ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, December 2, 2016

එදා අත්සන් කළ මහජන ගිවිසුමේදී කෝටි ගණන් සැප වාහන දේශපාළු අපතයනට ලබා දීමේ වගන්තියක් තිබුනේ නැත..!!!

ඵදා මුන් සෝභිත හිමියන් රැවටුවේ අමු අමුවේය.දෙකට නැමී උන්වහන්සේ හමුවෙමින් රනිලා පිංසෙණ්ඩු වී පැවසුවේ පෙර බලයට පත්ව කළ වැරදි නැවත නොකරන බවයි.කපටි දේශපාළුවාගේ රංගනයට සමහරවිට උන් වහන්සේද අසුවිය.වසර දෙකකට ආසන්න කෙටි කලෙකදී රට ජනතාව නැත්තට නැතිකර උන් පමණක් සුරසැප විඳින කාළකණ්නි අපතයන් රැසක් බලය අල්ලාගත් බව දැන ගන්නා විට අශ්වයා ඉස්තාලෙන් පැන හමාරය.....!!! 
වත්මන් ආණ්ඩුව 2015 අගෝස්තු 17 මහ මැතිවරණයට මුහුණ දීමට පෙර 2015 ජුලි 28 වෙනිදා කරුණු 14 කින් යුක්ත මහජන ගිවිසුමක් සියයකට ආසන්න සිවිල් සංවිධාන සමග අත්සන් කරන ලදී. එකී කරුණු 14 කිසිදු තැනෙක ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ඇමැතිවරුන්ට ලක්ෂ 700ක වාහන ලබා දෙන බව හෝ ඇමැතිවරුන්ට වාහන සඳහා මසකට ලක්ෂ 7 බැගින් ගෙවන බව හෝ මන්ත්‍රීවරුන්ට කාර්යාලයක් පවත්වා ගැනීම සඳහා රුපියල් ලක්ෂය බැගින් දීමනාවක් දෙන බව හෝ සඳහන්ව තිබුනේ නැත. 
නමුත් මෑතකදී ආණ්ඩුවට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 58 දෙනෙකු සඳහා ජීප් රථ ලබා දීමට මසකට ලක්ෂ 7 බැගින් රෙන්ට් අ කාර් සමාගමකට ගෙවීමට කැබිනට් අනුමැතියක් ලබා ගත්තේය.
පසුගියදා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂයක මාසික කාර්යාල දීමනාවක්ද සෑම පාර්ලිමේන්තු රැස්වීමකටම ලබාදෙන දීමනාව රුපියල් 2000 කින් ඉහළ දැමීමට ද කැබිනට් අනුමැතිය ලබාදුන්නේ ය. 
මැති ඇමතිවරුන්ට සැප වාහන ලබා දීමට තවත් රු. කෝටි 79 ක පරිපූරක ඇස්තමේන්තුවකට ද අනුමැතිය ලබා ගත්තේය.
එහිදී ඩිලාන්ට ග්‍රේරුට ලක්ෂ 700 ක් ද,  රාජිතට ලක්ෂ 700 ක් ද, ලක්ෂමන් යාපාට ලක්ෂ 350 ක් ද ආදී ලෙස විය.
ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරුන් සහ විපක්ෂ නායකවරයා වෙනුවෙන් සුඛෝපභෝගී වාහන 28 ක් මිලදී ගැනීම සඳහා රුපියල් හැත්තෑ නවකෝටි පහළොස් ලක්ෂයක (රු. 791,500,000) මුදලක් ඉල්ලා පසුගිය 26 දා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කෙරිණ.
මේ සියල්ල සිදුවන්නේ මැති ඇමැතිවරුන්ට බදු රහිත වාහන බලපත්‍රයක් ද ලබා දීමට අමතරවය.

