ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, January 26, 2017

සෙනසුරු මාරුව 2017 ගැන ඔබ දැනුවත්ද? මෙන්න ඇත්ත…!!!

2014-11-02 වනදා සෙනසුරු එතෙක් ගමන්කල තුලා රාශියේ ග්‍රහ ගමන අවසන් කරමින් වෘශ්චික රාශියට පිවිසි අතර වසර දෙකයි මාස දෙකයි දින 24 ක් පුරා වෘශ්චික රාශියේ ගමන්කල සෙනසුරු 2017-01-25 වනදා ධනු රාශියට පිවිසීම සිදුවේ.
.2017 වසරේ ජනවාරියේ සෙනසුරු  ධනු රාශිගත වීමත් සමග එක් පිරිසකට සෙනසුරුගේ ඒරාශ්ටක අපල උදාවන අතර තවත් පිරිසකට කෙටි සහ දිගු අපල අසුබ කාලසීමාවක් අවසන්වේ.
ඊට පෙර සෙනසුරුගේ ඒරාශ්ටක අපල යෙදෙන ආකාරය පැහැදිලිකල යුතුය.උප්පත්ති ලග්නයෙන් දොළොස්වැන්නට සෙනසුරුගේ පැමිණීමත් සමග වසර හතයි මාස හයක් දක්වා පවතින සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක අපල ආරම්බවීමයි.උපතින් සදු සිටින ස්තානය හරහා සෙනසුරුගේ ගමන සිදුවන කාලය ජම්ම ඒරාශ්ටක අවස්තාවක්වේ.එමෙන්ම උපතින් සදු සිටි ස්තානය දෙපස රාශීන් තුළ සෙනසුරු ගමන් කරනා කාලයද සෙනසුරුගේ චන්ද්‍ර ලග්න ඒරාශ්ටකය වශයෙන් හදුන්වනු ලැබයි.උපතින් සදු සිටින ස්තානයෙන් අටවැන්නේ සෙනසුරු ගමන් කරනා කාලයත් ජම්ම ලග්නයෙන් අටවැන්නේ සෙනසුරු ගමන් කරනා කලයත් චන්ද්‍ර අශ්ටම සහ ලග්න අශ්ටම ඒරාශ්ටක වශයෙන් පිළිවෙලින් හදුන්වනු ලැබේ.මේ සෙනසුරුගෙන් ප්‍රධාන වශයෙන් ඒරාශ්ටක අපල යෙදෙනා අවතාවන්ය.ඊට අමතරව ආත්ම කාරක ග්‍රහයා මතින් හෝ එම ග්‍රහයාගෙන් අටවැන්නේ සෙනසුරු ගමන් කරනා කාලයද යහපත් නැත.
මේෂ ලග්නය
මේෂ ලග්නයෙන් උපන් ඔබට 2014 – 11 – 02 වනදා සිට සෙනසුරුගේ ලග්න අශ්ටම ඒරාශ්ටක අපලය යෙදී ඇත.දැනට ඔබ ගෙවමින් සිටින්නේ ඒරාශ්ටක අපල සහිතවූ කාලයකි.2017 – 01 – 25 වනදායින් ඒරාශ්ටක අපල අවසන්වේ.ලග්නයෙන් දෙවැන්නේ සදු තැම්පත්ව සිටින්නේ නම් චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපලය 2017 – 20 අතර කාලයේ යෙදෙන අතර ලග්නයෙන් නමවැන්නේ සදු පිහිටා ඇත්නම් 2017-20 අතර කාලයේ සෙනසුරුගේ ජම්ම ඒරාශ්ටක අපලය පවතිනු ඇත.
