ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, December 6, 2016

සාටක සුණඛ බැසිල් ගේ පට්ට හොරවැඩ මාට්ටු...!!!කුඩු දුමින්දටත් බන්ධනාගාරේ ඇතුළේ සුරසැප...!!!

සාටක සුණඛ බැසිල් ගේ පට්ට හොරවැඩ මාට්ටු...!!!කුඩු දුමින්දටත් බන්ධනාගාරේ ඇතුළේ සුරසැප...!!!සිරගේ ඇතුළෙත් නැතිබැරි අහිංසකයන් දඬුවම් විඳිද්දී  බලපුළුවන්කාර අපතයන් රජසැප විඳී...
මේ විස්තර හිරුණිකා පාර්ලිමේන්තුවේදීත් රංජන් ඊට අමතරවත් පැවසුවේ මෙසේය .

හිරගේ ඇතුළෙත් සල්ලි මල්ලි සල්ලි!

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ සිද්දික් අත්අඩංගුවට ගනු ලැබුවේ පකිස්ථාන පොලීසියේ ද සහාය ඇතිවය. වෙලේ සුදාට මත් කුඩු සැපයූවැයි කියන සිද්දික්ගේ සිද්ධියට අදාළ අලුත්ම අතුරු කතාව ‘සිද්දික්'ගේ සමීපතමයකුට උසාවියේදී ඔහු සමඟ කතා බහ කිරීමට බන්ධනාගාර නිලධාරීන් විසින් ඉඩ පහසුකම් සලසනු ලැබීමයි. කෙසේ වෙතත් ‘සිද්දික්ගේ’ සිද්ධියට අදාළ නිලධාරීහූ තිදෙනා වැඩ තහනමට ලක්ව සිටිති. මොවුන් තිදෙනාම පෙර වැරැදි ඇති අය වීම විශේෂය. ඉන් එක් නිලධාරියකු මීට පෙර වතාවක සැකකරුවකු උසාවි ගෙන යන අතරතුරදී සැකකරුවා සමඟ සැකකරුගේ ගෙදරට ද ගොස් ඇත. අනෙක් නිලධාරියා ද මීට පෙර ද වැඩ තහනමට ලක්වූ අයෙකි. අවාසනාවකට මෙන් මේ වනතුරුත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට මේ වැරැදි තහවුරු කර ගැනීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ලැබී නැති වීමයි. මේ සිද්ධියට ද එයම සිදු විය නොහැක්කේ මන්දැයි කාට කිව හැකිද ...?වීඩියෝ සහිතයි

ඇතැමෙක් අපායක් යැයි කියන සිරගෙය පාරාදීසයක් කරගත් සිරකාරයන් හිරේ ගිය ද මුදල් උපයන්නට
ශූරයන් බව පෙනී යයි. මේ ඔවුන්ගේ ලෝකයයි. හිරගෙදර තුළ ඔවුන්ට ඔවුන්ගේ ලෝකයක් ගොඩනැඟීමට තනිවම බැරිය. ඊට පහළම නිලධාරියාගේ සිට ඉහළ නිලධාරියාගේ ද උදව් අවැසි වේ. මේවාට වගකිව යුත්තේ කවුද?
මාධ්‍ය ලෝකයට දිනපතා පුවත් මවන ස්ථාන කිහිපයකි. ඉන් එක් ස්ථානයක් වන්නේ හිරගෙදරයි. මහඋළුගෙදර, මහගෙදර ආණ්ඩුවේ බෝඩිම කුමන නමකින් හැඳින්වුවද එකවර මතකයට නැ‍ඟෙනුයේ වැලිකඩ බන්ධනාගාරයයි. දඬුවම් නියම වූ රැඳවියන් සිටින්නේ වැලිකඩ හිරගෙදරය. රක්ෂිත බන්ධනාගාර ( සාටක සුණඛ බැසිල්  බොරු ලෙඩ ගෙන බන්ධනාගාර රෝහල්ගතවූ අයුුරු...මේ ඡායාරූපයෙන් දැක්වේ..)
දෙකකි. ඒ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය හා මැගසින් බන්ධනාගාරයයි. ඒ අතර කාන්තා බන්ධනාගාරයක් ද වේ. වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ ඉදිරියෙන්ම ඇත්තේ බන්ධනාගාර මූලස්ථානයයි. මේ භූමි සීමාවේ ඉදිරියෙන්ම ඇත්තේ බේස්ලයින් පාරයි. අනෙක් පසින් කාන්තා බන්ධනාගාරය හා මැගසින් බන්ධනාගාරයට එපිටින් ඇත්තේ සීවලිපුර වනාතමුල්ල ප්‍රදේශයය.
