‘‘ප්රභාකරන් බේර ගන්න ඇමරිකාව වලි කෑවා‘‘
බෙදුම්වාදී අන්තවාදී කොටි සංවිධානය 2009 යුද්ධයේදී නැත්තටම නැති කිරීම
නිසා ඇමරිකාවේ බලාපොරොත්තු බිඳවැටි ගිය බව ඇමරිකා විදේශ ප්‍රතිපත්තිය දැඩි
ලෙස විවේචනයට ලක් කරමින් ඇමරිකා රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ විශ්‍රාමික
දේශපාලන උපදේශකයකු වන දයා ගමගේ පොතක් ලියා ඇත.
‘‘දෙමළ කොටි ඇමරිකාවට ණය ගැත්තෝය‘‘ යන නමින් ඉංග්‍රිසියෙන් ලියා ඇති මෙම පොති විජිත යාපා සමාගම ප්‍රකාශයට පත් කරයි.
26 වසරක් කොටි සංවිධානය පරාජය කිරීමට ශ්‍රි ලංකා හමුදාව ගත් උත්සහයන්
ඇමරිකාව විදේශ පිළිවෙතේ සට කපට හා ප්‍රතිපත්තියක් නැති ක්‍රියාමාර්ගද
එමනිසා ශ්‍රි ලංකාවේ ත්‍රස්තවාදී සටන අඩාල කිරීමට ඇමරිකාව ගත් උත්සහායේදී
විදේශ ප්‍රතිපත්තියේ දියාරු හා නැවෙන සුළු පිළිවෙතින් කොටි සංවිධානය බේරා
ගැනීමට කැසකැවු සැටිත් ශ්‍රි ලංකාව එයින් බරපතල උභතෝ කෝටිකයට මුහුණ පෑ
හැටිත් මෙම පොතේ කර්තෘ වරයා විස්තර කරයි.
කොටි සංවිධානයේ නායකයා මරණයෙන් බේරා ගෙන වෙනත් ස්ථානයක රඳවා ගනිමින්
අවශ්‍ය වූ විට ශ්‍රි ලංකා රජයට බලපෑම් එල්ල කිරීමේ පීඩන කණ්ඩායමක් ලෙස
ඔවුන් යොදා ගැනීමට ඇමරිකාව අවසන් මොහොත දක්වාම උත්සහ ගත් බව කර්තෘ වරයා
හෙළි කරයි.
ඇමරිකා රාජ්‍ය දෙපාර්තුමේන්තුව ඒ සඳහා ගෙය ගිය කූට හා කයිරාටික උපක්‍රම ආදිය මෙම පොතෙන් විස්තර කරයි.
ශ්‍රි ලංකාවේ යුද්ධයට අතහිත දෙමින් දර දිය අදිමින් සිටි දෙමළ ඩයස්පෝරාවට
පණ නළ පිදීමේ වොෂින්ටන් පිළිවෙත විවේචනයට ලක් කරන මෙම ග්‍රන්ථය පෙන්වා
දෙනුයේ ඇමරිකාව කොටි න්‍යාය පත්‍රය අනුව හැමවිටම ක්‍රියා කළ බවයි.
ඇමරිකාවේ උත්සාහය වී ඇත්තේ ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කීරීමේ ජගත් රාජ්‍ය
තාන්ත්‍රික සංවිධානයක් කොටි සංවිධානය නමින් පිහිටුවා ගැනීමයි.
ඒ සඳහා ඔවුන් කෙතෙක් දුරට ක්‍රියා කළේදැයි පෙන්වා දෙන කර්තෘ වරයා
නන්දිකඩාල් කලපුවට කොටුවී සිටි ප්රභාකරන් ඇතුළු කොටි නායකයින් බේරාගෙන
ශ්‍රී ලංකාවෙන් රැගෙන යාමේ කූට සැලැස්මක් ඇමරිකාව සතුව තිබූ බවද කියයි.
ඔවුන් ඒ සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානය පවා ඔවුන්ගේ ක්‍රියාවලියට යොදා
ගැනීමට ක්‍රියා කර ඇත.