මෙම පරිපූරක ඇස්‌තමේන්තුව මීට පෙරද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ දිනවල සිදු වූ සාලාව හමුදා කඳවුරේ පිපිරීමෙන් රට තුළ ඇති වූ ආණ්දෝලනාත්මක තත්වය හමුවේ වාහන ආනයනය සඳහා මුදල් වැය කිරීම තාවකාලිකවන නතර කෙරුණු අතර දැන් එය යලි ඉදිරිපත් වී තිබේ.
කැබිනට් ඇමතිවරුන් 07දෙනෙකු, නියෝජ්‍ය ඇමතිවරුන් 12 දෙනෙකු, රාජ්‍ය ඇමතිවරු 08 දෙනෙකු සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා වෙනුවෙන් මෙලෙස නව වාහන 28ක්  මිලදී ගැනීමට මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර ඇත.
අංක CSA 16 හා 2016.05.18 දිනැති ජනාධිපති ලේකම් කාර්යාල චක්‍රලේඛය අනුව මෙම ප්‍රතිපාදන ඉල්ලා ඇති අතර මෙයට අදාළව මෙම මුදල් අනුමත කරන ලෙසට යෝජනා 22 ක්ද ඇතුළත්ය.
ඒ අනුව මහා නගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය ඇමතිවරයාට වාහන දෙකක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක් (රු. 14,000,000),
උසස් අධ්‍යාපන හා මහාමාර්ග රාජ්‍ය ඇමතිවරයාට වාහන දෙකක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ හැත්තෑවක (රු. 7,000,000), මුදලක්,

ස්වදේශ කටයුතු ඇමතිවරයාට (මුදලින් කොටසක්) රුපියල් ලක්ෂ හැත්තෑවක් (රු. 7,000,000),
විදේශ රැකියා නියෝජ්‍ය ඇමතිවරයාට වාහනයක් මිලදීගැනීම වෙනුවෙන් (මුදලින් කොටසක්) රුපියල් ලක්ෂ හැත්තෑවක් (රු. 7,000,000)

මුදල් රාජ්‍ය ඇමතිවරයාට රුපියල් තුන් කෝටි පනස් ලක්ෂයක් (රු. 35,000,000) ඉල්ලා තිබේ.
විදේශ රැකියා අමත්‍යවරයාට (මුදලින් කොටසක්) රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක් (රු. 35,000,000),
තැපැල් සහ මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය ඇමතිවරයාට රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක් (රු. 35,000,000),
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය ඇමතිවරයාට (මුදලින් කොටසක්) හැත්තෑ පන්ලක්ෂයක් (රු. 7,500,000),

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය ඇමතිවරයාට රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක්ද (රු. 14,000,000)
විපක්ෂ නායකවරයාට වාහනයක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක්ද (රු. 35,000,000),

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමතිවරයාට වාහන දෙකක් සඳහා රුපියල් කෝටි 07ක (රු. 70,000,000) මුදලක්ද,

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමතිවරයාට හා නියෝජ්‍ය ඇමතිවරයාට වාහන දෙකක් සඳහා රුපියල් කෝටි 07ක  (රු. 70,000,000) මුදලක්ද,
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමතිවරයාට රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක් (රු. 35,000,000)ද,
පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමතිවරයාට රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක් (රු. 35,000,000)ද,

වරාය හා නාවික කටයුතු ඇමතිවරයාට හා නියෝජ්‍ය ඇමතිවරයාට වාහන දෙකක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 07ක (රු. 70,000,000) මුදලක්ද,
ධිවර හා ජලජ සම්පත් රාජ්‍ය ඇමතිවරයාට රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක් (රු. 35,000,000)ද,
ග්‍රාමීය ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමතිවරයාට රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක් (රු. 35,000,000)ද,
කාන්තා හා ළමා කටයුතු ඇමතිවරියට සහ නියෝජ්‍ය ඇමතිවරියට වාහන 02ක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි හතක (රු. 70,000,000) මුදලක්ද,
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය ඇමතිවරයාට රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක් (රු. 35,000,000) මෙන්ම
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඇමතිවරයාට සහ රාජ්‍ය ඇමතිවරයාට වාහන 02ක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 07ක් (රු. 70,000,000) ලබාගැනීම වෙනුවෙන් මෙම පරිපූරකය ඉදිරිපත් කර තිබේ.
අප පෙරදී සඳහන් කළ මැතිවරණයට පෙර අගමැතිවරයා සිවිල් සංවිධාන සමග අත්සන් කරන ලද මහජන ගිවිසුමේ දැක්වෙන්නේ නම් යහපාලනය ස්ථාපනය කිරීම සඳහා මහජන ගිවිසුමට අත්සන් කරනු ලබන කණ්ඩායම් වල නියෝජනයෙන් සමන්විත උපදේශන සභාවක් පිහිටුවන බවයි. ඒවා ගැන දැන් කිසිදු කතාවක් නොමැති අතර යහපාලනයට දායක වූවන්ට එරෙහිව ඉන්ටර්පොල් රතු වරෙන්තු නිකුත් කරමින් සිටී.  එදා ගිවිසුම යලි මතක් කර ගැනීම සඳහා එම ගිවිසුම යලි  පහත පළ කරමු.

