මේ මල බයියෝ පාට කන්නාඩියක් දාගෙන ඉන්නේ, පේන්නෙම එකම පාටයි.
මහින්දව ගෙදර ඇරියේ මහින්ද එපා වෙලා(හේතුව රටම දනී). මහින්දගේ වල කැපුවේ ටොයියෝ, ජෙප්පෝ හෝ දෙමළ ඩයස්පෝරාව නෙමේ, ඔය බයි හඬ තලන බයි සහෝදරවරුම තමා. ඒ වගේම මහින්ද මහතා වටා සිටි පවුල සහ ආඩම්බරකාර ඇමටියෝ තමා.
මහින්ද රාජපක්ෂට අපි ජාතියක්, රටක් වශයෙන් සැමදා ගව්රවය කරනවා මොකද ඔහුට පැවරී තිබූ රාජකාරිය එලෙසින්ම ඔහු ඉටු කලා, ඒ වගේම රට දියුණුවට පාර සලස්වපු නිසා.
මහින්දට අවරුදු දෙකක් තව ඉදිරියට පාලන කාලය තියෙද්දී මහමැතිවරනයක් ඉල්ලුවේ යහපාලනයවත්, ජ වී පෙ වත් නෙමේ නේද ? ඔය අවුරුදු දෙක ඇතුලත තිබුනානම් යම් යම් වැරදි, ඒවත් හදාගෙන ඉතා හොඳ මහමැතිවරණයක් පවත්වා ඉහල ජයග්‍රහණයක් ලබා ගැනීමටත් හැකියාව තිබුනා නේද ?

නමුත් ඔහු වටා සිටි උන් ඒ සඳහා එතුමාට අවස්ථාව ලබා දුන්නේ නැහැ.
යහපාලනය මුල පටන්ම කැඳ හැලියක් බව අපි දැනගෙන හිටිය. එහෙම පෙනෙන්නට තිබුන. නමුත් මේ වෙනස අවශ්‍යව තිබුනා, ඒ වෙනස ඒ ආකාරයෙන් විදින්නට රටට බැරි වෙන්නේ, - උන් දුන් පොරොන්දු ඉටු නොකිරීමත්, - කලින් හිටි හොරුන් පස්ස පාරෙන් නැවතත් බලයට පත් කිරීමත් නිසාවෙනි. -

ඔවුන් රටට ජාතියට කරන දෙයක් පෙනෙන්නට ඇත්තේද නැත? සුළු ජාතීන්ට ඉතා හිතවාදී බවක් පෙන්වමින් (එහි වරදක් නැත), මහ ජාතියට කෙනෙහිලිකම් කරයි (එය වැරදිය).
ජනප්‍රිය බොරු කෝටියක් කියා බලය ලබාගෙන ඉන් කිසිවක් ඉටු කරදීමට අපොසත්ව බොරු කාරයන් වී හමාරය.
බයියන්ට මන් කලින් කියා ඇති සේ, මට කිසිම පාටක්, පක්ෂයක් නැත, මා සැමදා පෙනී සිටින්නේ රටට, ජාතියට ආදරය කරන, අපේ රට ජාතිය රකින (වචනයෙන් හෝ), යහපත් මිනිසුන් වෙනුවෙනි.
බයියන්ගේද, ටොයියන්ගේද, ජවිපෙද, දමිල, මුස්ලිම් සියළුම කණ්ඩායම් වල අල්පයක් හෝ හොඳ මිනිසුන්ද සිටිති ඔවුන් මගේ මිතුරෝද වෙති.
යහපාලනය ගෙනෙන්න යම් සහයක් දැක්වුවා සේම, හෙට දිනයේ සිදුවෙන ව්‍යසනය අභියස ඔවුන් මුළු දේශපාලනයෙන්ම අතුගා දැමීමට මගේ සහය ලබා දෙන බව පෙන්වා දෙමි. ඒ මම රටට ආදරේ පුද්ගලයෙක් මිස නිල් කොළ රතු පුද්ගලයෙක් නොවෙන නිසාවෙනි.
රොෂාන් ජයකොඩි