ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, November 13, 2016

උන්ටම ගිය උන්ගේ අයවැය...!!! කපටි කරුපයියාගේ මගඩි අයවැය ....!!!


ලාභ ලබන ආයතන විකුණන දඩකොළේ රුපියල් 2500ට ගිය
බඩු මිල අඩුවීම යථාර්ථයක්‌ද?
පොඩි මිනිහාට තවත් බදු බර

බැඳුම්කර මගඩිය නිසා එක්‌ අයෙකුට දැරීමට සිදුව ඇති බර හෝ එම මගඩිය නිසා වෙළෙඳපොළ පොළී අනුපාත ඉහළ යැමෙන් බැංකු ණයක්‌ ගත් පවුලක පොළී වියදම ඉහළ යැම හෝ මෙහිදී ගණන් බලා නැත. ඒ නිසා මුදල් ඇමතිගේ අයවැය ප්‍රොaඩාවේ තරම පේනවා නේද? අනිත් අතට ඉහත සඳහන් කළ පාරිභෝගික ද්‍රව්‍යවල සිදුකර අත්තේ මිල අඩු කිරීමක්‌ නොව රජය විසින් නියම කර ඇති, වෙළෙඳුන්ට එම භාණ්‌ඩ විකිණිය හැකි උපරිම සිල්ලර මිල අඩු කිරීමක්‌ පමණකි. ඒ නිසා එම භාණ්‌ඩ, එම මිල ගණන්වලින්ම අඩු වන බවට ද කිසිම සහතිකයක්‌ නැත. ඔය උපරිම සිල්ලර මිල නියම කිරීම සංශෝධනය කරන්නට ජාතික අයවැයක්‌ අවශ්‍ය නැත. එය ඕනෑම අවස්‌ථාවක සිදු කළ හැකි ඉතා සරල දෙයකි. එහෙත් වඩාත්ම වැදගත් වන්නේ මේ අයවැයෙන් ඉදිරිපත් කරන ලද රටේ ඉදිරි ගමන සඳහා ඉදිරිපත් කළ පුළුල් ආර්ථික සැලැස්‌ම කුමක්‌ද යන්නයි. එවැන්නක්‌ අපට පෙනෙන්නට නැත. මේ අයවැයේ ඇති දෙයකුත් නැත. නැති දෙයකුත් නැත.
වත්මන් යහපාලන රජයේ තුන්වන අයවැය ලේඛනය මුදල් ඇමැති රවී කරුණානායක (  රවීන්ඳ්‍රන්  කරුපයියා  )විසින් ඉකුත් බ්‍රහස්‌පතින්දා (නොවැ 10 දින) සවස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. සාමාන්‍යයෙන් යුරෝපීය ඇඳුම් අදින මුදල් අමැතිවරයා ගියවර මෙන්ම, මෙවරද ජාතික ඇඳුමකින් සැරසී අය වැය ලේඛනය ඇතුළත් කලුපැහැති බෑගයද රැගෙන ප.ව. 2.00ට පමණ පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණියේය.


