ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, November 30, 2016

දොස් තොර වරුනි නුඹලාටය....!!! වීඩියෝ සහිතයි


ආදරණීය දොස්තර මහත්වරුණි නෝනාවරුණි මෙනෙවියනි , අනෙකුත් සොඛ්‍ය වෘත්තිකයිනි ,
ලංකා මව් පොළොව මත ඛේදනීය දේශපාලන අර්බුදයක් මේවනවිට නිර්මාණය වී තිබෙන බව ඉතා පැහැදිළිය . ජනතාව මුලා කරන දේශපාලන ක්‍රමයක් දැඩි ලෙස උත්සන්න වී ඇත . නිළවශයෙන් හා නොනිල වශයෙන්ද මර්ධනය ක්‍රියාත්මකය . ඒ ආණ්ඩුවේද වංචනිකයින් මේ ආණ්ඩුවටද තුරුල් වී ඇත . ඒ වංචාවෙන් ගැලවිජ්ජාව වෙත ගාල් වන්නටය . උන්ගේ හැසිරීම අලුත් ආණ්ඩුවේ අයටත් වඩා තුච
්ඡ ය . එකෙකුට ප්‍රශ්න සිල්ලරය .තව කෙනෙකු උද්ධච්ඡ කම තම කටපල්ලෙන් බේරන්නේ බොරු බේගල් ගොන්නක් ද සමගය . මොවූහු වෛද්‍යවරයාගේ සැබෑ ප්‍රශ්න තේරුම්ගැනීමට හෝ ඔවුන්ගේ ගෞවරවය සුරකිමවත් නොසළකති . ඔවුන්ට අවශ්‍ය වන්නේ සුවච කීකරු නපුංසක වෘත්තිකයින් ඔවුන් වටා තබා ගැනීමය . එසේ රටක් මෙහෙයවන්නට හෝ දුවන්නට නොහැකි බව හෝ ඉන් මතුවන අනෙක් සියලු ප්‍රශ්නද ඔවුන්ට වැඩක් නැත . ඒ තරමට අද මේ දේශපාලක පාපතාරයෝ ජාත්‍යන්තර ඉත්තන් - මැක්කන් - බැලයන් වී ඇත . මේ තත්වය ඉදිරියේ ඔබේ ශක්තිය වෘත්තීය දායකත්වය රටේ පොදු මහජනතාවට මහා අස්වැසිල්ලකි .වීඩියෝ සහිතයි
මෙරට ඖෂධ වර්ග 48ක මිල අඩුකලේ යයි ඇමති රාජිත සේනාරත්න විසින් කරන ලද ප‍්‍රකාශයෙන් ජනතාව සම්පුර්ණයෙන්ම අන්දවා ඇතැයි සෞඛ්‍ය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු ගිශාන්ත දසනායක මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය. මිල අඩු කර ඇත්තේ ප්‍රමිතියෙන් අඩු ඖෂධයන්හි බවද පවසන ඔහු රාජ්‍ය ඖෂධ නිතීගත සංස්ථාව මගින් අළෙවි කරන එකම ඖෂධයකවත් මිල අඩු කර නැතැයිද ඔහු කියා සිටී. අඩු කළා යැයි රාජිත පම්පෝරි ගසන බෙහෙත් මිළ දර්ශකය ගැන සැබෑ විවරණය...!!!
නිරන්තර පීඩනයෙන් දුක්විඳින මව් පොළොවේ දුප්පත් අසරණ මවට පියාට සහෝදර සහෝදරියට ඔබ හා ඔබේ සේවය දේවත්වයට සමානය . ඔබ සේවයේ නොරැඳෙන විට ඔවුන් පිහිටට දෙවියන් අහිමිවුවා මෙනි .ආදරණිය වෛද්‍යවරුනි පවතින ආණ්ඩුවට හෝ අයවැයට හෝ වෙනයම් වෘත්තීය කරුණකට හෝ පොදු මහජනතාවගේ සේවයෙන් ඈත නොවන්න . තවත් ඔවුන්ට සමීප වන්න . ඔවුන්ට ලබා දෙන සේවය බිඳකුදු අඩු නොකරන්න . ඔබ නැත්නම් ඔවුනට වෙනත් පිළිසරණක් නැත . ඔබට නොසළකන - ඔබ නොතකන කවර හෝ ආණ්ඩුවක් ලෙඩකදී අසරණවන ඒ දුප්පත් අම්මලා තාත්තලා අය්යලා අක්කලා නංගිලා මල්ලිලා කිරි දරු පැටවූ වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි ඔබ විස්වාස කරන්නේද ..? නැත . නැත . නැත . එසේ නම් ඔබේ සේවයත් නැති තැන ඔවුන්ට කාගේ පිහිටද ...? බඩගින්නකදී ඔවුන් කුමක් හෝ විසඳුමක් සොයා ගන්නට උත්සාහ කරයි . එත් කරකියා ගත නොහැකි අසනීපයකදී ..... ඔවුන්ට ඔබේ සේවය අන්තිම ඉහළය . රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් නොවැලකී ඔබට ගත හැකි අන් සියලු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන්න . එවිට අසරණ රෝගීන්ද ඔවුන්ගේ දරු පවුල්ද පවුල් පිටින් ගම් පිටින් ඔබ සමඟය . ඔබට අපට අවශ්‍ය ජනතාවාදී අවංක ආණ්ඩුවක් ගොඩ නැංවිය හැක්කේ ජනතා , පොදු මහජනතා ආශීර්වාදයෙන්ම පමණකි . එවැන්නක් දිනිය නොහැකි වුවහොත් මේ ක්‍රමය අවසන් නොවේ . ඉවර නොවේ . ආදරණීය වෛද්‍යවරුනි පොදු මහජනතාවගෙන් එක මොහොතකට හෝ ඈත් නොවන්න. ඔවුන්ට සේවයකරමින් ඔවුන් සමඟ එකතු වන්න මව් පොළොවේ සැබෑ අයිතිය දිනා ගැනීමට ඔබ ද ඔවුගේ නායකයෙකු බව වගකීමෙන් ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන්න.
කපටි - අධම දේශපාලකයින් ඔවුන් තම හිතවන්ත මාධ්‍යවේදීන් ගෙන්වා තවත් මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වීම පමණ ක් කරනු ඇත . ඊට එරෙහි වෙන මාධ්‍යවේ නම් ඊට ද බැටදෙනු ඇත . මේ ක්‍රමය වෙනස් කරන්නට නම් ඔබ තවතවත් ජනතාවට සමීප වන්න . ඔබ නිසා කිසිඳු පීඩාවකින් විලාප තියන්නට ජනතාව පොළඹවන්න එපා . එහි වාසියද කපටි - අධම දේශපාලකයා තුච්ඡ ලෙස පාවිච්චි කරණු නියතය . ආදරණීය වෛද්‍යවරුනි ඊට ඉඩතියන්න එපා .
- දක්ෂිණ බෝධිනායක

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.