ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, December 23, 2016

මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතී...

සිංහල චිත්‍රපට පසුබිම් ගායනයේ ප්‍රේමනීයම පිරිමි කටහඬ හිමි තැනැත්තා උපත ලැබුවේ 1927 නොවැම්බර් 28 දා මහනුවර, දෙයියන්නෙ වෙල නම් අති සුන්දර වටපිටාවකින් යුතු ගැමි පළාතකය. 1983 නත්තල් මංගල්‍යය දිනයේදී දිවි සිනමාවෙන් සමුගත් මේ රන් ස්‌වරය සිංහල චිත්‍රපට සිය ගණනකට ප්‍රාණය දායාද කර ඇත. රිදී තිරයේ සුපිරි රංගනවේදීන්ට සිය මධුර කටහඬ පරිත්‍යාග කළ මේ මහා ගායකයා ධර්මදාස වල්පොළය.වීඩියෝ සහිතයි


ටවර් හෝල් නාට්‍යවල රංග වස්‌ත්‍ර නිර්මාණ කරුවෙකු වූ චාර්ලිස්‌ අප්පුහාමි ධර්මදාස වල්පොලයන්ගේ පියතුමා විය. මවුතුමිය කරුණාවතී මහත්මියයි. ගමේ පාසලේ මූලික අධ්‍යාපනය ලබා වයස අවුරුදු 07 දී ගීත ගායනයට පිවිසියේය. මුලින්ම නාට්‍යාචාර්ය ඡේම්ස්‌ පෙරේරා මහතාගෙන් ස. රි. ග. ම. ප කියා පාඩම උගත්තේය. නුවර පෙරහැර කාලෙට තම පියා සමඟ නාඩගම්වල ගීත කීවේය. පියා සංගීතඥයෙකි. සමුද්‍රදේවී නාට්‍යයේ ධර්මපාල කුමරුගේ ළමා විය වෙනුවෙන් ධර්මදාස වල්පොල රංඟනයේ යෙදුනි
 
ඊට පසු කොළඹට පැමිණි මොහුගේ ජීවිතය, බොහෝ දුරට වෙනස්‌ විය. කොළඹට පැමිණ ලයනල් පෙරේරා මාස්‌ටර්ගෙන් මුලින්ම සංගීතය ප්‍රගුණ කළේය. ආර්. ඒ. චන්ද්‍රසේන බඳු ගුරුවරුන් වෙතින් යම් යම් ගුරු හරුකම් ලබා ගත්තත්, ක්‍රමානුකූල ශාස්‌ත්‍රීය පුහුණුවක්‌ නොලැබුණි. එහිදී ජී. එස්‌. බී. රාණී සමඟ "තොටියෝ, තොටියෝ" යන ගීතය මුලින්ම තැටි ගත කළේය. මරදාන ප්‍රමුඛ අගනුවර, කලා ශිල්පීන්ට ශිල්පී ඥානය ලැබුණු ක්‍රමයක්‌ ලෙස සංගීත කාමර සම්ප්‍රදාය හැඳින්විය යුතුය. එච්. ආර්. ජෝතිපාල, ඡේ. ඒ. මිල්ටන් පෙරේරා, බෙග් මාස්‌ටර් සේම ධර්මදාස වල්පොලද මෙම සංගීත කාමර සම්ප්‍රදායේ පිහිට ලැබීය.

මොහු මුලින්ම දෙයියන්නෙ වෙල සිට අගනුවරට පැමිණියේ ගායකයකු වීමේ බලාපොරොත්තු සිතින් නිෂ්ප්‍රභ කරමිනි. රඟපෑම වෘත්තියක්‌ වශයෙන් කිරීම ඔහුගේ අදහස වී තිබුණි. වල්පොල ටවර් හෝල් යුගයේ නාට්‍ය ගණනාවක ළමා චරිත ඉතා ක්‍රමවත් ලෙසත්, විශ්වයානුකූලවත් නිරූපණය කර ඇත. එහෙත් දෛවය රඟපෑම නොව සංගීතය ඔහුගේ ජීවිතයට නැඹුරු කළේය. දැන් ඔහු සිතුවම් පට පසුබිම් ගායකයෙකු ලෙසින් තම ජීවිකාව සකස්‌ කොට ගත්තේය. මේ අතර තුර වල්පොල ගුවන් විදුලි වාදක මණ්‌ඩලයේ බටනලා වාදන ශිල්පියෙකු ලෙස ගුවන් විදුලියට එකතු විය.

