රටේ අනාගතය ගැන හිතන්නටවත් බෑ. මහා භයානක තත්වයක් උදාවෙලා තියෙන්නෙ. යාන
වාහන, මුදල් නොයෙක් ජාති දීල හැම දේකටම අත උස්සල සම්මත කරන්න ඔළුගෙඩි ටිකක්
හදාගෙන ඉන්නෙ. ඕකෙ සල්ලි නැති හිඟන්නු ටික කැමැති වෙනවා ඒවට. ඕකෙන්
වෙන්නෙ රටට හොඳක් නෙමේ රටේ අනාගතය අඳුරු විමක් හා භයානක තත්වයක්. රට ගැන
හිතෙන කිසි කෙනෙක් ආණ්ඩුවෙවත් විපක්ෂයෙවත් නෑ‘ යැයි ගැටඹේ
රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවසූහ.
ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී. එල්. පීරිස් ඒ හිමියන් බැහැ දැක යෝජිත
ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පැමිණි අවස්ථාවේ එසේ කීහ.
‘පත්තරේ මම දැක්ක රනිල් වික්රමසිංහටයි මලික් සමරවිරටයි බලය
ඉක්මවා ගිය බලයක් දෙන්න යනවා. දැනටත් පාර්ලිමේන්තුව දෙවනත් කරනවා. කිසිම
සදාචාරයක් නැ.මේක මහා භයානක තත්වයක්. මේ කරන්න හදන්නෙ ජනාධිපතිගෙ බලතල
අයින් කරල හෙමිහිට පැත්තකින් තියල මෙයාල බලය අරන් රජය ගෙනයන්න තමා මේ
හදන්නෙ. මේ මිනිස්සුන්ට මොලයක් තියෙනවනම් හිතන්න ඕන මේ මොනවද මේ කරන්නෙ
හදන්නෙ කියලා‘ යැයි ද ඒ හිමියෝ කීහ.
‘ආණ්ඩුවට බයක් තියෙනව ආන්ඩුක්රම ව්‍යවස්ථාව ගේන්න බැරි වෙයි කියල. ජන මත
විචාරණයක් පැවැත්තුවත් මෙයාලට ඒක අවාසි වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළේ
කරන්න හදපු දේවල් වක්‍රාකාරව සංවර්ධන විශේෂ විධිවිධාන පනතින් ගේන්න හදනවා‘
යැයි එහිදී ජී.එල්.පීරිස් කීය.