මුදල් ලේකම් ඇතුළු තිදෙනෙක් අත්සන් කල වරාය ගිවිසුම, කොන්දේසි නීති විරෝධීයි.. බැදුම්කර මගඩියට වඩා විශාලයි.. නීතිඥවරුන් පිරිසක් නඩු මගට…
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු අනිකුත් ලේකම්වරුන් දෙදෙනා
විසින් අත්සන් කොට අත්තිකාරම් ලෙස චයිනා මර්චන්ට් පොර්ට් හෝල්ඩිග්ස් සමාගම
ඇ.ඩොලර් මිලියන 5 ක ලබා ගැනිම ඇතුළු අනුකුත් එහි අඩංගු කොන්දේසි
ක්‍රියාත්මක කිරීමට අනියමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය බලපෑම් කොට ඇති බවට
සැකයකින් තොරව මනාව ඔප්පු කල හැකි බැවින් ඔහුනට විරුද්ධව මහේස්ත්‍රාත්
අධිකරණයේ 1982 අංක 12 දරණ පොදු දේපල විෂයහිලා සිදු කරන ලබන වැරදි පනතේ 5
(1) සහ 5 (2) වගන්ති සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386, 389, 454, 459, 113,
102, 467 වගන්ති යටතේ වරදක් කර ඇති බවත්, තවද මේ සම්බන්ධයෙන් 2006 අංක 5
දරණ මුදල් විශුද්ධිකරන වැලක්විමේ පනතේ වගන්ති 03 (1) යටතේ ද වරදක් සිදු කර
ඇති බැවින් ද නඩු පැවරීමට රටේ සම්පත් රැක ගැනීමට ක්රීයා කරන නීතිඥ
මඩුල්ලක් මේ වනවිට අවශ්‍ය කටයුතු කර ගෙන යනු ලබයි.
1979 අංක 51 දරණ ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුවේ ශ්‍රීලංකා වරාය අධිකාරිය පනත ප්‍රකාරව එහි නිශ්චල හෝ චංචල
දේපල හෝ වත්කම් අලෙවි කිරීම බදු දීම සඳහා රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හෝ
වරාය විසින් එම පනතට අනුව අධිකාරිය විසින් අනුමත කොට ඇති ප්‍රසම්පාදන
ක්‍රියාවලියකින් බැහැරව සිදු කිරීම සම්පූර්ණයෙන්ම නිතී විරෝධී ක්‍රියාවකි.
එමෙන්ම එසේ යම් නිශ්චිත දේපලක් බැහර කරන්නේ නම් ඒ සඳහා එහි වර්තමාන
වෙළෙඳපොල වටිනාකම නිශ්චිත කිරීමට රජයේ තක්සේරු කරුගේ ගෝ වරාය අධිකාරියේ
අධ්‍යයක්ෂක මණ්ඩලය විසින් අනුමත කොට ජාත්‍යන්තරව පිලිගත් විශේෂඥ දැනුමක්
ඇති ආයතනයක් විසින් එම නිශ්චල දේපළ සම්බන්ධයෙන් තක්සේරුවක් ලබා ගෙන
සම්පූර්ණ වාර්තාවක් විකිණීමට හෝ බදු දීමට පෙර වරාය අධිකරණයේ අධ්‍යයක්ෂක
මණ්ඩලය වෙත යොමු කොට අනුමැතිය ලබා ගත යුතුය,
එහෙත් හම්බන්තොට වරායේ කාර්යන් සහ නිශ්චල සහ චංචල දේපල ඇතුළු සියලු
වත්කම් අයිතිය සීයයට 80% ක් වසර 99 කට හෝ ඊට වැඩි කාලයක් සඳහා ඇ.ඩොලර්
බිලියන 1 දශම 2 කට විදේශීය සමාගමක් වන චයිනා මර්චන්ට් පොර්ට් හෝල්ඩිග්ස්
සමාගමට පැවරිමට 2016 දෙසැම්බර් මස දින ගිවිසුමකට එලබුනි. ශ්‍රීලංකාව
වෙනුවෙන් එම ගිවිසුම අත්සන් කොට ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්
