විදේශ බලවේගයන්ගේ වුවමනාව මත රජය ගෙන ඒමට සැරසෙන රටට සතුරු නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේදී පරාජය කිරීමට දළදා සමිඳුන්ගේ, සිරිමාබෝ සමිඳුන්ගේ සහ ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් සියලු දේශපාලනඥයන්ට ප්රඥව, ධෛර්යය සහ ආත්ම ශක්තිය ලැබේවායි පතමින් ඉකුත්දා මහනුවර දළදා මාලිගාව අභියස පැවැති අධිෂ්ඨාන පූජාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
“රට රකින බලමුළුව” මගින් සංවිධානය කරනු ලැබූ මෙම අධිෂ්ඨාන පූජාවට මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් සහභාගිව සිටියහ.
මෙහිදී රැස්ව සිටි පිරිස දළදා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව ශ්‍රී දළදා මාලිගාව අභියසට පැමිණ සාදු නාද පවත්වමින් විශේෂ ප්රතිඥවක්ද හඬ නඟා කියවූහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉත්තෑකන්දේ ඥනිස්සර හිමියෝ මෙසේද පැවැසූහ.
අපි ආණ්ඩුවටත් දෙමළ ජාතික සන්ධානයටත් අභියෝග කරනවා පුළුවන්නම් නව ව්‍යවස්ථාව සම්මත කර පෙන්වන්න කියලා.
අද පාර්ලිමේන්තුව තුළදී වෘෂණ කෝෂ ගැන කතා කරන තරමට මේ කුජීත යහපාලනය පහතට වැටිලා.
පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අදහස් දක්වමින් රට ජාතියට හා ශාසනයට අහිතකර ආකාරයෙන් සකස් කර ඉදිරිපත් කිරීමට යන ව්‍යවස්ථාව පරාජය කිරීමට සෑම පියවරක්ම ගන්නා බව පැවසූහ.
වත්මන් පාර්ලිමේන්තුව කෙරෙහි කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව පැවසූ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණෝ මහජනයා විසින් පරාජයට පත් කරනලද පුද්ගලයන් ඇමැතිකම් දරන පාර්ලිමේන්තුවක් කෙරෙහි විශ්වාසයක් බලාපොරොත්තුවක් තබා ගැනීමට නොහැකි බව පැවසූහ.
පාර්ලිමේන්තුවේ පනත සම්මත කරන්නට යෙදුණත් ජනමත විචාරණයකදී ජනතාව ලවා පනත පරාජය කරන බව උන්වහන්සේ පැවැසූහ.
පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන, ඉඳුරාගාරේ ධම්මරතන, යන නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය, වෛද්‍ය ගුණදාස අමරසේකර, සුදත් ගුණසේකර, ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා, සරත් වීරසේකර ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙහිදී පැවැති අධිෂ්ඨාන පූජාවට පෙර පැපිලියාන සුනේත්‍රාදේවි පරිවේණාධිපති මැදගොඩ අභයතිස්ස හිමියන් ප්‍රධාන මහා සංඝරත්නය, මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ හමුවී රජය ගෙන ඒමට යන නව ව්‍යවස්ථාවට රටේ ඒකීය භාවයටත්, ජාතියට හා ශාසනයට අහිතකර වගන්ති ඇතුළත් කර තිබෙන බවත් ව්‍යවස්ථාව මගින්ම රට දෙකඩ කිරීමේ අවදානමක් තිබෙන බවත් පෙන්වා දුන්හ.