උතුරේ නිසි පාලනයක් නැතැයි පවසමින් එක්සත් ජාතීන්ගේ සාම
හමුදාවක් ලංකාවට ගෙන ඒම සුදුසු යෑයි පැවසූ සී. වී.
විග්නේශ්වරන් මහ ඇමැතිවරයා දැන් යළිත් උතුරු පළාත් සභාවට ඉඩම්
බලතල අවශ්‍ය බව අවධාරණය කර තිබේ. යාපනයේ පැවැති රැස්වීමක්
අමතමින් උතුරු මහ ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ පළාත් සභාවේ
කටයුතු නිසි පරිදි සිදුකර ගැනීම සඳහා ඉඩම් බලතල අත්‍යවශ්‍ය
බවයි. එහෙත් පළාත් සභාවලට ඉඩම් බලතල පැවරීම සුදුසු දෙයක්ද?
උතුරේ විහාරස්ථාන ඉදිකිරීම නැවැත්වීම සඳහා යෝජනා සම්මත කළ
විග්නේශ්වරන්ට ඉඩම් බලතල ලබාදුනහොත් සිදු වන්නේ කුමක්ද? පලාලි
හමුදා කඳවුර ද අකුළා ගන්නා ලෙස පළාත් සභාවේ යෝජනා සම්මත වීම ය.
සැබැවින්ම උතුරු පළාත් සභාවට ඉඩම් බලතල ලබාදීම ජාතික ආරක්ෂාවට
තර්ජනයක් වන බව පැහැදිලි ය. ජාතික ආරක්ෂාවේ නාමයෙන් මධ්‍යම
ආණ්ඩුව පළාත් සභාවලට ඉඩම් බලතල ලබා දිය යුතු නැත. ඉඩම් බලතල
ලබාදුනහොත් එය රාජ්‍යයේ සහජීවනයට ද ප්‍රශ්නයක් වනු ඇත. 2009
මැයි මාසයෙන් පසු කොටි භීෂණයෙන් මිදුණු දෙමළ ජනතාවට දැන්
නිදහසේ තම කටයුතු කරගෙන යැමට අවශ්‍ය වාතාවරණය උදා වී ඇත.
හමුදාව සතුව තිබූ බොහොමයක් ඉඩම් දැන් ජනතාව වෙත මුදාහැර ඇත.
කලින් අධිආරක්ෂක කලාප දැන් දෙමළ ගම්බිම් බවට පත්වී ඇත. එසේම
උතුරේ ජනයා අපට ඉඩම් බලතල අවශ්‍ය යෑයි පවසමින් කිසිදු විටක
උද්ඝෝෂණ පවත්වා නැත.
නමුත් උතුරේ කපටි දේශපාලකයන්ට නම් ඉඩම් බලතල අත්‍යවශ්‍ය වී
තිබේ. ඉන්දියාවටත් අවශ්‍ය උතුරු පළාත් සභාවට ඉඩම් බලතල පවරා
දෙනු දැකීම ය. පළාත් සභාවට ඉඩම් බලතල පවරා දීම මගින්ම ඒකීය
රාජ්‍යයට බලපෑම් සිදු වන බව නොකියාම බැරි ය.
උතුරු පළාත් සභාව නිරන්තරව සිදු කරන්නේ දේශපාලන සටන් පාඨ කීම
පමණකි. මේ පළාත් සභාවෙන් උතුරු වැසියන්ගේ ජන ජීවිතය නඟාසිටුවීම
වෙනුවෙන් සිදුවන සේවය ගැන කිසිදු ප්‍රචාරයක් නැත. උතුරු මහ
ඇමැතිවරයා තම දේශපාලන ජනප්‍රියතාව රැකගැනීම වෙනුවෙන් ජාතිවාදය
පතුරුවන බව රහසක් නොවේ. එලෙස ජාතිවාදය පැතිරවීම නිසා කොළඹ
ආණ්ඩුව ද කිහිප වරක් අපහසුතාවට පත්විය. යහපාලන රජයේ ප්රමුඛ
කාර්යය වන්නේ සංහිඳියාව ආරක්ෂා කිරීම ය. නමුත් උතුරු මහ
ඇමැතිවරයා "දෙමළුනි නැගිටිව්" මැයෙන් රැස්වීම් පවත්වන විට
යහපාලන සංහිඳියාව පෑලදොරින් පලාගිය බව නම් සත්‍යයකි.
ඉඩම් බලතල ඉල්ලමින් යළිත් උතුරේ වළං බිඳින විග්නේශ්වරන් ලබාදෙන
පණිවුඩය කුමක්දැයි දකුණේ ජනතාව හොඳින් අවබෝධ කරගත යුතු ය. නව
ව්‍යවස්ථාව පිළිබඳ රටම කතාබහ කරද්දී ඉඩම් බලතල ගැන උතුරු මහ
ඇමැතිවරයා උස් හඬින් කෑගසන්නේ මන්ද? නව ව්‍යවස්ථාව හරහා ඒ
බලතල ලබාගැනීමටද? නව ව්‍යවස්ථාව හරහා හෝ ඉඩම් බලතල පළාත්
සභාවලට ලබා දීමේ උත්සාහයක් තිබේ නම් එය පරාජය කළ යුතු ය. ඉඩම්
බලතලත් පළාත් සභාවලට පැවරෙන ව්‍යවස්ථාවක් සකස් වුවහොත් එය
ෙµඩරල් රාජ්‍යයකට පාර කැපීමක් වනු ඇත. එයින් ආරම්භ වන්නේa
කුමක්ද? ඒකීය රාජ්‍යයේ මළගමයි. රණවිරුවන් දිවි පුදා ආරක්ෂා
කළ එකීය රාජ්‍යය නව ව්‍යවස්ථාව හරහා මරණයට පත්කළ යුතුද? නැත.
එනිසා විග්නේශ්වරන්ගේ ඉල්ලීම්වලට කන්දිය යුතු නැත.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Tuesday, December 13, 2016
උතුරු පළාත් සභාව හා ඉඩම් බලතල..!!!
Posted by
lankanews
at
December 13, 2016
Labels: fedaral jafna, meithreepala sirisena, racist vigneshvaran, TNA politicians, unp corruptions, yahapalanaya
උතුරු පළාත් සභාව හා ඉඩම් බලතල..!!!
2016-12-13T23:32:00+01:00
lankanews
fedaral jafna|meithreepala sirisena|racist vigneshvaran|TNA politicians|unp corruptions|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...