එච් එස් සමරතුංග, වරාය හා නාවුක අමාත්‍යාංශයේ ලේකම් එල් එම් ජයම්පති හා
උපායමාර්ග සංවර්ධනය හා ජාත්‍යන්තර වෙලද කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චාන්දනී
විජේවර්ධන යන ලේකම්වරුන් ය. එම ගිවිසගත් ගිවිසුමට අනුව චීනයේ චයිනා
මර්චන්ට් පොර්ට් හෝල්ඩිග්ස් සමාගම ඇ.ඩොලර් මිලියන 5 ක අත්තිකාරම් මුදලක්
ගිවිසුම අත්සන් කල දිනයේදීම මුදල් අමාත්‍යාංශයේ ලේකම් වෙත ගෙවන ලදි,
2017 වසරේ ජනවාරි 8 වෙනි දින හෝ ඊට ආසන්න දිනයකදි ඉතිරි මුදල් ගෙවීමෙන්
පසු සම්පූර්ණ හම්බන්තොට වරාය පරිශ්‍රය ඇතුළු එහි මෙහෙයුම්, පරිපාලන,සහ
මූල්‍ය කටයුතු ඒ අනුව චීනයේ චයිනා මර්චන්ට් පොර්ට් හෝල්ඩිග්ස් කොම්පෙනි වෙත
පවරනු ලබයි, ඒ අනුව වරායේ සම්පූර්ණ අයිතිය 80% ක් චීන සමාගමට වසර 99 කට
හිමිවේ,
අත්සන් කරන ලද ගිවිසුම අනුව වරාය අධිකාරියේ සීයයට 20% අයිතිය වෙනුවෙන්
නව හවුල් සමාගමේ එක සමාගම් අධ්‍යයක්ෂක තනතුරක් A Single Board Member ලැබෙන
අතර ලංකා ආණ්ඩුව ඒ සඳහා වසර 15 ක් යනතුරු වරායේ සියලුම ආදායම එම හවුල්
සමාගමට මෙන්ම එම සීයලු ආදායම ශ්‍රීලංකා ආණ්ඩුව විසින් පනවන ලබන සියලු බදු
වර්ගවලින් නිදහස් වේ, ඒ සමගම දැනට කොළඹ වරාය මගින් හම්බන්තොට වරාය වෙත පවරා
ඇති සියලු වෙළෙඳ කටයුතු එනම් දිවයිනට ගෙන්වන මෝටර් රථ ඇතුළු සියලු ප්‍රති
නැව් ගතකරන භාණ්ඩ ඒ ආකාරයෙන්ම ඉදිරියට කරගෙන යෑමට නිතීමය බලය ලබාදීම මෙන්ම
දැනට වරාය අධිකාරියේ කිසිම සේවකයකු එම වරාය තුල සේවයේ නොයෙදවීම මෙන්ම වරායේ
අභ්‍යන්තර ආරක්ෂාවත් ඇතුළු සියලු මෙහෙයුම් කටයුතු නව හවුල් සමාගමට
පැවරිමයි.
මෙහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් විසින් තම බලතල ඉක්මවා ගොස්
පාර්ලිමේන්තුවේ අවසරයකින් හෝ අනුමැතියකින් තොරව පාර්ලිමේන්තුව සතු රජයේ
මුදල් සහ බදු ආදායම් සම්බන්ධයෙන් ද තීරණය ගෙන ඇත. එමෙන්ම රටේ සංක්‍රිය
ව්‍යවස්ථාපිත ආයතනයක් වන ශ්‍රි ලංකා වරාය අධිකාරිය 1978 ශ්‍රීලංකා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට අනුව අධිකාරියක් විසින් පාලනය කරනු ලබන ආයතනයකි. ඒ
සම්බන්ධයෙන් රජයට හෝ අමාත්‍ය මණ්ඩලයට තීරණය ගැනිමට අවකාශ ඇත්තේ පනත මගින්
ලබා දී ඇති අවස්ථාවන් හා අවකාශයන් තුල පමණකි. එවැනි අවස්ථාවක පවා එම
තීරණයන් වරාය අධිකාරි අයත් අමාත්‍යාංශයේ ඇමතිවරයාගේ නියෝගයක් ලෙස 1979 අංක
51 දරණ ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ
ශ්‍රීලංකා වරාය අධිකාරිය පනත ප්‍රකාරව එහි පරමාර්ථ සහ අරමුණ ඉටුකර ගැනීමට
ලබාදීමට ප්‍රතිපාදන සලසා ඇත.