පසුගිය කාලයේ වරින්වර වැලිකඩ බන්ධනාගාරය වෙනත් ස්ථානයකට ගෙන යන කතා අසන්නට ලැබුණි. ඒ සිරකරුවන්ගේ තදබදය අඩු කිරීමටය. සාමාන්‍යයෙන් රඳවා තැබිය හැකි ප්‍රමාණයටත් වඩා සිරකරුවන් ප්‍රමාණයක් මේ වන විට වැලිකඩ රඳවා තබා ඇත. බෝගම්බර බන්ධනාගාරය වසා දැමීමත් සමඟ එහි සිටි ඇතැම් සිරකරුවන්ගේ ද අද නිවහන වී ඇත්තේ වැලිකඩයි.
“අනේ පව්... ‘වැරදි කාරයන්ට’, ඔහොම වෙලා මදි, හිරේ ගියාට විඳින්නේ සුරසැප.” ඒ හිරගෙදර ගැන ඉන් එපිට සිටින සමහරුන්ගේ කතාය. මංකොල්ල කෑම්, ස්ත්‍රී දූෂණ, මිනීමැරුම් හැරුණු විට වර්තමානයේ බහුලව සිටින්නේ මත්ද්‍රව්‍ය වෙළෙඳාම, ගෙන්වීම, ළඟ තබා ගැනීම ආදියට වැරැදිකරුවන් වූ අයයි.
තවමත් කතාබහට ලක්වන වෙලේ සුදා මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. ඔහු වටා ගෙතී ඇති කතා බොහෝය. වැරැදිකරුවන් හිරගෙදරට යවන්නේ ඔවුන් යහපත් මිනිසුන් බවට පත්කිරීමේ අරමුණ ඇතිවය. ඔවුන් පුනරුත්ථාපනය කිරීමටය. එහෙත් වර්තමානයේ මේ කියන දේවල්වලින් රැඳවියන් එසේ පුනරුත්ථාපනය වෙනවා ද? මෙය තවමත් නොවිසඳුණු ප්‍රශ්නයකි.
අද වරදකරුවන් හිරගෙට යැවූ පසු ඔවුන් එළියේ සිටිනවාට වඩා හොඳින් තම ‘බිස්නස්’ ඇතුළේදී කාගේත් ඇස්වසා කිරිමට හැකි වාතාවරණයක් උදාකර ගැනීම මීට හේතුවයි.
මීට අවුරුදු විස්සකට තිහකට පෙර හිරගෙවල්වල වැඩිම ඉල්ලුම තිබුණේ බීඩියකටය. සුරුට්ටුවකටය. අද එහි වැඩිම ඉල්ලුම ඇත්තේ හෙරොයින් වැනි මත්ද්‍රව්‍යවලටය. ගංජා මිටියටය. ‘ලෝකල්'වලටය (මෙය සිරකරුවන් විසින් දුම්කොළ දමා ඔතන බීඩියක් වැනි දෙයකි.) ලෝකල් මිටියකට හතරක්, ඇතැම් විට අටක් ඇතුළත් වේ. එය රුපියල් දහයකි. ගංජා නම් ඊට වඩා මිලය. කුඩුවලට නම් රුපියල් එක්දහස් පන්සීයක් දෙදහක් වැනි මිලක් වැය කළ යුතුය. ප්‍රශ්න අමතක කිරීමට මතට ඇබ්බැහි වීම නිසා ඇතැම් රැඳවියෝ කෙසේ හෝ මත්ද්‍රව්‍ය මිලට ගනිති. හිරගෙදර දවසට රුපියල් පනස්දහසට වැඩියෙන් ආදායමක් සොයන රැඳවියන් ද නැතුවාම නොවේ.
“ආරක්ෂාව තියෙනවා, ඇතුළට යනකොටත් හැමෝම චෙක් කරනවා, බන්ධනාගාර ආරක්ෂණ බුද්ධි අංශය ඉන්නවා. ඉතින් කොහොමද ඔය කියන විදිහට ඇතුළට බඩු යන්නෙ?” මෙය කියවන ඔබට මතුවන ඊළඟ ප්‍රශ්නය එයයි. මතක ද කලකට පෙර බන්ධනාගාර නිලධාරියෙක් සපත්තු ඇතුළේ දාගෙන කුඩු අරගෙන ගියා.
හිරගෙදර ඇතුළට ෆෝන් සිම් යන්නේ කොහොම ද? එය ද හොරාගේ අම්මාගෙන් පේන අහනවා වැන්නකි.