වත්මන් යහපාලන රජයේ තුන්වන අයවැය ලේඛනය මුදල් ඇමැති රවී කරුණානායක (  රවීන්ඳ්‍රන්  කරුපයියා  )විසින් ඉකුත් බ්‍රහස්‌පතින්දා (නොවැ 10 දින) සවස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. සාමාන්‍යයෙන් යුරෝපීය ඇඳුම් අදින මුදල් අමැතිවරයා ගියවර මෙන්ම, මෙවරද ජාතික ඇඳුමකින් සැරසී අය වැය ලේඛනය ඇතුළත් කලුපැහැති බෑගයද රැගෙන ප.ව. 2.00ට පමණ පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණියේය. ඔවුත් සමඟ මුදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂමන් යාපා අබේවර්ධනද පසෙකින් සිටියේය. අපට දැනගන්නට ඇති පරිදි මෙවර අයවැයට ශ්‍රී ලනිප එකඟතාවද ලැබී තිබේ. මුදල් ඇමැතිවරයා සිනහමුසු මුහුණින් පැමිණ තමන් ගෙනා කලු පැහැති බෑගයෙන් අයවැය ලේඛනය එළියට ගනිමින් සිටින අතරතුර "වැට්‌ මෑන්" යෑයි පක්‍ෂය පැත්තෙන් මුදල් ඇමැතිවරයාට කිහිප වරක්‌ම කියනු ද අසන්නට ලැබිණි. මුදල් ඇමැති අයවැය ගෙනාවේ මෑතකදී ජනතාවට සියයට 4 ක වැට්‌ බදු වැඩිකිරීමෙන් පසුව නිසා ඔහුට "වැට්‌ මෑන්" කිව්වා විය හැකිය. ගිය සැරේ නම් අයවැය යෝජනා රැසක්‌ බොහෝ සංශෝදනවලට ලක්‌ විය. මෙවර අය වැයට එවන් ඉරණමක්‌ අත් නොවනු ඇතැයි අපේක්‍ෂාවෙන් යුතුව 2017 අයවැය ලේඛනය පිළිබඳව අපි විශ්ලේෂණය කරමු. එහෙත් අයවැයේ සඳහන් දේ එලෙසින් ඉටු වීමට මෙන්ම නොවීමට ද පුළුවන. ඉදිරිපත් වු අයවැයක්‌ ගැන අපි කෙතරම් පුරසාරම් දෙඩුවත් ඇත්ත එයයි.

අයවැය තුළ යෝජනා රාශියක්‌ ඇති නිසා මුලික වශයෙන්ම මේ ලිපියෙන් අප සාකච්ඡා කරන්නේ, 2017 වසර සඳහා සැලසුම් කර ඇති සමස්‌ත අයවැය තත්ත්වය ගැනය. එහි සාරාංශයක්‌ ඇතුළත් වගුවක්‌ද මේ ලිපිය සමඟ පළ වේ. ඒ අනුව 2017 වසරේ ඇස්‌තමේන්තුගත මුළු ආදායම (ප්‍රදානද සහිතව) රු. බිලියන 2098 කි. එය මේ වසරේ (2016) රු. බිලියන 1658 ක්‌ වනු ඇතැයි අපේක්‍ෂිතය. ඒ අනුව රු. බිලියන 440 කින් (රු. කෝටි 44000 කින්) පමණ රජයේ මුළු ආදායම ඉහළ නංවා ගැනීමට රජය බලාපොරොත්තුවේ. මුළු ආදායම නියෝජනය කරන බදු ආදායම රු. බිලියන 1821 ක්‌ දක්‌වා සහ බදු නොවන ආදායම රු. බිලියන 189 ක්‌ දක්‌වාත් වැඩි කර ගැනීමට ඇස්‌තමේන්තු කර තිබේ. එම ඇස්‌තමේන්තුව අනුව බදු ආදායම රු. බිලියන 389 කින් (රු. කෝටි 38900 කින්) සහ බදු නොවන ආදායම රු. බිලියන 45 කින් (රු. කෝටි 4500 කින්) ඉහළ නංවා ගැනීමට රජය ඉලක්‌ක කර ඇත. බදු ආදායම තුළ ඇති ආදායම් බදු ආදායම රු. බිලියන 236 සිට රු. බිලියන 335 දක්‌වා රු. බිලියන 99 කින් (රු. කෝටි) 9900 කින් ද භාණ්‌ඩ හා සේවා මත අය කරන බදු ආදායම රු. බිලියන 854 සිට රු. බිලියන 1086 දක්‌වා රු. බිලියන 232 කින් (රු. කෝටි 23200 කින්) සහ විදේශ වෙළෙඳාම මත පනවන බදු ආදායම රු. බිලියන 342 සිට රු. බිලියන 400 ක්‌ දක්‌වා රු. බිලියන 58 කින් (රු. කෝටි 5800කින්) ද මේ අනුව ඉහළ නංවා ගැනීමට නියමිතය.

අයවැය ලේඛනයේ "ආදායම්" ශීර්ෂය යටතේ මෙසේ සඳහන් වේ.

