ආණ්ඩුව මෙවර අයවැයෙන් තරුණ තරුණියන්ට කිරි ටොෆියක් දී රැවටීමට උත්සාහ
කර ඇති බවට සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර චෝදනා
කරයි.
සමාජවාදී තරුණ සංගමයේ මාධ්‍ය හමුවක් (17) ජනතා විමුක්ති පෙරමුණේ
ප්‍රධාන කාර්යාලයේදී පැවැති අතර ඊට සහභාගි වෙමින් ඔහු මේ බව පැවසුවේය.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
රනිල් වික්රමසිංහත් මෛතී‍්‍රපාල සිරිසේනත් මැතිවරණයට
ආවේ නත්තල් සීයලා වගේ. මැතිවරණයට එනකොටම ඔවුන් තරුණ තරුණියන්ට විශාල සිහින
ගොඩක් හදලා තිබුණා. තරුණ තරුණියන් බලාගෙන හිටියා, රනිල් වික්‍රමසිංහ,
මෛතී‍්‍රපාල සිරිසේන නත්තල් සීයලා තෑගි බෝග ගෙනත් දෙයි කියලා. කුඩා කාලයේ
අපේ අම්මලා තාත්තලා නත්තල් සීයලා ගැන සිහින හැදුවට කවදාවත් නත්තල් සීයලා
අපිට තෑගිබෝග අරන් ආවේ නැහැ. ඒ වෙනුවට අම්මලා කළේ ඇඳ ළඟ උදේ තෑග්ගක් තියන
එකයි. ඒ වගේ මේ ආණ්ඩුවත් අයවැයෙන් තරුණ තරුණියන්ට කිරි ටොෆියක් දීලා
රවට්ටන්න උත්සාහ කරලා තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා බයිසිකලේ යන තරුණ තරුණියන්ට කාර් දෙනවා
කිව්වා. අපේ රට ඩිජිටල්කරණය කරනවා කිව්වා. වයිෆයි කලාප දානවා කිව්වා. ඒත්
මේ ආණ්ඩුව මොනවද කළේ. අයවැයට කලින් ගෙනාපු වැට් පනතින් දුරකථන ගාස්තුවලට
බද්දක් එකතු කළා. දැන් මේ රටේ ජනතාවට දුරකථනය අත්‍යාවශ්‍ය භාණ්ඩයක්. අපේ
රටේ දුරකථන සබඳතා කෝටි 2.6ක් පමණ තිබෙනවා. ලක්ෂ 42ක් පමණ අන්තර්ජාලය
පාවිච්චි කරනවා. 1948 තිබුණු ලංකාව නෙවෙයි දැන් තිබෙන්නේ. කා අතරත්
දුරකථනය, අන්ථර්ජාලය අත්‍යාවශ්‍ය දෙයක් බවට පත් වෙලා. උදේට, දවල්ට ගන්න
ආහාර වේල වගේ අත්‍යාවශ්‍ය දෙයක්. වැට් එක ඇතුළේ හංගලා දුරකථන බිලට බදු
ගැහුවා. 11% සිට 15% දක්වා වැට් එක වැඩිකළා කිව්වාට ඇත්ථටම වුණේ දුරකථනවලට
තිබුණු 12% විදුලි සංදේශ බද්දට 15%ක් වැට් එකතුවෙලා සම්පූර්ණ බද්ද 27%
දක්වා වැඩිවුණු එකයි. සියලූ බදු එකතුවුණාට පසුව දුරකථන බිලට 50%කට ආසන්න
බද්දක් එකතු වෙනවා. අතිශය අසාධාරණ බදු අයකිරීමක්. අන්ථර්ජාල පහසුකම් සඳහා
තිබුණු 10%යේ බද්ද 25% දක්වා වැඩිකොට තිබෙනවා. වැට්, එන්.බී.ටී. විදුලි
සංදේශ සියලූ බදු එකතු වුණාම අන්ථර්ජාල පහසුකම් සඳහා 44% බද්දක් එකතු වෙනවා.
අපි දුරකථනයෙන් කතා කරනවා කියලා කරලා තිබෙන්නේ බදුත් එක්ක කතා කරන එකයි.
ඉන්ටනෙට් එකෙන් චැට් කරනවා කියලා කරලා තිබෙන්නේ බදුත් එක්ක චැට් කරන එකයි.
මේ වෙනකල් අපිට සිම් කාඩ් එකක් දුරකථන සමාගම්වලින් නොමිලේ දුන්නා. මේ
අයවැයෙන් නොමිලේ දුන්නු සිම් කාඩ් එකෙන් රු.200ක බද්දක් අයකර ගන්නවා.