වෘෂභ ලග්නය
වෘෂභ ලග්නයෙන් උපන් ඔබට , ඔබගේ ජම්ම පත්‍රයේ ලග්නයෙන් අටවැන්නට සෙනසුරුගේ පැමිණීම 2017 – 01 – 25 වැනිදා සිදුවන අතර සියලුම වෘෂභ ලග්න හිමියන්ට ඒ සමගම ලග්න අශ්ටම ඒරාශ්ටක අපලය ආරම්බවේ.වෘෂභ ලග්න හිමියන්ට යෝගකාරක වූ ප්‍රධාන සුබ ග්‍රහයා ඒරාශ්ටක අපලයකින් දුර්වලවීම මත වාසනා ගුණය පවා දුර්වලවී යන කාලයකි.උප්පත්ති කේන්ද්‍රයේ සදුගේ පිහිටීම ලග්නයේ හෝ අටවැන්නේ වූවේ නම් 2017-20 අතර කාලයේ යෙදෙනා ඒරාශ්ටක අපලය තවදුරටත් බලවත්වේ.එවිට සදු ග්‍රහයාද දුර්වලවීම මත තවදුරටත් අසුබ වර්ධනය වීමක් සිදුවන අතර සදු උපතින් ලග්නයේ තැම්පත් නම් ලග්න  අශ්ටම ඒරාශ්ටක අපලයත් චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපලයත් එකවිට යෙදීම සිදුවේ.උපතින් සදු ලග්නයෙන් අටවැන්නේ තැම්පත් නම් ලග්න අශ්ටම ඒරාශ්ටක අපලය සමග ජම්ම ඒරාශ්ටක අපලය යෙදෙනු ඇත.
මිතුන ලග්නය
මිතුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් හත්වැන්නට සෙනසුරුගේ පැමිණීම සිදුවේ.මෙම සෙනසුරු මාරුවත් සමග ඔබට සෘජු ඒරාශ්ටක අපලයක් නොයෙදෙන අතර උපතින් සදු ලග්නයෙන් දොළොස්වැන්නේ තැම්පත්ව සිටියේ නම් සෙනසුරු මාරුවත් සමග චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටකය ආරම්බ වන අතර 2017-20 අතර කාලය සෙනසුරුගේ අසුබ ක්‍රියාත්මකවනු ඇත.මිතුන ලග්න උප්පත්ති කේන්ද්‍ර සටහනක සදුගේ පිහිටීම ලග්නයෙන් හත්වැන්නේ යෙදී පැවතියේ නම් ඔවුන්ට 2017 – 20 අතර කාලය සෙනසුරුගේ ජම්ම ඒරාශ්ටක අපලය යෙදෙනවා ඇත.
කටක ලග්නය
කටක ලග්නයෙන් උපන් ඔබට ලග්නයෙන් හයවැන්නට සෙනසුරුගේ පැමිණීම සිදුවේ.සාමාන්‍ය වශයෙන් ගත්කල හයවැන්නට සෙනසුරුගේ පැමිණීම අයහපත් නැත.නමුත් ප්‍රධාන වශයෙන් සදුගෙන් අටවැන්න වූවේ නම් ද සදු උපතින් අටවැන්නේ පිහිටා සිටියේ වේ නම් ද 2017 – 20 අතර කාලය ඒරාශ්ටක අපල යෙදෙනු ඇත.
සිංහ ලග්නය
සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නස්තානයෙන් පස්වැන්නට සෙනසුරුගේ පැමිණීම සිදුවේ.පස්වැන්නේ සෙනසුරු සුබාසුබ මිශ්‍රඵල ඇතිකරතත් ඔබගේ උප්පත්ති කේන්ද්‍රයේ සදුගේ පිහිටීම අනුව තත්වය වෙනස්වේ.
කන්‍යා ලග්නය
කන්‍යා ලග්න හිමියන්ට සිය ලග්න රාශියෙන් සිව්වැන්නට සෙනසුරුගේ පැමිණීම සිදුකරයි.සෙනසුරු සිව්වැන්නට පැමිණීම එතරම් සුබදායක නැත.සිත මූලික ගැටලු ඇතිකරයි. ලග්නයෙන් නමවැන්නේ සදුගේ තැම්පත්වීම උප්පත්ති කේන්ද්‍රයේ යෙදී ඇත්නම් චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපලය යෙදෙන අතර ලග්නයෙන් සිව්වැන්නේ සදුගේ තැම්පත්වීම උප්පත්ති කේන්ද්‍රයේ යෙදී ඇත්නම් ජම්ම ඒරාශ්ටක අපලය 2017 – 20 අතර කාලයේ යෙදෙනු ඇත.
