ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, December 17, 2016

රටේ ඉතිහාසය මකා දැමීම සහ නව ව්‍යවස්‌ථාව

සිංහල ඉතිහාසය නිසා සුළු ජාතීන්ගේ සිත් රිදෙන බැවින් ජාතික සංහිඳියාව ඇති කිරීමට "ඉතිහාසය" විෂය නිර්දේශයෙන් ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කළ බව චන්ද්‍රිකා ඵකැස් චෞරිය පවසන්නීය.
දැනට වුවද පාසල් විෂය නිර්දේශයේ ඇත්තේ ඉන්දීය ඉතිහාසය සහ සමකාලීන යුරෝපීය ඉතිහාසය බව දැනගැනීමට ලැබේ. ලංකාවේ ඉතිහාසය කොහිදැයි විමසූ විට කියා ඇත්තේ එය ඉන්දීය ඉතිහාසය තුළ අන්තර්ගතව ඇති බවයි. ඡේ. ආර්. ජයවර්ධන යනු ඉතිහාසය/සාහිත්‍යය යන විෂයයන් ඉගෙන ගෙන වාහනයක්‌ ගත හැකි දැයි ඇසූ ජනාධිපතිවරයෙකි. එබැවින් ඡේ. ආර්. ගේ මෙන්ම ඵකැස් චෞරියගේද රට ගැන රටේ අභිමානය ගැන තිබෙන හැඟීම කෙබඳු දැයි අපට වටහා ගත හැකිවේ.

අප අපේ මවට පියාට ආදරය කරන්නේත් මව සහ පියා දිවිහිමියෙන් ආරක්‌ෂා කරන්aනේත් අප "පවුලේ ඉතිහාසය" දන්නා බැවිනි. දසමසක්‌ කුසේ දරා මෙලොවට බිහිකර, ලේ කිරි කර පොවා, අතපය හදා ලොකුමහත් කළ මවගේ කැපවීමද රැකියාවට ගොස්‌ පවුල නඩත්තු කොට උගන්වා හොඳ මිනිසෙක්‌ කළ පියාගේ කැපවීමද අපේ හද තුළ රඳන්නේ පවුලේ ඉතිහාසය අප අමතක නොකරන්නාක්‌ පමණි. අම්මා තාත්තාට නොසලකන්නේ පවුලේ ඉතිහාසය අමතක කරන නරුමයන්ය.

රටටද එම න්‍යාය බලපායි. වසර 2550 ක්‌ තිස්‌සේ රට රැකගත්, රටෙහි ඒකීයභාවය වෙනුවෙන් අපේ මුතුන්මිත්තන් දිවිපිදූ අයුරු, අපේ රජවරු පුද්ගලික සුඛවිහරණය නොතකා රට දැය සමය ආරක්‌ෂා කළ අයුරු, විදේශීය ආක්‍රමණ, එමගින් අපේ ජනතාව පෙළුණු අයුරු, අපගේ ඓතිහාසික ලෝකයා පවා අදටත් විශ්මයට පත් කරන, විශ්ව කර්ම වැඩ යනාදිය ගැන දැනුවත් වීම තුළින් පමණි තම මාතෘ භූමිය පිළිබඳව අභිමානවත් හැඟීමක්‌ හදවත තුළ ඇති වන්නේ. එම හැඟීම මව්බිම පිළිබඳව ආදරයකට පරිවර්තනය වේ. ආදි මුතුන් මිත්තන් විසින් අපට රැක දුන් මව්බිම, එසේ නම් මතු පරපුර සඳහා අප ආරක්‌ෂා කරගත යුතුය යන තීරණයට දේශප්‍රේමී ජනයා පෙළගැසෙන්නේ ඒ අයුරිනි. එයට මූලික පදනම එසේ නම් රටේ ඉතිහාසය පිළිබඳව නිසි සේ දැනුවත් වීමයි. ඒ අනුව බලන විට රටේ ඉතිහාසය රටේ දරුවන්ට ඉගැන්වීම තහනම් කළ යුතු යයි සිතීමට පවා හැක්‌කේ රටට කිසිම ආදරයක්‌ නොමැති දේශෙද්‍රdaහීන්ට පමණි. ඇමෙරිකාවේ පුරවැසිකම ලබා ගැනීමට ඒ රටේ ඉතිහාසය දැනගත යුතුවේ. ජපානයේ විශ්වවිද්‍යාල පවා ජපන් ඉතිහාසය අනිවාර්ය කොට ඇත. රට රකින අභිමානවත් දනන් බිහි වන්නේ ඉතිහාසය පිළිබඳව දැනීම තුළිනි. එය නැති කිරීමට යෝජනා කිරීම පවා නින්දිත කුහක වෑයමකි.