අන්තර්ජාලය හරහා මුදල් ගනුදෙනු කරනවා කියන්නේ ඩිජිටල්කරණයේම අංගයක්. මේ රට
ඩිජිටල්කරණය කරන්න ආපු ආණ්ඩුව අන්තර්ජාලය හරහා කරන ගනුදෙනුවලිනුත් 0.05%
බද්දකුත් අයකර ගන්නවා. කතාව නම් ඩිජිටල්. නමුත් හැම පහසුකමකටම බද්දක්
ගහනවා. ඒක තමයි මේ ආණ්ඩුවේ ඩිජිටල් කලාව.
ඩිජිටල්කරණය ගැන හැම වෙලාම කතා කරන මේ ආණ්ඩුව ඒ සඳහා වෙනම
අමාත්‍යාංශයකුත් පිහිටෙව්වා. ඒ අමාත්‍යාංශය ගූගල් බැලූං යවන්න ගිහින්
බැලූන් කඩා වැටුණා. වයිෆයි කලාප හදනවා කිව්වට ඒ වයිෆයි කලාප දැන් සකී‍්‍රය
තත්ත්වයේ නැහැ. බෝඞ් කෑල්ලක් විතරයි ඉතිරිවෙලා තියෙන්නේ.
මාර්ග අනතුරකදී තිබුණු අවම දඩය රු.20/, රු.2500 දක්වා වැඩිකර තිබෙනවා.
උපරිම ගාස්තුව මොකක්ද කියලා දන්නේ නැහැ. මිනිස්සු හිතාමතා වාහන හප්ප ගන්නේ
නැහැ. නොවැළක්විය හැකි හේතුවක් නිසා මාර්ග අනතුරු සිදු වෙනවා. එහෙත් මේ
ආණ්ඩුව මාර්ග අනතුරු අවම කරන්න කියලා ඒකටත් දඩයක් ගහනවා. අනෙක් රටවල මාර්ග
අනතුරු වැළැක්වීමට සී.සී.ටී.වී කැමරා සවි කර දැනුවත් කිරීම් කරනවා. පොලීසිය
මාර්ගවල සිට අනතුරු වැළැක්වීමට දායක වෙනවා. නමුත් ලංකාවේ පොලීසිය ඉන්නේ
කානු අස්සේ. ගස් අස්සේ. හැංගිලා ඉඳලා වැරැද්දක් වුණාම දඩ ගහනවා. මේ ආණ්ඩුව
මිනිස්සු හැප්පෙනකං ඉඳලා, රෝහල් ගතකරනකං බලන් ඉඳලා බදු ගහනවා. දැන් මේ
ආණ්ඩුවට ඉතිරිවෙලා තිබෙන්නේ මළබද්ද සහ මිනී පෙට්ටියට බදු ගහන එක විතරයි.
අනතුරක් වුණාම රෝහල් ගතකරන පුද්ගලයෙක් සඳහා රු.25,000ක් ගෙවන්න රක්ෂණ
සමාගම්වලට යෝජනා කරනවා. නමුත් රක්ෂණ සමාගම් එම රක්ෂාවරණය වෙනුවෙන් මුදල්
අයකර ගන්නේ ජනතාවගෙන්.
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා තරුණ තරුණියන්ට නොතෙමී යන්න කාර් දෙනවා
කිව්වා. අපේ රටේ තරුණ තරුණියන්ට තිබෙන හීනයක් ථමයි ලීසිං කරලා හරි වාහනයක්
ගන්න එක. නමුත් මේ ආණ්ඩුව මීට පෙර බයික් සඳහා තිබුණු 70% ලීසිං පහසුකම 50%
දක්වා අඩු කරනවා. තී‍්‍රවීල් සඳහා ලීසිං පහසුකම 25% දක්වා අඩු කරනවා. දැන්
තරුණ තරුණියන්ට නොතෙමී යන්න කාර් නෙවෙයි ගන්න වෙන්නේ. අගමැතිතුමාගෙන්
කුඩයක් තමයි ඉල්ලගන්න වෙන්නේ.
ඊළඟට බරපතළ කප්පාදුවක් වෙලා තිබෙන්නේ අධ්‍යාපන ක්ෂෙත්රයටයි.