තුළා ලග්නය
තුළා ලග්නයෙන් උපන් ඔබ දැනට ගෙවමින් සිටින්නේ සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක අපල යෙදී ඇති කාලයකි.දීර්ග කාලීන සෙනසුරුගේ අපලයෙන් පීඩාවටපත් නොවූ තුලා ලග්න හිමියෙකු සොයාගැනීමත් අපහසුවේ.2017 – 01 – 25 වනදා වසර හතයි මාස හයක් පුරාවට අපල කල සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක අපලය අවසන්වෙයි.උපතින් සදු ලග්නයෙන් අටවැන්නේ පිහිටා ඇත්නම් සෙනසුරුගේ ලග්න ඒරාශ්ටකය අවසන්වූවත් 2017 – 20 අතර කාලයේ චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපලය යෙදෙනු ඇත.ලග්නය තුලා වී ලග්නයෙන් තුන්වැන්නේ සදුගේ පිහිටීම උප්පත්තියේදී යෙදී ඇත්නම් ලග්න ඒරාශ්ටක අපලය අවසන්වී 2017 – 20 අතර කාලය ජම්ම ඒරාශ්ටක අපලය යෙදෙනු ඇත.
වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්නයෙන් උපන් ඔබ දැනට සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක අපලය ගෙවමින් සිටී.2017 – 01 – 25 වනදා දක්වා ලග්න ඒරාශ්ටක අපලයේ මධ්‍ය කොටස පවතින අතර 2017 – 20 අතර කාලය සෙනසුරු ලග්නයෙන් දෙවැන්නේ ගමන් කරමින් ලග්න ඒරාශ්ටක අපලයේ අවසන් කොටසේ අසුබ ඇතිකරයි.උප්පත්ති කේන්ද්‍රයේ සදු ග්‍රහයා ලග්නයෙන් හත්වැන්නේ තැම්පත්ව ඇත්නම් වෘශ්චික ලග්න හිමියන්ට ලග්න ඒරාශ්ටක අපලයේ අවසන් කොටස සමග 2017 – 20 අතර කාලයේ චන්ද්‍රාශ්ටම ඒරාශ්ටක අපලයත් උපතින් සදු ලග්නයෙන් දෙවැන්නේ තැම්පත්ව ඇත්නම් සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක අපලයේ අවසන් කොටස සමග ජම්ම ඒරාශ්ටක අපලයත් යෙදෙනු ඇත.ඉතා ප්‍රවේසමෙන් කාලයගතකල යුතුවේ.
ධනු ලග්නය 
ධනු ලග්නයෙන් උපන් ඔබට 2017 – 01 – 25 වනදා සෙනසුරු ලග්නයට පැමිණීම සිදුවේ.වසර හතයි මාස හයක් දක්වා පවතින සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක අපලයේ මධ්‍ය අවස්තාවයි.සෙනසුරු ලග්නයේ ගමන්කරනා කාලය කිසිසේත්ම යහපත් වන්නේ නැත.උපතින් සදුගේ පිහිටීමද සෙනසුරුගේ ලග්නගතවීමත් සමග අසුබ ආකාරයෙන් සම්බන්ද වන්නේ නම් තවදුරටත් අසුබ බලවත්වේ.ධනු ලග්නයට සදු ග්‍රහයා අෂ්ටමස්තානාධිපති වශයෙන් මාරක ඵල ඇතිකරවයි. එමෙන්ම ධනු ලග්නයෙන් ඉපිද උපතින් සදු ලග්නයෙන් හයවැන්නේ තැම්පත්ව ඇත්නම් ලග්න ඒරාශ්ටකයේ මධ්‍ය කොසට සමග චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටකයද යෙදෙනු ඇත.
