ජනාධිපති වෙත සාතිශය පහන් සංවේගයෙන් ලියමු.
ජනවාරි 8 වෙනිදා සිදු කරන ලද වෙනසින් ඔබට ඡන්දය දැමූ සියලු ජනතාව බලාපොරොත්තු වූයේ දූෂණයෙන් වංචාවෙන් තොර නීතියේ ස්වාධිපත්‍යයට යටත්වූ රාජ්‍යයකි. සුපිරිසිදු විනිවිද පාලනයකි. නමුත් ඒ ජනතාව බලාපොරොත්තු වූ ප්‍රාර්ථනාව කොතරම් දුරට ඉෂ්ට වී ඇතිද? එයට හොඳම උදාහරණය ජාතියේ පහන් ටැඹක් වන් වූ ජාතික රූපවාහිනියට වූ විනාශයයි. එය වැසී යාමට තව ඇත්තේ සුළු කාලයකි. පසුගිය පාලනයට එහි වැඩි වගකීමක් පැවරෙන අතර වර්තමානයේ එහි සම්පූර්ණ වැරදි කරුවන් වී ඇත්තේ යහපාලන ආණ්ඩුව විසින් පත් කොට එවන ලද පරිපාලන නිලධාරීන්ය. මේ අනුව මෙහි ප්‍රධාන වැරදිකරුවා වන්නේ ඔවුන් පත් කොට එවූ ඔබ වන බව ඉතා සංවේගයෙන් පවසමු.
වාසි ලබා ගැනීමට මුසා බස් දොඩවමින් ඔබ වටා දැවටෙමින් සිටින කේවට්ටයින්ගේ මුසා බස් විශ්වාස නොකොට ගජබා රජු මෙන් වෙස් වලා ගෙන හෝ පැමිණ මෙහි සැබෑ තොරතුරු ප්රත්යක්ෂ කර ගන්න. ඔබ විසින්ම දැනට පත් කොට ගෙන සිටින දූෂිත නිලධාරීන්ගෙන් ඔබට සැබෑ තොරතුරු නොලැබෙන වග අප ස්ථිරවම හඳුනාගෙන ඇති බැවින් මෙසේ පවසන්නට සිදුව තිබීම ඔබේ නොව අපේ කරුමයක් බවට පත්ව ඇත. නැත්නම් සියළු පව් කරගැසීමට සිදුවන්නේ ඔබතුමන්ටය. එය වැඩිදුරටත් පැහැදිලි කරන්නේ නම් ඔබතුමන් මායිම් නොකරන පරිපාලන ව්‍යුහයක් ඔබතුමා විසින්ම පිහිටුවා ඇත.
මේ කරුණ පිළිබඳව ඔබ තුළ පැවතිය යුත්තේ 2014 නොවැම්බර් 21 දින සහ 2015 ජනවාරි 08 දින දක්වා ඔබ තුළ පැවති සෘජු ප්රතිපත්තියයි. වර්තමානයේ ඔබතුමා තුළ එම ප්‍රතිපත්තිය නොමැති නිසාදෝ මෙවැනි වටිනා ආයතන කඩාවැටීමකට පත් වී ඇත. වැනෙන ප්‍රතිපත්ති සමග රටක් ඉදිරියට යා නොහැක. ඔබ සෘජුව නොසැලී සිටින්න. එවිට ජනතාව සිටින්නේ නොසැලෙන ඔබ සමඟයි.
රූපවාහිනිය ගොඩනැංවීමට නම් ඉහත දැක්වූ තනතුරු වෙනස් කිරීමකට භාජනය කරන්න. ඒ සඳහා කේවට්ටයින් නොසලකන්න. ඈත ඉන්න සතුරාට වඩා ළංව ඉන්න මිතුරු වෙස්ගත් සතුරාගෙන් ප්‍රවේසම් වන්න.
මෙ පිළිබඳව නිර්නාමිකව ලියන්නට සිදුව ඇත්තේ ඔබ ගේ පැවැත්මේද සැක සහිත රාජපක්ෂ ලක්ෂණ දැන් දැන් පහල වීමට පටන් ගෙන ඇති නිසාය. රූපවාහිනියේ ඉහළ නිලධාරීන් කැඳවා හොරාගේ අම්මාගෙන් පේන නොඅසන ලෙසද ඔබගෙන් ඉල්ලා සිටිමු. සෘජු තීරණ නොගන්නේ නම් රූපවාහිනියේ නිර්මාණකරුවන් පමණක් නොව රටම අගාධයකට ගමන් කිරීම සිදුවනු ඇත. එය මග පාදන්නේ තවත් ලේ ගංගාවකට බව සාතිශය පහන් සංවේගයෙන් දන්වමු.
රූපවාහිනී සංස්ථා නිර්මාණකරුවන්ගේ සාමූහිකය.