1953 ප්‍රේමතරගය චිත්‍රපටයට ලතා සමඟ "හොඳ හොඳම වේය ලොව " යන ගීතය ගයමින් ධර්මදාස වල්පොල සිනමා පසුබිම් ගායනයට එක්‌විය. ප්‍රේම තරගය චිත්‍රපටය මෙම දෙපළගේ ජීවිතවල විශේෂ සංධිස්‌ථානයක්‌ ඇතිකළා විය. හැක. ප්‍රේම තරගයට පස්‌සෙ ලතා සහ ධර්මදාස ආදරය ක්‍රමයෙන් වැඩි වන්නට පටන් ගත්තේය. ඒ දිනවල චිත්‍රපට පසුබිම් ගායනය පිණිස දිගටම මදුරාසිය බලා යැමට සිදු විය. ඔහු ගැයු ගීත සම්භාරය අදටද එකසේ මිහිරිය. ඔහුගේ හඬ ඕනෑම නළුවෙකුට ගැලපෙන විරල හඬකි. "ප්‍රේමතරගය" "එදාරෑ" "පුදුමලේලි" මාතලන්" "පුරුෂ රත්නය" සොහොයුරෝ" "ඩිංගිරි මැණිකා" "රදලපිලිරුව" "දුප්පතාගේ දුක" ඉන් කිහිපයකි. 1958 දී ලතා සමඟ විවාහ වූ ධර්මදාස සංගීතයටම සිය දිවිය කැප කළේය. චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසි ඔහු හැඟêම් බර ජනප්‍රිය යුගගීත ගායනයෙහි උපන් හපන් කම් ඇත්තෙකි. තම සහාය ගායිකාවන්ගේ හඬ අභිබවා නොයනසේ හඬ මනාව පාලනය කරමින් ඔහු අපුරු ගායන ශෛලියක්‌ හඳුන්වා දුන්නේය. ධර්මදාස වල්පොල විවිධ ගායිකාවන් සමඟ ගැයූ ජනප්‍රිය යුග ගී ස්‌වල්පයක්‌ සිහිපත් කරමු. " සුජාතා චිත්‍රපටයේ දක්‍ෂිණ මුර්ති සංගීතවත් කළ කේ. රාණි සමඟ ගැයූ " පෙම් රැල්ල නගී" සැඩ සුළං චිත්‍රපටයේ දක්‍ෂිණ මුර්ති සංගීතවත් කළ " කේ රාණි සමඟ ගයන" සොමිබර පෙම් රැළි" දොස්‌තර චිත්‍රපටයේ රුක්‌මණී දේවී සමගින් "වාසනාවන්ත කල බාල" සූරසේන චිත්‍රපටයේ ලතා සමඟ ආනන්ද ශ්‍රීය වෑහේ" ශූරයා චිත්‍රපටයේ "පිවිතුරු මනහර" වීරවිජයහි ලතා සමඟ "ඉරණමට සැවොම ගැතිවේවි" දෙබස්‌ කැවූ පතිවත" හි රුක්‌මණී දේවී සමඟ "සෙනෙහෙයේ හි ලයේ කවුදෝ" යනාදී ජනප්‍රිය ගීත අද රසිකයන්ගේ හදවත් තුළින් ඉවත් වී නැත. ඔහු චිත්‍රපට සඳහා ජනප්‍රිය කවි ගායනා රාශියක්‌ම ගායනා කළේ හෙලදිව ෆිල්ම් ආට්‌ස්‌ සමාගමේ "ඩිංගිරි මැණිකා" චිත්‍රපටයේ" ලතා සමඟ " වැනේ සුනෙර සසලස" කුරුළුබැද්ද චිත්‍රපටයේ වත්තේ වැටුණු පොල් අතුටික" සංදේශය චිත්‍රපටයේ "කටේ කිරි සුවඳ" යනාදී කවි රසික හදවත් බැඳ ගත්තේය. චිත්‍රපට සඳහා තනිව ගැයූ ගීත කිහිපයක්‌ද වේ.