රැඳවියන්ට ආහාර ලබාදීමට ගෙනෙන හාල් ගෝනිවල හොඳින් පොලිතින්වලින් ආවරණය කර ඔවුන්ටම සොයා ගැනීමට හැකි ලෙස සඟවා මත්ද්‍රව්‍ය ඇතුළට ගෙන ඒම සිදු කැරේ. වැඩපළ සඳහා එළියට යන ඇතැම් රැඳවියන් හැන්දෑවට ඇතුළට එන්නේ ඉතාම හීනියට ටේප්වලින් ඔතන ලද කේජී ප්‍රමාණයක් කෙසෙල් ගෙඩියක දමා ගිලීමෙනි. (කේජී යනු කේරල ගංජාය)
කේජීවලට දැන් ඇත්තේ හොඳ ඉල්ලුමකි. ව්‍යාපාරික රැඳවියන් ද කේජී විකිණීමට කැමැතිය. ඒ කේජී ළඟ තබාගෙන හසුවූ විට දඩ ගෙවීමට පමණක් සිදුවන නිසාය. නමුදු හෙරොයින් ළඟ තබාගෙන අසුවූ විට තවත් නඩුවක් එකතු වේ. ව්‍යාපාරික රැඳවියෝ නඩුවලට බිය වෙති.
හිරගෙදර ඇතැමුන්ට පාරාදීසයකි. ඉකුත් යුගයේ ජංගම දුරකථන භාවිතය නතර කිරීම සඳහා විවිධ බාධක යෙදිණි.
ඒ සඳහා වැය වූ මුදල රුපියල් කෝටි ගණනකි. එනමුදු ඒ පියවර ද සියයට සියයක් සාර්ථක වූයේ නැත. හිරගෙදර තවමත් ජංගම දුරකථන අඩුවක් නැත. ඉකුත් දිනෙක රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක් පමණ වටිනා අලුත් පන්නයේ ජංගම දුරකථනයක් අල්ලා ගන්නා ලදී. අන්තර්ජාල පහසුකම්, ස්කයිප්, වීඩියෝ ඇමතුම් මේ සියල්ලම සිරගෙදර සල්ලිකාරයන් සතුව ඇත. ඔවුන්ට ඒවා ලබා ගැනීමට හිමිකම් ද ඇත. වෙළෙඳපොළේ රුපියල් එක්දහස් නවසියයකට පමණ මිලට ගත හැකි ජංගම දුරකථනයක් ඇතුළේ මිල රුපියල් අටදහසකි. නැතිනම් රුපියල් දසදහසකි. හිරගෙදර ඇතුළත හිරකාරයන් අතර මුදල් සංසරණය වන්නේය. ඇතැමෙක් මසකට රුපියල් ලක්ෂයකට වඩා වැඩියෙන් උපයා ගන්නට සමත්ව සිටිති. ඇතැම් විට ඔවුන්ගේ මුදල් බැංකු ගිණුම්වලට බැර වන්නේය.
හුදෙකලා සිරකරුවන්ට මේ සියල්ල කළ නොහැක. කුඩු වෙළෙඳාම කරන්නන්ට නිරන්තරයෙන් ඇතුළෙන්ම සහාය ලැබේ. ඇතැම් විටෙක හිරකරුවාත්, නිලධාරියාත් එකතු වී වෙනම ව්‍යාපාර ගෙන යති. එවැනි එක් ව්‍යාපාරයක් වන්නේ මත්ද්‍රව්‍ය චෝදනාවකට ලක්වූ මුදල් හදල් ඇති දළකාරයකුට වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීමට සූදානම් බව දැනුම් දීමයි. එවිට දළකාරයා කලබල වේ. ඔහුට අවශ්‍ය එහිම සිටීමටය. වෙනත් බන්ධනාගාරයකට මාරුවීම වළක්වා ගැනීමට ඔහු කියන මුදලක් දීමට කැමැතිය.
බන්ධනාගාරයෙන් බන්ධනාගාරයට මාරු කර යැවීම නතර කිරීමට ඇතැම් විට රුපියල් විසිදහසක් ද ඊට වැඩි ප්‍රමාණයක් ද ඇතැම්මු ලබා ගනිති. එය නිලධාරියා හා සිරකරුවා අතර ‍බෙදී යයි. මේ මුදල දළකාරයාගේ කවුරුන් හෝ විසින් අදාළ පුද්ගලයාගේ ගිණුමකට දැමීම හෝ වෙනත් ක්‍රමයකින් ලබාදීම සිදු කැරේ.
