කිරිඇල්ල සහ දයා ගමගේ කැබිනට් මණ්ඩලය නොමග යවමින් සදාචාරය බල්ලාට දමා කෝටි 363 ක් බෙදා ගනී..!!!
යහපාලන ආණ්ඩුවේ සභා නායක මෙන්ම මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල සහ ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ එක්වී කැබිනට් මණ්ඩලය නොමග යවමින් සහ පිළිගත් දේශපාලන සදාචාරය බල්ලාට දමමින් රුපියල් කෝටි 363 ක් හෙවත් රුපියල් බිලියන 3.6 ක මහා මාර්ග තැනීමේ කොන්ත්‍රාත්තුවක් සඳහා කැබිනට් අනුමැතිය ලබා ගෙන තිබේ.
පසුගිය ජුනි 03 වෙනි දින රැස්වූ කැබිනට් මණ්ඩලයට මහා මාර්ග ඇමැතිවරයා
ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින්
කොන්ත්‍රාත් 18 ක් සඳහා කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇති අතර එහි 17 සහ 18 දරණ
කොන්ත්‍රාත් 2 ලබා දී ඇත්තේ Olympus construction (pvt) Ltd නමැති
පුද්ගලික සමාගමකට ය. එකී සමාගම ඉන්දීය සමාගමක් වන රානී කන්ස්ට්‍රක්ෂන්
පුද්ගලික සමාගම සමග හවුල් සමාගමක් බව එහි දක්වා තිබේ. අදාල සාක්කි ද මෙහි දැක්වේ
මෙම කොන්ත්‍රාත්තු දෙකම කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග
පුනරුත්ථාපනය සහ වැඩි දියුණු කිරීම සඳහා යැයි දැක්වෙන අතර එකක් කිලෝ මීටර්
89 කි. අනෙක කිලෝ මීටර් 94 කි. කිලෝ මීටර් 89 සඳහා මුදල රු. 1,811,352,867
යි ශත 60 ක් වන අතර කිලෝ මීටර් 94 සඳහා මුදල රු. 1,817,750,688 යි ශත 60
කි. මුළු මුදල රු. 3,629,103,556 යි ශත 20 කි. (අදාල කැබිනට් පත්‍රිකාවේ
පිටපතක් මෙහි දැක්වේ)
මෙම වාසනාවන්ත Olympus construction (pvt) Ltd නමැති සමාගම බැලූ බැල්මට
පෙනෙන්නේ ඉන්දීය සමාගමක් ලෙස වුවද එහි සත්‍ය හිමිකරුවා අන් කිසිවෙක් නොව
දයා ගමගේ ය. ( අදාල සාක්කි ද මෙහි දැක්වේ)
මෙහිදී ලක්ෂ්මන් කිරිඇල්ල සහ දයා ගමගේ එක්ව කැබිනට් මණ්ඩලය නොමග යවා ඇත්තේ සහ පිළිගත් සදාචාරය බල්ලාට දමා ඇත්තේ මෙසේය.
මෙය නීත්‍යාණුකූල ලෙස ටෙන්ඩර් පටිපාටියකින් ලබා ගත්තා යැයි
උපකල්පනය කෙළේ වුවද අදාල ටෙන්ඩරය අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්
කිරීමට පෙර ටෙන්ඩරය ලබා දෙන Olympus construction (pvt) Ltd හි අයිතිකරුවා
එකී කැබිනට් මණ්ඩලය තුල සිටින්නේ යැයි ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා විසින්
කැබිනට් මණ්ඩලය දැනුවත් කළ යුතුය. ජුනි 03 වෙනිදා ඔහු එලෙස දැනුවත් කර නැත.
ඒ අනුව එය පැහැදිලිවම කැබිනට් මණ්ඩලය නොමග යැවීමකි.
සදාචාරය බල්ලාට දමා ඇතැයි චෝදනා නගන්නේ මෙවැනි සිදුවීමක් වෙද්දී
එනම් තමාට සම්බන්ධ ටෙන්ඩරයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙද්දී දයා ගමගේ කළ
යුතුව තිබුනේ ඊට තමන්ගේම අත උස්සා අනුමැතිය දීම නොව එම කැබිනට් මණ්ඩලයට
සහභාගී නොවී සිටීමය. නමුත් ජුනි 03 වෙනිදා ඒ කිසිවක් නොමැතිව දයා ගමගේ
තමන්ගේම අත උස්සා තමන්ටම බෙදා ගෙන තිබේ. මෙය ලැජ්ජා නැති දූෂිත
ක්‍රියාවකි.
දයා ගමගේ දේශපාලනයට ඒමට පෙරම පාරවල් හැදීමේ කොන්ත්‍රාත් කරුවෙක් බැවින්
ද, ලෝක බැංකුවේ ආධාර ලබා ලංකාවේ පාරවල් හැදූ ප්‍රථම පුද්ගලික ව්‍යාපාරිකයාද
වන බැවින් මෙම කොන්ත්‍රාත්තුව ඔහුට ලබා දීමට සුදුසුකම් තිබුනා වුවද, ජනවාරි
8 වෙනිදා ජනතාව රාජපක්ෂලා එළවා යහපාලන ආණ්ඩුවක් පත් කර ගත්තේ මෙම ගජ
මිතුරු බිස්නස් දේශපාලනය අවසන් කිරීමට ය. නමුත් එය කැබිනට් මණ්ඩලය නොමග
යවමින් මෙන්ම සියළු සදාචාරයන් බල්ලාට දමමින් සිදුවීම සුළු කොට තැකිය
නොහැකිය. අනෙක් අතට දයා ගමගේ ප්‍රාථමික කර්මාන්ත ඇමැතිවරයා ලෙස එම
ක්ෂේත්රයට මෙතෙක් කිසිදු වැදගැම්මකට ඇති දෙයක් ඉටු කර නැත.
(පහත දැක්වෙන ඉමේජයන් මත ක්ලික් කිරීමෙන් අදාල සාක්කි විශාල කර බැලිය හැකිය)
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, December 29, 2016
මහත්වරු සේ සමාජය ඉදිරියේ පෙනී සිටින පාදඩ සුණඛයෝ දෙදෙනෙකු මහ දවල් ජනතා මුදල් කොල්ල කති ...!!! මෙන්න සාක්කි ...!!!
Posted by
lankanews
at
December 29, 2016
Labels: daya gamage, fake politicians, lakshman kiriella, lakshmen kiriella, lankanews, tenders, unp politicians, yahapalanaya
මහත්වරු සේ සමාජය ඉදිරියේ පෙනී සිටින පාදඩ සුණඛයෝ දෙදෙනෙකු මහ දවල් ජනතා මුදල් කොල්ල කති ...!!! මෙන්න සාක්කි ...!!!
2016-12-29T13:01:00+01:00
lankanews
daya gamage|fake politicians|lakshman kiriella|lakshmen kiriella|lankanews|tenders|unp politicians|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