එහෙත් වරායක් විකිණීමට හෝ බදු දීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්
එච් එස් සමරතුංග, වරාය හා නාවුක අමාත්‍යාංශයේ ලේකම් එල් එම් ජයම්පති හා
උපායමාර්ග සංවර්ධනය හා ජාත්‍යන්තර වෙලද කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චාන්දනී
විජේවර්ධන මහත්මිය යන වග උත්තරකරුවන් චේතනාන්විතව ශ්‍රීලංකා වරාය අධිකාරිය
පනත ප්‍රකාරව එහි පරමාර්ථ සහ අරමුණ ඉටුකර ගැනීමට ලබා දි ඇති ප්‍රතිපාදන
ඉක්මවා ගොස් තමන්ට අධිකාරිය විසින් පවරා නැති බලතල ක්‍රියාත්මක කොට එමෙන්ම
රජයේ එකාබද්ධ අරමුදලේ දායකත්වය ද සහිතව ඉදිකල රජයේ දේපලක් විකිණීමට හෝ බදු
දීමට ක්‍රියා කිරිම ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ
ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව පැහැදිලිව උල්ලංඝනය කොට ඇති බැව් මෙම ගිවිසුම
අධ්‍යයන කිරිමෙන් මානාව පැහැදිලි වේ.
ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු අනිකුත් ලේකම්වරුන් දෙදෙනා
විසින් අත්සන් කොට අත්තිකාරම් ලෙස චයිනා මර්චන්ට් පොර්ට් හෝල්ඩිග්ස් සමාගම
ඇ.ඩොලර් මිලියන 5 ක ලබා ගැනිම ඇතුළු අනුකුත් එහි අඩංගු කොන්දේසි
ක්‍රියාත්මක කිරීමට අනියමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය බලපෑම් කොට ඇති බවට
සැකයකින් තොරව මනාව ඔප්පු කල හැකි බැවින් ඔහුනට විරුද්ධව මහේස්ත්‍රාත්
අධිකරණයේ 1982 අංක 12 දරණ පොදු දේපල විෂයහිලා සිදු කරන ලබන වැරදි පනතේ 5
(1) සහ 5 (2) වගන්ති සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386, 389, 454, 459, 113,
102, 467 වගන්ති යටතේ වරදක් කර ඇති බවත්, තවද මේ සම්බන්ධයෙන් 2006 අංක 5
දරණ මුදල් විශුද්ධිකරන වැලක්විමේ පනතේ වගන්ති 03 (1) යටතේ ද වරදක් සිදු කර
ඇති බැවින් ද නඩු පැවරීමට රටේ සම්පත් රැක ගැනීමට ක්රීයා කරන නීතිඥ
මඩුල්ලක් මේ වනවිට අවශ්‍ය කටයුතු කර ගෙන යනු ලබයි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Saturday, December 31, 2016
අත්සන් කල වරාය ගිවිසුම, කොන්දේසි නීති විරෝධීයි. පිරිසක් නඩු මගට….!!!
Posted by
lankanews
at
December 31, 2016
Labels: china deals, Colombo port, hambanthota port, meithree, port deal, ranil wickramasinge, selling port, unp corruptions, unp deals, yahapalana deal, yahapalanaya
අත්සන් කල වරාය ගිවිසුම, කොන්දේසි නීති විරෝධීයි. පිරිසක් නඩු මගට….!!!
2016-12-31T10:27:00+01:00
lankanews
china deals|Colombo port|hambanthota port|meithree|port deal|ranil wickramasinge|selling port|unp corruptions|unp deals|yahapalana deal|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...