අධ්‍යාපනයට 6%ක් වෙන් කළ යුතුයි කියලා විශාල සංවාදයක් ඇතිවෙලා තිබුණා. මෙවර
අයවැයෙන් විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සිසුන් 25,000 සිට 50,000 දක්වා
වැඩි කරනවා කියලා යෝජනා කරනවා. නමුත් ඒ බඳවාගැනීම 2017ට කොපමණද, 2018ට
කොපමණද, 2019ට කොපමණද කියලා තීරණය කරලා නැහැ. ඒ නිසා ඒකත් හරියට රනිල්
වික්‍රමසිංහගේ රැකියා දසලක්ෂය වගේ සංකල්පයක් පමණයි. සිසුන්ට ටැබ් දෙන්න
යෝජනා කරනවා. නමුත් මේ ආණ්ඩුවට අමථක වෙලා, පසුගිය අයවැයෙන් විශ්වවිද්‍යාල
සිසුන්ට ලැප්ටොප් දෙනවා කියපු එකත්. විශ්වවිද්‍යාල සිසුන්ට ලැප්ටොප් තියා
විශ්වවිද්‍යාලයකට වතුර ටැප් එකක් හයිකරන්න මේ ආණ්ඩුවට බැරිවෙලා.
අධ්‍යාපනය ඇතුළේ පෞද්ගලික අධ්‍යාපනය සඳහා පොළඹවන විදිහේ යෝජනා ථමයි මේ
අයවැයෙන් ගෙනල්ලා තිබෙන්නේ. තරුණ තරුණියන් 30,000කගේ පමණ බාහිර උපාධිය ගැන
මේ ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නැහැ. ඔවුන් අපහසුතාවයට පත්වෙලා තිබෙනවා.
උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල එයාගේ වැඩේ හරියටම කරනවා. උසස්
අධ්‍යාපනය අද මහ පාරට ඇදල දාල තිබෙනවා. ලක්ෂ්මන් කිරිඇල්ල අද බිහිරි
අලියෙක් වගෙයි. අපිට චෝදනා කරනවා දේශපාලන වුවමනාවට වැඩ කරනවා කියලා.
සමාජවාදී තරුණ සංගමයේ අපි කියනවා, අපි පෙනී ඉන්නේ තරුණ තරුණියන්ගේ
අයිතිවාසිකම් වෙනුවෙන් මිස ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් පෞද්ගලිකව මොකුත්
ඉල්ලගන්න නෙවෙයි කියලා. ඒනිසා සමාජවාදී ථරුණ සංගමයට විදිහට අපි ඇමතිවරුන්ගේ
කන්වලට ඇහෙන්න, ඇස්වලට පෙනෙන්න කි‍්‍රයාමාර්ග ගන්න සූදානමින් ඉන්නවා.
අපේ රටේ තරුණ තරුණියන්ට ප්‍රධාන වශයෙන් බලපාන ක්ෂේත්‍ර තමයි අධ්‍යාපනය,
උසස් අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණු ක්ෂේත්රය. පසුගිය අයවැයට වඩා මේ
අයවැයෙන් උසස් අධ්‍යාපනයට රුපියල් බිලියන 4ක් කප්පාදු කර තිබෙනවා. වෘත්තීය
පුහුණු ක්ෂේත්රයට රු. බිලියන 3.1 ක් කප්පාදු කරලා. පසුගිය වසරට වඩා මේ
වසරේ අධ්‍යාපනයට බිලියන 33ක් කප්පාදු කරලා. ඒ නිසා ජනාධිපතිවරයාටත්
අගමැතිවරයාටත් අපි අවධාරණය කරනවා, මේ කප්පාදුව නතර කරන්න කියලා. අගමැතිවරයා
ගැන අපිට හොඳ අවබෝධයක් තිබෙනවා. මීට පෙර ඔහු කිව්වා, තරුණ තරුණියන්ට
රත්තරං මාල දෙනවා කියලා. බුලත් විට වෙනුවට චුයින්ගම් දෙනවා කියලා. ඒ
අගමැතිවරයා දැන් කියනවා තරුණ තරුණියන්ට කාර් දෙනවා, රස්සා දෙනවා කියලා. අපි
කියනවා අගමැතිවරයාට අපේ රටේ තරුණ තරුණියන් ගැන අවතක්සේරුවෙන් හිතන්න එපා
කියලා. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් නත්තල් පොට්ටනියක් අරගෙන ඇවිත් තරුණ
තරුණියන්ට ඒකෙන් පහර දෙන්න පටන් අරගෙන තිබෙනවා. ඒ අතරේ ඇමතිවරුන්ගේ පොට්ටනි
තරකර ගන්නවා. ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරු 58 දෙනෙකුට වාහන කුලියට ගැනීම
සඳහා රු. කෝටි 243ක් වෙන්කර ගන්නවා. රනිල් වික්‍රමසිංහ වාහන දෙකක්
ගේන්න රු. මිලියන 597ක් වෙන්කර ගන්නවා. මන්තී‍්‍රවරුන්ගේ විශ්‍රාම වැටුප
සඳහා විශාල මුදලක් වෙන්කර ගන්නවා.
