ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, November 5, 2016

පණ්ඩිත් අමරදේවයන් සමඟ කල කතාබහක්...!!!

‘මගේ සංගීතයේ විශේෂයෙන් ගී තනු නිර්මාණයේ පදනම බසේ රිද්මයයි. වරෙක මහා සංගීත විචාරක ජෝශප් මැක්ලීස් සංගීතයේ ස්වභාවය විග්‍රහ කරමින් කියා සිටියේ යම් තනු රචනයක්, භාෂාවේ ස්වභාවික ආභාසයන් අනුගමනය කරන බවයි. මා ඒ විග්‍රහය හා එකඟයි. ජාතික භාෂාවේ ලීලාව හා ඌරුව ගී තනු නිර්මාණ තුළ අන්තර් ගත විය යුතුයි. නැත්නම් ඒ තනුව යම් ආගන්තුක ස්වභාවයක් ගන්නවා. මා මගේ ගී තනු නිර්මාණයේදී උත්සාහ ගත්තේ සිංහල බසේ ලීලාව හා රිද්මය මගේ නිර්මාණයට කැටි කර ගන්නටයි.’
 සියවස් ගණනාවක් ඈතට දිවෙන කාව්‍ය සහ ගද්‍ය සාහිත්‍ය සම්ප්‍රදායකට උරුමකම් කීවද, එතරම් දිගු හා පොහොසත් සංගීත සම්ප්‍රදායක් අත්පත් කර ගන්නට ලාංකික රසික ජනයාට නොහැකි වූයේ ඇයිද යන්න දශක ගණනාවක් තිස්සේ මෙරට නිරතුරුව සංවාදයට හා විමසුමට බඳුන්වන මාතෘකාවක් විය.
අප සතුව ඇත්තේ චූල සම්ප්‍රදායයට අයත් යයි සැලකිය හැකි සීමිත ස්වර කලාපයක පිහිටා ඇති ජන ගී සම්ප්‍රදායයක් මිස සංගීත සම්ප්‍රදායයක් නොවන බව මෙහිදී බොහෝ මතධාරීන් දක්වන ලද මතය විය. එහෙත් ජන සංගීතය පිළිබඳව වඩාත් ඇලුම් කරන මතධාරීන් ඊට විරුද්ධ වෙමින් අපේ ජන ගී ආර ඇසුරෙන් අපට උරුම සංගීත ශෛලියක් උපදවා ගත හැකි බව දක්වති.
අවසාන වතාවට වේදිකාවට ගොඩවූ මොහොතේදී ගැයූ ගීතයේ වීඩියෝව සහිතයි ...


