ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, December 4, 2016

ණය පොල්ල ජනතාවට ජය මල්ල මැති ඇමැතින්ට

පසුගිය ආණ්‌ඩුව කරන ලද වැරදි නිසා රට බරපතළ ආර්ථික අර්බුදයක තිබෙන බව රටට කීවේ වත්මන් ආණ්‌ඩුවය. මේ ආණ්‌ඩුව කිසිවිටෙකත් බොරුවක්‌ කරන්නට සිහිනෙනුදු නොසිතන නිසා අපට එය ස්‌ථිර වශයෙන්ම පිළිගන්නට සිදුව තිබේ. ඒ නිසාම රටේ ජනතාවට (පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 ට ද අදාළය) පටි තදකර ගන්නට යෑයි "ඉල්ලීමක්‌" කරමින් නහුතක්‌ බදු පනවන්නට ආණ්‌ඩුව කටයුතු කළේය. මේ යන හැටියට පෙනෙන්නේ බදු ගැනීමේත්, වැඩි කිරීමේත් අමාරුව තදින්ම දැනී තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාට පමණක්‌ බවය.
ඇත්ත වශයෙන්ම රටේ ජනතාවගේ ඉවසීම ඉතාම පුදුමාකාරය. ඊළඟ මැතිවරණයේදී ද මේ කපටි රැළ නැවත පාර්ලිමේන්තුවට යෑවීම සඳහා ඡන්දය භාවිත කළ යුතුය.

පසුගිය සතිය ආරම්භ වූයේ ඇමැතිවරු 27 දෙනකුට සහ විපක්‍ෂ නායකයාට වාහන 28 ක්‌ ගන්නට කෝටි 79 ක්‌ ඉල්ලා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කරමිනි. සතිය අවසාන වන විට එක්‌ මන්ත්‍රීවරයකුට මසකට පාර්ලිමේන්තුවට පැමිණීමේ දීමනාව ලෙස රුපියල් 20,000 ක්‌ ද, කාර්යාල දීමනාව ලෙස රුපියල් ලක්‍ෂයක්‌ද, ඡන්දදායකයන් වෙනුවෙන් ආසනයේ කාර්යාලයක්‌ පවත්වාගෙන යැමට මසකට රුපියල් ලක්‍ෂයක්‌ ද ලබාදීමට කැබිනට්‌ තීරණයක්‌ ගෙන තිබිණි. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද නියමිතය. මෙතෙක්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට පාර්ලිමේන්තු රැස්‌වීමකට පැමිණීම වෙනුවෙන් ගෙවන ලද්දේ දිනකට රුපියල් 500 ක දීමනාවකි. එය රුපියල් 2500 දක්‌වා වැඩි කර තිබේ.

ඇමැතිවරුන්ට සුපිරි වාහන ලබාදීමට ගෙනෙන යෝජනා සුපිරි දීමනා ලබාදීමට යෝජනා පනත දැන් රටේ ජනතාවට අමුතු කනගාටුවක්‌, ආවේගයක්‌ උපදින්නේ නැත.

එහෙත් රට ණය උගුලක සිරවී ඇතැයි කියන, එසේ කියමින් තව තවත් ලෝකයට ණය වන ජනතාවගේ බොටුවම හිර කරන ආණ්‌ඩුවක මැති ඇමැතිවරුන් "සනීපය" වෙනුවෙන් මෙතරම් නාස්‌තිකාර වියදමක්‌ දැරීම ගැන ඇතිවන්නේ සංවේගයකි, පිළිකුලකි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කීවේ, මන්ත්‍රීවරුන්ට ලැබෙන වැටුප මදි බවය. ඇත්තෙන්ම මේ කියන කතා අහන විට හිනාවෙන්නට දැයි අඬන්නට දැයි හිතා ගන්නට බැරි තරමට මොලේ විකාරය හැදෙන බව කිව යුතුය. ඇත්තටම මේ කියන විදියට රටේ ජනතාවට මේ වන විට කිසිදු ප්‍රශ්නයක්‌ ඉතිරිව තිබෙන්නට බැරිය. බදු, බඩු මිල, තෙල් මිල, ජනතාවට එතරම්ම ප්‍රශ්න නොවේ. "වී" සඳහා සහතිකවම සහතික මිලක්‌ තිබේ. ඒ නිසා හාල් මිල ගැන ප්‍රශ්නයක්‌ නැත. රට සහලින් ස්‌වයං පෝෂිතය. ඒ නිසාම හාල් මිල සොච්චමකි. පොහොර වවුචර් ක්‍රමයට ලබාදෙන නිසා කෘෂිකර්මාන්තයට හොඳ කලක්‌ පැමිණ තිබේ. ගෙවතු වගා සංකල්පය දියුණුය. ඉලෙක්‌ටි්‍රක්‌ කාර් සඳහා බදු අඩුකර ඇති නිසා ඒ ගැන කතා කළ යුතු නැත. ඒ කිසිදු වරප්‍රසාදයක්‌ නැති ජනතා සේවය වෙනුවෙන්ම කැපව සිටින මැති ඇමැතිවරුන්ට "සොච්චමක්‌" වැඩි කළ පමණින් අපට ඩෝං යන්නේ කවර හේතුවක්‌ නිසා දැයි ගණන් හිලව් සහිතව පැහැදිලි කරගත යුතුය. ඒ මෙසේය