මීට කලකට පෙර ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක විකාශනය වූ සාකච්ඡාවක්‌ නැරඹීමට මට ලැබුණේ නුදුරු දිනයකදීය. ප්‍රවීණ කලාකරු ජැක්‌සන් ඇන්තනී මහතාද සහභාගි වූ එම සාකච්ඡාවේ මා කවදාවත් දැක හෝ අසා නැති තරුණ පුද්ගලයෙක්‌ විය. කමිසයේ බොත්තම් විවෘත කරගෙන මාලයක්‌ද පැළඳගෙන සිටි ඔහු ආරම්භයේදී කියා සිටියේ සමහරු සමාජයේ "පොරක්‌ වීමට" උත්සාහ කරන බවය. ජැක්‌සන් ඇන්තනී යනු රටේ පිළිගත්, පරිණත ජ්‍යෙෂ්ඨ කලාකරුවෙකි. ඔහු හෝ ඒ හා සමාන ජ්‍යෙෂ්ඨ කලාකරුවෝ කිසිවෙකුටත් ප්‍රසිද්ධ නාළිකාවක විකාශනය වන වැඩසටහනකදී ශිෂ්ට සම්පන්න කිසිවෙක්‌ මුල් නමින් හඳුන්වන්නේ නැත. නමුත් මේ පුද්ගලයා ජැක්‌සන් ඇන්තනී මහතා ඇමතුවේ "ජැක්‌සන්" යනුවෙනි. ඒ තුළින්ම ඔහු "පොරක්‌" වීමට තැත් කළ අන්දම ඉතාම හාස්‍ය ජනකය. මොහු ඉන්පසු කීමට පටන් ගත්තේ දුටුගැමුණු රජතුමා ගැනය. දුටුගැමුණු දුෂ්ටයෙක්‌ බවත්, ඔහු "නහරකාරයෙක්‌" බවත්, පැවසූ මෙම පුද්ගලයා එළාර වගේ "සාමකාමී" රජෙක්‌ ඇතුළු දෙමළ ජනයා විශාල සංඛ්‍යාවක්‌ මරා දමා ඒ විශාල පවෙන් බේරෙන්නට විශාල රුවන්වැලි සෑය සෑදූ බවත් එහි ප්‍රමාණයෙන් පවේ ප්‍රමාණය පෙනෙන බවත් එයට රටේ ජනතාව වඳින බවත් පවසා සිටියේය. රටේ කිසිම "සුජාත" පුරවැසියෙක්‌ දුටුගැමුණු රජතුමා ගැන හෝ රුවන්වැලි මහා චෛත්‍යය ගැන හෝa එසේ සඳහන් කරන්නේ නැත. එම ප්‍රකාශයෙන්ම ඒ පුද්ගලයාගේ "ජන්මය" හෙවත් "ජාතකය" ගැන අපට සිතා ගත හැක. ඔහුගේ ගුරුවරු, දෙමාපියන්ද එම පුද්ගලයාගේ එම "හැසිරීමට" වගකිව යුතුය.

එළාර යනු ආක්‍රමණිකයෙකි. වසර 44 ක්‌ ඔහු රටේ කොටසක්‌ පාලනය කළේය. දුටුගැමුණු කුමරු කුසට පැමිණිමේදී විහාර මහා දේවියට හටගත් එක්‌ දොළදුකක්‌ වූයේ අනුරාධපුර විලකින් නෙලුම් මල් නෙලා මාලයක්‌ ගොතා පැළඳ ගැනීමටය. එයින් පෙන්වන්නේ එදා සිංහලයාට නිදහසේ අනුරාධපුරයටවත් යාමට නොහැකි වූ බවය. සිංහලයන්ට කුරිරු වධ හිංසා පමුණුවමින් ගම් නියම් ගම් විනාශ කරමින් සිටි බැවිනි එවන් කුල කාන්තාවකට එබඳු දොළදුකක්‌ එදා පහළ වූයේ. එළාර විසින් දෙකඩ කර තිබූ අපේ මාතෘ භූමිය, ඔහුට විරුද්ධව යුද ප්‍රකාශ කොට, ජයග්‍රහණය ලබා නැවත එක්‌ සේසත් කළේ දුටුගැමුණු රජතුමාය. එසේ රට බේරාගත් විරුවෙකුට "නහරකාරයෙක්‌" යෑයි අවමන් කළ හැක්‌කේ තම පියා කවුරුන් දැයි නොදන්නා නරුමයෙක්‌ට පමණි.