 අවසාන වතාවට වේදිකාවට ගොඩවූ මොහොත
මේ මතවාද කුමක් වුවද තමා හමුවේ ඇති නිර්මාණ අභියෝග ඉදිරියේ අපට සමීපතම මහා සම්ප්‍රදාය වන උත්තර භාරතීය සංගීතයේ ප්‍රබල ආභාසයක් ලබමින්, එමෙන්ම ලාංකික ජන සංගීත ආර ද මනාව ගළපා ගනිමින් අපේ රසිකයා හා සැබැඳෙන සංගීත හා ගීත ශෛලියක් මතුකර ගැනීමට අපේ පුරෝගාමී සංගීතඥයින් කළ උත්සාහය බොහෝ දුරට සාර්ථක වී තිබේ.
නිදහසින් පසු මෙරට බිහිවූ විශිෂ්ට ගීත නිර්මාණවලියත්, සිනමා, නාට්‍ය, මුද්‍රා නාට්‍ය, සංගීත රචනා වැනි ප්‍රබල ව්‍යවහාරික සංගීත නිර්මාණ සංඛ්‍යාවක් ඊට නිදසුන් සේ සැලකිය හැකිය. එහෙත් ඒ සියලු පර්යේෂණ හා උත්සාහයන් ඔස්සේ අපේ රසිකයා ස්වර සංගීතයට වඩා තදින් යොමු වූයේ ගීතය දෙසටය. එනිසා අපට ස්වර සංගීතය පිළිබඳ ප්‍රබල රස වින්දන සංස්කෘතියක් හෝ එවැන්නකට හුරුකම් ඇති විශාල රසික පිරිසක් හෝ බිහි වූ බවක් නොපෙනේ.
ලාංකික සංගීත ශෛලියක් සොයා මතු කර ගැනීමේ උත්සාහයේදී එහි වඩා පොහොසත්, ප්‍රබල දායකත්වයක් දැක් වූ පුරෝගාමී කලාකරුවකු ලෙස ‘පණ්ඩිත් අමරදේව’ පැහැදිලිවම සැලකිය හැකිය. සිය සංගීතමය අනන්‍යතාව හඳුනා ගැනීමේදී මෙන්ම එය ප්‍රයෝගික භාවිතාවට ගැනීමේදී ඔහු පිහිටා සිටියේ අපට සමීප මහා සම්ප්‍රදායකින් පෝෂණය විය යුතුය යන මතයේය.
අමරදේවයන් මහා සම්ප්‍රදායක අවශ්‍යතාව පිළිබඳ මෙසේ කියා සිටියි. ‘අපට අනන්‍ය සංගීත ආරක් මතු කර ගැනීමට නම් අප මහා සංගීත සම්ප්‍රදායක් ඇසුරු කළ යුතුමයි. පවිත්‍ර සංගීතය වෙත අපේ රසික ජනයා සමීප නොවීමටත්, එය ඔවුන්ට තරමක් ආගන්තුක දෙයක් වීමටත් එක් ප්‍රධාන හේතුවක් විය හැක්කේ අපට මහා සංගීත සම්ප්‍රදායයක් නොතිබීම විය හැකියි.
අපට තිබුණු සමීපතම මහා සංගීත සම්ප්‍රදායයන් වන්නේ උත්තර හා දක්ෂිණ භාරතීය සංගීතයයි. අපට උරුම සංගීත අනන්‍යතා හැඩ තලයන් සොයා යාමේදී එවැනි පොහොසත් සංකීර්ණ සංගීත පද්ධතියකින් හික්මවීමත්, එයින් මනා ආභාසයක් ලැබීමත් ඉතාම වැදගත්. ඒ වගේම බෙංගාලි සංගීත සම්ප්‍රදාය වැනි බසේ ලීලාව සමඟ පෝෂණය වූ සංගිත රටාවකින් අපට පෝෂණය වන්නට හැකියි. මෙවැනි සම්ප්‍රදායයන් මගින් තමා අපට හොඳම නිර්මාණ ආභාසය ලැබුණේ.’
අමරදේවයන්ගේ සංගීත නිර්මාණ සඳහා මූලපාදක වූ තවත් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ භාෂාවේ රිද්මයයි. සිය ගී තනු නිර්මාණයේදී මෙන්ම ව්‍යවහාරික සංගීත නිර්මාණ රචනාවලදී ද ඔහු සිංහල භාෂාවේ රිද්මය හා ලීලාව මනාව උකහා ගත් අවස්ථාව ගණනාවක් වෙයි.
‘මගේ සංගීතයේ විශේෂයෙන් ගී තනු නිර්මාණයේ පදනම බසේ රිද්මයයි. වරෙක මහා සංගීත විචාරක ජෝශප් මැක්ලීස් සංගීතයේ ස්වභාවය විග්‍රහ කරමින් කියා සිටියේ යම් තනු රචනයක්, භාෂාවේ ස්වභාවික ආභාසයන් අනුගමනය කරන බවයි. මා ඒ විග්‍රහය හා එකඟයි. ජාතික භාෂාවේ ලීලාව හා ඌරුව ගී තනු නිර්මාණ තුළ අන්තර් ගත විය යුතුයි. නැත්නම් ඒ තනුව යම් ආගන්තුක ස්වභාවයක් ගන්නවා. මා මගේ ගී තනු නිර්මාණයේදී උත්සාහ ගත්තේ සිංහල බසේ ලීලාව හා රිද්මය මගේ නිර්මාණයට කැටි කර ගන්නටයි.’
ගීතයෙන් බැහැර චිත්‍රපට, වේදිකා නාට්‍ය හා මුද්‍රා නාට්‍ය වැනි ව්‍යවහාරික සංගීත නිර්මාණ සංගීතඥයකුට යම් අභියෝගයක් විය හැකිය. එසේම එය යම් පුළුල් පරාසයක විහිදෙන සංගීතමය රචනාවක් සඳහා නිදහස ලබා දෙන්නක් ද විය හැකිය. අමරදේවයන්, තම ව්‍යවහාරික සංගීත නිර්මාණවලදී මේ තත්ත්වයන් දෙකම මනා ලෙස කළමනාකරණය කර ගන්නට තරම් ප්‍රතිභාවක් ද අවබෝධයක් ද පළ කළ සංගීතවේදියෙකි.
‘ගම්පෙරළිය’, ‘දෙලොවක් අතර’, ‘ගැටවරයෝ’, ‘රන්සළු’, ‘සාගර ජලය’ වැනි සිනමා කෘතීන් ද, ‘වෙස්සන්තර’, ‘ලෝම හංස’, ඊඩිපස්’ වැනි වේදිකා නාට්‍යද, ‘කරදිය’, ‘නල දමයන්ති’, ‘පුෂ්ප ශෘංගාර’ වැනි මුද්‍රා නාට්‍ය ද ඔහුගේ ව්‍යවහාරික සංගීත නිර්මාණකරණයේ අග්‍ර ඵල ලෙස සැලකිය හැකිය.
‘ව්‍යවහාරික සංගීතයේදී අප පුළුල් මතයක පිහිටා කටයුතු කළ යුතුයි. එහිදී අප වෙනත් නිර්මාණකරුවකුගේ නිර්මාණයක් මනෝභාවයන් හා භාවමය පසුතලය මතු කරලීම සඳහා ප්‍රබල සංගීතමය අර්ථ කථනයක් කළ යුතුයි. එහිදී අපට එකම සම්ප්‍රදායකට සීමා වන්නට බැහැ.
අප හමුවේ ඇති ප්‍රකාශන අවශ්‍යතාව සඳහා අප විවිධ සංගීත සම්ප්‍රදායන්, ඒවායේ විවිධ ගුණාංග හා ශිල්පීය උපක්‍රම ඇසුරු කරගෙන නිර්මාණය මතු කළ යුතුයි. ‘දෙලොවක් අතර’ වැනි චිත්‍රපටයකදී මා බටහිර සංගීතයේ විවිධ ලක්ෂණ උපයෝගී කර ගත්තා.