" අග්‍රාමාත්‍ය විසින් සඳහන් කර ඇති පරිදි බදු පිළිබඳ අපගේ ප්‍රතිපත්තිය වන්නේ සෘජු බදු ප්‍රතිශතය වර්තමානයේ පවතින සියයට 20 සිට 40 දක්‌වා වැඩි කිරීමටත් වක්‍ර බදු ප්‍රතිශතය සියයට 80 ක පමණ සිට සියයට 40 දක්‌වා අඩු කර ගැනීමයි."

ඇත්ත වශයෙන්ම අගමැතිවරයා මේ බව සඳහන් කළේ, ගිය වසරේ (2016) රාජ්‍ය අයවැය ඉදිරිපත් කිරීමට පෙර රජයේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ පාර්ලිමේන්තුවට සිදු කළ විශේෂ ප්‍රකාශ යේදීය. එහෙත් එහිදී අගමැතිවරයා සෘජු බදු ප්‍රමාණය සියයට 20 සිට 40 දක්‌වා වැඩි කර ගන්නා බව කීවත්
කිසි විටෙකත් වක්‍ර බදු ප්‍රමාණය සියයට 80 සිට 40 දක්‌වා අඩුකර ගන්නා බවක්‌ කීවේ නැත. අපට මතක හැටියට නම් අගමැතිවරයා සඳහන් කර ඇත්තේ වක්‍ර බදු ප්‍රමාණය සියයට 80 සිට 60 දක්‌වා අඩු කර ගන්නා බවකි. ඒ නිසා මුදල් ඇමතිවරයා මේ කියා ඇති දෙය වැරදිය. එවැනි වැරදි දෙයක්‌ අගමැතිවරයා සඳහන් කළා යෑයි කියා අයවැය ලේඛනයේ ඇතුළත් වීම අගමැතිවරයාටද හොඳ නැත. සියයට 60 යන්න සියයට 40 ක්‌ ලෙස සඳහන් වුයේ වැරදීමකින් විය හැකිය. එසේ නම් එය වහාම නිවැරදි කළ යුතුය. නැතහොත් ඉන් අදහස්‌ වන්නේ මුළු රාජ්‍ය ආදායම සියයට 20 කින් අඩුකර ගන්නා බවකි. කෙසේ වෙතත් සෘජු බදු ආදායම් වැඩි කර ගැනීමත් වක්‍ර බදු ආදායම් අඩු කර ගැනීමත් හොඳ දෙයකි. එහෙත් පියවර අයවැයේදී මෙන්ම මෙවර අයවැයේ දී ද සිදුව ඇත්තේ ඊට විරුද්ධ දිශානතියකට ගමන් කිරීමයි. එනම් ආදායම් බදු රු. කෝටි 9900 කින් ඉහළ නංවා ගැනීමේදී භාණ්‌ඩ හා සේවා මත අයකරන බදු ආදායම රු. කෝටි 23200 කින් දෙගුණයකටත් වඩා වැඩියෙන් වැඩි කර ගැනීමයි. විදේශ වෙළෙඳාම මත පනවන බදු ද සමඟ ගත්විට ආදායම් බදු ආදායම වැඩිවීමට වඩා තුන් ගුණයකින් පමණ භාණ්‌ඩ හා සේවා මත පනවන බදු සහ විදේශ සේවා මත පනවන බදු ඉහළ යැම සිදු වේ. මේ නිසා වැඩි බදු බරක්‌ සාමාන්‍ය ජනයා මත පැටවෙන බව පැහැදිලිය. කවරක්‌ නමුත් මේවා තවමත් ඉලක්‌ක පමණක්‌ බැවින් මෙම ආදායම් යෝජනා ඒ ආකාරයෙන්ම සාර්ථක වේද හෝ පසුව සංශෝධනයට ලක්‌වේද යන්න තවමත් කිව නොහැකිය.

එසේම මෙවර අයවැයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක විකිණිය හැකි උපරිම සිල්ලර මිල අඩු කිරීමද සිදු කර ඇත. ඒ මෙසේය.