එපමණක්‌ නොවේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇමැතිවරුන්ට සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ට රුපියල් කෝටි 4 - 5 ක්‌ වන වාහන බලපත්‍රය විකිණීමට තිබූ තහංචිය 2012 වර්ෂයේ නොවැම්බර් මාසයේදී ඉවත් කළ නිසා එතැනිනුත් සෑහෙන ගණනක්‌ කඩාගැනීමේ හැකියාව මැති ඇමැතිවරුන්ට තිබේ. ඒ උදවිය කියන හැටියට "ඡන්දයට වියදම් කළ ගණන" සොයාගත හැක්‌කේ එහෙමය. මේ සියලු දේට අමතරව විදේශ සංචාර අවස්‌ථා පාර්ලිමේන්තුවේ අඩු මිලට කෑම බීම, සංග්‍රහ දීමනා ද මැති ඇමැතිවරුන්ට හිමිය.

"ජනතා නියෝජිතයන්"ට තිබෙන අමාරුකම් තේරුම් ගැනීමට මේ ටික ප්‍රමාණවත්ය. ජනතාවට තීන්දු ගන්නට වන්නේ සීනි කිලෝවකින් රුපියල් 2 ක්‌ අඩු කිරීමත්, දක්‍ෂිණ අධිවේගයෙන් ඉඩම් අහිමි වන අයට රුපියල් එකයි පනහක වන්දියක්‌ හිමිවන එක ගැන සිතමිනි.

මේ කිසිදු දේශපාලනඥයකු බර කරත්ත, පාපැදිවලින් ගමන් බිමන් ගිය උදවිය නොවේ. ඉහත ආදායම් මාර්ගයන්ට අමතරව පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ බොහොමයකට දෙවැනි ආදායම් මාර්ගයක්‌ද තිබේ. මේ දෙවැනි ආදායම් මාර්ග ඇත්තේ මැති ඇමැතිවරුන්ගේ නමට නොවේ. පසුගිය කාලයේ වාර්තා වූ ආකාරයට මන්ත්‍රීවරු 100 දෙනකු පමණ මත්පැන් අලෙවි සල් (බාර්) හිමිකරුවන් බව කියෑවිණි. එක්‌ මත්පැන් සලකින් මසකට රුපියල් ලක්‍ෂ 20 ක ආදායමක්‌ ලබන බවද සඳහන් විය. ඒ සියල්ලටම වඩා පාලම් බෝක්‌කු, මංමාවත්, රජයේ ගොඩනැඟිලි සෑදීමේදී විශාල කොමිස්‌ මුදලක්‌ හුවමාරු වන බවද අමුතුවෙන් කිව යුතු නැත.

මැති ඇමැතිවරුන්ට සිංගප්පූරු ක්‍රමයට දීමනා වැඩි කර දිය යුතු බව දීමනා ඉල්ලන උදවියම කියති. ඒ හැමෝටම කියන්නට තිබෙන්නේ මැති ඇමැතිවරුන්ගේ පමණක්‌ නොව සිංගප්පූරුවේ පෞද්ගලික හා රාජ්‍ය සේවයේ සේවක වැටුප් ද ඉතා වැඩි බවය. එවැනි යෝජනා මතක්‌ කරන්නට හෝ මේ උදවියට කල්පනා නොවන්නේ රටේ සියලු දෙනා තණකොළ බුදිනවා යෑයි සිතා සිටින නිසාය.