කොටි සංවිධානයේ දුෂ්ට හා කුරිරු පිළිවෙත් ගෙනහැර දක්වන කර්තෘවරයා පවසනුයේ
තම පොත ලිවීමට ඇමරිකා රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ තම හිතුවතුන් කිහිපදෙනෙකුගේ
උනන්දුව හා මඟ පෙන්වීමද ලැබුණ බවයි.
ඇමරිකා රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ ඇතුළේ කියුම් කෙරුම්ද ඔහුගේ ග්‍රන්ථයෙන් විවේචනය කරයි.
යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ ගමන් මගේ පූරෝගාමියකු ලෙස දෙමළ ඩයස්පෝරාව
(එතෙර වාසය කරන ශ්‍රි ලංකා දෙමළ වැසියන්) වෙනුවෙන් ඔවුන්ගේ සිතැගි පරිදි
ඊළමක් බිහිකර දීමට ඇමරිකාව ගත් උත්සාහය ශ්‍රී ලංකා යුද හමුදාවෙන් වැලැක්වූ
සැටියේ කොටියා යුද්ධයෙන් පරාජය නොවුයේ නම් කොටි ඩයස්පෝරාව (දෙමළ) ජගත්
රාජ්‍ය තාන්ත්‍රික බලවේගයන් බවට පත් කිරීමට ඇමරිකාව සිය විදෙස් පිළිවෙත
ඔවුනට ඕනෑ ඕනෑ විදියට වෙනස් කළ බව කර්තෘවරයා කියයි.
බටහිර රටවල ආණ්ඩුවල උදව්වෙන් දෙමළ ඩයස්පෝරාව කක්ෂගත කර එය රට දෙකඩ කිරීමේ
ගාමක බලවේගය කර ඔවුන් පත් කර ගැනීමේ මූලික උත්සාහය වැරැදි ගිය සැටිත් පොතේ
විස්තර කරයි.
කොටියා යුද්ධයෙන් පරාජය වීමත් සමඟ වොෂින්ටන් විදෙස් පිළිවෙතේ ගමන් මගේ
ඉලක්කය වැරදී ඇතැයිද ඉන්පසුව අවුරුදු 26ක් තිස්සේ ත්‍රස්තවාදය එරෙහිව රට
බේරා ගැනීමට ක්‍රියා කළ හමුදා නායකයින් හා රට වැසියන් යුද අපරාද කළැයි
හන්වඩු ගැසීමට ඇමරිකාව ගත් වෑයමද මෙම පොතේ විස්තර වේ.
ඒ සඳහා වූ ඇමරිකාව ජාත්‍යන්තර මානුෂික නීතියට මුවා වූ හැටිත්, එමගින් දෙමළ
ඩයස්පෝරාවට උත්තේජනයක් ලබා දීමට ක්‍රියා කළ හැටිත් විස්තර කරන කර්තෘ වරයා
ඇමරිකා විදෙස් පිළිවෙතේ නිරුවත හා ප්‍රතිපත්තියක් නැති ක්‍රියාමාර්ග ගත්
හැටිත් ඉරාකය, ඇෆ්ගනිස්ථානය හා ලිබියාවේ ආණ්ඩුද ආක්‍රමණය කරමින් එම රටවල්
සිදුකළ අතීත ඔලමොට්ටලකම් නොතකා ශ්‍රී ලංකාවටද අත පෙවීමේ උත්සාහයේදී දෙමළ
ඩයස්පෝරාවට තුරුම්පුවක් කර ගත් ආකාරයක් කතුවරයා හේතු සාධක ඇතුව විස්තර
කරයි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Monday, December 26, 2016
‘‘දෙමළ කොටි ඇමරිකාවට ණය ගැත්තෝය‘‘ යුද්ධයේ අලුත්ම පොත ...!!!
2016-12-26T15:28:00+01:00
lankanews
Former LTTE arms procurer|Liberation Tigers of Tamil Eelam|LTTE agenda|new book|prabakaran|Sri Lankan government|usa embassy|usa help ltte|usa president|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...