මේ ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බැහැ කියලා
ඔප්පු කරලා තිබෙනවා. අපේ රටේ ජනතාව කිරි ටොෆි දීලා රවට්ටන්න බැරි බව අපි
අවධාරණය කරනවා. ඒ නිසා අපි පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගෙන් ඉල්ලනවා මේ
අයවැය සම්මත කරන්න එපා කියලා. මේ අගමැතිටත් ජනාධිපතිටත් දැන් මුල අමතක
වෙලා. මහින්ද රාජපක්ෂත් හිටියේ රජෙක් වගේ. නමුත් ඔහුගේ කි‍්‍රයාමාර්ගවලට
එරෙහිව අපේ රටේ තරුණ තරුණියන් ෆේස්බුක් සමාජ ජාල හරහා විශාල විරෝධයක් එල්ල
කළා. ඔහුට ගෙදර යන්න සිද්ධ වුණා. එවැනි බලවේගයක් තමයි රනිල් වික්රමසිංහත්
මෛතී‍්‍රපාල සිරිසේනත් අමතක කරලා තිබෙන්නේ. නමුත් සමාජවාදී තරුණ සංගමය
හැටියට අපි අවධාරණය කරනවා මේ අයවැය පාර්ලිමේන්තුවේ සම්මත වුණත් අපේ රටේ
බුද්ධිමත් කොල්ලෝ කෙල්ලෝ එකතු වෙලා ප්රගතිශීලී බලවේග එකතු කරගනිමින් මේ
අයවැය මහ පාරේදී පරාජයට පත්කරන්න කටයුතු කරනවා කියලා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
මේ අයවැයෙන් සියඹලා ගෙනල්ලා නැහැ කියලා අපි කියන්නේ නැහැ. සෑම
අයවැයකින්ම සියඹලා ගෙනත් තිබුණා. මොකද, පොඩි පොඩි දේවල් ටිකක්වත් නැතිව
ආණ්ඩුවකට අයවැයක් ගේන්න බැහැ. නමුත් පසුගිය වසරේ අයවැයත් මේ වසරේ අයවැයත්
සංසන්දනාත්මකව බැලූවාම ඒ පිළිබඳ බරපතළ විවේචනයක් අපිට තියෙනවා. ආණ්ඩුව බලය
ගන්න වෙලාවේ කියපු දේවල්වල සහ දැන් කරන දේවල්වල බරපතළ පරස්පරයක් තිබෙනවා. ඒ
පිළිබඳව තමයි අපිට විවේචනය තිබෙන්නේ.
පළාත් පාලන මැතිවරණය කල් දාන්නේ දේශපාලන වුවමනාවක් මතයි. මෛතී‍්‍රපාල
සිරිසේන තමන්ට වාසිදායක මොහොතක් එනකං පළාත් පාලන මැතිවරණය කල්
දාන්න උත්සාහ කරනවා. රනිල් වික්රමසිංහත් දැන් තිබෙන වාතාවරණය
තමන්ට අවාසිදායක නිසා වාසි වෙනකල් බලාගෙන ඉන්නවා. මහින්ද රාජපක්ෂ පාලනය
කාලෙත් මැතිවරණ තිබ්බේ ජනතාවට අවශ්‍ය වෙලාවට නෙවෙයි. ඔහු මැතිවරණ
පැවැත්වූවේ තමන්ට හොඳම වෙලාව බලලයි. කවදත් මේ රටේ පාලකයෝ කි‍්‍රයා කළේ ඒ
විදිහටයි. අද ගමේ මිනිහාගේ ප්‍රශ්නවලට බලපාන පළාත් පාලන ආයතන දැන්
අකී‍්‍රය වෙලා තිබෙනවා. ගමේ ජනතාවගේ ප්‍රශ්න අමතක කරලා තමන්ගේ ප්‍රශ්න
විසඳගන්න රනිල්-මෛතී‍්‍ර ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා.”
මෙම මාධ්‍ය සාකච්ඡාවට සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායිකා නිපුනා සාරංගි සහ ජාතික කමිටු සාමාජික අසිත නිරෝෂණ ද සහභාගි විය.
Friday, November 18, 2016
ආණ්ඩුවට තව ගහන්න ඉතිරිවෙලා තියන්නේ මළබද්දයි, මිනී පෙට්ටි බද්දයි විතරයි...!!!
Posted by
LANKANEWS ORAGANIZATION
at
November 18, 2016
Labels: budget taxes, lankanews, protesters, tax increase, tax to pay, unp corruptions, unp politicians, yahapalanaya
ආණ්ඩුවට තව ගහන්න ඉතිරිවෙලා තියන්නේ මළබද්දයි, මිනී පෙට්ටි බද්දයි විතරයි...!!!
2016-11-18T05:39:00+01:00
LANKANEWS ORAGANIZATION
budget taxes|lankanews|protesters|tax increase|tax to pay|unp corruptions|unp politicians|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