‘නල දමයන්ති’ මුද්‍රා නාට්‍යයේදී වුවත් බටහිර සංගීතයේ ලක්ෂණ ඇසුරු කරමින් එහි සංගීතය නිර්මාණය කළා. ඒ ඒ සංගීත සම්ප්‍රදායේ ලක්ෂණ අනුකූලතා පූර්වකව යොදා ගත යුතුය. ඒ සියල්ල අතර තම සංස්කෘතික අනන්‍යතාව ද රැක ගත යුතුයි.’
පණ්ඩිත් අමරදේවයන් වැනි ලාංකික සංගීතයේ හා ගීතයේ හැඩතල හා ජාතික රසඥතාවයේ දිශාවන් වෙනස් කළ මහා සංගීතඥයකු වත්මන් සංගීත ක්ෂේත්‍රය දෙස හෙළන බැල්ම අපට වර්තමානය නැවත කියවා ගැනීමට අතිශයින් වැදගත් වන බව පැහැදිලිය. ‘වත්මන් සංගීත ක්ෂේත්‍රය හා තරුණ රසිකයා ජනප්‍රිය සංස්කෘතිය පිළිබඳ මුලාවක ඇලී ගැලී සිටින බව පෙනෙනවා.
එයින් ඔවුන් මුදවාලන්නට සම්භාව්‍ය හා නව සම්භාව්‍ය සංගීත නිර්මාණ(ගීත, සංගීත සංධ්වනි, සංගීත රචනා, වාදන අංග) අපේ ජනමාධ්‍ය ඔස්සේ හැකිතාක් මුදා හළ යුතුයි. එවැනි දේ නිරතුරුව අසන දකින විට දීයි පොදු රසිකයාගේ්සංගීතය හා සුභාවිත ගීතය පිළිබඳ රසඥතාව දියුණු වන්නේයි. එය පැහැදිලිවම ජනමාධ්‍ය හා වගකිව යුත්තන්ගේ වගකීමක්.
හුදු රිද්මය හා බැඳුණු ගීතයෙන් මේ තරුණ රසිකයා මුදවා, යහපත් රසිකත්වයක් දෙසට යොමු කිරීම ජාතික වගකීමකි.’ අමරදේවයන් අවධාරණය කරන්නේ, ජාතියේ රසඥතාව හා සංස්කෘතික සීමාවන් වෙනස් කිරීමේදී මෙරට ජනමාධ්‍ය සතු හැකියාව හා වගකීම නොවේද?

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.