ප්රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට ආ පරිසර අධිකාරියේ නිලධාරීන් එලෙස උපදෙස් දුන් බව වතු අධිකාරී දිෂාන් සෙනවිරත්න පැවසීය.
මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් මරේ දිය ඇල්ලට නොදුරින් ඇති වතු යායේ තිබූ නිවාඩු නිකේතනය කඩා ඉවත් කර ඒ වෙනුවට අලුතින් නිවාඩු නිකේතනයක් ඉදි කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් සහ අඹගමුව ප්රාදේශීය සභාවෙන් අනුමැතිය ලබාගෙන තිබිණි.
නල්ලතන්නියේ වනජීවී කාර්යාලයයේ නිලධාරීන් පැවසුවේ එම වතු යාය වනජීවි කලාපයට හෝ වන රක්ෂණ කලාපයට අයත් නොවන බවයි.
මෙය ඩුබායි සමාගමකට අයත් බව කියන නිසා නිවාඩු නිකේතනය ඉදි කිරීමට පිරිසක් විරුද්ධ වූහ.