සිංහල හා ඉංග්‍රීසි පුවත්පත් දෙකක්, ගුවන් විදුලි හා රූපවාහිනී සේවා දෙකක් හා වෙබ් අඩවි ජාලයක් ඒ අනුව නුදුරේම ආරම්භ කිරීමට නියමිත අතර මේ වනවිට ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩසටහන් වෙනස් කිරිම සදහා රුපවාහිණි වැඩසටහන් සහ ප්රවෘත්ති පිළිබඳව විශේෂඥ සහය ලබාගනිමින් සිටින බව අනාවරණය වි තිබේ.
පසුගියදා කැබිනට් මණ්ඩල රැස්විමෙන් අනතුරුව සුපුරුදු ලෙස ශ්‍රීලනීප මෛත්‍රී පිළේ බත්බැලයන් සමග පැවැති සාකච්ඡාවේදි බත්බැලයන් සියලුම දෙනා පෙන්වාදි ඇත්තේ මහේන්ද්‍රන්ලා ආරම්භ කිරිමට යන මාධ්‍ය ජාලය හරහා ජනාධිපතිවරයා ඇතුලු ජාතික ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනීප කණ්ඩායම මෙන්ම ජනපතිට කඩේ යන කණ්ඩායම් ඉලක්ක කර දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කිරිමට සුදානමක් ඇති බවයි.
ඒ හරහා වත්මන් අග්‍රාමාත්‍යවරයා ඇතුලු එජාපය සමාජය තුල ඉස්මතුවීමට ඉඩ සලස්වා ශ්‍රීලනීපය ඇතුලු අනෙකුත් පක්ෂ සියල්ලම දියකර හැරිම සදහා කටයුතු කරන බවයි මෛත්‍රීගේ බත්බැලයන් පෙන්වා දි ඇත්තේ..
2020 වෙනකොට ජනාධිපති කම විතරක් නොවේ ….අගමැති කමත් එජාපය ගන්න මේ මෙහෙයුම හරහා කුමන්ත්‍රණය කරනවා…..අපි එක්කම් ඉන්න් සමහරුත් මේ මෙහෙයුමේ කොටස් කාරයෝ වෙලා….. යනුවෙන් ශ්‍රීලනීප පැරෂුට් මහා ලේකම් දුමින්ද දිසානායක පවසා තිබේ.
එක්සත් ජාතික පක්ෂය පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ රටපුරා ග්‍රාමිය මට්ටමින් නිර්මාණය කල එජාප සන්නිවේදන බලකාය නැමති කටකතා බලකාය යලිත් පසුගිය සතියේ සිට සක්‍රීය කිරිමට කටයුතු ආරම්භ කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කර සුදත් චන්ද්‍රසේකර මෙම බලකාය මෙහෙයවන අතර ඔහුන් හරහා අර්ජුන්ලාගේ පුවත් පත් ගම්මට්ටමේ නොමිලේම ලබාදිම සදහා මේ වනවිටත් කටයුතු සුදානම් කර තිබේ.
අර්ජුන් ඇලෝසියස් ජාතකය…..
අර්ජුන් ඇලෝසියස්ගේ සීයා වන වෙන්සස් ලෝස් එක්ස්ප්‍රස් පුවත් සමාගමේ කළමනාකාර අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කර ඇති අතර ඔහුට සියයට 25 ක කොටස් හිමිකාරිත්වයක් ද තිබිණ. පසුව එය අර්ජුන්ගේ මවට පවරනු ලදුව ඇය විසින් මේ වන විට එම කොටස් අර්ජුන් ඇලෝසියස්ට පවරා ඇත. එක්ස්ප්‍රස් පුවත් සමාගමේ හිමිකරු හරී සෙල්වනායගම් ලයන් බීර නිෂ්පාදනය කරන ලයන් බෘවරි සමාගමේ හිමිකරුවෙකි. අර්ජුන් ඇලෝසියස් ගේ පියා වන ජෙෆ් ඇලෝසියස් මෙන්ඩිස් මද්‍යසාර නිෂ්පාදන සමාගමේ හිමිකරුවාය.
එමෙන්ම සන්ඬේ ලීඩර් හා ඉරුදින පුවත්පත් පවත්වාගෙන යාම සඳහා ප්‍රතිපාදන සපයන්නේ ද අර්ජුන් ඇලෝසියස් විසිනි. එහෙත් ඔහු බලාපොරොත්තු වූ මට්ටමින් එම පුවත්පත් ද්විත්වය සාර්ථක නොවීම මත නව පුවත්පත් ආයතනයක් ගොඩනැගීම ඔහුගේ බලාපොරොත්තුව වී තිබේ.