වසර 1986 සිට 1990 දක්වා පැවති 60,000ක් ඝාතනය වූ ධවල
භීෂණ වකවානුව පිළිබඳව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න විසින් රචිත ජවිපෙ
2වැනි කැරැල්ල ග්‍රන්ථය 2016 දෙසැම්බර් 20 අඟහරුවාදා පස්වරු 3ට කොළඹ 5 තුංමුල්ල
මංසන්දිය අසළ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී එළි දැක්වේ.
වසර 27කට පෙර පැවති ජවිපෙ 2වැනි කැරැල්ලේ සත්‍ය කතාව මෙම
කෘතියට විෂය වන අතර එය පිටු 880කින් සමන්විත අතර කථා පුවත් 74කි. ඡායාරූප 1289ක්
ඇතුළත්ය. රුපියල් 1,500ක් මිළැති ගන්ථය මෙදින රුපියල් 1,000කට ලබාගත හැකිය. ජවිපෙ
2වැනි කැරැල්ලෙන් ඝාතනයට ලක්වූ සහ අතුරුදහන් වූ සංඛ්‍යාව 41,813ක් වේ. එහෙත් මානව
හිමිකම් සංවිධාන වාර්තාවන්ට අනුව 2වැනි කැරලි සමයේදී ඝාතනයට සහ අතුරුදහන් වීමට
ලක්වූ සංඛ්‍යාව 67,652කි. මින් 6,661ක් කැරලිකරුවන් අතින් ඝාතනයට ලක්වූ අතර ප්‍රා
සංවිධානය මගින් ඝාතනය කරන ලද සංඛ්‍යාව 1,222කි. සෙසු සියළු දෙනා ඝාතනයට ලක්වී
ඇත්තේ ආරක්ෂක අංශ ඇතුළු එයට සෘජු සහ වක්‍ර සම්බන්ධකම් පැවතුනායැයි කියන අතුරු
හමුදා කණ්ඩායම් 13ක් මගිනි.
ගන්ථයේ කතුවරයා වූ ධර්මන් වික්‍රමරත්න එකල එම ඇතැම්
සිද්ධීන් සියසින් දුටු බොහෝ කථා නායකයින් වෘත්තියව ඇසුරුකළ සහ පැනනැගුණු සිද්ධීන්
වාර්තාකළ එවකට කර්තෘ මාණ්ඩලික පුවත්පත් කලාවේදියෙකි. ග්‍රන්ථයේ ඇතුළත් තොරතුරු
අදාළ පාර්ශවයන් සමඟ කළ සම්මුඛ සාකච්ඡා 376කින් සහ ගවේෂණ මගින් සොයාගත් කරුණු වලින්
සමන්විතය. මෙය කතුවරයාගේ 52වැනි ග්‍රන්ථය වේ.
ග්රන්ථයට කැරලි සමයට අදාළ ජවිපෙ නායකයින් සහ ක්‍රියාකාරිකයින්,
1983 ජුලි තහනමින් පසු ජවිපෙ ක්‍රියාකාරිත්වය, ඉන්දු ලංකා ගිවිසුමට පෙර සහ පසු
සිදුවිම්, අතුරු හමුදා කණ්ඩායම් සහ පුද්ගලයින්, අසූවේ දශකයේ වෙනත් වාම ප්රවණතාවයන්,
ශ්‍රිලනිප, සාම්ප්‍රදායික වම සහ එහි ක්‍රියාකාරින්ට එරෙහිව කැරලිකරුවන්ගේ ප්රහාරයන්, පාසැල්
ශිෂ්‍ය සටන්, සරසවි ක්‍රියාකාරකම් ඇදුරන් සහ සිසු නායකයින්, කැරලිකරුවන්ගේ මිල්ටරි
ප්රහාරයන් සහ ක්‍රියාදාමයන්, ඝාතනයට ලක්වූ පූජ්‍ය පක්ෂය නීතිඥයින්, මාධ්‍යවේදීන්
සහ කළාකරුවන් ඇතුලු විවිධ සිදුවීම් පිළිබඳව කරුණු සහිතව වැඩි ඉඩක් වෙන්කර ඇත.