මකර ලග්නය 
මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දොළොස්වැන්නට 2017 – 01 – 25 වනදා සෙනසුරුගේ පැමිණීම සිදුවේ.ඒරාශ්ටක අපල හිමියන් අතරට මකර ලග්න හිමියන් එක්වන අතර ආරම්බ වන ලග්න ඒරාශ්ටක අපලය ඉදිරියට වසර හතයි මාස හයක් දක්වා වූ දීර්ගකාලයක් පවතිනු ඇත.උපතින් සදු ලග්නයෙන් දොළොස්වැන්නේ තැම්පත්ව ඇතිනම් සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක අපලය සමග ජම්ම ඒරාශ්ටක අපලයද ආරම්බ වන අතර ජම්ම ඒරාශ්ටක අපලය 2020 – 01 – 24 වනදා දක්වා පවතිනු ඇත.මාරක අපල ඇතිකරවන කාලයකි. උප්පත්ති කේන්ද්‍රයේ සදුගේ පිහිටීම ලග්නයෙන් පස්වැන්නේ යෙදී ඇතිනම් චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපලයද ලග්න ඒරාශ්ටක අපලයට සමගාමීව 2020 දක්වා යෙදෙනවා ඇත.මකර ලග්නයට සෙනසුරු ග්‍රහයා ලග්නාධිපති ග්‍රහයා වන හෙයින් ඉදිරියට වසර හතයි මාස හයක කාලසීමාව ඉතා ප්‍රවේසමෙන් කටයුතු කිරීම යහපති.
කුම්භ ලග්නය 
කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් එකොලොස්වැන්නට සෙනසුරුගේ පැමිණීම සිදුවේ.එකොලොස්වැන්නට පැමිණෙන සෙනසුරු ග්‍රහයා බොහෝඉට සුබඵල උදාකරයි.යහපත් මහදසාවක් අතුරු දසාවක්ද මේ සමය තුල යෙදී ඇත්නම් තවදුරටත් යහපත්වේ.කුම්භ ලග්නයෙන් ඉපිද උපතින් සදු ලග්නයෙන් සිව්වැන්නේ හෙවත් හතර වැන්නේ පිහිටා ඇතිනම්  2017 – 01 – 25 වනදා චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපල ආරම්බ වන අතර 2020 න් අවසන්වී ලග්න ඒරාශ්ටකයද ආරම්බවේ.
මීන ලග්නය 
මීන ලග්නයෙන් උපන් ඔබට සෙනසුරුගේ පැමිණීම සිදුවන්නේ ලග්නයෙන් දහවැන්නටවේ.ලග්නයෙන් දහවැන්නේ සෙනසුරු සුබාසුබ මිශ්‍රඵල ඇතිකරතත් තරමක දුෂ්කර කාලපරිච්ඡේදයකි. උපතින් සදු ලග්නයෙන් තුන්වැන්නේ පිහිටා ඇතිනම් 2017 – 20 අතර කාලය මීන ලග්නයෙන් උපන් ඔබට චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපලය යෙදෙනු ඇත.මීන ලග්නයෙන් උපත ලබා උප්පත්ති ග්‍රග කේන්ද්‍රයේ සදු ග්‍රහයා ලග්නයෙන් දසවැන්නේ පිහිටා ඇතිනම් 2017 – 20 අතර කාලයේදී ජම්ම ඒරාශ්ටක අපලය සෙනසුරු ග්‍රහයාගෙන් යෙදෙනු ඇත.
ඉහත දක්වා ඇත්තේ 2017 – 01 – 25 වනදා සිදුව සෙනසුරු ධනු රාශිගතවීමත් සමග ලග්න දොළොසින් උපන් ඔබට සෙනසුරුගේ ඒරාශ්ටක බලපෑම ඇතිවන ආකාරයයි.ඒරාශ්ටක ආරම්බවීමක් යෙදෙන්නේ නම් බුද්ධිමත්ව කටයුතු කල යුතුය.ඔබට ඒරාශ්ටකයක් ඉදිරියේ යෙදීමට ඇතිනම් දැනට ගෙවෙනා කාලයේ සුලු සුලු ගැටලු ඕනෑම දෙයක් සම්බන්දව ඇතිවෙමින් තිබිය හැකිය.මානසික පීඩා ඇතිවෙමින් තිබිය හැකිය.එය ඔබට තමන් පිලිබදව අවබෝධයෙන් යුතුව විමසා බැලීමෙන් හදුනාගත හැකිවනු ඇත.විශේෂයෙන් වෘෂභ , වෘශ්චික , ධනු , මකර යන ලග්න හිමියන් ඉදිරි කාලය පිලිබදව විමසිල්ලෙන් කටයුතු කලයුතුය.එම ලග්න හිමියන්ට සෘජු ඒරාශ්ටක අපල 2017 – 01 – 25 වනදා ආරම්බවේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.