මුත්තුසාමි සංගීතවත් කළ ප්‍රේම තරගය චිත්‍රපටයේ " පෙරකළ පව පලදී මෙලොව ඉපදී" " සේපාලි" චිත්‍රපටයේ" මේ සෞම්‍ය රාත්‍රී," පී. ඇල්. ඒ. සෝමපාල සංගීතවත් කළ " අශෝකා" චිත්‍රපටයේ "සටනකී ජීවිතේ මේ" මුත්තුසාමි "සංගීතවත් කළ " ඉපදුනේ ඇයි" චිත්‍රපටයේ වසන්ත සමයේ " සිරියලතා හි" සැමදාම ඔබ මගේ කියා "සුරතලී චිත්‍රපටයේ" සාදු ශ්‍රී මෙලෝහි පතුරා" යනාදී ගීත එදා යෞවන හදවත් මුසපත් කළ බව කිව යුතුය


( මේ ධර්මදාස වල්පොල ගායකයන්ගේ ඇති ඵකම රූපවාහිනී මතක සැමරුමයි.අද නව පරපුරේ කිසිවෙකු ඔහු ගීත ගායනා කරනු දැක නැතිවාට සැක නැත.) 
 ග්‍රැමපෝන් තැටි ගී අතරටද වල්පොලයන්ගේ ගීත ප්‍රධාන තැනක්‌ ගත්තේය. ජී. එස්‌. බී. රාණී සමඟ " නිර්වානේ", විවියන්ද සිල්වා බොරලැස්‌ස සමඟ " නිදි යහනෙ ඇයිද" රුක්‌මණී දේවිය සමගින් " ආනන්ද ජවනිකා" " මේ සෝක සයුරේ පීනා " අර රමණී පෙම්හද ආකාසේ" මෙම ගීත එදා ගුවන් විදුලියට නැතුවම බැරි විය. ප්‍රේමසිරි කේමදාසයන්ගේ කැලෑමල් ගීත නාටකයට ධර්මසිරි ගමගේ රචනා කළ " සිරිකත එන මග" යන ගීතය එදවස මහත් ආන්දෝලනයක්‌ ඇති කළේය. සිවම්මා ධනපාල නාටකයේ ඔහු සාලියගේ චරිතය රඟපාමින් නැවතත් රංගන භූමිකාවටද එක්‌ විය.
මුදලට වහල් නොවී ප්‍රතිපත්ති ගරුක ජීවිතයක්‌ ගත කළ ධර්මදාස වල්පොල සැබෑ බෞද්ධයෙකි. අජන්තා රණසිංහ ලියූ " උත්තම මුණි දළදා" ගීතය බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත එදා ගුවන් විදුලියේ ගායනා කිරීමෙන් තමාට ලැබුණු රු 35/- මුදලද රැගෙන මහ මගට අවුත් යාචකයන් වෙත බෙදා දීමට තරම් මොහු පරිත්‍යාගශීලී විය.

මොහුගෙන් සංගීතය හැදෑරූ ජනප්‍රිය ගායක, ගායිකාවන්ද රැසකි. ඉන්දීය ගායිකාවන් වන කේ. රාණී, ජමුනා රාණී, සත්‍යවතී සමගින්ද ලාංකික ගායිකාවන් වන චිත්‍රා සෝමපාල ජී. එස්‌. බී. රාණී, ලතා වල්පොල සමඟද ඉන්දීය සංගීතඥයන් වන ටී. ආර්. පාපා, දක්‍ෂිණ මුර්ති, රාම මූර්තු සහ ලාංකික සංගීතඥයන් වන සෝමදාස ඇල්විටිගල, ප්‍රේමසිරි කේමදාස, පී. ඇල්. ඒ සෝමපාල, රොක්‌සාමි, ටී. එµa. ලතිප්, ආර්. මුත්තුසාමි සමඟද වල්පොලයන් ශ්‍රී ලාංකික ගීත ලෝලයින්ට ගීත රාශියක්‌ දායාද කළේය.

දශක ගණනාවක්‌ අපේ සංගීත වේදීන්ට නැතිවම බැරි ගායකයෙක්‌ බවට ඔහු පත්ව සිටියේය. ඉන්දීය ශබ්දාගාරවල, ඉන්දීය සංගීතඥයන් සමඟ විශාල වාදක මණ්‌ඩලයක්‌ සමඟ ගීත ගයා හපන්කම් කළ එකම සිංහල පසුබිම් ගායකයා ඔහුය. ආදායම් වාර්තා පිහිටු වූ සිංහල චිත්‍රපට විශාල ගණනාවක ජනප්‍රිය ගීත රැසක්‌ම ගැයූ එකම ගායන ශිල්පියා ඔහුය. දශක ගණනාවක්‌ ඉන්දීය සංගීතවේදීන් සමඟ, ඉන්දියානු ගායිකාවන් සමඟ සිංහල වචන නිසි ලෙස උච්ඡාරණය කරමින් සිංහල චිත්‍රපට සඳහා සිංහල ගී ගැයූ එකම පසුබිම් ගායන ශිල්පියා ඔහුය.

