ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, November 3, 2016

NGO බලපෑමට ජනපති සැලෙයි.. යුද හමුදා බුද්ධි ප්‍රධානියා ඉවත් කෙරේ.. ඩයස්පොරාවෙන් ප්‍රීති ඝෝෂා !

යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානි තනතුරේ කටයුතු කළ බ්‍රිගේඩියර් සුරේෂ් සලේ එම තනතුරින් ඉවත් කර තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන පරිදි නව යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස බ්‍රිගේඩියර් විජේන්ද්‍ර ගුණතිලක පත්කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක රොෂාන් සෙනවිරත්න සදහන් කරයි.
බ්‍රිගේඩියර් සුරේෂ් සලේ යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානී තනතුරෙන් ඉවත් කරන ලෙස සරත් විජේසූරිය, සමන් රත්නප්‍රිය, ගාමිණී වියන්ගොඩ ප්‍රමුඛ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් විසින් මීට දෙසතියකට පමණ පෙර ජනපතිවරයාට දැඩිලෙස බලකර තිබිණි.

බ්‍රිගේඩියර් සුරේෂ සලේ ජාත්‍යන්තර ඊළාම් ජාලයේ රහසිගත ක්‍රියාකාරම් රැසක් හෙළිදරව් කරගැනීමට සමත් වූ රට වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක් කළ නිලධාරියෙක් වන අතර ප්‍රංශ කොටි ජාලයේ ක්‍රියාකාරකම් මුළුමනින්ම හෙළිදරව් කරගැනීමට ඔහු සමත්විය. කොටි ඩයස්පොරා ක්‍රියාකාරම්වලට එරෙහිව ක්‍රියාත්මක වන මෙරට බුද්ධි අංශ ක්‍රියාන්විතය අඩාල කිරීම සදහා බ්‍රිගේඩියර් සුරේෂ් සලේ ඉවත් කිරීමට කොටි ඩයස්පොරාවට දැඩි ලෙස අවශ්‍ය වී තිබිණි.
යුද හමුදා බුද්ධි ප්‍රධානියා වහා ඉවත් කරන්නැයි ආසන්න දින කිහිපය තුළදීද, ගාමිණී වියන්ගොඩ සහ මහාචාර්ය සරත් විජේසූරිය නමැත්තා විසින් අගමැතිවරයාට පුද්ගලිකවම දැඩි ලෙස බලපෑම් කර ඇති බවට අභ්‍යන්තර තොරතුරු මාර්ග අනාවරණය කරන අතර දමිළ ඩයස්පොරා හිතවාදී මංගල සමරවීර විදේශ ඇමතිවරයාද මේ පිටුපස ක්‍රියාත්මකව සිටි බව එම ආරංචි මාර්ග තහවුරු කරයි.
බ්‍රිගේඩියර් සුරේෂ් සලේ තනතුරෙන් ඉවත් කිරීමට යන පුවත මීට සති කිහිපයකට පෙර ප්‍රචාරය වීමත් සමගම කොටි ජාත්‍යන්තර ජාලය උද්දාමයට පත්ව තිබූණු අතර ඊළාම් වෙබ් අඩවි මගින්ද ඔහු තනතුරින් ඉවත් කරනු ඇතැයි බලාපොරොත්තු සහගත පුවත් ප්‍රචාරය කර තිබුණු බවද වාර්තා විය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.