ජනවාරි 08 දා ලද ජනතා ජයග්‍රහණය ආරක්ෂාකර ගනිමින් එය වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑම සඳහා වූ පොදු මහජන ගිවිසුම

පසුගිය ආණ්ඩුව යටතේ පැවැති බිහිසුණු මර්දනකාරී දූෂිත පාලනය හේතු කොට ගෙන රටතුල පැවැති අසහනකාරී තත්ත්වය හමුවේ භීෂණ සංස්කෘතියෙන් සංකේතවත් වූ, නීතියේ ආධිපත්‍යය අධිකරණයේ ස්වාධීනත්වය, මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වූ පරිසරය තුල දේශපාලන හා සිවිල් සංවිධාන 47 ක් ඉකුත් ජනාධිපතිවරණයට පෙර ජනතාව වෙත සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී සහ ජන හිතකාමී ආණ්ඩු ක්‍රමයක් සඳහා පොදු මහජන න්‍යාය පත්‍රයක් ඉදිරිපත් කරන ලදී..
අද අප ඉදිරියේ ඇති ප්‍රධාන කාර්යය වන්නේ ජනවාරි 08 වැනි දින ජනතාව ලැබුවා වූ ඓතිහාසික ජයග්‍රහණ රැක ගනිමින් ඉදිරියට ගෙන යෑමයි. එම ජයග්‍රහණය ආපසු හැරවීම සඳහා ප්‍රධාන බලවේගය ලෙස පසුගිය රජය සමයේ සිදුකළ සියළු දූෂණ හා වංචා වලට වගකිව යුතු, දූෂිත හා මර්දන කාරී ප්‍රතිවිප්ලව වාදී බලවේගය ඉදිරිපත් වී සිටී.
ප්‍රජාතන්ත්‍රවාදය අපේක්ෂා කරන්නා වූත් රට තුල සාධාරන හා ශිෂ්ඨ සම්පන්න සමාජයක් අපේක්ෂා කරන්නා වූත් අප ඉදිරියේ ඇති මෙම අභියෝගය ජය ගත යුතුව ඇත. එම අරමුණ ඉටු කර ගැනීම සඳහා “සිවිල් සංවිධාන, වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ එකමුතුව“  “යහපාලනයක් සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ“ සමග පහත සඳහන් කරුණු 14 මත මෙම ගිවිසුමට එළැඹ සිටී.
1) නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙමින් පහත සඳහන් ප්‍රතිසංස්කරණයන් ඇති කිරීම
අ) අලුත් පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක සභාවක් බවට පත්කොට පවතින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුවට වග කියන කැබිනට් ආණ්ඩුක්‍රමයක් ඇති කිරීමට ප්‍රමුඛත්වය දිය යුතුය. එම නව ආණ්ඩුක්‍රමය වත්මන් ජනාධිපතිගේ ධූර කාලය අවසන් වූ පසුව බලාත්මක වනු ඇත.
ආ) එම ආණ්ඩුක්‍රමය තුල මනාප ඡන්ද ක්‍රමය අහෝසි කර සෑම මැතිවරණ කොට්ඨාශයකටම මන්ත්‍රීවරයෙකු හිමිවන සහ සියළු ජනකොටස් හා දේශපාලන මත වලට නිසි නියෝජනයක් ලැබෙන ආකාරයේ කේවල ආසන හා සමානුපාතික ක්‍රම වල සම්මිශ්‍රණයකින් යුත් නව මැතිවරණ ක්‍රමයක් ඇති කළ යුතුය.
ඇ) පාර්ලිමේන්තුවට පත්වීමෙන් පසු එම වරම හිමිකර ගත් පක්ෂය මාරු කළ නොහැකි බවට නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කළ යුතුය.