අමරණීය ගායන ශිල්පී ධර්මදාස වල්පොලයන්ට උපහාර පිණිස " සෞම්‍ය රාත්‍රිය" ගී ප්‍රසංගය 2008 මැයි 13 දා සවස 6.00 ට බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මහත් උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. ලතාවල්පොල සමඟ සුනෙත්, අමිත් ධම්මිකා මෙන්ම ලතාගේ මිනිබිරියද මෙහිදී ගීත ගයනු ලැබීය. " ධර්මදාස වල්පොල "නමින් පදනමක්‌ පිහිටුවා තිබෙන අතර, එහි මූලිකත්වය ගෙන කටයුතු කරනුයේ වල්පොලයන්ගේ කනිටු පුත් අමිත් වල්පොලය. එදා පැරණි ගීතයෙන් සංගීතයෙන් නව තරුණ පරපුරට ගත යුතු දේ බොහෝය. පැරණි ගීත කලාව හා සංගීත ක්‍ෂේත්‍රය දියුණු කර ගැනීම පිටිවහලක්‌ ලෙස එතුමාගේ ගීත ඉදිරි පරපුරට රස විඳීමට සංරක්‍ෂණය කිරීම, ගීත සම්ප්‍රදායට නව පණක්‌ ලැබීම මෙම ධර්මදාස වල්පොල පදනම මගින් ආරම්භ වූ බව සඳහන් කරනුයේ එහි පුරෝගාමී ධර්මදාස වල්පොලයන්ට ගෞරව වශයෙනි.
  කාලයක්‌ තිස්‌සේ තම සිත් තුළ රැව්දුන් සිහිනය යථාර්ථයක්‌ බවට පත් කර ගැනීමට සිංහල සිනමාව ගැන කථා කිරීමේදී ධර්මදාස වල්පොල භූමිකාව විශේෂිතය. ඒ විශේෂිත බව ඔහු ගොනුකර ඇත්තේ සංගීතය හා ගායනය වෙතින්ය. ශ්‍රී ලාංකීය සිනමාවක ශ්‍රී ලාංකීය සංගීතය සටහන් කළ පුරෝගාමි සංගීතඥයෙකු ලෙස ඔහුගේ නාමය අමරණීයයි. ඔහු අදීන සිතුවිලි සහිතව දිවි ගෙවූ අයෙකි. හින්දි ගී තනු අනුකරණය ඔහු ප්‍රිය කළේ නැත. අනුකාරක හින්දි තනු සිය ගණනකට, ඔහු ගයා තිබුණත්, ඒවායේ වගකීම චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන් හා සංගීතඥයන් භාරගත යුතු බව විචාරකයෝ පෙන්වා දෙති. සේපාලි චිත්‍රපටයේදී ධර්මදාස අනුකරණ හින්දි තනුව තදින්ම ප්‍රතික්‍ෂේප කළේය. ඔහුගේ උනන්දුව මත " මේ සෞම්‍ය රාත්‍රී ගෙවිලා යති" යන ස්‌වතන්ත්‍ර මිහිරි තනුව සේපාලි" චිත්‍රපටය වෙනුවෙන් බිහි වී ඇත. මේ අසහාය ගායකයා අදින් වසර 33 කට පෙර, හදිසි, හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත විය. සිය ඉල්ලීම අනුව මරණයෙන් පසු දෑසම දන්දුන් ධර්මදාස වල්පොලගේ දෙනෙතින් ලොව දකින දෙදෙනෙකු තවමත් ඉන්දියාවේ ජීවත් වන බව අප අසා ඇත. ( පසුගිය රජය සමයේදී මේ ගායකයාට උපහාර පිණිස මුද්දරයක් නිකුත් කොට තිබූ අයුරු.)

ඔබගේ පෙම් හඬ මැකී ගියත්, ගීතය, සංගීතය, ආත්මය කොට ජීවත් වූ මේ මහා ගායකයාට නිවන් පුර දොරටු විවරවීමට මත්තෙන් යළිදු එක්‌ වරක්‌ හෝ මේ සිරිලක්‌ දෙරණේ යලි ඉපදෙන්නට හේතු වාසනා වේවා.
  ඒ. වී. කරුණාදාස
බැංකු නියෝජ්‍ය කළමනාකරු (විශ්‍රාමික)

 (මෙම ලිපිය  මෙම මස 25 දිනට යෙදෙන ධර්මදාස වල්පොල මහතාගේ 33 වන ගුණ සමරුව වෙනුවෙනි.)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.