ඉහත සඳහන් අයිතමයන් එක්‌වරක්‌ මිලදී ගැනීමේදී රු. 67 ක පමණ වාසියක්‌ සිදුවේ. එම අයිතමයන් මිලදී ගන්නා වාර ගණන අනුව ලැබෙන වාසියද තීරණය වනු ඇත. අනිත් අයිතමයන් කෙසේ වෙතත් එක්‌ ගෑස්‌ සිලින්ඩරයකට වැඩියෙන් මසකට මිලදී නොගන්නා පවුලක්‌ ගතහොත් ඔවුන් ඉහත අයිතමයන් සතියකට වරක්‌ මිලදී ගත්නත් ලැබෙන උපරිම මිල වාසිය මසකට රු 193 ක්‌ පමණි. මේ භාණ්‌ඩවලට වැට්‌ නැතත් වැට්‌ අයවන භාණ්‌ඩවලින් මසකට සිදුවන වියදමේ ඉහළ යැම සැලකුවොත් පාරිභෝගික ජනයාට සිදුවන වාසියක්‌ තිබේද? වැට්‌ වැඩි කිරීම අමතක කළත් පහත අයවැය යෝජනාව දෙස බලන්න.

"මාර්ග නීති උල්ලංඝණය සඳහා අයකරන දඩ මුදල් වැඩි කිරීම සඳහා වන අවම දඩ මුදල රු. 2500 දක්‌වා වැඩි කිරීමට යෝජනා කරනවා."

අප දන්නා පරිදි මෙතෙක්‌ පැවැති අවම වාහන දඩය රු 500 කි. එය එක්‌වරම පස්‌ගුණයකින් ඉහළ නංවා ඇත. ඒ අවම දඩය නම් සෙසු දඩ මුදල් වැඩි වී ඇත්තේ කවරාකාරයටද යන්න රජය කිව යුතුය. එහෙත් එය අයවැය කතාවේ සඳහන් කර නැත. ලංකාවේ පොදු ප්‍රවාහන සේවයට පිංසිදුවන්නට සෑම නිවසකම පාහේ අඩු තරමේ මෝටර් බයිසිකලයක්‌වත් ඇත. රථ වාහන පොලිස්‌ නිලධාරීන්ගේ ටාගට්‌ කවර් කිරීමේ අවශ්‍යතාව නිසා බොහෝ වාහන හිමියන් වසරකට දඩ කන්නේ වරක්‌ දෙවරක්‌ නොවේ. එහෙත් වසරකට එක වාහන දඩයක්‌ පමණක්‌ ගෙවීමට සිදුවුවත් වසරකට රු. 2500 ක්‌ අවම වශයෙන් ගෙවීමට අනිවාර්යයෙන්ම සිදු වේ. එහෙත් ඉහතින් සඳහන් කළ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මසක රු. 193 ක්‌ වු මිල වාසිය වසරකට ගණන් බැලුවිට රු. 2316 කි. මේ අප සඳහන් කළේ වාහන දඩ කෑම ගැන පමණය. බැඳුම්කර මගඩිය නිසා එක්‌ අයෙකුට දැරීමට සිදුව ඇති බර හෝ එම මගඩිය නිසා වෙළෙඳපොළ පොළී අනුපාත ඉහළ යැමෙන් බැංකු ණයක්‌ ගත් පවුලක පොළී වියදම ඉහළ යැම හෝ මෙහිදී ගණන් බලා නැත. ඒ නිසා මුදල් ඇමතිගේ අයවැය ප්‍රොaඩාවේ තරම පේනවා නේද? අනිත් අතට ඉහත සඳහන් කළ පාරිභෝගික ද්‍රව්‍යවල සිදුකර අත්තේ මිල අඩු කිරීමක්‌ නොව රජය විසින් නියම කර ඇති, වෙළෙඳුන්ට එම භාණ්‌ඩ විකිණිය හැකි උපරිම සිල්ලර මිල අඩු කිරීමක්‌ පමණකි. ඒ නිසා එම භාණ්‌ඩ, එම මිල ගණන්වලින්ම අඩු වන බවට ද කිසිම සහතිකයක්‌ නැත. ඔය උපරිම සිල්ලර මිල නියම කිරීම සංශෝධනය කරන්නට ජාතික අයවැයක්‌ අවශ්‍ය නැත. එය ඕනෑම අවස්‌ථාවක සිදු කළ හැකි ඉතා සරල දෙයකි. එහෙත් වඩාත්ම වැදගත් වන්නේ මේ අයවැයෙන් ඉදිරිපත් කරන ලද රටේ ඉදිරි ගමන සඳහා ඉදිරිපත් කළ පුළුල් ආර්ථික සැලැස්‌ම කුමක්‌ද යන්නයි. එවැන්නක්‌ අපට පෙනෙන්නට නැත. මේ අයවැයේ ඇති දෙයකුත් නැත. නැති දෙයකුත් නැත.

