ලොව මෙතෙක් ඉදිවූ විශාලතම නත්තල් ගස කොළඹ ගාලුමුවදොර පිටියේ මේවන විට ඉදි කෙරෙමින් පවතී.
වරාය හා නාවික ඇමති අර්ජුණ රණතුංගගේ උපදෙස් මත වරයා කතෝලික හා බෞද්ධ සේවක සුබසාධක සංගමය මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකෙරන අතර ඒ සදහා රුපියල් මිලියන 10ක මුදලක් වැය වන බව පැවසෙයි. පසුගිය අගොස්තු මාසයේ වැඩ ආරම්භ කළ නත්තල් ගස දෙසැම්බර් නත්තල් දිනය දා විවෘත කිරීමට නියමිතය.

කෙසේ වෙතත් වරාය සංවර්ධනය කිරීමෙහිලා ඉටු කිරීමට කොතෙකුත් දේවල් තිබියදී වරායේ මුදල් වියදම් කරමින් සිදුකෙරෙනම මෙම නිෂ්ඵල ඉදිකිරීම පිළිබදව වරාය වෘත්තීය සමිති අප්‍රසාදය පළකර තිබෙනවා. දැඩි සුළං පවතින නත්තල් සමයේ සුළං කපොල්ලක් වැනි ගාලුමුවදොර මෙවැනි ඉදිකිරීමක් සිදුකිරීම අනතුරුදායක බව ඉංජීණේරුවන් පෙන්වා දී ඇතත් ඇමතිවරයා ඒ කිසිවක් සැලකිල්ලට ගෙන නොමැති බවයි ඔවුන් පවසන්නේ. වත්තල, මීගමුව කිතුණු ප්‍රදේශවල දේශපාලන බලය තහවුරු කරගැනීමේ යටි අරමුණින් අමාත්‍යවරයා මෙම ඉදිකිරීම සිදුකරන බවද ඔවුන් චෝදනා කරයි.