දුටුගැමුණු රජතුමා යුද්ධය ජයගත් පසුව තමාට සුවසේ සිටීමට රජමාලිගා තැනුවේ නැත. යුද්ධය දිනා දින හතක්‌ යාමට මත්තෙන් ඔහු කළේ තම ජය කොන්තය නිධන් කොට මිරිසවැටිය සෑදීමය. ඉන්පසු ලෝවාමහාපාය ඉදි කළේය. පසුව සර්වර්ඥ ධාතුන් 1/8 ක්‌ නිධන් කොට ස්‌වර්ණමාලී මහා චෛත්‍යය ඉදි කළේය. වලගම්බා රජතුමා දාඨිය, පීඨිය, අලිසමාර, පලසමාර යනාදී පස්‌ ද්‍රවිඩයන් සමඟ වසර 14 ක්‌ මුළුල්ලේ සටන් කොට යුද්ධය දිනා පළමුවෙන්ම කළේ ලොව විශාලතම ගඩොල් ස්‌ථූපය වන අභයගිරිය ඉදි කිරීමය. අපේ රජවරු ආක්‍රමණිකයන් සමඟ යුද්ධ කළේ රට, ජාතිය, ආගම සුරක්‌ෂිත කිරීමට මිස වෙන කිසිවකට නොවේ. දුටුගැමුණු රජ යුද්ධ කළේa රටට සාමය උදා කරනු පිණිසය. ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට " ඒකීය" රටක්‌ බිහි කරනු පිණිසය. ඔහුගේ හමුදාව සමඟ රහතන් වහන්සේ 500 නමක්‌ද විහාර මහා දේවියද ටික දුරක්‌ ගමන් ගත් බැව් ඉතිහාසයේ සඳහන් වන්නේa එබැවිනි.

රටේ ඉතිහාසය පාසල් විෂය නිර්දේශයෙන් ඉවත් කිරීමේ අහිතකර ප්‍රතිඵල අපට දැන් පෙනෙන්නට තිබේ. බෙදුම්වාදී, පෙඩරල්වාදී, සිංහල විරෝධී පුද්ගලයන්ටද අවශ්‍ය වන්නේ එයයි. රට ගැන හැඟීමක්‌ නොමැති රට ගැන අභිමානයක්‌ නොමැති පුද්ගලයන් සිටින රටක්‌ ඉතා ලෙහෙසියෙන් බෙදිය හැක. මන්ද එවන් පුද්ගලයන්ට අවශ්‍ය වනුයේ කා බී සුවසේ සිටීම පමණි. රටක ඒකීයභාවයෙහිs වැදගත්කම දන්නේ, ඒකීය රටක්‌ ලෙස තබා ගැනීම සඳහා වසර 2550 ක්‌ තුළ ලක්‌ෂ ගණන් මුතුන් මිත්තෝ දිවිපිදූ අන්දම ගැන අවබෝධයක්‌ ඇති අයකුට පමණි. එසේ නම් ඉතිහාසය ඉගැන්වීම තහනම් කිරීමට යෝජනා කරන්නේ රට බෙදීමට පිඹුරුපත් සකසන, රට පෙඩරල් කිරීමට වළකන, සිංහල බහු ජාතියට තම අයිතිවාසිකම් අහිමි කරන කුහක නිවට නායකයන්ය.