මේ අයවැය ගැන තවත් හොඳම දෙයක්‌ සඳහන් කළ යුතුමය. අයවැයට පාර්ලිමේන්තු ගොස්‌ පැමිණ රූපවාහිනී බලමින් සිටිද්දී මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රචාරය කළ හරිම අපූරු අයවැය පිළිබඳ දැන්වීමක්‌ද මේ ලියුම්කරුට දක්‌නට ලැබිණි. එනම් අයවැය අවසන් වීමෙන් පසුත් අයවැයට යෝජනා එවන්නැයි ඉල්ලා සිටින ප්‍රචාරක දැන්වීමකි. මේ ලියුම්කරුට තවත් කිහිප දෙනෙක්‌ම කියා සිටියේ මුදල් ඇමතිවරයා අයවැය කියවමින් සිටින අතරතුරත් අයවැයට යෝජනා එවන්නැයි කියන මුදල් අමාත්‍යාංශයේ එම ප්‍රචාරක දැන්වීම විකාශය වු බවයි. එම දැන්වීම යටින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදී" යනුවෙන් ද සඳහනක්‌ වු බව දක්‌නට ලැබිණි. මේවා මුදල් ගෙවා ප්‍රචාරය කරන්නේ මන්දැයි අපි මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්.එස්‌. සමරතුංගගෙන් ප්‍රශ්න කරමු. අයවැය බොරුව හොඳින්ම රටටම ප්‍රදර්ශනය කරන මෙවැනි දේට මුදල් ගෙවන්නේ කවුදැයි යන්න ආචාර්ය සමරතුංග රටට පිළිතුරු දිය යුතුය. අමාත්‍යාංශ ලේම්වරය, අමාත්‍යාංශයක ගණන් දීමේ නිලධාරියාද වේ. ඒ නිසා මේවාට ඔහුට ද වගකීමට සිදුවේ. ආචාර්ය සමරතුංග සමඟ අප එදවස නම් දේශපාලන ආර්ථිකය ගැන ඕනෑ තරම් අදහස්‌ හුවමාරු කරගෙන ඇත. ඉතාම හොඳ නිලධාරියෙකු වු ඔහුම අද එම දේශපාලන ආර්ථිකයේ ගොදුරක්‌ බවට පත් වී තිබෙන්නේද යන ප්‍රශ්නය අපට මතු වේ. අප නම් එදත් අදත් හෙටත් පවතින ඕනෑම රජයක වැරදි අඩුපාඩු පෙන්වා දීමේ මාධ්‍ය මෙහෙවර සුපුරුදු ලෙසම ඉටු කරන බවද කිව යුතුය. ආචාර්ය සමරතුංග මහ බැංකුවේ මුදල් මණ්‌ඩලයේද සාමාජිකයෙකි. මුදල් මණ්‌ඩලය තුළ පතෝල චරිතයක්‌ නොවී "බැඳුම්කර මගඩිය"ට වගකිව යුත්තන්ට එරෙහිව නිසි පියවර ගැනීමට ඔබේ දායකත්වය ලබා දෙන ලෙස අපි ඉල්ලමු. කෝප් වාර්තාවේ නිර්දේශ අනුවත්, මහ බැංකුවේ අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාවෙන් හෙළිදරව් වී ඇති කරුණු අනුවත් මහ බැංකුවට කළ හැකි දේවල් තවමත් සිදුකර නැත. චෝදනා එල්ල වී ඇති ප්‍රාථමික නියෝජිත ආයතනයේ ප්‍රාථමික නියෝජිත බලපත්‍රය (පරීක්‍ෂණ අවසන් වන තෙක්‌ හෝ) තාවකාලිකව හෝ අත්හිටුවීමට පියවර නොගන්නේ ඇයි? එම ආයතනය උපයාගත් අයුතු ලාභ රටින් පිට කිරීම හෝ වෙනත් තැන්වල ආයෝජනය කිරීම වැළැක්‌වීමට මුදල් මණ්‌ඩල සාමාජිකයින් ලෙස නිසි පියවර නොගන්නේ ඇයි? අවසාන විග්‍රහයේදී මුදල් මණ්‌ඩල සාමාජිකයින් පවා මේ සුප්‍රකට බැඳුම්කර මගඩියට අනියම් ආකාරයෙන් හෝ සහාය දෙමින් සිටින බවට මහජනයා තුළ මතයක්‌ ඇති වීම වැළැක්‌විය නොහැකිය. ඒ නිසා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සමරතුංග ඇතුළු මුදල් මණ්‌ඩල සාමාජිකයින්ගෙන් අප ප්‍රශ්න කරන්නේ ඔබලා වංචාවට, දූෂණයට එරෙහි මහත්වරුද? එසේත් නැතහොත් බැඳුම්කර මගඩිය රකින මහත්හොරු ද යන්නයි.

