කඩිමුඩියෙ මුංගේ පඩිනඩි වැඩි කොට වයවස්ථා සම්මත කරගෙන ,රටේ ජාතික සම්පත් කුණුකොල්ලයට විකුණමින් මේ බලය ගත් කෙටි දවසට මේ කාළකණ්නි අසම්මතවාදී මුග්ධයන් කරන්නේ කුමක්ද...!!!
ශ්‍රීලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ 1979 අංක
51 දරණ ශ්‍රීලංකා වරාය අධිකාරිය පනත යටතේ ශ්‍රීලංකා වරායන් අධිකාරියක් බවට
පත් කරමින් එවකට වරාය හා නාවුක අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි අමාත්‍යවරයා
විසින් පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කොට සම්මත කොට ඇත. එම පනත අනුව
අධිකාරියේ බලතල, කර්තව්‍යය සහ කාර්ය පනතේ අංක 6 ඡේදයේ පැහැදිලිව සඳහන් වේ, ඒ
අනුව වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යනු ලබන සේවාවන් වැඩි දියුණුව කිරීම
සඳහා කලයුතු කාර්යය පැහැදිලිව සඳහන් වන අතර වරාය තුල රේගු දෙපාර්තමේන්තුවට
අයත් කටයුතු හැරුනු කොට අනිකුත් සියලු කාර්යය අධිකාරිය යටතේ හෝ අධිකාරිය
විසින් ලිඛ්තව පවරනු ලබන පුද්ගලයකු හෝ ආයතනයක් විසින් සිදු කල යුතුය. එහෙත්
පැහැදිලිවම වරාය ලැබෙන සියලුම ආදායම් සහ බදු ඇතුළුව දේපල සම්බන්ධයෙන් වරාය
අධිකාරිය වගකිවයුතු වේ. එමෙන්ම වරාය අධිකාරිය යටතේ ඇති සියලුම කටයුතු
ශ්‍රීලංකා දණ්ඩ නීති සංග්‍රහයට යටත් මෙන්ම අධිකාරිය අල්ලස් පනතේ
අර්ථානුකුලව උපලේඛන ආයතනයක් ලෙස සලකනු ලැබිය යුතු අතර ඒ පනතේ විධිවිධාන ඒ
අනුව තේරුම් ගත යුතුය.
ඉහත කරුණු අනුව පැහැදිලිවම වරාය අධිකාරියට අයත් කොටසක් හෝ එහි සේවාව
පනතේ වගන්ති උල්ලංඝණය වන අන්දමට මොනම හේතුවක් නිසා හෝ අන්සතු කිරීම
අධිකාරියේ පාලන බලයෙන් බැහර කිරීම නිතී විරෝධීය. එමෙන්ම අධිකාරිය සතු බලතල
කිසියම් හෝ අවස්ථාවක මුදල් අමාත්‍යාංශයේ හෝ වෙනත් අමාත්‍යාංශයක ලේකම්
වරයෙකුට ඔහුන්ගේ බලතල යොදා පවරා ගැනිම හෝ වරාය අධිකාරිය ලිඛ්ත අවසරයක් සහ
අධිකාරියේ මණ්ඩල අනුමැතියට පරිබාහිරව කටයුතු කිරීම රටේ සමාන්‍ය නීතිය මෙන්ම
ලේකම්වරයෙකු ලෙස ශ්‍රීලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අවභාවිතයේ යෙදවීමක්
මෙන්ම උල්ලංඝනය කිරීමකි.
ඉහත කාරණාව සම්බන්ධයෙන් ඉතා ලෙහෙසියෙන්ම අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත
කරුණු ඉදිරිපත් කිරීමන් සහ මහේස්ත්‍රාත් උසාවියක හෝ අභියාචනාධිකරණයේ නඩු
පැවරීමෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් වරයා ඇතුළු අනිකුත් ලේකම්වරු දෙදෙනා තම
බලතල ඉක්මවා රටේ සම්පත් විකිණීම/හෝ හෝ මහජන මුදල් අවභාවිතය හා සවාද්‍ය
පරිහරනය කිරීමට අවශ්‍ය ඉඩ ප්‍රස්ථාවන් සලසා දීම යටතේ වැරදිකරවකු කිරීමට
අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ශ්‍රීලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලබාදි ඇත.
එමෙන්ම ඉහත ගිවිසුම අනුව හම්බන්තොට වරාය සීයයට 80% චීනයය පැවරීම හා එහි
කොටස් සීයයට 20% වරාය අධිකාරිය සතුව දැනට තබා ගෙන ඇ ඩොලර් බිලියන 1 දශම 2
කට වසර 99 කට පැවරිමට ගත් තීරණය සම්බන්ධයෙන් හා ඒ අනුව චීනයේ චයිනා
මර්චන්ට් පොර්ට් හෝල්ඩිග්ස් සමාගම හා ශ්‍රීලංකාවේ වරාය අධිකාරි සමග
පැවත්වීමට යෝජිත හවුල් ව්‍යාපාරය සම්බන්ධයෙන් නිතීපතිගේ ද මතය වී
ඇත්තේ අධිකාරිය සතු දේපල හෝ පරමාර්ථයන් මෙවෙනි විකිණීමකට හෝ හවුල්
ව්‍යාපාරයකට පැවරීමකට 1979 අංක 51 දරණ ශ්‍රීලංකා වරාය අධිකාරිය පනත සංශෝධනය
කිරීමකින් තොරව සිදු කිරීමට නොහැකි බවයි.
ඉහත ගිවිසුමට ශ්‍රීලංකාව වෙනුවෙන් අත්සන් කොට ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ
ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග, වරාය හා නාවුක අමාත්‍යාංශයේ ලේකම් එල්
එම් ජයම්පති හා උපායමාර්ග සංවර්ධනය හා ජාත්‍යන්තර වෙලද කටයුතු අමාත්‍යාංශයේ
ලේකම් චාන්දනී විජේවර්ධන යන අයවලුන් වන අතර ඔහුන් විසින් අංක 51
දරණ පනතට පටහැනිව වරාය අධිකාරිය හෝ එහි අමාත්‍යවරයාට සහ රජයේ නීතිපතිවරයාට
ගිවිසුම අනුව පනතේ වගන්තීන් උල්ලංඝණය වන කරුණු වසන් කරමින් පසුගිය දා මෙම
ගිවිසුමට එලබ ඇත.
මූලාශ්‍රය මෙතනින්
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Sunday, December 18, 2016
වරාය විකිණීමට/බදුදීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම් අත්සන් කල ගිවිසුම ව්‍යවස්ථාව විරෝධීයි.. ව්‍යවස්ථාවට අනුව ඔහුට දඩුවම් නියමයි..
Posted by
lankanews
at
December 18, 2016
Labels: Arjuna Ranatunga, hambanthota port, port selling, unp taxes, yahapalanaya
වරාය විකිණීමට/බදුදීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම් අත්සන් කල ගිවිසුම ව්‍යවස්ථාව විරෝධීයි.. ව්‍යවස්ථාවට අනුව ඔහුට දඩුවම් නියමයි..
2016-12-18T14:07:00+01:00
lankanews
Arjuna Ranatunga|hambanthota port|port selling|unp taxes|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
