පසුගියදා මඩකලපුව මංගලාරාම විහාරාධිපති හිමියන් විසින් රජයේ නිළධාරීන් දැඩි
ලෙස දෝෂාරෝපණයට ලක් කිරීමට විරෝධය පළකරමින් (16) මඩකලපුව, පට්ටිපලෙයි
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වසාදමා විශාල උද්ඝෝෂණයක් පැවැත්විණි.
උදෑසන 8.30 ට පමණ පට්ටිපලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී මෙම
උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ පට්ටිපලෙයි සිවිල් සමාජ සංවිධානය විසිනි.
මෙලෙස උද්ඝෝෂණයේ යෙදුණු පිරිම කොක්කොඩිචෝලෙයි - වෙල්ලාවෙලි ප්‍රධාන මාර්ගය හරස් කරමින් ද උද්ඝෝෂණයේ යෙදුණහ.
මංගලාරාම විහාරාධිපති හිමියන් විසින් නිරන්තරයෙන් මෙලෙස රජයේ නිළධාරීන්ට
දෝෂාරෝපණ එල්ල කරන නමුත් මෙතෙක් එම හිමිට විරුද්ධව කිසිම පියවරක් නොගැනිම
වෙනුවෙන් මෙම උද්ඝෝෂණය පැවැත්වූ බව ඔවුන් කියාසිටියේය.
එම හිමියන් පොලිසියේ උසස් නිළධාරියෙකු ඉදිරිපිටදී රජයේ නිළධාරීන්ගේ රාජකාරී
නිසි ලෙස සිදු කිරීමට බාධා සිදු කළ බවත් එම පොලිස් නිළධාරියා ඉදිරිපිටදීම
රජයේ නිළධාරීට පහත් වචනවලින් බැන වැදුණු නමුත් එහි සිටි උසස් නිලධාරීන්
නිහඬව සිටිනු දක්නට ලැබුණු බවත් මෙය මෙරටේ ප්‍රශ්ණයක් ඇතිකරන කාරණයක් බවත්
උද්ඝෝෂණයේ නියැලෙන්නන් පැවසීය.
එබැවින් එම හිමි නමට විරුද්ධව නීතිමය පියවර ගත යුතු බවටත් එම හිමියන්
මඩකලපුව දිස්ත්‍රික්කයෙන් පිටත යැවිය යුතු බවටත් ඔවුන් ඉල්ලා සිටී.
මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට දේශපාලඥයින්, මහ ජනතාව හා නිළධාරීන් රැසක් එක්ව
සිටි අතර එහිදී මාර්ගයේ ටයර් යොදා ගිනි තැබීමට තැත් කළ නමුත් නැගෙනහිර
පළාත් කාෂිකර්ම අමාත්‍ය කේ. තුරෙයිරාජසිංගම් එය වැළැක්වීම හේතුවෙන්
එහි කලබලකාරී තත්වයක් ඇති වූ අතර දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් හා
උද්ඝෝෂකයින් අතර විවාදයක් ද සිදු විය.
පසුගිය කාලයේ පට්ටිපලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බලෙන් ඇතුළු වූ බෞද්ධ
හිමි ප්‍රාදේශීය ලේකම් සිවප්රියාට ප්‍රහාර එල්ල කිරීමට තැත් කල
අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටද හානි සිදු කර ඇත.
එයට විරුද්ධව මෙතෙක් කිසිම පියවරක් නොගෙන ඇති අතර, අදාල ප්‍රාදේශීය
ලේකම්වරිය ස්ථාන මාරු කිරීමට පියවර ගන්නා ලද බව උද්ඝෝෂකරුවන් පැවසීය.
මෙම ස්ථානයට පැමිණි කළුවන්චිකුඩි ප්‍රාදේශීය පොලිස් අධිකාරි සිසිර තන්ත්‍රී හා මඩකලපුව දිස්ත්‍රික් අතිරේක දිසාපති එස්.ගිරිදරන් උද්ඝෝෂකරුවන් සමග සාකච්ඡා පැවැත්වූහ.
අදාල බෞද්ධ හිමිනමට විරුද්ධව පියවර ගන්නා බවත් මඩකලපුවේ පරීක්ෂණ සිදුවන බවත් පැවසීමෙන් අනතුරුව කාර්යාලයේ රාජකාරී ආරම්භ විය.
ඡායාරූප පහතින්.