තවත් අහිතකර අයවැය යෝජනාවක්‌ වන්නේ ඊෂි කෑෂ් ද ඇතුළුව මුදල් ගනුදෙනු සඳහා මුල්‍ය ගනුදෙනු ගාස්‌තුව ලෙස 6, 10,000 කට රු. 5 ක නව බද්දක්‌ හඳුන්වා දී තිබීමයි. මෙමගින් රජය උපයා ගැනීමට අපේක්‍ෂිත මුළු බදු ආදායම රුපයිල් මිලියන 8000යි. මේ යෝජනාව මගින් විද්යුත් කාඩ්පත් භාවිතය අධෛර්යමත් කරනු ලබයි. මෙය අහිතකරය. මහ බැංකුව පවා කාඩ්පත් මගින් ගෙවීම් කටයුතු කිරීම ධෛර්යමත් කරනු ලබයි. එයට ප්‍රධාන හේතුවක්‌ වන්නේ කාසි හා නෝට්‌ටු මුද්‍රණය සඳහා විශාල පිරිවැයක්‌ දැරීමට සිදුවීමයි. ශ්‍රී ලංකා මහ බැංකුව මෙසේ ව්‍යාවහාර මුදලින් ගනුදෙනු කිරීම අවම කරමින්
විද්යුත් කාඩ්පත් භාවිතය ධෛර්යමත් කිරීමේ උත්සාහයක යෙදී සිටින අවස්‌ථාවක මෙවැනි අයවැය යෝජනා මගින් කාඩ්පත් මගින් ගනුදෙනු කිරීම අධෛර්යමත් කරනු ලබයි. මෙය විශාල පරස්‌පරයකි. මෙය සාමාන්‍ය ඒටීඑම් කාඩ්පතකින් මුදල් ගැනීමේදීද අදාළ වන බව දැනට සාමාන්‍ය ජනතාව අදහස්‌ කරගෙන සිටී. එය නිවැරදිද යන්න මුදල් අමාත්‍යාංශය වහාම පැහැදිලි කළ කළ යුතුව ඇත.

ඇතැම් ලාභ ලබන ආයතනවල රාජ්‍ය අයිතිය පවා කොටස්‌ වෙළෙඳපොළ හරහා විකුණා ගැනීමට මෙවර අය වැයෙන් මුදල් ඇමැති 
කරුපයියා යෝජනා කරයි. ජනාධිපතිවරයා නම් පසුගිය කාලේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ලාබ ලබන කිසිදු රාජ්‍ය ආයතනයක්‌ විකිණීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවයි. එසේ නම් ජනාධිපතිවරයා මේ අයවැය යෝජනාව ගැන කියන්නේ කුමක්‌ද? ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මේ යෝජනාවට එකඟද? එය තාමත් අපහැදිලිය. අය අයවැයේ තවත් යෝජනා රැසක්‌ ඇත. ඒවාද ඉදිරියේදී සාකච්ඡා කරමු.
 ශ්‍යාම් නුවන් ගනේවත්ත

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.