ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, December 28, 2016

‘අරලිය ලොක්කාගේ චෝදනා තවම ඔප්පුවෙලා නෑ‘ වී අලෙවි මණ්ඩලයේ සභාපති කියයි

වී අලෙවි මණ්ඩලය දැනුවත්ව වී මෝල් හිමියන් නොවන ගැනුම්කරුවන්ට වී තොග නිකුත් කර නැතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී.දිසානායක  අද (28) කොළඹ දී ප‍්‍රකාශ කළේය. 
එහෙයින් ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී.හැරිසන්ගේ හිතවතුන්ට වී ගබඩාවලින් වී තොග නිකුත් කර ඇතැයි අරලිය සහල් සමාගමේ අධිපති ඩඩ්ලි සිරිසේන  කළ චෝදනාවන්හි සත්‍ය අසත්‍යභාවය ඔප්පු කරන තෙක් එය සත්‍යයක් යැයි පිළිගත නොහැකි යැයි ද ඔහු පැවසීය.
එම්.බී.දිසානායක  මෙසේ පැවසුවේ වී අලෙවි මණ්ඩලය සහ ගොවි සංවිධාන/කුඩා හා මහා පරිමාණ වී මෝල් හිමියන් අතර සාකච්ඡාවක් කොළඹ පිහිටි වී අලෙවි මණ්ඩලයේ දී පැවති අවස්ථාවේදී ය.( VIDEO )
”අපි වී වලට සහතික මිලක් නියම කරන්නේ ගොවියා සාධාරණයක් ඇති කිරිමටයි. ඒත් එයින් පාරිභෝගිකයන්ට ගැටලූ ඇති වෙනවා. අපි පාරිභෝගිකයන්ටත් සාධාරණ මිලකට හාල් සැපයිය යුතුයි. අපි ඉතාමත් විනිවිදභාවයකින් ගැනුම්කරුවන්ට වී ලබාදීම කළා. අපි එය සඳහා කමිටුවක් පත් කරලා, හරියට වී මිල ගණන් පරීක්ෂා කරලා, වී තොගවලට ඉහළම මිල ගණන් ඉදිරිපත් කරපු ගැනුම්කරුවන්ට වී ලබාදෙන්න කටයුතු කළා. අවසානයේදී වී තොගවල පළමු ගැනුම්කරුවා වුණත් වී මෝල් හිමියකු විය යුතුයි කියලා කැබිනට් මණ්ඩලය තීරණය කළා. වී මෝල් හිමියකු නොවී වී තොග මිල දී ගත් දිස්ත‍්‍රික්ක අටක පළමු ගැණුම්කරුවන්ගේ වී මිල දී ගැනීම් නවත්වන්න හැරිසන් ඇමති  කටයුතු කළා. අපි දැනුවත් වෙලා ඉන්න විදියට වී මෝල් හිමියෙකු නොවන කෙනෙකුට වී තොග ලබාදීලා නැහැ‘ යැයි ද ඔහු කීය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.