ඈ) නව මානව හිමිකම් පරිච්ඡේදයක් මගින් ජාත්‍යන්තරව පිළිගත් මානව හිමිකම් ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීම, සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් වල පරාසය පුළුල් කර සමාජ, ආර්ථික, සංස්කෘතික, කාන්තා හා ළමා අයිතිවාසිකම් ද ඊට ඇතුලත් කළ යුතුය. මූලික අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම සඳහා පොදු මහජන නඩුකරයන් පැවරීමට ඇති අයිතිය පිලිගැනීම සහ මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කළ යුතුය.
ඉ) ස්වාධීන අධිකරණයක් ස්ථාපනය කරනුවස්, විෂමාචාර ක්‍රියාවන්ට චෝදනා ලත් විනිසුරුවන් ධූරයෙන් ඉවත් කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නීති සම්පාදනය කළ යුතුය.
ඊ) 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සම්මත කර ගත් ව්‍යවස්ථා සභාවේ සාමාජිකත්වයෙන් බහුතරය සිවිල් නියෝජනයකින් සමන්විත වන ආකාරයෙන් යලි සකසා ගත යුතු අතර යෝජිත ස්වාධීන කොමිෂන් සභා වහා පත් කොට ක්‍රියාත්මක කළ යුතුය.
උ) වත්කම් බැරකම් ප්‍රකාශයට පත් නොකරන කිසිම නියෝජිතයෙකුට පාර්ලිමේන්තුවට පළාත් සභාවලට සහ පළාත් පාලන ආයතන වලට පත් විය නොහැකි අන්දමේ නීති සම්පාදනය කළ යුතුය.
2) නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය සහ පොදු ප්‍රවාහන සේවා ආරක්ෂා කර ගනිමින් රැකියා සම්පාදනය ළමා අයිතිවාසිකම් ආබාධිතයන්ගේ අයිතිවාසිකම් ජ්‍යෙෂ්ඨ පුරවැසි ආරක්ෂනය කලා හා සංස්කෘතික කටයුතු ආදී ක්ෂේත්‍රයන්හි ජාතික ප්‍රතිපත්තියක් සේම ගොවි ධීවර හා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ජාතික ප්‍රතිපත්තියක්ද හඳුන්වා දී ක්‍රියාත්මක කළ යුතුය.
3) ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දීම මගින් ජාතික හා ආගමික සංහිඳියාවට අභියෝග නොවන ආකාරයේ රාජ්‍ය තන්ත්‍රයක් ගොඩ නැගිය යුතුය.
4) ජාතික විගණන පනත, තොරතුරු දැන ගැනීමේ පනත හා දූෂන විරෝධී කටයුතු ශක්තිමත් කිරීමේ නව පනත් ඇතුළු යහපාලනය ස්ථාපනය කිරීමට අත්‍යාවශ්‍ය නීති හැකි ඉක්මනින් සම්මත කළ යුතුය.
5) දේශපාලනඥයන් රාජ්‍ය නියෝජිතයන් ඇතුළු සියළුම දූෂිතයන්ට එරෙහිව දැනටමත් ආරම්භ කර ඇති විමර්ශනයන් තව දුරටත් කාර්යක්ෂම කරමින් නව තාක්ෂනික දැනුමද උපයෝගී කර ගනිමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සහ අල්ලස් සහ දූෂණ කොමිසම ශක්තිමත් කළ යුතුය.
6) ශීඝ්‍රයෙන් වෙනස් වෙන ලෝකයේ අභියෝග වලට සාර්ථක ලෙස මුහුණ දීමට හැකිවන ලෙස තරුණ පරපුර සවි බල ගැන්වීමට සහ විශේෂයෙන්ම ඉහල මට්ටමේ රැකියාවන් සඳහා තරුණ පරපුර සූදානම් කිරීමට අවශ්‍ය තාක්ෂනික දැනුම සෙසු නිපුනතා හා පුහුණුව ඔවුනට ලබා දිය යුතුය.
7) පරිසරය ආරක්ෂා කර ගනිමින් විද්‍යා හා තාක්ෂනික දැනුම වර්ධනය කිරීම නව රජයේ ප්‍රමුඛ කාර්යයක් විය යුතුය. ජාතීන් අතර මිත්‍රත්වය ආරක්ෂා කරගනිමින් රටේ ප්‍රෟඪත්වය ප්‍රතිරූපය වර්ධනය කර ගනිමින් රටේ අභිවෘද්ධියට දීර්ඝ කාලීන ලෙස වාසි වන ජාත්‍යන්තර සබඳතා ක්‍රියාත්මක කළ යුතුය.
