැස්ටියන් මාවතේ
අලුතින් ඉදිවෙන වෙළෙඳ කුටි සංකීර්ණය ඉදිරිපිට නතර වීමු. එදා
බස් නතර කර තිබූ නිදහස් බිම්කඩ දිගට ටකරන් මඩු පේළියකි. කෝටි
ප්‍රකෝටි ගාණක් වියදම් කර ඉදිකළ පාවෙන වෙළෙඳපොළ ඊට මුහුණලා
වේළෙන්නේය. මේ නම් මහා අපරාධයකි. විශාල මුදල් නාස්තියකි. ඒ
ගැන කල්පනා කරමින් සිටින විට මගේ දෑස් බේරේ ගිලිණි. වැවේ වතුර
අමුතුම කොළ පැහැයකින් දිළිසෙයි. ජල කඳ මතු පිට තනිකරම තෙල්
තට්ටුවකි. නැවතත් බේරේට කොළඹ කුණු බේරෙන සේය. පාවෙන වෙළෙඳපොළට
ඉදිරිපස බේරේ වැව තවමත් පොකුණක් සේ ලස්සනට දිස් වුව ද,
වෙළෙඳපොළට පිටුපස කොටස පට්ට ගඳය. ඉහ මොළ රත්වෙන තරමට දුගඳය.
වෙළෙඳපොළ හැඩ වූ නෙක විසිතුරු තුරුපත්වල මල් සිඳී පඳුරු වියළී
ගොස්ය. අරලිය යාය වියළී පරඬල් වී ගොස්ය. විසිතුරු මලින් බර
වී සුවඳ දුන් පාවෙන වෙළෙඳපොළත් දැන් පට්ට ගඳය. එදා පිටකොටුවේ
පාවෙන වෙළෙඳපොළ සුබ මොහොතින් විවෘත කරනු ලැබුයේ එවකට සෞඛ්‍ය
අමාත්‍යවරයාව සිටි මෛත්‍රිපාල සිරිසේන මහතාය. ඔහු අද රටේ
ජනාධිපතිය. එසේ නම් ඔහුගේ සුරතින් විවෘත කළ පාවෙන වෙළෙඳපොළ
යහපාලනය තුළ මෙසේ පිරිහී යන්නේ නම් එයින් පසක් වන්නේ යහපාලනය
රාජපක්ෂ ආණ්ඩුවේ සංවර්ධනය ගැන දක්වන කුහකකමය. එසේ නොමැති
නම් වැඩ කිරීමට ඇති නොහැකියාවය.
රටකට ප්‍රතිපත්තියක් තිබිය යුතුය. කාලෙන්, කාලයට දේශපාලන පාට
වෙනස් වුවද රටේ ප්‍රතිපත්ති වෙනස් විය නොහැක. මොන ආණ්ඩුවෙන්
ආරම්භ කළ ව්‍යාපෘතියක් වුවද එයින් රටට යහපතක් වේ නම් එකී
ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යා යුතුය. එහෙත් අපේ රටේ කුහක දේශපාලන
මඩයන්ට එවැනි ප්‍රතිපත්තියක් නැත. හැඩ වෙමින් තිබෙන කොළඹ
අවලස්සන කරමින් ලෝකයා ඉදිරියේ ප්‍රදර්ශනය කර ඇත්තේ මෙරට
දේශපාලනයේ කුහකත්වයයි. ජාතියක් වශයෙන් තවමත් අප පරිණාමයෙන්
නොදියුණු ගෝත්‍රිකයන් බවයි. මේ වෙන යම් දෙයක් නොව ජාතියේ
කරුමයයි.
තරංග රත්නවිර
ඡායාරූප - කමල් බෝගොඩ
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, December 15, 2016
අංක එකට පිරිසිදුවට හිටි කොළඹ ආයෙත් කුණු ගොඩටම
Posted by
lankanews
at
December 15, 2016
Labels: colombo, Colombo city, unp corruptions, yahapalanaya
අංක එකට පිරිසිදුවට හිටි කොළඹ ආයෙත් කුණු ගොඩටම
2016-12-15T20:37:00+01:00
lankanews
colombo|Colombo city|unp corruptions|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
