ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, December 24, 2016

සීනු හඬින් ලොව පිබිදෙනවා නත්තල දොර ළඟ හිනැහෙනවා...!!!

සීනු හඬින් ලොව පිබිදෙනවා
නත්තල දොර ළඟ හිනැහෙනවා
ගවහලකට තරුවක්‌ එනවා
අහසට පොළොව ගැටේ//
"පන්සලේ පියතුමා" නමින් ප්‍රචලිත වූ සුප්‍රකට ගීත රචක, සංගීතවේදී, කලාකරු මැග්සෙයිසේ සම්මානලාභී ගරු මර්සලින් ජයකොඩි පියනම විසින් රචනා කරන ලද නත්තල් සමයේ දෙව්මැඳුරු, කැරොල් ප්‍රසංග ඇතුළු විවිධ විචිත්‍රාංගවලදී අප කනවැකෙන සුමිහිරි නත්තල් ගීයකි එය.


සිසිල් මදනළත් සමඟින් සීතල උඳුවප් දැන් උදාවී ඇත. එදා පරිසරය වෙලාගත් සුන්දර සිසිලස මීදුම, ලස්‌සන සමනලුන් අද පරිසරය තුළ අපට දැක ගැනීමට අසීරු වුවත් මුළුමනින්ම ස්‌වභාව ධර්මයේ විපර්යාසයක්‌ සිදුව තිබුණද උඳුවප් ආරම්භයත් සමඟින් ඇසෙන ලස්‌සන නත්තල් ගීතිකා සමඟ පරිසරය තුළ අමුතුම සිරියක්‌ ඇති වන්නේ නිරායාසයෙනි.

ලොවට සාමයේ සමාදානය පණිවුඩය රැගෙන පැමිණි මිනිස්‌ වර්ගයා පාපයෙන් මුදා මිනිස්‌ වෙසින් පැමිණි ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ උත්පත්තිය සිහිපත් කිරීමේ මහා උළෙල නත්තලයි. වසර 2016 ක්‌ වැනි අති දීර්ඝ කාලයක්‌ ලොව ජනගහනයෙන් අති බහුතර පිරිසක්‌ මහත් ශ්‍රීයෙන් සමරන උළෙල පවත්වන උපන්දින සැමරුම මෙය වනු ඇත.

සකල ලෝකවාසී ජනතාවට ප්‍රීතිය සතුට සාමය පතන හොඳ හිත පතුරවන, වැරැදි මඟ ගමන් කළවුන්, පවට ගැඹුරු වූ මිනිසුන්ට එයින් මිදෙන්නට මහත් වූ පණිවුඩයක්‌ ලැබෙන, ලබාගත හැකි කාල පරිච්ඡේදයකි නත්තල් සමය.

වෛරය වෙනුවට සාමයත්, පළිගැනීම වෙනුවට පිළිගැනීමත්, වේදනාව කඳුළ වෙනුවෙන් සැනසීම හා සිනහව ප්‍රාර්ථනා කරන මෙම අසිරිමත් සමය මනුෂ්‍ය අපගේ වැරැදි අඩුපාඩුකම් හදාගෙන ජීවිත පරිවර්තනයකට ඡේසුස්‌ වහන්සේගේ ජීවින පැවැත්ම අපට අභියෝග කරයි. රුපියල් ශත වෙනුවෙන් බිම් අඟලකට මරා ගත්තා. වෛර බඳින මිනිසුන් සිටින සමාජයට තම දෙමාපියන්, වැඩිහිටියන් නොසලකා හරින තම සහෝදරයාට හදි හූනියම් කරන සමාජ වටිනාකම් ක්‍රමයෙන් සෝදපාළුවකට ලක්‌වී සහ තව තවත් ලක්‌වෙමින් පවතින සමයක බොරුව ප්‍රොaඩාව, වංචාව, මවාපෑම වෙනුවට සත්‍ය අවංකකමද, අයුක්‌තිය අසාධාරණයට එරෙහිව යුක්‌තිය සහ සාධාරණය ජීවිත තුළින් මාංශගත කිරීමට අපට මැනවින් ඇරැයුම් ලැබෙන සමයක නත්තල් සමය සියලු වාද භේද දුරලා, අමනාපකම් සිත් නොහොඳ නෝක්‌කාඩු ඉවතලා තම සහෝදරයා පිළිගන්නටත්, අවංකවම මනුෂ්‍ය දුර්වලකම් තේරුම් ගෙන ඒවා අවම කරගෙන නව ජීවිතයක්‌ ආරම්භයකට අපට ඇරැයුම් ලැබෙන සමයකි නත්තල් සමය.

