ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, November 23, 2016

කණ්නාඩිය කුඩු කොට මුහුණට ඔරවන සිරිසේන...!!!

අප රටේ පුවත්පත්වල මුල්පිටුව රට නැති කරන පිටුව බවට පත්වෙලා
-ජනපති මෛත්‍රිපාල සිරිසේන පත්තරෙන් තම රටේ තොරතුරු දැනගන්නා ලොව ප්‍රථම ජනාධිපති

අපේ රටේ පුවත්පත්වල මුල් පිටුව රට නැති කරන පිටුව බවට පත්ව ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  (22 වැනිදා) ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බැව් පැවසුවේ බත්තරමුල්ල වෝටර්ස්‌ එඡ් හෝටලයේදී ඊයේ සවස පැවැති තාක්‍ෂණ හා විද්‍යාත්මක ප්‍රකාශන සඳහා ජනාධිපති සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා රටේ පුවත්පත්වල මුල් පිටුවල දරුවන්ට රාජ්‍ය නිලධාරීන් හෝ පොදු මහජනතාවට අවශ්‍ය දෙයක්‌ පළවන්නේ නැති බවත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය කලාව ලෝකයේ කිසිදු රටක නැති දේශපාලන චින්තනයක්‌ බවට පත්වී ඇතැයිද කීවේය.
පුවත්පත රටක අනාගතය ගොඩ නැගීමේ තීරණාත්මක සාධකය වුවත් වර්තමානයේ පුවත්පත්වල මුල්පිටුව සරසන්නේ ස්‌ත්‍රී දූෂණ, මිනීමැරුම්, මංකොල්ලකෑම් හා දේශපාලන ගැටුම් වැනි කසල ගොඩවල්වලින් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
රටක්‌ ගොඩනැගීමේ කාර්යයේදී මාධ්‍යයට ඇති වගකීම සුළු පටු කාරණයක්‌ නොවන බවත් එහෙත් අප රටේ මාධ්‍යයට ආණ්‌ඩු පෙරලන්න ආණ්‌ඩු අප්‍රසාදයට පත් කරන්නට දේශපාලනඥයින් හදන්න දේශපාලඥයින් බලයෙන් ඉවත් කරන්නට අවශ්‍ය වී ඇතැයිද ජනාධිපතිවරයා කීවේය.


 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.