8) ඇති නැති පරතරය අවම කෙරෙන ආකාරයෙන් සියළු දෙනාට ප්‍රතිලාභ සාධාරණව බෙදී යන ආර්ථික ක්‍රමයක් ඇති කළ යුතු අතර ආර්ථික සංවර්ධන මූලෝපායයන් සැකසීමේදී ගොවි ආර්ථිකය ශක්තිමත් කරනු වස් වැව් අමුණු ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රමුඛස්ථානයක් දිය යුතුය.
9) ජීවන බර සැහැල්ලුවන ආකාරයෙන් ආර්ථිකයේ කාර්මික, කෘෂිකාර්මික, වැවිලි, ධීවර, ස්වයංරැකියා සහ සුළු හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත ශක්තිමත් කළ යුතුය. එමෙන්ම විවිධ අසාධාරණයන්ට ලක්වී ඇති විදේශ රැකියා නියුක්තිකයන් සහ ඇඟලුම් කර්මාන්තය ඇතුළු සේවාවන් ඉලක්ක කොට ගත් ශක්තිමත් සමාජ ආරක්ෂන ජාලයක් ස්ථාපිත කළ යුතුය.
10) සමාජ ආරක්ෂනය පිළිබඳ නව ප්‍රවේශයන් ලබා ගනිමින් අාදර්ශමත් සමාජ හා දේශපාලනික සංස්කෘතියක් බිහිකළ යුතුය.
11) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සෙසු මහජන නියෝජිතයන් සඳහා චර්යාධර්ම පද්ධතියක් ඇති කොට එය තිරසාරව ක්‍රියාත්මක කළ යුතුය.
12) අත්‍යාවශ්‍ය මහජන සේවාවන් සඳහා වූ ආයෝජන දිරිමත් කරමින් ඒ සඳහා ඇති බාධාවන් ඉවත් කොට එම කාර්යයන් ඉටු කර ගැනීමට සහාය විය යුතුය.
13) මිල පාලන හා පාරිභෝගික ආරක්ෂක පනත් සක්‍රීය කිරීම තුලින් ජනතාවට සහන ලබා දිය යුතුය
14) යහපාලනය ස්ථාපිත කිරීම අරමුණු කර ගත් මෙම මහජන ගිවිසුමට අත්සන් කරනු ලබන කණ්ඩායම් වල නියෝජනයෙන් සමන්විත උපදේශන සභාවක් පිහිටුවීම හරහා සිවිල් පුරවැසි කණ්ඩායම් වල අදහස් රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී සහ ක්‍රියාත්මක කිරීමේ දී දායක කර ගත යුතුය. එම උපදේශන සභාව අගමැති තුමා සහ සිවිල් සංවිධාන කමිටු සභාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක විය යුතුය.
යහපාලනයක් සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ සහ පත්වන ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශව කරු වශයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් සිවිල් සංවිධාන වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ සියල්ල නියෝජනය කරමින් එහි සභාපතිත්වය දරමින් පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමි එහි ප්‍රධාන පාර්ශව කරු ලෙසත් මෙම ගිවිසුම අත්සන් කරන අතර සියලු සිවිල් සංවිධාන වෘත්තීය සමිති සහ පක්ෂ නියෝජිතයන් එහි සෙසු පාර්ශව කරුවන් ලෙස අත්සන් තබනු ඇත.
අත්සන් කෙළේ

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි                                                            අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

2015 ජුලි 28 දින කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.