කොටි නායක ප්‍රභාකරන් යුද්ධ කළේ රට බෙදීමටය. ඔහු වසර 30 ක්‌ තිස්‌සේ අපේ මව්බිමට අත්කර දුන් විනාශය අප කවුරුත් දනිමු. දහස්‌ ගණනින් අහිංසක ජනයා මරා දමා ලොව බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දළදා වහන්සේටද පහර දී ශ්‍රී මහා බෝධිය අභියස සිල් සමාදන් වූ උපාසිකාවන්ද සිය ගණනක්‌ ඝාතනය කරමින්, රටේ සම්පත් කෝටි ප්‍රකෝටි ගණනින් දවා අළු කරමින් කොටි ත්‍රස්‌තයා උත්සාහ කළේ රට බෙදීමටය. එම බෙදුම්වාදී කොටි ත්‍රස්‌තයෝ පරාජය කිරීමට අපේ හමුදාවන්ට හැකි විය. එසේ කිරීමට හැකි වූයෙත් හමුදාවේ 25,000 ක්‌ මියගොස්‌ 14000 ක්‌ ආබාධිත වූ පසුවය. එසේ ඉමහත් කැප වීමකින් පසුව ඒකීය රටක්‌ බවට පත් කළ අපේ මව්බිම මෙම ඊනියා නව ව්‍යවස්‌ථාව මඟින් නැවත බෙදීමට ලක්‌ වන්නේ නම් අප නිකම් බලා සිටිය යුතුද?

අද නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන එන්නේ කවර හේතු=වක්‌ නිසාද? සෝල්බරි කොමිසම ගෙන ආවේ 1947 දී රටට නිදහස ලැබීමට පෙරාතුව, නිදහසින් පසුව රට පාලනය කිරීමට අලුත් ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය බැවිනි. 1972 ව්‍යවස්‌ථාව ගෙන ආවේ එතෙක්‌ රටේ ප්‍රධානියා වූයේ බ්‍රිතාන්‍ය මහ රැජින බැවින් එය වෙනස්‌ කිරීම කළ යුතු බැවිනි. 1978 ව්‍යවස්‌ථාව ගෙන ආවේ නව ආර්ථික රටාවත් සමඟ විධායක ජනපති පදවිය හඳුන්වා දීමටය. නමුත් 2017 නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන එන්නේ මොන කෙංගෙඩියකට දැයි ගමේ නූගත් ගැමියෙක්‌ පවා අසන ප්‍රශ්නයකි. එයට එකම හේතුව ලෙස අපට පෙනෙන්නේ "සංහිඳියාව" නාමයෙන් රට බෙදීමටය. අප එයට එක හෙළාම විරුද්ධ වන්නේ එබැවිනි.

නව ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය නම් එහි අඩංගු නොකළ යුතු කරුණු කිහිපයක්‌ අති පූජ්‍ය භික්‌ෂුන් වහන්සේ සහ දේශහිතෛෂී නීති විශාරදයන් විසින් සකස්‌ කොට ඇත. ඒවා අඩංගු නොකොට ඕනෑම ව්‍යවස්‌ථාවක්‌ සාදා ගත්තාට අපට කම් නැත. නමුත් ජනාධිපති නීතිඥ ව්‍යවස්‌ථා විශාරද මනෝහර ද සිල්වා මහතා විසින් පෙන්වා දෙන කරන ලද පූජ්‍ය මැදගොඩ අභයතිස්‌ස හිමි විසින් ශ්‍රී දළදාව ඉදිරිපිට සංවිධානය කරන ලද අධිෂ්ඨාන පූජාවේදී ප්‍රකාශ කළ කරුණු අපේ අවධානයට යොමු විය යුතුවේ. ඒවා නම් සැකෙවින් මෙසේය. එනම්

1. රට තුළ වෙනම රාජ්‍යයක්‌/ පෙඩරල් ඇති කිරීමට තුඩු දෙන වගන්ති නොතිබිය යුතු අතර, රටේ ඒකීය බවට බුද්ධාගමට ප්‍රමුඛ ස්‌ථානය ලබාදීමට අඩංගු වගන්ති වෙනස්‌ නොවිය යුතුය.

2. පළාත් සභාවල බලය පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයට යටත් විය යුතුය.

3. පළාත් සභා මෙරට පවතින තාක්‌ කල් ජනාධිපතිවරයාගේ මෙහෙයවීම යටතේ ක්‍රියා කරන ආණ්‌ඩුකාරවරයා විසින් විධායක බලය ක්‍රියාත්මක කළ යුතුය.

4. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියෙන් පරිබාහිරව ව්‍යවස්‌ථා අධිකරණයක්‌ හෝ වෙනත් අධිකරණයක්‌ ඇති නොකළ යුතුය. ජනවර්ගය පදනම් කරගෙන අධිකරණවලට පත් කිරීම් සිදු නොකළ යුතුය.

5. ලංකාව තුළ ජනවර්ගය/ ආගම/ භාෂාව පදනම් කර ගනිමින් පරිපාලන ව්‍යqහයන් නිර්මාණය නොකළ යුතුය. උතුර, නැගෙනහිර පළාත් ඒකාබද්ධ කොට වෙනම රාජ්‍යයක්‌ නිර්මාණය කිරීමට අවශ්‍ය වස්‌තුබීජ ඇති නොකළ යුතුය.

6. පොලිස්‌ බලතල පළාත් ආණ්‌ඩුවලට නොදිය යුතුය.

7. ඉඩම් බලතල රජය සතු විය යුතු අතර එය කෙසේවත් පළාත් ආණ්‌ඩුවලට නොදිය යුතුය. (රටේ ඕනෑම පුරවැසියෙක්‌ට රටේ ඕනෑම තැනක ජීවත් වීමට ඉඩ තිබිය යුතු බැවින්ද මෙය අත්‍යාවශ්‍ය වේ.)

8. සමගාමී ලැයිස්‌තුව මොනම හේතුවක්‌ නිසාවත් අහෝසි නොකළ යුතුය. (බෙදුණු රටක්‌ වීම ප්‍රධානතම හේතුවක්‌ වන්නේ සමගාමී ලැයිස්‌තුව අහෝසි කිරීමයි.)

9. රජයේ ඉහළ නිලධාරීන්/ ස්‌වාධීන කොමිෂන් සභාවල නිලධාරීන් පත් කරන ව්‍යවස්‌ථා සභාවක්‌ වෙතොත් එහි සංයුතිය පාර්ලිමේන්තුව නියෝජනය කරන පිළිගත් දේශපාලන පක්‌ෂවල සමානුපාතික නියෝජනය මත පදනම් විය යුතුය. ඔවුන් යෝජනා කරන පත්වීම් පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත විය යුතුය. (දැන් එය කරනුයේ සම්බන්ධන් සහ රනිල්ගේ අභිමතය පරිදි පමණි.)

10. ලංකාවේ මූල්‍ය පාලනය පාර්ලිමේන්තුව සතු විය යුතුය. මුදල් වෙන් කිරීමේ අභිමතය රජය තබාගත යුතුය.

11. දිස්‌ත්‍රික්‌ ලේකම්, ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරීන් මධ්‍යම රජයෙන් ඉවත් කොට පළාත් සභා යටතට නොගත යුතුය.

12. ඕනෑම විෂයයක්‌ පිළිබඳ ජාතික ප්‍රතිපත්ති තීරණය කිරීමේ අයිතිය සෑම විටම ශ්‍රී ලංකා රජය සතු විය යුතුය. එසේම ලැයිස්‌තුවේ විශේෂයෙන් සඳහන් නොවන ඕනෑම විෂයයක්‌ සම්බන්ධ තීන්දු ගැනීමේ බලය රජයට තිබිය යුතුය.

මේ පිළිබඳව දේශප්‍රේමී ජනතාවගේ අවධානය යොමු කිරීමට කාලය දැන් පැමිණ ඇත. අප රට ධර්මදීපයකි. එය විනාශ කිරීමට තැත් කරන සියල්ලන්ටම කවර අයුරකින් හෝ විනාශය ළඟාවේ. හිලරි ක්‌ලින්ටන් ජයමාවත පෙනි පෙනී පරාජය වූයේ එබැවිනි. මිලිබෑන්ඩ් ආගිය අතක්‌ නැත. ඩේවිඩ් කැමරන්ට නොසිතූ ලෙස අගමැතිකම අහිමි විය. ජයලලිතා දුක්‌ විඳ මිය ගියාය. ජෝන් කෙරී, නිශාබිස්‌වාල්, සමන්තා පවර් මින්පසු ජීවිතේට මෙහි එන්නේ නැත. රට බෙදන්නන්ට මේවා හොඳ පාඩම්ය.

 රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.