රට ආර්ථික අර්බුදයක තිබේනම්, ආණ්‌ඩුව කළ යුත්තේ මෙවැනි නාස්‌තිකාර වියදම් අවම කරන ක්‍රමයක්‌ සැකසීමය. ඉකුත් ජුනි මාසයේදී ප්‍රංශ පුවත් සේවය වාර්තා කළ ආකාරයට මේ රටට ණය ලබාදීමේදී කොන්දේසි කිහිපයක්‌ අදාළ කරගත යුතුය. ඉන් එකක්‌ වන්නේ "රාජ්‍ය මූල්‍ය අවකාශය පුළුල් කරගැනීම සඳහා බදු ප්‍රතිපත්තිය සහ බදු කළමනාකරණය සඳහා මූලික හා පුළුල් ප්‍රතිසංස්‌කරණ හඳුන්වා දීමයි. තේරෙන භාෂාවෙන් කීවොත් "රජයේ ආදායම වැඩිකර ගැනීමට නම් බදු ආදායම වැඩිකර ගත යුතුය" යන්නයි. තවත් වැදගත් කොන්දේසියක්‌ ද එහි සඳහන්ව තිබේ. ඒ රජයේ වියදම් කපා හැරීමය. රජයේ වියදම් ලෙස අප හඳුනාගත යුත්තේ රජයේ නාස්‌තියට හේතුවන වියදම් ලෙස වරදවා තේරුම්ගත යුතු නැත. මේ කියන්නේ ජනතාවගේ සුබ සාධනය සහ සමාජ ආරක්‍ෂණ සේවාවන් සඳහා වන ප්‍රතිපාදන කප්පාදු කිරීමය. බදු වැඩි කිරීමද ඒ ආකාරයෙන්මය. දැනටමත් සමස්‌ත රාජ්‍ය ආදායමින් බදු නොවන ආදායම් ඇත්තේ සියයට දහයක ප්‍රමාණයක්‌ පමණි. රජයේ මුළු ආදායමින් සියයට 90 ක්‌ ම බදු ආදායම්ය. මේ බදු ආදායමෙන් සුපිරි ආදායම්ලාභීන්ගේ ආදායම මත බදු අයකරන්නේ 22% ක්‌ පමණි. රජයේ සමස්‌ත ආදායමෙන් සියයට 80 ක්‌ පමණම උපයාගන්නේ ජනතාවගේ භාණ්‌ඩ හා සේවා මත පටවන බදු හරහාය.

මැති ඇමැතිවරුන්ගේ සැප වෙනුවෙන් වියදම් කරන්නේද මේ බදු ආදායමින් කොටසක්‌ බව අමතක කළ යුතු නැත. පසුගිය ආණ්‌ඩුව ගත් සුඛෝපභෝගී වාහන විශාල ගණනක්‌ ඇතැයි කීවේ වත්මන් ආණ්‌ඩුවයි. අලුත්ම අලුත් පැකිං නොකැඩූ වාහන නොවුවද සැප පහසුවට ඕනෑම දුෂ්කර ප්‍රදේශයක පහසුවෙන් ගමන් බිමන් යා හැකි වාහන ආණ්‌ඩුව සතුව තිබේ. ඒවා ගැන සැලකිලිමත් නොවී මෙවැනි නාස්‌තිකාර වියදමක්‌ ගැන අප සියලු දෙනාම සිහිපත් කරගත යුත්තේ 2015 ජනවාරි අටවැනිදා වන විට අපට ඇසුණු සටන්පාඨය.

මේ ආණ්‌ඩුව බලයට ආදා පටන්ම මැති ඇමැතිවරුන්ගේ දීමනා වැඩි කිරීමට, කෝටි ගණනින් නව නිවාස මිලදී ගැනීම, අමාත්‍යාංශ සඳහා ගොඩනැඟිලි මිලදී ගැනීම වැනි කාරණාවලට ප්‍රමුඛත්වය ලබාදෙන බව පෙනෙන්නට තිබේ. වියදම නාස්‌තිය අඩුකරන්නට පොරොන්දු වී පැමිණි ආණ්‌ඩුවකින් ජනතාව මෙවැනි දෙයක්‌ බලාපොරොත්තු වන්නේ නැත. මේ වන විට රටේ ජනතාවට තද කරන්නට කී පටි කැඩෙන්නට ඔන්න මෙන්නය.

 
උදේශ සංජිව ගමගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.