නිවාස නිවාඩු යාමට නියමිත සිරකරුවන්ගේ ලිපි ගොනු උඩ එන්නේ ද යට යන්නේ ද මුදල් මතය. ඇතැම් විටෙක සිරකරුවකු තමන්ට අවශ්‍ය මුදල් නිලධාරියකුට කියා ගෙන්වා ගනී. නිලධාරියා සිරකරුගෙන් ඒ සඳහා ලබාගන්නා කොමිස් මුදල සියයට දහයකි. නැතිනම් සියයට පනහකි. තවත් අවස්ථාවල ගෙදරින් ගෙන්න ගත්ත ද මුදල අහිමි වූ සිරකරුවෝ ද වෙති.
“අද අතේ නැහැ, අසනීප වුණා, පඩි ගත්තම දෙන්නම” කියා නිලධාරියා මාරු වී යයි. නිලධාරියා තමන්ට කළ වංචාව පිළිබඳව සිරකරුට පැමිණිලි කරන්නට ද ක්‍රමයක් නැත. සිරකරුවන් වැඩ අංශවලට මාරු කරන්නේ ද ඇතැම් විට කප්පම් ගන්නා නිලධාරියාගේ අතට ලැබෙන ගතමනාව අනුවයි.
සිරකරුවන්ගේ ආහාර සඳහා වියදම් කරන්නේ රජයයි. හාල්, පොල්, එළවළු, මාළු, මස් සියල්ල රජයේ වියදමෙන් සැපයේ. මේ ලැබෙන දෙයින් ගසා කන්නන් ද නැතිවාම නොවේ. ස්ටෝරුවේ බඩු හංගා දියාරු කෑම සිරකරුවන්ට ලබා දී එයින් ද මුදල් ගන්නා අය මේ අතර නැතුවාම නොවේ.
ස්ටෝරුවේ තීන්ත බාල්දි ඇතුළට දමා කුඩු ඇතුළට ගෙන එන්නා සේම, කුඩු බඩේ දමාගෙන එන්නෝ ද වෙති. උසාවියෙන් එන ගමනේදී පොලිතින් කවරවල දමා ගිලින ලද කුඩු පැකට් පසුදා එළියට ගෙන පිරිසුදු කර ලබා ගැනීමට වෙනම සිරකරුවෝ සිටිති. ඒ හවුල් බිස්නස් කාරයෝය. ඇතැම් විට සිම් රැගෙන එන්නේ ද එසේය.
ලද දඬුවම විඳගෙන තමන්ගේ පාඩුවේ සිටින සිරකරුවන් අතර මෙවැනි වංචනිකයෝ ද සිටිති. බිස්නස් කරන්නට, ඊසි කෑෂ් මඟින් මුදල් හුවමාරු කරන්නට, ජංගම දුරකථන ඇතුළට ගෙන එන්නට සිරකරුවන්ට තනිවම නොහැක. ඒ සඳහා ඇතුළත අයගෙන් ද සහාය ලැබේ. හැම නිලධාරියකුම වංචා දූෂණ වැඩවලට අතහිත නුදුන්න ද බන්ධනාගාර දෙපාර්තමේන්තුවම අපකීර්තියට පත්කරන්නන් සිටීම කනගාටුවකි.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැරැදි සම්බන්ධව බන්ධනාගාර ගත කරන රැඳවියන් හිරගෙදර තුළ ද ඔවුන්ගේ ව්‍යාපාර ජයටම කරගෙන යති. මෙවැනි හිරකරුවන් බන්ධනාගාර ගත කිරීම ඉබ්බන් දියට දැමීමක් වැනිය.
ආහාර වේල රස නැති වූ විට සල්ලිකාර හිරකාරයෝ ස්ටෝරුවෙන් තුනපහ මිලට ගනිති. ස්ටෝරුවට රුපියල් පන්සීයක් පමණ දුන් විට ඔවුන්ට ටියුලිප් බෑග් එකක පිරවූ මිරිස් ගම්මිරිස් සුදුලුණු තුනපහ කුඩු ආදිය ලැබේ. ඉන්පසු ඒවා දමා කෑම රස කර ගැනීම හිරකරුවාගේ කාර්යයකි.
මේ තොරතුරු වලින් බිඳක් පමණි. හිරගෙදරට මුවා වී ව්‍යාපාර කරන්නට වෙහෙසෙන හිරකාරයන් මෙන්ම ලැබෙන පඩිපතට වඩා මුදල් අතට ගැනීමට වෙහෙසෙන නිලධාරිහු ද වෙති.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.