ගේ දොර හුණු තීන්ත ආලේපය, වර්ණ ගැන්වීම ශුද්ධ පවිත්‍ර කිරීම, අලුත් කිරීම, පවිත්‍ර කිරීම, නත්තල් ගස, ගවලෙන, රසවත් කෑම බීම, තෑගි භෝග හුවමාරුව, අලුත් ඇඳුම් පැළඳුම්, විලාසිතා නත්තල උළෙලක්‌ සමගින් මිනිස්‌ දිවිය තුළ දකින් ඇති දේවල්ය. "නත්තල චාම් ලෙස ගත කරන්නමැයි කොතරම් දේශනා කළත්, මාධ්‍යයෙන් විවිධ අය තම මත ලෙසින් පළ කළත්, පෘථග්ජන මිනිසුන් බාහිර සූදානමට ඇදී යැම වැළැක්‌විය නොහැක.

තම සහෝදරයා කුසගින්නේ නම් ඔහුට ඇඳිවත අහිමි නම්, ඔහු ඇඳ පැළැඳ සිටින්නේ වැරැහැලි නම්, මව පියා සහෝදරයා මහලු නිවාසයේ නම්, ඔවුන් ගැන කිසිත් අයුරකින් සොයා නොබලන්නේ නම් අප විසින් බාහිරින් උත්සවශ්‍රීයෙන් නත්තල සැමරීම තුළ නත්තලේ සැබෑ පණිවුඩය අප ජීවිත තුළ ජීව ගැන්විය නොහැක.

"මගෙ නත්තල දුගියා බත් කන දාය...." යනුවෙන් ගරු මර්සලින් ජයකොඩි පියනම ප්‍රකාශ කළේ එවැනි ගැඹුරු අර්ථයකිනි.

ජාති - ආගම් - කුල - පක්‍ෂ - වර්ණ දේශවල භේදයෙන් තොරව ලෝකවාසී ජනතාව නත්තල මහත් ශ්‍රීයෙන් මෙවරද පවත්වති. ඡේසුස්‌ වහන්සේ ලොවට දෙසූ සාමයේ සමාදානයේ සහජීවනයේ පණිවුඩය අප ජීවිත පරමාදර්ශයෙන් සමාජගත නොවන්නේ නම් හුදු බාහිරින් කරන වර්ණවත් සහ අරුමෝසම්වලින් පලක්‌ නැත.

නත්තලේ දී බාහිර අලංකරණය එපා යෑයි විවිධ උදවිය ප්‍රකාශ කළද ඉල්ලීම් ආයාචනා කළද මිනිස්‌සු මෙම උළෙල ජයට පමණි. එහි සැබෑ ජයග්‍රහණය ඇත්තේ ඡේසුස්‌ වහන්සේ විසින් සිය ජිවිත කාලයේ දී අපට ඉගැන්වූ ලබාදුන් පරමාදර්ශයන් තුළ අපි හැකි පමණකින් අප ජිවිත යහපත්, අර්ථවත් හා ආදර්ශමත් කරගතහොත් පමණි.

එසේ නොවන්නේ නම් එය හුදෙක්‌ නත්තල් මැදියම් රැයට (දෙසැ. 24 දින) හා නත්තල් දිනට පමණක්‌ සීමාවූ ප්‍රීති උත්සවයක්‌ පමණක්‌ වනු ඇත.

ඔබ සැමට සාමය සතුට සමාදානය සපිරි සැබෑ නත්තල් මංගල්‍යයක්‌ වේවා !

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.